ම්...මොකක්...මොකක් කිව්වා...ච්....චාරයක් නෑ කිව්වා....මගෙ හැන්දට චාරයක් නෑ කියලද ඩයලොග් එකෙ ගෑනි කිව්වෙ...අනේ...මේ ගෑනියෙ...උඹෙ ඔය බලු කට වහගනින්...
ච්...චාරයක් නෑලු.....ඔබ ඇමතු ඩයලොග් දුරකතනයෙන් ...අනෙ....අනෙ....අනෙ...අප්පච්චි ...
00.02
වෙලාව හරියටම දොලහා පහුවෙලා විනාඩි දෙකකුත් ගිහිල්ලා....උරහිස කැඩෙන්න තරම් බර පිගන් ලොට් එකකුත් උස්සන් අඩියට දෙකට මාලු ලෑල්ල ගාවට ආව මගෙ බඩබොකු කූල් වෙලා ගියාද....ගිනි ගින්දර වගේ පිච්චිලා ගියාද කියන්න මම වත් දන්නෙ නෑ.....
කොටින්ම මගෙ ඇස් දෙක එලියට පනින්න ආවා.....මුලු මූදුකරේම යටකරගන කසිංජි සුවද කාන්දුවෙනකොට අතරින් පතර බෝට්ටු ඇන්ජිමක සද්ද ඇහුනා.....ඒත් මේක ගොඩ අරින වෙලාවක් වත් බෝට්ටුවක් මූදට දාන වෙලාවක් වත් නෙවෙයි...මගෙ සුදු අයියා මට කියලා දිලා තියනවා.....
අනෙ යකො මට දැන් මගෙ ඉහට උඩින් බෝට්ටුවක් ගියත් නැවක් ගියත් නේවි ලාන්ච් එකක් ගියත් වැඩක් නෑ මගෙ හැන්දගෙ ඵෝන් එක වැඩනෑ....
තත්පරයක් දෙකක් ඵෝන් එක කනේ තියාගන උන්න මන් එල්ලන් උන්න බෑග් එක බොහෝම පරිස්සමින් කොටින්ම මගෙ හුස්මටත් වඩා පරිස්සමින් මාලු ලෑල්ලට යටින් තියලා අඩ අන්දකාරෙ ඉදන් ආයම කොටන්න ගත්තා....
සුදු අයියෙ ඔයා කොහෙද මේ සුදු චූටියා ආවනෙ....
" ඔබ ඇමතු ඩයලොග් දුර කථනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුනාකර පසුව අමතන්න"
අයියෙ....ඇයි අයියෙ ඔයාගෙ ඵෝන් එක වැඩ නැත්තෙ...
"ඔබ ඇමතු ඩයලොග් දුර කථනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුනාකර පසුව අමතන්න"
ඔයා කොහෙද අයියෙ....
සමුද්‍ර...අනෙ අයියෙ ඔයා කොහෙද...මං ලෑල්ල ගාව ඉන්නෙ අයියෙ.....
"ඔබ ඇමතු ඩයලොග් දුර කථනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුනාකර පසුව අමතන්න"
සුදු අයියෙ...
"ඔබ ඇමතු ඩයලොග් දුර කථනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුනාකර පසුව අමතන්න"
උඹගෙ ඵෝන් එක වැඩ නැත්තෙ ඇයි කියපන්කො සමුද්‍ර එහෙමවත් අහන්න...උඹ මොන ලබ්බෙද ඉන්නෙ කියපන්....උඹ මොන ලබ්බෙද ඉන්නෙ සමුද්‍ර???හමන්නන දාලා උඹ කොහෙද යකො මට මෙහෙම කරලා උඹ කොහෙද ගියෙ කියකො ....
ඇයි බන් උඹට මාව තේරෙන්නෙ නැත්තෙ.....ඇයි බන් අයියෙ ....අනෙ ඇයි කියපන් සමුද්‍ර....
රත්තරන් ...උඹ කොහෙද පකො.....??
මං උන්නෙ ඉවසීමෙ සීමාවෙ...මැසේජ් එකක් දානවා ආයම කෝල් එකක් ගන්නවා.....මැසේජ් එකක් දානවා ආයම කෝල් එකක් ගන්නවා...කොච්චර කෝල් ගත්තා උනත් කොච්චර මැසේජ් දැම්මා උනත් දිගින් දිගටම...දිගින් දිගටම මට කිව්වෙම සමුද්රයා උන මගෙ හුජ්ජ දෙබරට චාරයක් නෑ කියන එක වෙනකොට අනෙ සත්තයි දොලහා මාර වෙනකොට මගෙ ඇස් වලට කදුලු උනන්න ගත්තා.....
අනෙ ඇයි බන් අයියෙ උඹ මට මෙහෙම කරන්නෙ...උඹ පොරොන්දු උනා.....
මං අඩනවා...නෑ දෙයියනෙ මට ඇඩෙනවා....ඒ අස්සෙන් පාන්දර ජාමෙ පින්නට මට කිඹුහුම් යනවා...
තත්පරෙන් තතපරෙ ගෙවි ගෙවි යනවා...මගෙ ඇස් ඒ ගෙවෙන තත්පරයක් ගානෙම පාරට එබිකම් කරනවා....සීදේවි පප්පා දැන් රත්තරනෙ ආවෙ කියාගන දැන් එයා ඒයි....දැන් එයා එයි කිය කිය මගෙ හිත එයාව හොයනවා...
නෑ....ඒත් නෑ.....ඒත් නෑ.....ගෙවෙන්නෙ තත්පර ගාන විතරයි ....ඒත් එයා නෑ....
මට ඇඩෙනවා ....බෑග් එක දකින දකින වාරයක් ගානෙම මට ඇඩෙනවා....මෑ ගහලා අඩාගන්නත් බැරි උනාට අනෙ මට ඉකිගැහෙනවා....
තත්පර විනාඩි වෙනවා...විනාඩි දැන් පැයකට හැරෙන්න ලන් වෙනවා....
වෙලාව හරියටම එකට දහයයි...ආවෙ දොලහට...විනාඩි පනහක්ම මං තට්ට තනියෙන් මේ ලෑල්ල ගාව....
අයියෙ අනෙ උඹ කොහෙද අයියෙ....මං මෙතන තනියෙන්නෙ අයියෙ ...මට හරි බයයි අයියෙ....
මං ආයම මැසේජ් එකක් දැම්මා....ටයිප් කරන්න ගියහම මගෙ ඇගිලි වෙව්ලනවා...ඵෝන් එක අල්ලගන්න බෑ...එහෙන් බයටමද කොහෙද මගෙ බඩ දගලනවා...
අ...අයියෙ .....උ...උඹ කොහෙද ස්...සමුද්‍ර....අ..අනේ.....බ්...බන්...මං මේ ලෑල්ල ගාව.....ව්..වෙලාව එකයි.....ස්..සමුද්‍ර....ම්...මං ....ප්...පැයක්....ම්...මෙතන........
මීටත් වඩා නම් බෑ දෙයියනෙ.....මීටත් වඩා නම් බෑ....මෙච්චර වෙලාම මැසේජ් දදා උන්න මං අනිත්පාර පාරට එබි එබි එයාගෙ ගේ දිහාව බල බල අඩ අඩම වොයිස් මැසේජ් දාන්න ගත්තා....
තේරුමක් නෑ...ඒත් ඒ එකක් වත් එයා දකින් නෑ....ගන්න ගන්න හැමපාරකම කියන්නෙ එයාගෙ ඵෝන් එක ඕෆ් කියන එක වෙනකොට පාර දිහාව බලපු මං බයෙන් බයෙන් මාලු ලෑලි වලට මුවා වෙවී...මුවා වෙවී එයාලගෙ ගෙවල් කිට්ටුවට බඩ ගාන්න ගත්තා....
ඒත් කොහෙ කියලා යන්නද...අඩියයි දෙකයි....මාලු ලෑලි යටයි උඩයි බලු මංගල්ලයයි...
අනෙ දෙයියනෙ කාටත් හොරාවට හැන්ගි හැන්ගි ගියපු මම බල්ලන්ට බය උනා මදිවට සක්කිලි පඩි අරන් වගේ නිදාගන උන්න බලු රෑන නින්දෙන් බය වෙලා මගෙ පස්සෙ එලවන්න ගත්තා...
.අ...අ..අනෙ..හ්...හැම....නෙන්.....බල්ලා...ගිය.....අනෙ...හුත්තිගෙ ...පුතෝ...
කකුල නම් අල්ලන්න එපා.....
අතට අහුවෙනගල් බාගෙකින් පස්ස පාරෙ පන්න පන්න කන්න ආව බල්ලෙක්ට කෙලපු මං ආපිට කුනිහර්ප පලපලම ලෑල්ල ගාවට දුවලා ලෑල්ලෙ යටට වෙනුවට උඩට නැගපු මං මගෙ ගැහෙන පපුව අත ගගා අත ගගා ආයම එබුනා ...
උඹ එන්නෙ නෑ වගේ නේ සමුද්‍ර...
.උඹ එන්නෙ නෑ වගෙ නේ අයියෙ.....හරි අයියෙ ...උඹගෙ ආදරෙ තරම මට හිතාගන්න පුලුවන් ....අම්බරෙ බිම්බරෙ ගගා උන්නට උඹ මොන ජාතියෙ එකෙක්ද කියන්න මට අද හිතාගන්න පුලුවන් උනා අයියෙ.....
මෙච්චර වෙලාම අඩ අඩම දුක කියපු මං අනිත් පාර ලෑල්ල උඩ ඉදගන අඩ අඩම සමුද්රට බනින්න ගත්තා.....පාරට එබි එබී කහ ලයිට් එලියක් හොය හොය මම සමුද්රට බනින්න ගත්තා...දොලහ එක උනා...එක එකහාමාර උනා...හරියටම පැය එකහමාරක් ගිහින්....අනෙ මං මේ මූදු හුලන් වැදි වැදි සීතලෙ ගැහි ගැහි අඩනවා.....
හරි සමුද්‍ර...උඹ එන්නෙ නෑනෙ අයියෙ....හා අයියෙ....උඹ එන්න එපා බන්.....උඹ එන්න එපා....මගෙ වචන අපරාදෙ.....මගෙ වචන මගෙ කදුලු....මගෙ හැගීම් මේ ඔක්කොම අපරාදෙ.....උඹ එන්න එපා බන්.....
උඹට මං ගැන දුකක් හැගීමක් නෑ....එහෙම තිබුනා නම් උඹ කවදාවත් මට මෙහෙම දෙයක් කරන්නෙ නෑ බන්.....
බලපන් සමුද්‍ර.....මට දෙයක් එපාකියලා හිතුනොත් එපාමයි බන්....උඹට මං වැන්දෙ නැති ටික විතරයි වෙලාවට වරෙන් කියල....
මිනිස්සුන්ට ඕන උන්ට පන ඇරන් ආදරෙ කරන උන්ව අමු අමුවට මරාගන්න බන්.....ඒකත් මදි උනහම උන් කරන්නෙ ඉදලා හිටල ඇවිදි පෙනිලා නොපෙනිලා යනවා මරාගත්ත එකා ඇත්තටම මැරුනද නැත්තන් අමාරුවෙන් හරි හුස්ම අල්ලනවද බලන්න.....
උඹත් මට කෙරුවෙ ඒකමයි බන්....උඹත් මට කෙරුවෙ ඒකමයි....උඹට පන ඇරන් ආදරේ කරන මාව අප්පච්චිගෙ එක වචනෙකින් මාව එපා උනා...උඹට මගෙ ආදරෙ නවත්තන්න ඕන උනා....
සමුද්‍ර මං හිතුවෙම උඹ මගෙ අප්පච්චි වගේ මිනිහෙක් කියලා....
නෑ බන් මට වැරදුනා...මට නොසෑහෙන්න වැරදුනා.....මගෙ අප්පච්චි වගේ ඉන්නෙ එකයි බන්.....ඒ තේජක සෝලංගආරච්චි විතරමයි...ආදරෙයි....ආදරෙයි කියලා දෑත බදලම අල්ලගත්ත දේවල් ඇස් පනාපිට කුඩුසුන් වෙනකොට උඹ හිතනවද බන් මගෙ පපුව ඉතුරුවෙයි කියලා.....මං අද දැනගත්තා බන් උඹගෙ හිතෙ මං ගැන තියන ඉඩ....මං දැනගත්තා උඹගෙ හිතෙ මං ගැන තියන හැගීම......
කමක් නෑ බන්....ආදරෙ උනත් හිගමන් යදින්න ගියොත් වෙන්නෙ සිල්ලරේට වැටෙන එක...
අපි මේක නවත්තමු.....lets break up සමුද්‍ර.....මතක තියාගන්න මං නැති දා හිනා වෙන්න....සතුටින් ඉන්න ආය මගෙන් වදයක් නෑ....!!
ඇස්වලින් කදුලු ගුලි ගුලි වැටෙන මොහොතක මං මාව අතරමන් කරපු එයාට සෙල්ලිපියක් කොටලා සෙන්ඩ් කරලා නාහෙන් වැක්කෙරෙන හොටු ටික මගෙ ඇදන් උන්න ටී ශර්ට් එකෙන් පිහදගන එහෙම්ම බිම තිබුන බෑග් එක දිහා බැලුවා...
අනෙ දෙයියනෙ මං දැන් කොහොම කියලා ගෙදර යන්නද?? මං එලියට ආවෙම ලොක් නොකරපු දොර දෑත බදලම ඇදගන....මං මොකෙන් කියලා දොර අරින්නද....
එක්කො නින්දෙන් ඇවිද්ද එකා වගෙ මිදුලෙ සක්මන් කර කර කෑ ගහන්නද....??
එහෙම උනොත් නම් නිදි විකාරෙන්ම ඇතුලට යන්න පුලුවන් ඒත් මේ පිගන්....
යකො මේ පිගන් වලට මං දැන් මොකද කරන්නෙ....??
ඔක්කොමත් හරි අනෙ දෙයියනෙ දුවගන ආව ඒමට පිගානක සීරීමක් වත් වෙලා තිබ්බොත්.....අනෙ ඇත්තමයි හැන්දො මං උඹව කනවා කොනක ඉදන්...නුවර මිනිස්සු කවදද කඩතොල්ල ගැහුන පිගන්වල කෑවෙ...
ඒ අස්සෙන් බඩගිනි....
දුකයි.....
කලකිරෙනවා...
මේ ඔක්කොම දමලා ගහලා මුදෙ පනින්න හිතෙනවා...
හැබැයි මං මූදෙ පැන්නත් ඒකට හේතුව උඹයි පප්පෙ..... මටත් කියන්න වෙන්නෙ නොමිලෙ දුන් නිසා මගෙ නිමල ආදරෙ කවුරුවත්ම නෑ ගත්තෙ ඔහෙ තිබුනා පාඩුවෙ කියලා .....
ඕන මගුලක්...මං උඹ හින්දා නන්ත්තාර වෙලා සමුද්‍ර...උඹලා හැමෝටම මාව විහිලුවක්නෙ...අර කොටියා ආවො කොටියා ආවො කියලා ආතල් එකට කෑ ගහපු එකෙත් අවසානෙදි ආතල් කුඩු උනානෙ.... කොටියා ආවා ඔක්කොම චකබ්ලාස් උනා...
මේ කතාවත් එහෙමයි.....උඹලට මං හැමදාම කිව්වා මූදෙ පනිනවා මූදෙ පනිනවා කියලා ඒත් පැනපු දවසක් තිබුන් නෑනෙ.... ...
මෙච්චර වෙලාම මාලු ලෑල්ල උඩට වෙලා උන්න මං අනිත්පාර බිමට බැස්සා....බැහැලා බිම තිබුන රෙදි මල්ල දිහා බලාගන ඉදලා ඉදලා ආපිට ඒක උරිස්සෙ එල්ලන් අවසානම වතාවට සමුද්රට කෝල් එකක් ගත්තා....
මූදෙ පනිනව කිව්වත් මේ තත්පරේ වෙනකනුත් මගෙ හිත කියනවා මගෙ සුදු අයියා දැන් හරි එනවා කියලා ....
ඒත් අද බඹරෙ කැරකෙන්නෙම මට රිද්දන්න බලාගන....ආයමත් කියන්නෙ ඔබ ඇමතූ දුරකථනෙන් ප්‍රතිචාරයක් නෑය කියලා වෙද්දි මට දැනුනා මගෙ මොනර පෙදෙ පාත් වෙනවා ...පිලෙන් පිල ගැලවි ගැලවි බිම වැටෙනවා....
අඩන ඇස් තව තව අලුත් කදුලු කැටවලට ආරාධනා කරනකොට මං දස දහස් වතාවටත් මගෙ හිත රිදවගන 1234556778633 වතාවටත් අර බ්‍රේකප් මැසේජ් එක කොටන්න ගත්තා...
දන්නවද සුදු අයියෙ මේලෝකෙ මිනිස්සු බිලියන ගානක් ඉන්නවා....ඒත් මගෙ හිත නැවතුනෙ ඒ බිලියන ගානින් උඹ ගාව විතරයි .. . ස්තූතිය දවසක් හරි මට දුන්න ආදරෙ වෙනුවෙන්....සමාවෙන්න මගෙන් කරදරයක් උනා නම්...මට ලැබුන් නැති උනාට කමක් නෑ උඹව හිමිකරගන්න වාසනාව තියන මනුස්සයා එක්ක සතුටින් ජීවත් වෙයන් සමුද්‍ර...උඹට දෙවිපිහිටයි....
ඔච්චරයි....ඉන් එහා මොන මගුලක් වත් කොටපු නැති මං එහෙම්ම අර පිගන් ලොට් එකත් උස්සගන හෝ ගගා රැලි ගහන මහ මුහුද දිහාවට ගියා.....
මහ මුහුද රැල්ල පිට රැල්ල ගහනවා.....
රැල්ල ඇවිදින් වෙරලෙ බිදෙන වාරයක් පාසාම කසිංජි බින්දු මුහුදු හුලගට එකතුවෙනවා....බෝංගම්බරේට කිරිමුහුද කිව්වට මොකද වටකරු හදෙ එලිය අංගාර පාට මහමුහුදට වැටිලා කිරි සද දිය උතුරවනකොට මං බලාගන බිදෙන රැල්ලෙ පවා සද පෙනපිඩු මතු වෙලා තිබුනා.....
මගෙ පපුව ඇදුම් කනවා...බලු බල්ලෙක් නැතුව පාලුවට ගියපු මහමුහුදටම ඉතුරු හෝ ගාන සද්දෙත් මාත් විත්‍රක්ම වෙනකොට තෝන්තුවෙන් වගෙ අඩිය තියන තියන වාරයක් වාරයක් පාසාම මගෙ උරිස්සටත් ඔරොත්තු නොදෙන පිගන් බඩු මල්ල මට තවත් වේදනා ගේනකොට මොකක්ද මන්දා මගුලක කකුල පැටලුන් මාව හොම්බෙන් යන්න ගියා විතරයි මගෙ ඇස් දෙක ඔහෙක් වෙලා....කට මෙහෙක් උනා....
ට්....ට්...ටම....හ්...හැමනෙනවනෙ....අ...අ...අප්පා....ඇයි...ය්...යකො....ම්..මටම....මෙහෙම.....ක්...කරන්නෙ....
මං තනිකරම නයා මැරුන අහිකුන්ටකයා වගේ...මූදට පනින්නම් කියල අඩියට දෙකට ආවා උනත් මූදෙ ගැඹුරුම තැන හොයන එකා වගෙ මං ගල් මුල්වල හැප්පි හැප්පි.... බලු වලවල් වල වැටි වැටි ඔහේ ඉබාගාතෙ ඇවිද්දා.....
හිතෙ වේදනාව දුක කොච්චර වාත් මාව රිදවනකොට මං නිකන් දුක හිතිලා ඉන්න පුක කැඩුන කඩියෙක් වගේ ඔහේ ඉබාගාතෙ ඇවිදන් යනකොට මටත් නොදැනිම මගෙ කකුල් වලින් සෙර්ර්ප්පුව පවා ගැලවිලා තියනකොට මට අර වෙරල පුරාවටම තිබුන සිප්පිකටු පෑගුනා...මුහුදු රැල්ල එක්ක ගොඩට ආව පුංචි පුංචි වීදුරු බෝතල් පෑගුනා....
මගෙමූන තනිකරම හාල්මැස්සන්ට එලාපු එලකට අහු උන වෙල්ලෙ සූඩයෙක් වගේ...කටත් තනිකරම හොට උල් සාවාලයෙක් වගේ...ඇස් දෙකත් අඩලා අඩලම ඇස් එලියට පැනපු හුරුල්ලෙක් වගේ වෙනකොට මෙච්චර වෙලාම ඔහෙ ඉබාගාතෙ ඇවිදන් ආව මන් "ඇනිය" පැත්ත මහ මුහුද පැත්තට හරවලා පො කොටන් දෙකක් උඩ තිබ්බ බෝට්ටුව ගාව නැවතුනා.....
ඒ නැවතුන මම මෙච්චර වෙලාම උරහිස් කටු කඩන්න තරම් බර බෑග් එක ගලවලා ඇනිය උඩින් තියලා අනිත් පාර එල්කීගන වගේ බෝට්ටුවට නැගලා ඇනිය උඩ ඉදගන මගෙ කකුල් පහලට එල්ලගත්තා....
ම්හුක්....අත්තම්මගෙ බත් එකෙ සුවදත් එනවා....
එක්කො බත් ටිකක් කාලම මූදෙ පයිනවා.....
අපි නුවර මිනිස්සුනේ....නුවර මිනිස්සු කවදාවත් එහෙම බත් අහක දාන්නෙ නෑ....අත්තම්මෙ ..පුතා අන්තීම රාතී බෝජනෙ වලදන්නනෙ යන්නෙ අත්තම්මෙ...ඔවූ....පුතා අත්තම්මා කෙහෙල් කොලෙ ඔතාගන ආව අම්මගෙ දොලදුක් බත් එක කාලමනෙ මැරෙන්නෙ ....
ම්හුක්...මේකෙ සුවද අප්පා...
පිගන් බඩු අස්සෙත් එක එක ජාති කෑම හන්ගන් උන්න මං හරි පරිස්සමින් අර සුවද ගහන බත් ගෙඩිය අරන් ඇනිය උඩ තියාගන් ලෙස්සා විතරයි මගෙ මූන තිත්ත කැකිරි පන්තියෙ පූසගෙ මූනට හපන් උනා....
මුලු වැල්ල කරේම හද එලියෙන් වගෙව සුදුපාට සලෝලයිට් එලිවලින් වැහිලා තියනකොට සීතල රෑ හුලග මැද මන් බත් කටක් අනන්න ගත්තා.....වැව් මාලු එක්ක අඹරැල්ලා හින්දුමක් පොල් සම්බලක් එක්ක පරිප්පුවක් මදිවට පපඩමකුත් තිබ්බා.... පපඩම නම් පෙගිලා ගිහින් තිබුනත් මොකද මගෙ කටට කෙල උනන්න ගත්තා...අම්මට ගෙනාව දොලදුක් බත් එක ඉදුල් කරන්න ගත්තෙ මම වෙනකොට බත් පතට තියන ලුනුරහ වැඩි කරන්නද මන්දා මගෙ ඇස් වලින් කදුලු කැට ආය ආයමත් කඩන් වැටෙන්න ගන්නව...
මං තව බත් කටක් ඇනුවා...බත් කට අනන අනන වාරයක් පාසාම මට මාව අසරන කරපු හැන්දව මතක් වෙනවා....ප්ලාස්ටික් බේසම් පොඩ්ඩකට බත් කෑවත් ඒ අතින් අනලා දෙන බත්කට මොන තරම් ලොකු උනත් ඒ හැම කටක් ඇතුලෙම ආදරෙ තිබ්බා....
ම්...ම්...මේ...මගුල කරන්න බෑ...ද්...දෙයියනෙ....අනෙ....මගෙ....ප්...
පන යන්නෙ නෑනෙ.....කැහ්.....ක්...කැහ්...අනෙ....අ...අත්තම්මෙ.....ම්...මාලු....එ..එක...රහයිනෙ........
මං තව කටක් කටෙ ඔබා ගත්තා...කොච්චර කදුලු ආවත් මම නෙවෙ බත් කන එක නැවැත්තුවෙ...තව චුට්ට වෙලාවකින් මූදට පැනලා මැරෙනවා උනත් මම නෙවෙ බත් කන එක නැවැත්තුවෙ.....ඒත් මං ඔය ඔක්කොම නැතුව එක දෙයක් කෙරුවා....
වෙන මොකුත් නෙවෙ....අන්තිම රාත්‍රී බෝජනෙ වලද වලද උන්න මං අනිත් පාර මගෙ ඵෝන් එකෙන් සින්දුවක් දැම්මා....කරුමෙට yt music එකෙත් මුලින්ම සජෙස් උනෙ ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන් සින්දුව....කමක් ඈ අහලම මැරෙනවා.....
කුලී ගෙදර තවමත් මට හෙවනයි....
තනිකම සින්නක් කර නිවනයි..
නුඹ ලැබුනා නම්....නෑ...මේ ලෙඩ දුක්
කසාය නොව මම අද බොන්නෙ...සරුවත්...
පන්කාදු අලුවා කෑල්ල...සෝක් එකට සීනි අල්ලල්ල....සුදු චූටියල ඉතින් නුවර මිනිස්සුනෙ ....නුවර උන් කවදාවත් ආවට ගියාට රහක් නැතුව කැවිලි හදන්නෙ නෑ.....මොනරවිල මැනිකෙලා විසේසෙම්ම....
ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්...
ලමා තැනී මං නුඹට ලියූ...හොර ලියුම් අපරාදෙ....
හිත් වේදනාවෙන් උන්නත් මොකද බත්පතේ එකම ඇටයක් වත් අහකට නොදා රහ බලපු මං වායො සංගීත්ගෙත් කට කැක්කුම අල්ලන තරමට එකම සින්දුව ආය ආය දදා බෑග් එක ඇතුලට ඔබාගන ආව අලුවා ගිලින්න අත්තා...
පැනි රහ පදමට ඇවිදින් මදිවට අතරින් පතර හැපෙන රටකජු කෑල්ලක රහත් එක්ක මං ආයම බෑග් එකට අත දාලා කූරු ගාලා..කූරූ ගලා අනිත් අතට වැලි තලපෙකුත් අරගත්තා.....
එක අතක අලුවා කැල්ලක් ....අනිකෙ වැලි තලප කෑල්ලක් වෙනකොට තව චුට්ට වෙලාවකින් මහ මුහුදට මගෙ සර්වාංගෙ බිලිදෙන්න හිතාගන උන්න මං.මගෙ අන්තීම විනාඩි ගාන සතුටින් ගෙවන්න හිතාගන අරන් ආව හැම ජාතියෙන්ම කන්න ගත්තා.....එහෙන් සංගීත් ලමාතැනියෙක් ගැන කියවනකොට හැන්දෙක්ට රැවටුන මං අනිත් පාර අලුවා කෑල්ලයි වැලින්තලප කෑල්ලයි පිටින්ම ඇනිය උඩ ඇල උනා....
මගෙ කකුල් දෙකම බෝට්ටුවෙන් පහලට එල්ලෙනකොට මගෙ කද කොටස ඇනියෙ වැතිරිලා තිබුනා....
කවුරු හරි නිල් අහසට මල් වට්ටියකින් දමලා ගහලා...
මට නිකන් මතෙත් වගේ....අන්තිම කෑම වේලලනෙ කිය කිය නොකාපු දෙයක් නැති වෙනකොට මගෙ උන්නෙ ඉහිරුන මල් වට්ටියකට සමාන උන අරවින්ද කැට පිරුන අහස් ආගාදෙ දිහා බලාගන වෙනකොට මං රෑ අහසෙ තිබුන තරු රටා හොයන්න ගත්තා....
මහ වලහා හොයන්න ගියපු මට මහ වලහා වෙනුවට හම්බුනෙ නිල් තල්මහෙක් වෙනකොට මටත් නොදැනිම අතේ තිබුන පැනි බේරෙන වැලි තලප කෑල්ල ඇගිලිවලින් අතෑරෙනවා එක්කම කට පුරවලම ඈනුමක් ගියා විතරයි මගෙ ඇස් වලට කදුලු පටලෙකුත් බැදුනා....
ම්හුක්.....එක්කො විනාඩි පහක් විතර දොයියලම මැරෙනවා.....සීයත්තෙ....අමාකර පුතත් එන්නයි යන්නෙ......
අම්මියෙ...පුතාගෙ ඇදුම් කාට කාට හරි දීලා දාන්න අම්මියෙ...අනිත් දවසෙ කානුවට මගෙ තේ එකත් දීලා දාන්න ඕකට තේ මේනියාවනෙ .....
අප්පච්චි ...පුතා මූනෙ දැලි ගාලා පැනලා ආව එකට හරියන්න දැන් මූදෙ පනින්න යන්න...අම්මට හම්බෙන්න ඉන්න නංගි බබා.....නංගියෙක්ද කියන්න දන්නෙත් නෑ...මොකා උනත් කම්ක් නෑ...උන්ට කියන්න අප්පච්චි ට රත්තරන් පුතෙක් උන්නා ..ඌව කමකට නැති ගෙරි හැන්දෙක් රැවැට්ටුවා කියලා....
මං උන්නෙ නිදිවිකාරෙන්.....තරු බලන්න ගියපු මට තරු පෙනීගන එනමොහොතෙ නිදිවිකාරෙම්ම ආයම වතාවක් ඇඩෙන්න ගත්තා...අම්මට කානුවට අප්පච්චි ට ඔක්කොටම ස්තූති කතා තියපු මං හැන්දටත් බැනලා පපුව පුරවලම හුස්මක් ගන්න ගියත් මට තේරුනා මගෙ කටත් ඇරෙනවා....
*
*
*
ඔහොම ඉදලා බෙල්ල උලුක් වෙයි තේජක...අනෙ සුදුමහත්තයව ඇහැරවල ඇදට යවන්න අයියෙ ...
විහාරා තමුසෙට මගෙන් වදුරු කුණුහර්ප එහෙම අහන්න ඕනද...තමුසෙ දැන් නහින්න හදන්න් මූට බෝට්ටු බෝට්ටු ගානෙ නිදියනකොට ඔය බෙලි උලුක් වෙන්ඩ ආවෙ නැද්ද එතකොට??
අම්මියෙ...මේ.....ලන්කට් එකක්.....අයි...අයි.....කැතයට රතුපාටත් තියනවා..මේ.....අම්මියෙ මේ කොලපාට ගෙම්බෙක් ඉන්න එකෙක් තීනා...මේ....හී...මේ..තේ බොන්න කෝප්පයක්....තේ ටිකක් හදා දියල්ලකො.....කාරු හරි.......
අනෙ අයියෙ.....මල්ලි ඔයාවත් තේජකට කියන්නකො ...අනික මගෙ ළමයා ඔච්චර කියලත් ඔයාට තිබුනා සමුද්‍ර මල්ලි නිකමට හරි යන්න...අඩුම ගානෙ එන්නෙ නෑ කියලා මගෙ ලමයව ගෙදර එවන්න හරි මගට යන්න ..ඵෝනුත් ඕෆ් කරන් පුදුම එකෙක්ටනෙ මගෙ කොල්ලත් අහුවෙලා තියෙන්නෙ ..අනෙ අම්මා බලන්නකො....
කෝ ඕයි තමුසෙලාගෙ මහලොකු නම්බුව දැන්.....ආ.....කොයි වෙලෙත් මොනර පිත්තමක් කියවනවා නේ...කෝ දැන් ඒ ලබ්බවල්...මූගෙ මොනර පිල් දැන් පුකෙ තමා ගහන්ඩ වෙන්නෙ.....ශිහ් ලැජ්ජයි ඕයි...ලැජ්ජයි...පාන්දර ජාමෙ රස්සාවට යන උන් බයවෙලා වන් වන් නයින් ගහන්න ගිහින් යන්තන් මේ ලියනගේව දැකලා පෙන්නල තියෙන්නෙ....ශිහ් මං කොහොමද ඕයි රෙදි ඇදන් වැඩට යන්නෙ.....අප්පච්චි මේන් දෝනිගෙ පාරෙමයි ලොකු ලබ්බත් යන්නෙ....සුදුපුතා ගනින් බන් ඔය තේ එක...අරූ මේකත් බොයි නැත්තන්...ඌට නම් නුවරඑළියෙන් කුන්ඩුමනි කෙනෙක් හොයලා දෙන්න ඕන තේම බොනවා ....ඇහැරවන්ඩ එපා ඕකට නැගිටින්ඩ දෙනවකො....
අනෙ අයියෙ.....අප්පච්චි මේ වයසට ළමයි මෙහෙම නේන්නම්....අනික ඔය කිරියලා උනත් දැන් යාලුයිනේද ...
හරි...හරි htt වල් තමයිදැන් වෙන්නෙ...ඒ හොදවැඩෙ...ඔහෙට මොන්ගල්ය?සුදු අක්කෙ මායි සුකුමලයි ඔඅවගේ බෝට්ටු බෝට්ටු ගානෙ බුදියන්ඩ ගියෙ නෑ හරිය. .අපෙ පිය යානාව මහ හූරට සෙක්කල් මාලු හොයන්ඩ ගිය හන්දනෙ මෙහෙම වත් රෙදි ඇදන් නිලමෙව හොයන් ආවෙ....උඹට කියන්න සෝලන්ග බොසා...අනෙ...අම්....මා...පා...ඒයනකොට...මූ කට ඇරන් බුදිලු...බ...ල...ඉතින් වන්නම ගියානේ මූදෙ....
හරි ශෝක් කිරියා ඔයාගෙ කතාව.....අපි නුවර මිනිස්සු....කටවල් ඇරන් නිදියලා නෑ කවදාවත් .....මගෙ කොල්ලට මහන්සියට නින්ද යන්න් ඇති.....පව්....වැඩෙ වැරදි උනත් ළමයා ගියෙ තමන්ගෙ ආදරෙ වෙනුවෙන්නෙ.....ඒක කවුරු කවුරුත් මකතක් තියාගත්තොත් හොදයි.....එයි කියන විස්වාසෙ උඩනෙ ගියෙ...ඒක රකින්ඩබැරි එකනෙ වෙලා තියෙන්නෙ....අප්පච්චි ඔයාවත් කියන්න අප්පච්චි ..මොනවා උනත් මගෙ ලමය නෙ දැන් මෙතනින් අසරනම...සමුද්‍ර මල්ලි ඔයාගෙත් හැටි මං හිතාගත්තා....නිකන් බොරු පොරොන්දු දෙන්න එපා..එනවා නම් වෙලාවට එන්න....මගෙ කොල්ලනෙ අසරන උනෙ දැන්...නේද අම්මා...
ආ...ආ...නෑ...නෑ..විහාරා උඹ කටවපහපන්.....උඹ ඒ ලමයට වචනයක් කියන්ඩ එපා...උඹ අම්මට බලන්ඩ කියන්නෙ මොනවද....උඹවත් පන්නල ඇරියෙ ඔය මැනිකෙම නේන්නම්...ඔය ලමයා හරි...තේජක ලමය වගේම ඔය ළමයත් හරි....මූව අරන් යන්ඩ ආවෙ නැති එකට ඔය ළමයා සීයට දාහක් හරි .....ඉස්කෝලේ යන කාලෙ තියෙන්නෙ ඉස්කෝලෙ යන්ඩ.....නැතුව මගුල් නටන්ඩ නෙවෙ...උඹටත් අපි කට කැඩෙනකන් කිව්වෙ ඉස්කෝලෙ පලයන් මගුල් නටන්ඩ එපා කියලනෙ...තේජකත් එක වතාවයි මන් කියන දෙ ඇහුවෙ...කිව්වනෙ....දෙන්නෙ නෑ කියාලා..කොහෙද පිරිමි හයිය පෙන්නන ආවනෙ....ඒ අතින් මේ කොල්ලා කරපු වැඩෙ හරි.....ඒ කොල්ලට වචනයක් කියන්ඩ එපා...මූයි වැරදි.....
ඕන්න ඕකයි ප්‍රස්නෙ...විහාරා දැන් හරිනෙ....දැන් ඇහුනනෙ....තමුසෙගෙ සුදුමහත්තයා තමුසෙලාගෙ මොනර නම්බුව අනාගනම කෑවා...සුදුපුතා උඹ ඵෝන් ඕෆ් කරන් මොන මගුලෙද උන්නෙ කියපන්කො...ඒකත් අහන්ඩ එපැයිනෙ....වෙන කෑල්ලක් ලයින් කරන්ඩ ගියාද.....හැබැයි අපෙ එකාව මග අතරමන් කරලා උඹ වටෙ ගිහින් තිබුනොත් උඹවත් ගිහින් කූඩුවෙ දානවා....
ඔහෙට පිස්සුය ....මොනග්ල්ය...මගුලක් දොඩන්ඩ එපා අනේ....මොකක්ද ඔය හිත දූ....වන්නඩ එපා තැන් තැන්වල...දැන් ඔහෙ වෙලාවකට මගෙ පැත්ත ගන්නවා...ආය සුදුචූටියගෙ පැත්ත ගන්නවා...ඔහෙ දන්නවනෙ මේ හැන්නදිගේට එක හිතයි....හිත් දෙක තුනක් ඈ හරිය ...මේ මෙයාට පිස්සුනෙ.....පාන්දර ජාමෙ ඉදන් නැගිටන් නැහිලා නැහිලා උන්න මදිවට කොල්ලගෙ ඉස්කෝල වැඩත් කරලා ඇදට වැටුනා විතරයි මට ඇහැපිය උන...කව්ද කියකො දන්නෙ මට නින්ද යයි කියලා...ඔහෙත් ලබ්බවල් දොඩන්ඩ එපා අනේ...
ඇහුනනෙ....සුදුපුතා වැරදි නෑ .....අප්පච්චි කොල්ලා වැරදි නෑ ..කොල්ලගෙ කතාව ඇත්ත...උදේ ඉදන් නැහිලා නැහිලා ඇදට වැටුනම නින්ද යනවා.....අපෙ නරියට තියෙන්නෙ ගිලලා නිදියන්න....මොනාද මූට තියන ප්‍රශ්න.....යකො මුන්ට මං කිව්වෙ කරන මගුලක් ඉස්කෝලෙ ගිහින් අහවර කරලා කරන්ඩනෙ.....මූට ඒකට ඉවසීම නෑනෙ... විහාරා ගන්නවා ඕකගෙ ඵෝන් එක...
ඕන නෑ තේජක.....මොකද මගෙ ළමයා විතරද වැරදි කෙරුවෙ.....නෑනෙ...මේ ලෝකෙන් වැරදි කරපු එකම එකා මගෙ නොදරුවා විතරද.....
අම්මියෙ.....තේ ටිකාක්....තේ ටිකක් දියල්ලකො අප්පා...පාන්දර ඉදන්නෙ කියන්න් තේ ටිකක් දෙන්න කියලා....දීපියව්කො...අම්මියෙ....
පප්පෙ...පසනා අද ඉස්කෝලෙ යන්නෙ නෑ හරිය...පසනත් පන්දර මෙයැයිව හොයන්න ආවනෙ....ඈ තාත්තෙ.....පසනා ඉන්නන් නේ.....යෝහ්...පප්පෙ...ඇහෙන් ඈ වගෙ ඉන්නෙ ඇයි ඔහෙ...අපෙ අනිත් තාත්තත් තාම බුදිනෙ....පසනාඉන්නම් නේ තාත්තෙ ඈ...
තාත්තා....කව්ද පසනො අනිත් තාත්තා....
අනිත් තාත්තා ඔය කට ඇරන් බුදියන් ඉන්නෙ ඔහෙට පේන්නෙ නෑ.....කැතයනෙ.....කැතයා අපෙ තාත්තගෙත් තාත්තා වෙන්ඩනෙ ඉන්නෙ...අපෙ තාත්තයි කැතයයි යාලුවෙලානෙ ඉන්නෙ...ඒකනෙ පැනලා යන්නෙ පැනලා ගියාම බඩ ලොකු වෙනවා..බැන්දමත් ඒම වෙනවා නේ තාත්තෙ....අපෙ සිගිති නැන්දගෙත් බඩ ලොකු උනා.....නේ තාත්තෙ....අපෙ තාත්තා බීලා බුදියද්දි කිව්වනෙ කැතයා තාත්තගෙ කෑල්ල කියලා.....
පසනා.....මා පුතා ගෙදර යමන් අත්තම්මට කියලා අන්දවගනින් තාත්තා එක්ක යන්නම්...
ම්හුක්...තත්තෙ...පසනා ඉන්නම්කො...අර කිරියලත් අද යන්නෙ නෑ....පසනගෙ ටිකිරියා යන්නෙත් නෑනෙ....ඔහෙවත් අපෙ තාත්තට දොඩන්ඩකො පසනව එක්ක යන්ඩ එපා කියලා..අද චක්කරෙත් ගන්නවා...අනික දැන් අනිත් තාත්තත් නැගිටිනකොට පසනා ඉන්ඩ එපැයිනෙ...
ඒකනෙ පසනගෙ අනිත් තාත්තා නැගිටිනකොට පසනා අනිවාර්යයෙන්ම ඉන්ඩ එපැයිනෙ.....දැන් මූ මේ ඉස්කෝලෙ ගමන් ඔක්කොම නවත්තලා යන්නෙ තාත්තෙක් වෙන්ඩනෙ.....හරි හරි....ඔය කෙදිරිගාන්නෙ.....දැන් ඇස් ඇරෙයි පසනගෙ අනිත් තාත්තට....විහාරා ගිහින් මූට කිරි එකක් හදනවකො....පොඩ්ඩක් හෝව්....පොඩ්ඩක් හෝව් ගන්නවා ඔය බෑග් එකෙන් කෝප්පයක්...මූ දැන් ඔව්වා ගෙනිච්චෙ හැන්දට තේ දෙන්නෙ...හදන් එනවා ඕකටම....
"හලූ......සුදු අයියෙ...හලූ .......අමුක ඩුමුක....අමුක....ඩුමුක...අමල්...ඩුමල්..හලූ....හලූ.....ජරාව බොන්ඩ එපා තේජක.....ජරාව බොන්ඩ එපා සුදු අයියෙ...අපි නුවර මිනිස්සුනෙ.....අපි නුවරනෙ....අපි නුවරනෙ.........ටම හැමනෙ...න්....න..........දමා ගිය තුත්තිරි...අත්තම්මෙ.....අත්තම්මෙ.....හැමනෙමු....අත්තම්මෙ......ජරාව බොන්ඩ එපා....තේජක..."
අන්න අර ගස්තරයව කොහෙට හරි ගිහින් දාපියව් කිව්වෙ ඊයෙ ඉදන් නේද.....තේජකට නෙවෙ දැන් වතුර බොන එකත් අරහන් වෙනවා ඕකව අල්ලා විසික් කරපියව්...මගෙ ඉහ ඇම්ම ඊයෙ රෑ ඉදන් රෑ එලිවෙනකන් මැනිකෙගෙ වන්නම.....එලිවෙනකොට මේකගෙ නාඩගම ඒ මදිවට ...ඒකත් නුවර පඩික්කම පටන් අරන්....අල්ලා විහික් කරපියව් ඕකව.....
"හලූ .....තේජක....සමනාල්........සමනා...ල්...මගෙ...චූටි....පුතා...කෝ.....අමාකර...කැතයා......සාගරිකා....පඩත්තර....මැනිකේ...හ්"
*
*
*
ම්හුක්...ම්ම්ම්ම්....ම්න්හ්හ්....අම්...මියෙ....කකුල් දෙකට සීතල...ම්ම්ම්ම්හ්..ඔලුව....ක්...කැහ්....කක්ක්...කැහ්....
මං උන්නෙ නිදිමතෙ අන්තෙ.....බෙල්ලට දැනුන වේදනාවත් කොන්දට දැනුන වේදනාව මෙර් ඔක්කොටම වඩා කකුල් වලට දැනුන සීතලත් එක්ක මං නින්දෙන්ම කෙදිරි ගෑවා....කෙදිරි ගගාම...එහාට මෙහාට හැරි හැරි පොරවගන්න රෙද්දකුත් නින්දෙම්ම අතපත ගාන්න ගන්නව එක්කම නින්දෙ අන්තෙ උනත් මගෙ කන්වලට කන්දොස්කිරියාවක් ඇහෙන්න ගත්තා ....
එහෙන් එකෙක් තාත්තෙ ගානවා.....තව එකෙක් තේ ඉල්ලනවා.....තව පැත්තකින් මොකෙක් හරි ජරාව බොන්ඩ එපා....ජරාව ගානවා මදිවට පඩත්තර මැනිකෙ ගානවා....ඒ ඔක්කොමත් එක්ක මෙච්චර වෙලාම තිබුන මගෙ කරමත වාශ්ප වෙලා ගියෙ මටත් නොදැනිම වෙද්දි ඊයෙ රෑ වෙච්ච සිදුවීම් එකින් එක එකින් එක මතක් වේගන එනවත් එක්කම මං දැන් ඉන්න තැනයි ඊයෙ රෑ හිටපු තැනයි මතක් උනත් එක්කම මන් හිතන්නෙ මගෙ ඉහට ට්‍රාන්ස්ෆෝමරයක් කඩන් වැටුනා වගේ හැගීමක් දැනුනා විතරයි අනෙ මට හිතන්නවත් බැරි වේගෙන් මගෙ ඇස් ඇරුනා....
මොනා බලන්නද....මොනවා අහන්නද.....මගෙ ඇස් එහෙක් වෙන්න වත් ...කට මෙහෙක් වෙන්නවත් වෙලාවක් නැතුවම මට නිකන් අංශබාගෙට ආවා.....
තනිකරම සිනෙමැක්ස් එකට අලුතෙන් ආව පවුලෙ සැමට එකට නැරඹිය හැකි චිත්‍රපටිය බලනවා වගෙ හැත්ත බුරුත්තක්ම මගෙ දිහා බලන් ඉන්නකොට අනෙ දෙයියනෙ මං දෝතින් බදාගන අරන් දුවපු කලුපාට බෑග් එක හායි ගාලා ඇරලාදාලා මදිවට තේ කෝප්ප සෙට් එක මට විරිත්තගන වගේ හිනා වෙනවා මැවිලා පේන්න ගත්තා....
එක පැත්තක තෙමුද්ර නැව .....අප්පච්චියි අප්පච්චි ගාවම ඉදන් මගෙ දිහා බලාගන උන්න මාව අසරන කරපු හැන්දා....අනිත් පැත්තෙන් කිරිමල් නැව...අනිත් පැත්තෙන් නුවර මැනිකෙලා.....මගෙ බෑග් එක කූරු ගගා අර්න් ගියපු ජොක්කු ගනින පසනල් කපල් එක.....මේ වෙලා තියන මගුල් මදිවට ද කොහෙද මං ආසාවෙන්ම උස්සපු තේ කෝප්පෙකට තේ එකකුත් හදාගන නැලවි නැලවි එන තේජකගෙ රන්කද...
මගෙ කටෙ කෙල නෑ...පනනැතිවේගන එන අඩු බඩු වාරු කරන් ඉදගන්න හැදුවත් ඉදගන්න පුකකුත් නෑ වගෙ දැනෙද්දි මූනත් කුන්ඩහට්ටියක් කරන් උන්න අම්මා මගෙ දිහාවට තේ කෝප්පෙ දික් කෙරුව ව්තරයි පැනලා ගියත් ආයම ගෙදරට ආව හැටි නොදන්න මං අප්පච්චි දිහාවට එබි කම් කර කර ඊලගට කන්න වෙන ඩෑස් ප්‍රමානෙ ගැන හිත හිත අම්මගෙ අතින් අල්ලගත්තා...
අ....අ...අම්මෙ....
සුදුමහත්තයා .....ඉදා මේතේ එක....උඹ උඹගෙ මූනෙ දැලි උලාගන්නවා මදිවට මගෙ මුනෙත් දැලි ගාලා....මං උඹට කිව්වා.....දහස් වාරයක් මං උඹට කිව්වා...
අනෙ..අම්...අම්මෙ.....හ්..හැන්දා.....අ..ආවෙ...නෑ.....අම්මෙ....
ඉතින් සුදුමහත්තයා.....කොහොමද උඹගෙ ට්‍රිප් එක ම්ම්ම්ම්...???ගන්නවකො ගන්නවකො ඔය තේ එක බීලම අපි කතා කරමු...පසනා...ඔන්න අනිත් තාත්තාත් නැගිට්ටා.....
තාත්තෙ ...ආන්...ඔහෙගෙ කෑල්ල නැගිට්ටා...ඔහෙ දැන් පසනගෙ තාත්තා හරිය ...ඔහෙ බෑග් එක අරන් අපෙ අහ එන්නෙ නැතුව මක්කදැයි මූදු ගියේ.....අපෙ තාත්තයි මායි තනියෙන් බුදියෑවෙ....ඇදේ ඉඩත් තිබුනා....පසනා බුදියන්නෙ තාත්ත්ගෙ අත උඩනෙ.....
මං හිතන්නෙ දැන් මට දැන් එක දෙයයි කරන්න ඕන.....එකෝ අඩන්න....එක්කො මෙතනින් දුවන්න...මලකඩ කාපු බෙදුම් කට්ට වගේ උන්න පසනා මගුලක් දොඩෝගන ඉන්නකොට මන් බලාගන මට බොරු පොරොන්දු දුන්න හැන්දා මගෙ දිහා ඇස් හීනි කරන් බලාගන ඉදලා ඉදලා උන්න තැනින් නැගිටිනවත් එක්කම යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද අහන්නා වගේ ලැජ්ජාව ගමෙන් එකක් උනත් රට බේරගන්න තියන අවසානම අවස්තාව මේක වගෙ හිතන්නාහා සමානව මොනර නම්බුවත් රකින්න තියන අවසානම අවස්තාව මේක කියල හිතා ගත්ත මන් අර ඔක්කොම.මගෙ දිහා බලන් ඉන්නකොට පිහාටු හැලිලා හැලිලම ආය විදහන්න පිලක් නැති උනත් ඉතුරු පිලෙන් හරි වන්නම නටන්න හිත හදාගත්ත මන් මගෙ මොනර පුකත් වනලම ගිහින් මට අසාධාරණකම්.කරපු හැන්දගෙ ශර්ට් එකෙන් අල්ලගත්තා...
අපි නුවර උන්....ආවට ගියාට එහෙම ඔලුව නමන් නෑ.....අපි මොනර විල උන්....නුවර මිනිස්සු කවදාවත් එහෙම ආවට ගියාට සෙකන්ඩ් වෙනවද ....නෑනෙ....සමහර යුද්ද දින්න ඕන තනියෙන් කියනවනෙ....හිටපන්....හිටපන්කො චපලයා....
චපල හිමිට සිරි යහනෙ සැතපෙන්නද මං...එහෙම කලොත් ඔබ කියාවි මෝඩ අමා මං ....!
ස්....සැන්දෑ අහස වගේ සැරසී මට එන්න කියා.....කියන්න ඇයි ඔබ නාවෙ???
මට නින්ද ගියා....!
🙏camaa wenna...
.