ඇයි සුදු පුතා කෝ ආ ගාපන්කො ලමයො.....
එපානෙ අම්මියෙ.....දැන් ඇතිනෙ...දෙකක් කෑවනෙ..දෙකක් ඇතිනෙ අම්මියෙ.....දෙකක් ඇතිනෙ....
දෙකක් දෙකක් කෑවම ඇතිද සමනල්...මගෙන් හනසුපාර නොකා කටඇරපන් සමනල්බත් කටවල් දෙකක් කාලා ඇති ඇති ගාන්නෙ...
ම්හුක්...තේ ටිකක් දියල්ලකො අප්පා...බත් එපානෙ...අම්මියෙ...කැතයට කවන්ඩකො.....කැතයට කවන්ඩකො අම්මියෙ....ම්හුක්....යෝ.....හ්හ් තේ චුට්ටක් දෙන්ඩ බල්ලෙක් නෑනෙ.....
අයියා දොයි.....හොද පුතානෙ.....තේ බොන්නෙ නැ මේ ගිනි දවාලෙ ....තේ බොනවද බත් කනකොට...මේ මගෙ පුතා කරෝල වලට ආසයිනෙද....
ම්හුක්...ඔවූ....අසයිනෙ....කහපාට කරෝලනෙ ආස.....
ඒකනෙ...මේ අම්මියා මගෙ සුදු පුතාට අල දාල කහපාටට කරෝල හැදුවෙ....කෝ මගෙ හොද පුතා ආ ගන්න.....
ආස උනාට තේ වලටෙ පුතා හුගාරියක් ආස ...ඔව්නෙ.....සුදු අක්කෙ....ඔවූ...පුතා හුගා...ක්.....ආස තේ වලටනෙ....තේ ටිකක් දෙන්නකො අයියො.....නැත්තන් අම්මා කුක්කි ...අම්මියෙ කුක්කි නෑද....දැන් ඉවරද....ඔවූ...අප්පුච්චියා කිව්වනෙ ඊරයි කියලා...අම්මා කුක්කි ඊරයිලු.....නෑනෙ ...කො බාමු...බාන්න...ම්හු...ක්..
සමනල්!!උඹගෙ පුක පුපුරන්ඩ ගහනව මං දැන්....ඇයි යකො බත් කටක් කවාගන්ඩ කට ගෙවාගන කියවන්ඩ ඕනනෙ....ආ ගාපන් මගෙන් ගුටි නොකා...කෝ හොද ලමයනෙ...මේ මැල්ලුනුත් තියනවා...මැල්ලුම් කෑවම මගෙ පුතා ලස්සන වෙනවා....
හුගාක්...ලස්සන වෙනවද...ඈ අම්මියෙ....හුගාක්.....
ඔව්...අම්මගෙ සුදු පුතා ලස්සන වෙනවා...කෝ මේ කරෝලත් දැම්මා...බිත්තරත් දැම්මා...මැල්ලුන් චුට්ටයි.....පරිප්පුයි....ඔක්කොම අනලා රස බයි කටක්නෙ අම්මියා කවන්නෙ....
පුතාව ගුජුමිපියා වෙනවද අම්මියෙ.....බයි කෑවම පුතාව ගුජුම්පියා වෙනවද අම්මියෙ.....
ඔව්...උඹව ගුජුම්පියෙක් වෙනවා ආගාපන්.....
ම්හුක්....එපා.....පුතාට එපා.....පුතාට සල්මන් කාන් මාමා වගෙ වෙන්න ඕන....
දෙයියනෙ මගෙ ඉහ කැක්කුමයි.....අර එකෙක් තාම නිදි...මේ කොල්ලට මං පැයක ඉදන් බත් කටක් කවාගන්ඩ ඔට්ටු වෙන්නෙ මගෙ ඉහ පැලෙන්ඩ එන්නෙ....
පැලුනද අම්මියෙ...ඈ.....ඉහ ඔවු...
සමනල්.....ගුටි කනවද බත් කනවද?
ගුටි.....ගුටි කාලා තේ බොනවා පුතා...අම්මියෙ....ගුටි කෑවොත් තේ දෙනවද....
සුදු අක්කෙ.....ටිකිරියො......ටිකිරියෝ....
ආන් අනිත් වල්ගෙ....ලොකු එකා මහ හැන්දගෙ පස්සෙ දුවනවා...උඹ පොඩි හැන්දා පස්සෙ දුවපන්...කෝ ආගාපන් අම්මව තරහා ගස්සන්නෙ නැතුව....බත් කාලා දොයියන්ඩ ඕන තේරුනාද....?මේ ගිනි මද්දහනෙ නටන්ඩ හදන්නෙ නෑ...
"විහාරා.......ටිකිරියෝ.....ආ.පසනෝ.....පසනෝ....කැත තාත්තේ....ජරාව බොන්ඩ එපා කැතයො.....හලූ....විහාරා....බෑගිරි අම්මෙ....සාගරිකා...පඩත්තර...බල්....ලා....ජරාව බොන්ඩ එපා තේජක....කැත තාත්තෙ.......හ්හ්....මොකක්දෙ....."
ටිකිරියෝ......ටිකි....රියො.....ටමසිරි...මේන් මෙයැයි මට පසනා කියනවා.....සුසා ඔහෙට දැන් පසනා කියන්ස ඇහැක්ද?
".........?"
ටිකිරියො...මේන් මෙයැයි මාව අදුනනව....පසනා කියන්ඩ ඇහැක් මෙයැයිට....කෝ පසන් කියන්ඩ...ආ...ආ...මේන්...මේන් මෙයැයි මයිල් පුම්බනවා...අඩේ...මේ බලපියකො...මයිල් පිම්බුවම මුගෙ පුක එලියෙ.....
"පුක...."
අනෙ..අනෙ...මෙයැයි මහ පඩංගුවෙක්....පුක කිව්වා..පසනා කිව්ව්වෙ නෑ.....ඔහෙට පසනා කියන්ඩ ඇහැක්නෙ..කියකො බොල....
"පසනා .....පුක....ඇහැක්...ඇහැක්...
ඇහැක්...ඇහැක්...ඇහැක්.....නුවර පුක...නුවර...නුවර....වන්නම්...වන්නම්....ස්පීකර්.....ස්පීකර්.....කිරියෝ.......ටෲ.....ටෲ....අපෙ මැනිකෙ....අපෙ මැනිකෙ....තුත්තිරි පුක මැනිකෙ.......කැතයො.....කැත තාත්තෙ.....සුදු අයියෙ.......බෑගිරි අම්මෙ...අම්මියේ.....තේ ටිකා....ක්....අම්මියෙ...හ්හ්හ්හ්හ්....අම්මියෙ.....හාමු....හාමු...මොනරු...
මොනර හාමු.....සාගරිකා.....කූ....කූ....ඌ.....ජරාව බොන්ඩ එපා.කැතයො.....බෑගිරි විහාරා.....බෑගිරි අම්මියෙ.....පසනෝ..."
මගෙ දෙයියනෙ කරච්චලෙ...ළමයො ඕකව අවුස්සන්නෙ නැතුව ඉදිල්ලා....ඉහ කැක්කුමෙ.බෑ.....එහෙන් එකෙක් තේ ඉල්ලනවා..මෙහෙන් මේකා බෑගිරි තියන්වා...එක විනාඩියක් කනක් ඇහෙන්ඩ නෑනෙ ....මේ මොන කරච්චලයක්ද....ඔය ළමයා මේ ගිනි මද්දහනෙ ගෙවල් ගානෙ යන්නෙ මක්කද....
ගෙවල් ගානෙ කව්ද ගියෙ...ඔහෙට මාත් සීයත්තෙ කියන්ඩද ..කියන්නම් නේ.....
.....ඇවිදින ඉහ කුඩිච්චියක් වගෙ
සීයත්තෙ මේන් මෙයැයිගෙ කතාව බලකො...මං ආවෙ මගෙ ටිකිරියව බලන්ඩයි අපෙ කැත තාත්තව බලන්ඩයිනෙ..... කෝ එයැයි?
ටිකිරියෝ...ටිකිරියෝ...ඔහෙ කොහෙද....ආ...මේ ඉන්නෙ....මේන් මේ බල.....කො ඉති....න්...මෙයැයිගෙ මුන පුක වෙලා...සුදු අක්කෙ මෙයැයි අඩනෝද....???
ඔව්.....දෙකක් දිලා ඉන්නෙ....කෝ සමනල් ආගානවා.....
ආ... හරි සෝක්...ඔහෙ මගෙ ටිකිරියට ගැහුවද.....?
ම්..ම්හුක්...ප්...පසනෝ....
සමනල් කෝ ආ....ආ...ගාන්ඩ ඕන...
ඔහෙට මෙයැයි ගැහුවද ටිකිරියො.....
...ම්...ම්...ග්...ගැ...හුවනෙ...පුතා....බයි කන්නෙ නෑ කියලා ...ග්...ගැහුවනෙ.....
පසන් බත් කෑවද...
ම්න්...ඕ....කෑවා....හැබැයි අනුමත කරන්නෙ නෑ හරිය....
මොනවද...?කෝ සුදු පුතා ආ ගන්න...මගෙ පුතා කියන දේ ඇහුවා නන් අම්මා ගහන්නෙ නෑනෙ ....හැන්දෑවට මගෙ පුතාට අම්මා බඩුවක් ගේන්නම්....
මොනාද පසන් අනුමත කරන්නෙ නැත්තෙ...පසන්ටත් බයි කටක් කවන්ඩද?
...ඔහෙ මගෙ ට්කිරියට ගහපු එක...ගහනවා නම් මගෙන් අහන්ඩ එපැයිනෙ...ටිකිරියා පසනගෙනෙ...පසනා ආස නෑනෙ ටිකිරියට කවුරුත් ගහනවට...අපෙ තාත්තා කිව්වනෙ පසන ටිකිරියවත් බලගන්ඩ ඕනා කියලා...හොද යාලුවො උනාම යාලුවන්ව බලාගන්ඩ ඕනනෙ....ඔහෙ ඇයි ගැහුවෙ...පසනට දැන් දුක හිතීගන එන්නෙ හරිය
ළමයි උනහම අම්මලා කියන දේ අහන්න ඕන...නැත්තන් ගුටි දෙන්න වෙනවා...
ඉතින් පසනා තාත්තා කියන දෙ ඇහුවෙ නැති උනාම තාත්තා ගහන්නෙ නෑනෙ....අපෙ තාත්තා තරහා වෙනවා විතරනෙ...පප්පා තාත්තා පසනට කියනවනෙ ගැහුවම තාත්තට රිදෙනෝ කියලා...ඔහෙ මෙයැයිට ගැහුවම ඔහෙට රිදෙන්නෙ නෑද.....?එපා ගහන්ඩ ඔහෙ...ඔහෙට ඇහැක්නෙ තරහා වෙලා ඉන්ඩ.....පසනත් කියන දේ අහන්නෙ එහෙමනෙ..
.
හා...හා...ආය ගහන් නෑ...පසනත් ඉදගන්න.....සුදු පුතාටයි පසන්ටයි දෙන්නටම අම්මා කවන්නම්...පසන් පුතත් කනවා නේද.....මේ සමනලුත් කනවා....
ම්න්.....ඔන්න ඔහෙ තව කටවල් පහ හයක් කන්ඩ ඇහැක්....ඔහෙ මොනාද ඉව්වෙ සුදු...
සුදූ??අනෙ අනෙ ලමයො....
ඔහෙ කියන්නෙ මටත් අපෙ ටිකිරියා වගේ අම්මෙ කියන්ඩද....අපෙ කැත තාත්තා වගේ අම්මෙ කියන්ඩ වෑ...හරි හරි අඩව් තමයි ඔහෙත් අල්ලන්නෙ ...
.හා හා...ඕන එකක්....මේ කටවල් එක්ක අපිට දිනන්න බෑ...අපි වලව් කාරයො...
ඕනවට එපාවට කටමැද දොඩන්නෙ නෑ.....
ඕන්....න...ඕන්න....අපෙ තාත්තා හරි ....ඔහෙලාට වලව් ලබ්බම තමයි දොඩන්ඩ ඇහැක්.....මට අර මැල්ලුන් දාන්ඩ එපා හරිය...කරෝලයි බතුයි විතරයි....
ඒ මොකද....එහෙම කන්නෙ නෑ...කනකොට ඔක්කොම කන්න ඕන....මැල්ලුම් කෑවම ලස්සන වෙනවා....කොන්ඩෙ වැවෙනවා.....ඉගන ගන්න පුලුවන් වෙනවා..හොදට මොලේ එනවා....සුදු වෙනවා.....පසන් ආස නැද්ද ලස්සන වෙන්න....සමනලුත් කනවා...නේ අම්මගෙ සුදු පුතත් කනවනෙ...
........
ඔහෙ කියන්නෙ දැන් මෙව්වා කෑවම සුදු වෙනවා කියලයි?
ඔව්...ලස්සන වෙනවා...දැක්කනෙ තේජක මාමගෙ සුදු....අමාකර අයියා ඇයි ඔච්චර සුදු.....මැල්ලුම් කලා....
සුදු උනාට ඉතින් අපෙ කැත තාත්තට මොලෙ නෑනෙ....?
ලමයො!!!
ඉතින් ඔහෙනෙ දැන් දෙඩ්ඩෙ මැල්ලුන් කෑවම මොලෙ එනවා කියලා...කැතයා තාත්තා ඔයාකාර මැල්ලුන් කෑවාන්නම් කොයි ඒකගෙ මොලෙ?????කැතයා තාත්තට මොලෙ තිබ්බා නම් ඇයි අපෙ අහ එන්නෙ නැතුව් බෝට්ටු ගානෙ මායන් උනෙ....පිස්සු ඔහෙලට.....මේවා කෑවම මොලෙ එන්නෙ නෑ.....දැන් මෙව්ව කෑවම ලස්සන වෙනවද?ඔහෙ සිරාවටද දොඩන්නෙ?
මේ කොල්ලා එක්ක බෙරුමක් නෑ.....පසනටත් දෙක්ක දෙන්න කලින් කට අරිනවද නැද්ද...ලස්සන වෙනවා ලස්සන වෙනවා..කෝ ආ.....
...සිරාවටම නේ ...ඔහෙ කෙබ්බ දොඩනවා නෙවෙ හරිය . ..දැන් මෙව්වාකෑවම මාව අර විජේ දේවකොන්ඩයා වගෙ වෙනවද??
මොකා...මොන කොන්ඩයා කිව්වා....
යෝහ්....සන්තානම් මැනියනෙ...මේ බල...කෝ....ඉතින්....විජේ දේවකොන්ඩාරදමොකාද අප්පා...ඔහෙ දෙමල බයිස්කෝප් බලන්නෙ නැද්ද...අපෙ තාත්තයි මායි ආසම ඌට...ඌටයි විජේ සේදුපතිටයි....ඔහෙ දැකලා තියනෝද අපෙ තාත්තා අදිනවා මල් මල් ශර්ට්.....?
ඉතින්...කෝ ආගපන් පසන් කීයෙ ඉදන්ද මේක දික් කරන් ඉන්නෙ.....අර සමනල් කාලත් ඉවරයි...
ය්...යෝහ්....අපෙ...භ්භ්....භ්භ්....අපෙ...තාත්තා....විජේ....භ්භ්....අපෙ..ඥාඥ්ඥා...
ව්ඥේ වගේ ඥේ....
අම්මියෙ පුතාටත් මල් මල් තාත්තෙක් ඕන....නෙ.....අප්පුච්චියට මල් මල් වෙන්ඩ කියන්නකො.....
හා.....මල්මල් වෙන්ඩ කියන්නම්.....කෝ
ආ ගාන්න.....
ඥු....ජූ...මිරිඥ් කඥල් ඥැහ්....
මොක??මොනවා ඉල්ලනවද මන්දා....හොදට හපලා ගිලින්ඩ ඔහෙ ගිලින්නෙ නැතුව....
අම්මියෙ බයි කෑවම තේ දෙනවද...
මගෙ ඉහ ...දෙයියනෙ...මගෙ ඉහ පුපුරන්ඩ එන්නෙ.....ඒ අස්සෙන් බඩ කැලතෙනවා දෙයියනේ......
මෙච්චර වෙලාම නින්ද ගිහින් උන්න මට කෙදිරි ගෑවිගනම ඇස් ඇරුනා.....බීපුවල ආනිසංස පලදෙන්න පටන් අරන් තිබුනෙම ඉහෙ කැක්කුමක් එක්කම බඩ කැලතෙන්න ගන්නවත් එක්ක වෙනකොට කෙදිරිගාගනම ඇහැරුන මට ඉහ කැකුම දෙපිටින් යන්න ආවා....පහල තට්ටුවෙන් ඇහුන කන් කරචචලෙ තනිකරම දකුනු කොරියාවෙ පොලක් වගේ වෙනකොට යන්තමට ඔලුව කෙලින් කරගත්ත මං ආයම මගෙ ඔලුව කොට්ටෙ අස්සෙ ඔබාගත්තා....
ඒත් කොහෙ කියලා ඔලුව ගහගන්නද...කානුවගෙ කට තනිකරම වක්කඩක් වගේ...අම්මියෙ හුම්මියෙ ගගා තේම ඉල්ලනවා..මූ නම් ගිය ආත්මෙ ලැයිමක උන්න කුන්ඩුමනියෙක් වගෙ කොයි වෙලෙත් තේමයි ඇයි යකො...අපෙ මොනරවිල මුත්තෙක් වත් උන්නද දන්නෙ නෑ සුපිරින්ටන් කම් කරපු...මූට ඒ.මුත්තව වැහෙනවද මන්දා....අනිත් පැත්තෙන් පසනා...උගෙ කට තනිකම බෝක්කුවක්....ඇයි යකො කියවනවා අහවරක් නෑ...උන් දෙන්නටම එහා සුසංගතා පරට්ටයා....
අනෙ මාව මැරෙන්ඩ එන්නෙ දෙයියනෙ....මාව බේරගනිල්ලකො...ම්හුක්....බඩත් කැක්කුමයි.....වමනෙටත් වඩා....එක්කො මට දරු පැටියෙක් වත් හිටලද???
මං ඒ අත ඇබරුනා....ආයමමේ අතට ඇබරුනා.....ඉහ කැක්කුමටම නින්ද කියන දේ අහලකට වත් එන්නෙ නැති වෙද්දි මං බොහෝම අමාරුවෙන් නැගිටලා ඉදගත්තා.....ඉදගත්තා කියන්නෙ ඉදගත්ත තත්පරේම මට එකපාරම කෑ ගැස්සුනා...
ටෞක්....අනෙ...හ්...ම්හුක්..
මගුල මොකාද මේ අල්මාරියෙ පියන ඇරියෙ යකො.....තව ටිකෙන් හුස්ම යනවා....ඇයි දෙයියනෙ මටම මෙහෙම කරන්නෙ...මොන ඇරියස් එකක්ද මගෙන් අල්ලන්නෙ.....
මං උන්නෙ මගෙ පපුවට ගහගන්න ගමන්...ඉදගත්ත ගමන් අනත මනතෙන් වගේ වටපිට බලපු මගෙ පපුව ගැස්සිලා ගියා...ඇරලා තිබුන අල්මාරි පියනෙ කන්නාඩියෙ මාවම දැක්ක මට කෑ ගැස්සුනා.....
තනිකරම හෙන ගහපු කාක්කෙක් වගෙ...ඉන්නෙත් ජොකා පිටින්.....කව්ද යකො මට මේ අපරාදෙ කෙරුවෙ...තවම කටෙ කිරි සුවද වත් නොගිය නොදරු පැංචට කව්ද මෙහෙම අපරාදයක් කෙරුවෙ...
නෑවනන් හරි.....එකෝ කෑවා නන් හරි...ඒත් නාලා අදින්ඩත් ඇදුම් කෝ..ජන්ගියක් වත් නෑ....යෝහ් ...ඒවා තාම අර බෑග් එකෙනේ...තියන මනමාල කමට පවුල් කන්න රෙදි ටික ඔක්කොම ඔබාගන ගියානෙ...
මූනත් කුන්ඩහට්ටියක් කරගන උන්න මං වැනි වැනිම නැගිටල කන්නාඩිය ඉස්සරහ හිටගන මගෙ මූන දිහා බලාගන උන්නා..තනිකරම කූතාඩියෙක් වගෙ ..
ඇස් දෙක ඔහෙක් වෙලා...නහය මෙහෙක් වෙලා....ඊටත් බලපියකො අත පය තනිකරම පතෝල වගේ....ම්හුක්...අර චුම්චුව....යෝහ්...ඒකෙ පොඩි....පොඩි කිව්වට පොඩිමත් නෑ...ඉස්කෝලෙ කලිසමෙ තියන බොත්තම වගේ....
පපුව කෝ....සික්ස් පැක්....???මගුල් කන්න හදිසි උනාට මගෙ සර්වාංගෙ බටපොල ඇන්ටනාවක් වගෙ දෙයියනේ...
ඒකට අප්පච්චි ...තුන් දරු පියෙක් උනාට සිසි පැක්.....පිම්බුන පපුව.....මස් පිඩු පිරුන අත් කකුල්....ඒකට මං.....තනිකරම අකලට සංසේචනෙ උන පතෝල කරලක් වගේ...පුක විතරයි යන්තමට තියෙන්නෙ ඒකත් අපෙ අම්මට පින්සිද්ද වෙන්න.....ඒකත් මැස්සො බීපු ලෑල්ලක් උනා නම් වහ තමා කන්න වෙන්නෙ...
ම්හුක්...කලුත් වෙලාද මන්දා....හවසට නෙස්කැෆෙ ටිකකට මීපැනි හැන්දැක් කලවම් කරන් පැක් එකක් වත් දාගන්න ඕන.....පැනලා ගිය එක තැරි ගැහිලා postponed උනා මිසක් යන්නෙ නෑ කිව්වෙ නෑනෙ....
කොන්ඩෙ ටිකක් වවලා දම්පාට කෙරුවා නම් මගෙ ප්‍රශ්න විසදෙන්නත් ගියා හැබැයි....පපුව චුට්ටක් පිම්බෙන්න මොනවත් කරගන්න තිබ්බා නම්...එක්සයිස් කරලා හදාගන්න කාලෙකුත් නෑ...මට ඕන ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් වගේ විනාඩි පහෙන් දහයෙන් රිසාල්ට් ගන්න පුලුවන් එකක්...එක්කො අර කානුවෙ වතුර හිර උනාම ගහන වැකුම් එක වත් අරන් දෙපැත්තට තියලා පොඩ්ඩල් තද කරගත්තා නම් පොඩ්ඩක් පිම්බිලා එන්න ගියා...
ශිහ්.....ස්කින් කෙයාරූටින් එකක් වත් පටන් ගත්තා නම්....
ස්කීපර් පප්පා එක්ක ගියාට පස්සෙ වෙන කිසිම දෙයක් නොකර මුලින්ම කරන්න ඕන යූටියුබ් චැනල් එකක් පටන් ගන්න එක...අපේ පවුලෙ උන්ම සබ්ස්ක්‍රයිබ් කෙරුවත් එතනම කීයක්ද....උදේ ඇහැරුන වෙලේ ඉදන් අවසානෙ වෙනකන් වෙන ටික වීඩියො කරලා හිත නිවෙන වොයිස් එකක් දුන්නා නම් ම්ම්ම්ම්ම්ම්ම්....
යෝහ්.....පවුලක් වෙන එකත් ලේසි නෑ...මෙච්චර නහින්නෙ ඕකා එක්ක ගිහින් බත් තම්බන්ඩනෙ.....රෙදිත් හෝදන්ඩ වෙයි....ජොකාවත් දෙයිද දන්නෙ නෑ හෝදන්ඩ කියලා...අනෙ උඹ නටපන් සමුජ්ජ....අනිත් ඒවා නම් ගලේ ගහලා හරි හෝදන්න පුලුවන් ජොකාව....ජොකාව නන් බෑ...ඇයි යකො මටත් ලැජ්ජාවක් කියන දේ තියනවනෙ....
.ඒත්...ඒත් අප්පා....මං එයා එක්ක ගියාට පස්සෙ ඔයිට වඩා හුගක් දේවල් වෙනවනෙ.....
ම්ම්ම්...පපුවත් එක්ක කිචි කැවෙනවා...අනික .....මං ඇදුම් මාරු කරන්න ඕනෙත් එයා ඉන්න කාමරේ නේද....ජෙයියනේ....ජෙයියනෙ.....
නෑ..නැ..එලියට යන්න කියනවා...උඹ නටපන් ස්කීපර් පප්පෙ....අපි නුවර මිනිස්සු...නිකන් නෙවෙ හොද නම්බුකාර රදලයො...ලින්ගික කාරිය කරන්නෙත් දරු පැංචො බිහි කරන යහපත් චේතනාවෙන් මිසක් වන්චර කමට නෙවෙ....උඹ එලියෙන් හිටපන්...හිතන් ඇති මගෙ නිරුවත දකින්න....
කන්නාඩිය ඉස්සරහා ඉදන් මගෙ කටු බොඩියෙ අඩුපාඩු ගැනත් හිත හිත තවත් බහුබූත දහසක් ජාති හිත හිට්ග උන්න මං මගෙ මූන දිහා බලාගන උන්නා...
මූන තනිකරම හෙන ගැහුව කාක්කා වගේ උනත් මොකද යට් තොල කොනක ලේ කැටිත්ත දැක්ක් ගමන් මගෙ අනතන මනත ගතිය මටත් හිතන පමාවට මගෙන් වාශ්පවෙලා ගියා...
ලේ කැටිත්තක් හිටින්න හේතු උන නිමිත්ත මතක් උනා විතරයි ඉනික්බිති මලානික පාට මූන පුරාවටම පෙම් මල් කැකුලු පිබිදුනා....!
සමුද්‍ර....මගෙ සුදු අයියෙ....
මගෙ ඇගිලි තුඩු මටත් කලින් ඉස්සර උනා.....ලේ කැටිත්ත ක් මතු උන යටි තොල පුරාවටම මගෙ ඇගිලි තුඩු එහා මෙහා යනවත් එක්ක මගෙ හදවත මුමුනපු නම තොල්පෙති අතරින් ආදරනීයව මිමිනුනා...
සමුද්‍ර ඉන්ධීවර් හැන්නදිගෙ..!
උඹගෙ නමත් හරි බරයි මගෙ සුදු අයියෙ.....මගෙ වචන තනිකරම විසි කරපු ගල් කැට වගේ...ආපිට ගන්න බෑ...ඒත්...මගෙ බොරුව ඇතුලෙ උඹව රිදවන චේතනාවක් තිබුනෙ නෑ අයියෙ ....
මං මා එක්කම මුමුනගත්තා...ඉහ රුදාවත් ඇගට දැනෙන තෙහෙට්ටු ගතියත් හන්දා තවමත් මාව අනත මනත වෙලා උන්නත් මොකද මගෙ පපුවත් මගෙ ආත්මෙත් මෙ මොහොත ඇතුලත පුදුමාකාර නිදහසක් භුක්තිවිදින ගමං උන්නා...කොටින්ම මගෙ හදවත පුරාවටම රෝස පුසුඹ පැතිර යනගමං තිබුනා...
මගෙ සීදේවි...රත්තරන් පැටියා....සුදු අයියගෙ කටින් අහපු හැම වචනයක් ගානෙම තිබුනෙ පිපිරෙන්න තරම් ආදරයක් විතරක්ම වෙනකොට අනෙ සත්තයි ඒ ඇස් මතක් වෙන වාරයක් ගානෙම මගෙ පපුවෙ වම් පැත්ත ඇදුම් කනවා...
සුදු අයියෙ....මගෙ සමුද්‍ර...මගෙ ප්‍රේම සමුද්‍රය...දෙව්ලෝකෙන් උඹව ඉල්ලන තරම් උඩ ඉන්න කෝටි තිස්තුනම දන්නවා ඇති...ඒ තරම් මං ඔය කෝට් තිස්තුනට වන්දනා කරනවා....
කොට්ටෙ උඩ තිබුන ඵෝන් එක අතට ගත්ත මං එහෙම්ම ගැලරියෙ තිබුන එයාගෙ ඵොටො එක දිහා බැලුවා...නිල්පාට ඇස් දෙක අහංකාර පාට ගත්තට මොකද උඹ ඒ ඇස්වලින් මගෙ දිහා බලන වාරයක් වාරයක් පාසාම ඒ ඇස් අස්සෙ මෙට්‍රික ටොන් ගනන් බර ආදරයක් හැන්ගිලා තිබුනා මගෙ සුදු අයියෙ....

උඹව මවනකොට දෙයියො අමතක නොකර ඒ ඇස් වලට ගැලපෙනම පාටක් දීලා...උඹ ඇවිදින් සප්ත සාගරේම ආත්මෙ වගේ සමුද්‍ර....
ඔය ඇස්වලින් කාන්දුවෙන ආදරෙ නිල් මහ මුහුදට සම කරන්නද.....නිල් අහස් තලේට සමාන කරන්නද...??
ඒ කොහොම උනත් මං මේක දන්නවා....ආදරේ ගාවදි උඹ චන්ඩවෙන් මහමුහුදත් පරාද කරනවා...ගිගුම් දිදි වහින අහසත් පරාද කරනවා....උඹගෙ නිල් ඇස් උතුරු මුහුද වෙන හැට් මං මගෙ ඇස් දෙකෙන්ම දැක්කා...මගෙ කටින් තව එකෙක්ගෙ නම කියවෙනකොට උඹගෙ ඇස් චන්ඩ වැහි වස්සන අහසත් පරාද කෙරුවා..මං බලාගන ඒ ඇස් අස්සෙ හෙන පුපුරනවා...
දන්නවද මගෙ සුදු අයියෙ....මේ සුදු චූටියටත් ඒකත් මහ මෙරක් වගේ...උඹගෙ ඇස් වලින් ඒ තරම් තරහවක් පිට කරන්න තරම් උඹගෙ ආදරෙ කොයි තරම්ද කියන්න මේඋලු ලෝකෙම තියන හැම භාශාවක්ම එකතු කෙරුවත් බැරුව ඇති....උඹගෙ ආදරෙ තනිකරම විශ්වභාශාවක් සමුද්‍ර....
මගෙ ඇස් වලට කදුලු පිරුනා...කොටින්ම ඩිස්ප්ලේ එකෙ උන්න සමුද්රව මන් මගෙ පපුවට තුරුල් කරගත්තා...සත්තයි මට දැනුනෙම පනපිටින් මං තව්තිසාව දැක්කා හා සමාන හැගීමක්.....
තත්පරයක් දෙකක් ඒ මූන දිහා බලාගන උන්න මං එහෙම්ම එයාට මොකුත්ම නොකියා මැසේජ් එකක් දැම්මා...
"සුදු අයියෙ....."
එච්චරයි මං දැම්මෙ විනාඩි පහකටත් අඩුවෙන් එයාගෙන් මට උත්තරයක් ආවා....
"මගෙ අම්බරෙ ඔහෙ නැගිට්ටයි ?"
මං හිතන්නෙ මගෙ තුන්හිතම වහන් උන්න හැම සංකාවක්ම මුහුදු හුලන් රැල්ලත් එක්ක යන්න ගියා වගේ දැනුනා.....සුදු අයියෙ කියපු මට එයා ආපිට උත්තරයක් දුන්නෙම එයාගෙ අයිතියත් එක්කම වෙනකොට මං ඒ මැසේජ් එක දහවතාවක් විතර කියෙව්ව.....ආපිට උත්තරයක් වත් යවපු නැති මං කෙරුවෙම මගෙ අම්බරෙ කියන වචන දෙක හරි බරට මගෙ පපුවෙ කොටාගත්ත එක....
මන්දා සුදු අයියෙ උඹගෙ ආදරෙ ගැන කල්පනා කරන හැමවෙලාවෙම...සමුද්‍ර කියන උඹ ගැන මතක් කරන හැම වෙලාවකම පුදුමාකාර සැනසීමක් ගේනවා.....උඹ තනිකරම මට "ගෙදර" වගේ හැගීමක් ගේනවා.....
වෙන මොකටවත් නෙවෙ අයියෙ...මේ ලෝකෙ හැම මනුස්සයටම නැති උනත් තුන් ලෝකෙන් දෙකෙන් පංගුවකගෙම සැනසීම තියෙන්නෙ " ගෙදර" කියන තැන.....
අයියෙ උඹ ආදරෙ පුරවගත්ත සාගරයක් විතරක්ම නෙවෙ.....උඹ සැනසීම පුරවගත්ත ගෙදරක් වගේ මනුස්සයෙක් සමුද්‍ර.....
බාගෙට බාගයක් හිස්වෙලා ගියපු අල්මාරියෙන් ඇදුමක් අතපත ගාලා ඇදගත්ත මන් එහෙම්ම මගෙ පොත් මේසෙන් ඉදගත්තා. .වෙන කිසිම දේකට නෙවෙ මගෙ කුලුදුල්ම ප්‍රේමවන්තයා ගැන වචනයක් මගෙ ඩයරි පිටුවක අමුනන්න.....
සමුද්‍ර....
මං හරි ආදරෙන් එයාගෙ නම ලියලා තිනුන පිටුව පෙරලුවත් ඇති අනෙ මගෙ ඇස් වලට කදුලු ආවා...
මේ මෝඩ නුවර ලබ්බා උඹට හරි ආදරෙයි මගෙ සුදු අයියෙ ...උඹ දන්නවද සමුද්‍ර මගෙ අප්පච්චි කියන්නෙම බෝසත් කුලෙ පිරිමියෙක්....මගෙ අම්මා කියන්නෙම යසෝදරා කුලෙ ගෑනියෙක්....ලේනකුලෙ ගෑනුන්ට විතරමයි සමුද්‍ර බුදුවෙන්න යන මනුස්සයා වෙනුවෙන් හැමදේම ඉවසගන පාර කපන්න පුලුවන්....මං දන්නවා මගෙ අම්මා අප්පච්චි වෙනුවෙන් හුස්ම උනත් දෙනවා...
..ඉතින් උඹම හිතපන් සුදු අයියෙ බෝසත් කුලෙ පිරිමියෙක්ගෙ ධාතුවෙනුත්...ලේනකුලෙ ගෑනියකගෙ කිරිකදුලිනුත් හැදුන මම උඹ වෙනුවෙන් මොනවා නොකරයිද?
මටත් උඹ වෙනුවෙන් මගෙ හුස්ම අතාරින එක මහ දෙයක් නෙවෙ මගෙ සුදු අයියෙ...
මගෙ ඇහි පිහාටු බර උනා....
මගෙ ඩයරි පිටුව තෙමිලා ගියා....ඇහි පිහාටුත් තෙමාගන වැටුන කදුලු බින්දුව හිස් ඩයරි පිටුව උඩට වැටිලා මගෙ දිහා බලගන ඉන්න වෙලාවල තුන් හිතම ආදරෙ කියන පූජනීයම විශය කාරනාවට පේවෙලා ගියපු සුයාමෙකදි මන් මගෙ කුලුදුල් ප්‍රේමය වෙනුවෙන් වචනයක් ලිව්ව...
සමුද්‍ර දන්නවද සුදු අයියෙ....ආදරෙ කියන්නෙම පැනිරහ කවාපු ආදරනීය කැවිල්ලකට....ඉදහිටක පැනිරහ මැද්දෙන් ලුනු රහක් එන්න පුලුවන් ...පැනි රහ වැඩි වෙලා දියවැඩියාව ආවට කාරි නෑ සුදු අයියෙ...පැනිරහ මැදින් ඉදහිටක දැනෙන ලුනු රහ නම් වැඩි වෙන්න නොදි ...
දියවැඩියාවට බොන බෙගෙත් වගේ නෙවෙ ඩිප්‍රෙශන් වලට බොන්න වෙන බෙහෙත්.....මට ඕන උඹගෙ ආදරෙන් දියවැඩියාව හදාගන උඹටත් දියවැඩියා පෙති පොවන්න .....
ඒතරම්ම මං උඹට ආදරෙයි සමුද්‍ර.....
තෙරුවන් සරනයි උඹට!
හිස්පිටුව උඩ අකුරු අහුරක් අස්සෙ හැගීම් ජීවත් කරවපු මං අනිත් පාර ඩයරිය වහලා දාල තිබ්බ තැනින්ම තියල කාමරෙන් එලියට ආවා.....
අම්මියෙ .....අම්මියෙ පුතාගෙ පින්ක් පැන්තර් සීඩි එක කෝ ....අම්මියෙ.....හ් කොඑද අප්පා දැම්මෙ...පුතාගෙ පින්ක් පැන්තර් කෝ අප්පා...පසනො පුතාගෙ පීස් එක කෝ?යෝ...නෑනෙ...මේ තිබ්බනෙ...දැන් නෑනෙ අප්පා.......අම්මියෙ ....එකක් වත් නෑනෙ.....
දන් නෑ....පින්ක් පැන්තර් ද තියෙන්නෙ....රෙස්ලින් ගහන ඒවා නැද්ද ඔහෙ ගාව.....
නෑ...පැංචා තියනවා...ඒවා ඕනෙද ඔහෙට ආ පසනෝ....
ඒවාබලන්නෙ කව්ද....අපෙ සිගිති නැන්දා ගාව ජොන්සීනගෙ පීස් තියනවා....ටම හිකෙන ගැහිල්ලක් ගහන්නෙ...ඔහෙලා ගාව ඒවා නැද්ද
ආ...ආ...පස...න්න්න්....මොනාද ඔය කියන්නෙ ආ.....තේජක මාමා කිව්වනෙ ඔව්වා කියන්නෙ නෑ කියලා...ලමයි බලනවද ඔය ගහගන්න ඒවා????
එහෙනම් මේ බලන්නෙ??
.
ඕකට කියල වැඩක් නෑ විහාරා.....මේකා මහ ඇට්ටරයෙක්...කතා කෙරුවොත් කුනුහබ්බයක්.....මැනිකෙ......
මැනිකෙ ....
.ඇ....ඈහ්හ්...අපෙ මහත්තයා.....
පුටු පුටු ගානෙ නිදා වැටෙන්නෙ නැතුව අර ඇදට ගියා නන්....
ඈ.....මක්ක කිව්වා...
පුටු පුටු ගානෙ නිදියන්නෙ නැතුව ඇදට ගියා නම්...මෙතන මදුරුවොත් කනවා නේද?
.....පස්සෙ කන්නම් වහලා තියන්ඩ,බඩගිනි නෑ
මේ අම්මන්ඩිගෙ කන් දෙක දැන් නම් හොදටම සවුත්තුයි..... .....ආ විහාරා
..අප්පච්චි
තේජක ළමයා කිව්වා නෙ ඉස්පිරිතාලෙ හොද දොස්තර මහත්තයෙක් ඉන්නවයි කියලා...ඒකට මක්කද උනේ...
ඩොක්ටර් ගලප්පත්ති අප්පච්චි ,අනිද්දා දිහාවට චැනලින් එකට ගියහම ඩේට් එකක් දම්මගන එන්නම්....
.ම්ම්ම්ම්....ඒක හොදයි...තව කල් උන්නොත් මුන්දැ මගෙත් කන් බෙරේ හිල් කරනවා...දැන් ඔය අර දරු පැටියා කෙලි පැටියෙක්ද කොලුවෙක්ද කියල බලන්නෙත් එදාටමද?
ඔව් අප්පච්චි ......
කාරි නෑ....මක්ක උනත් ආය පිට එවුන්ගෙ ද.....
ඒ උනාට අප්පච්චි ...තේජක බලාගන ඉන්නෙ දුවෙක්ට
.ආ.....ඒකට මක්ක වෙලාද...කොලුවෙක් ලැබුනත් මගෙ නම් අමනාපයක් නෑ...කෙල්ලො හදලා පරිස්සම් කරන්ඩ පුලුවන් කාලයක් නෙවෙ මේක.....කෙල්ලො නෙවෙ කොල්ලොත් එහෙමයි....දැක්කනෙ දැන් අර මහ එකා කොරාපු කඩප්පුලි ක්‍රියාවලිය...මේකට එහෙන් එනකොට වලව්වල නම්බුවත් අමතක වෙලා ඇවිල්ලා...මන් අහන්නෙ මූ බයක් හැකක් නැතුව ගියානෙ....මහ මැනිකෙගෙ බීරිය හන්දා මේක මෙයින් නැවතුනා...නැත්තන් මේකව දඩු කදෙ ගහල වත් අච්චු කොරන එක නවත්තන්නෙ නෑ.....
මේකගෙ තියන කඩප්පුලි කමට අර මදාවියටත් බහ දෙන්ඩ ගියානෙ....මූව දඩු කදෙ ගහන්ඩ ඕන තුන්වරුවක් වත්....මේකා සුලුපටු නමනින්දාවක්ද කරගත්තෙ....
විහාරා....
විහාරා.....උඹට මං මේ කියන කාරාඅ ඇහෙනවද කියාපන්....අර එහෙන් අර යක් පැටව් දෙන්නා ගේම පෙරල පෙරල මක්කද හොයනවා...උඹල කකුලුත් උඩදාගන ඕක කොට කොට ඉන්නවා.....නෛයාඩගම් තනිකොරෝම...තේජකගෙත් බුරුල වැඩී උඹට හාමු කෙනෙක් එක්ක ගියා නම් ඔයාකාර ජවුසන් නටන්ඩ වෙන්නෙ නෑ...කොහෙද ඒ මිනිහා ගෑනිවයි ලමයිවයි කරෙ තියාගන ඉන්නෙ...පිරිමියෙක් උනාම ඉන්ඩ ඕන බොල ගේම හොලවගන.....
මේන් බලාපන්...අරකා කුදලගන ගියපු බෑග් එක තවම මෙතන...ආ දෙන්කො ඒකගෙත් ඔය වෙරිය බැස්සම ....ඒකත් වඩින්ඩ එපැයිනෙ ඔය සදලුතලෙන් බිමට.....තේජක කිව්වට සැර කරන්ඩ එපාය කියලා සැර නොකර පුලුවන්ද...ඒකා මොනරවිල පරම්පරාවෙ මුනුබුරා.....වලව්කාරයො නුවර මිනිස්සු බොහොම නම්බුව ඇතුව ජීවත් වෙන එවුන්.....
විහාරා....උඹට කන් ඇහෙනවද...ඕකට විරිත්ත විරිත්ත ඉන්නෙ.....
මෙච්චර වෙලාම අනනගයව වැහිලා පන්ඩිත වදන් ලිය ලිය උන්න මන් දැනුන බඩගින්නත් අල්ලපු කස්තිරම් නටපු සලු පාලි එක්ක හෝස් ගාලා වෙරලට එන මූදු රැල්ලත් එක්ක ගහගන ගියපු මගෙ අති උත්තන මොනරවිල රදල නම්බුව බල්ලට දාලා බත් කටක් කන්ඩ කියලා පහලට එනකොට මොනර්විල උත්තමයො ආයමත් පාරක් පයර් වෙලා උන්නා...පහලට බැහැන් ආව මං හොර වගේ ආයම පඩි දෙකතුනක් රිවස් එකට උඩට නැග්ගා...
ම්හුක්...සීයත්තා තාම දෙහි කපනවා...
යෝහ්.....ආදරෙ වෙනුවෙන් රෝමියො ජුලියටාට මැරෙන්ඩ පුලුවන් නම් පුතාට පැනල යන්ඩ බැරි සීයත්තෙ...මං අහන්නෙ ඔවු....ඇයි පුතාට බැරි.....
හුජ්ජ දෙබරට නින්ද හිය එක වෙනම කතාවක්....ඒත් මං ගියෙ මගෙ අවංක ආදරෙ නාමෙන්නෙ....මගෙ අවංකබාවෙම දිවංගත මොනරුන්ට මෙව්වා එකක් නෙවෙද අප්පා.....
ඔය කිව්වට සීයත්තත් ඒකාලෙ හොරාවට දෙකතුනක් රන් කෙරුවද කව්ද දන්නෙ .....දැනුත් පොඩි මනා ලුක් එකක් නැතුවම නෙවේනෙ...හැබැයි එහෙම නැතුව ඇතිනෙ....හාමුලා කවදාවත් වෙන ගෑනු පස්සෙ යන්නෙ නෑ
...අපි නුවර මිනිස්ස්නෙ.....මොනරවිල කියන්නෙ නිකන්ද.....සීයත්තා චපලයෙක් නෙවෙ වෙන්න ඇති....ම්හුක්....ඒ උනාට දැන් ජෙනරේසන් එක වෙනස්නෙ සීයත්තෙ.....පුතාලා අප්ඩේට්නෙ...සෝසල්මීඩියා එක්ක අපිත් ඉස්සරහට යන්න එපැයිනෙ.....
ආපිට පඩි දෙකතුනක් උඩට නැග්ග මන් බිත්තියෙ ඇලීගන ඉන්න ඇටගෙම්බෙක් වගෙ බිත්තියට ඇලීගන නියපොත්තකුත් කකා සීයත්තගෙ සුමධුර ධර්ම දේශනාවට කන් දෙනගමන් සාලෙ පුරාවටම ඇස් කැරකෙව්වා විතරයි මගෙ කට ඔහෙක් වෙලා.....මෙහෙක් වෙලා ගියා....වෙන මොකටවත් නෙවෙ.....කටු ගෙදර මහා උත්කර්ෂවත් අයුරින් රාජසිංහ රජ්ජුරුවන්ගෙ ජන්ගිය ප්‍රදර්ශනෙ කරනවට වඩා අභිමානෙකින් මගෙ පාට විසි හතරෙ ජොක්කු ටික පුටු උඩ වනලා තිබ්බා.....මේක නම් කානුවගෙ වැඩක් දෙයියනෙ.....
හත් අවුරුදු කඹුරපු කාලගෝලයා දික්තලාව එක්ක දීග යනකොට කරගහගත්ත මල්ල වගේ හොරකම් කරාපු සෝක් පිගන් සෙට් එකත් එක්ක කලු බෑග් එකත් තවම හා.....යි ගාල කට ඇරන් බලාගන ඉන්නකොට මං බලාහන සීයත්තගෙ සබ්ද පූජාව ගැන මෙලෝ සිහියක් නැති අපෙ අප්පච්චි ගෙ රන්කද කකුල් දෙකත් උඩ දාගන ඵෝන් එක දිහා බලාගන විරිත්තනවා....
අනිවාර්යයෙන්ම සීලරතන හිමි ජනාදිපති උනා වගෙ හැසිරෙමු කියන ගෲපෙ වෙන ඇති....නොදරුවට මෙච්චර දෙයක් වෙලා තියනකොට ඔයා සීලෙ පස්සෙ යනවද අම්මියෙ....ඈ.....යෝහ්...වමනෙ ගිහින්ද මන්දා බඩත් දනව....
කමක් නෑ....කමක් නෑ..දඹදෙනි යුගෙ වලගම්බා ගැම්ම අරන් යන්....කමක් නෑ...සීයත්තෙ...මං ට්‍රෑල් එකක් විතරයි ඔය බැලුවෙ..ලයිසන් ගන්න කලින් ට්‍රෑල්.එක අනාගත්ත උන් කොච්චර ඉන්නවද...මං සාර්තක අයුරුන් පැනල ගිය දාට සීයත්ටගෙ ඇස් වලින් ගාමිනිලා එයි...
ආ විහාරා........විහාරා.....
අ..ආ...ඇයි අප්පච්චි ...
ඕන් ඔය ගල්බාගෙ පැත්තකට කරලා මැහුමක් ගෙතුම්ක් වත් කරපන්....උඹ මැනිකෙක් නේද.....දරුපැටියෙක් හම්බෙන්ඩ ඉන්නකොට ඕකට කොට කොට ඉදලා හරියනවද....බනපොතක් වත් කියවපන්....
..........
ආ විහාරා...දැන් අර හැදිකෙල්ල කොටහලු වෙලාලුනේ...
ඔව් අප්පච්චි ....
කොටහලු මගුල ගන්නවලුද....
ඔව් අප්පච්චි .....ඒකනෙ කාර්ඩ් එකත් දීලම ගියේ.....
කන්දෙ දෙයියොම බලාගන්ට ඕන හැදිකෙල්ලව.....ආ බන් කොටහලු මගුල් කන එක ඔබිනවද මන් අහන්නෙ...කැවිලි ඩින්ගක් හදවලා නාවලා ගෙට අරගන්න එකනෙ කොරන්න ඕන....කෙලි ලමිස්සියෙක් උනා කියලා ඕක ගමටමඅඩබෙර ගහන්ඩ ඕනද.....??
හැමෝම.අපි වගේ නෙවෙ අප්පච්චි ...අපිට ඔව්වට විරුද්ද වෙන්න බෑ.....දේශෙ හැටියට හැම දේම වෙනස්.....
අනෙ මන්දා.....මං බලාගන ලයිට් වැල් අරන් යනවා...සංගිත බෑගිරියකුත් තියයි ....ලැජ්ජහෙ බෑ...අර හැන්දා කොල්ලට කියන්ඩ ඕන ඔව්වා නාටක කියලා...
ආ...මේන් මෙයැයි නැගිටලා....කැතයා තාත්තෙ ඔහෙට දැන් මොකො.....වෙරි ඉවරද....
අම්මියෙ...මේහ්....කැතයා .....කැතයා එනවා අම්මියෙ මේ....පුතාගෙ කැතයා ...කැතයො වෙරි ඉවරද....ආයම එනවද වෙරි??
මොනාද ලමයො ඔය අහන්නෙ.....මට ඇති වෙරියක් නෑ...පිස්සු විකාරද.....වෙරි හීනෙන්ද කියවන්නෙ...පසන් ඔය ලමයට මක්කවත් විකාරයක් ඉහට ගහන් එනවද...?????
අ....නෙ.....අම්...මේ....මේ බල...කෝ...මෙයැයිගෙ නාටක....ඔහෙට වෙරි හැදිලා කියන්ඩ මෙයැයි දන්නවා...අපෙ තාත්තත් වෙරි හැදුනම ඔහොමයි හිනා වෙනවා....ඔහෙත් හිනා උනානෙ....නේ සීයත්තෙ...මෙයැයිට වෙරි හැදිලා නේ උන්නෙ....කැතයා තාත්තට වෙරි ගුට් වෙලා උන්නෙ.
පසනා....ඔය ලමයට පිස්සුද.....මොලෙ කොලොප්පම් වේගන එනවද....වැඩක් නැත්තන් කටමැද දොඩවන්නෙ නැතුව චක්කරෙ පාඩම් කරගන්නවා....අපි බොහෝම නම්බුව ඇතුව ජීවත් වෙන උඩරට මිනිස්සු....වලව් මිනිස්සු වෙරි උනා කියලා අහල තියනවද...කවදා හරි දැකලා තියනවද???පසන් මේ අපි බොහෝම වැදගත් මිනිස්සු...නුවර මිනිස්සු ඔය ජරාව කට ගාන්නෙ නෑ.....
ඔව්....මේ අද ඇහුවෙ...ඉතින් මේ ඔහෙ බිලනෙ ආවෙ...නේ ටිකිරියො...මෙයැයි පච විද්දනවා
හුම්....විද්දන්නෙ ඇයි කැතයො....?
සමනල් අහකට පලයන් උඹත්...දැක්ක වගෙ කියවන්නෙ....අම්මෙ...බඩගිනි අනෙ....සීයත්තෙ.....හ්...හායි....ට්...ටම....තව ටිකෙන් දත්කුට්ටම ගේන්න වෙනවා....!
මෙච්චර වෙලාම කලපු කක්කුට්ටා වගේ පැත්තට පැත්තට පඩිපෙල බැහැපු මං අන්තීම පඩියත් බැහැන් හීන් සීරුවෙ කුසිය දිහාවට පරිභ්‍රමණය වෙන්න ගියා විතරයි ආත්ම ගත පොදු හතුරෙක් වගෙ උන්න පසනා බෙදුම් කට්ට වගේ දෙපැත්තට වැනි වැනි ඇවිදින් මහ සද්දෙට වෙරි ඉවරද ඇහුවා විතරයි මං කකුල් අස්සෙ ගහන් උන්න මගෙ මොනරපිල් ටික සට සට ගාලා දිගෑරගත්තා...කොටින්ම අත් දෙකත් ඉනට තියාගත්ත මං පුක ඉරාගන බිත්තරෙ දාපු කිකිලි වගේ මොනර පුකත් පොඩ්ඩක් වනපු මං මට වෙරි නැති බව දිවුර දිවුරා කිව්වත් මට තාත්තා කියන මේ පඩත්තර පුත්‍ර රත්නෙ අමු අමුවටම මගෙ මොනර් පිලෙන් පිල ආපිට ගලවන්න ගත්තා.....
මං මට වෙරි නෑ කියලා කාට කාටත් පේන්නම අම්මටත් කතා කරගන එලුවො කොස් කොල දිහා බලන් ඉන්නවට වඩා ආදරෙන් මගෙ දිහා බලන් ඉන්න සීයත්තටත් හායි පාරක් දාහන යන්න හැදුවා විතරයි කානුවගෙ සෙල්ලම්බඩුවක් පෑගිලා මාව හොම්බෙන් යන්න ගියා...
ම්හුක්....මෙව්වා ගනියව්කො....හැම තැනම දාන්නෙ....සෙල්ලම් කරනව.බඩු සීසීකඩ..සමනල් ගනිම් මෙව්වා....අම්මවත් වට්ටන්නද හදන්නෙ...සීයත්තවත් වැටෙයි.....අහුලපන් අහුලලා දාපන් මෙව්ව....
පුහ්...අම්මට ඔය තරම්ම ආදරේද අම්මගෙ සුදු මහත්තයා....
අ...අම්මියෙ......
.ඔව්...අම්මට ඔය තරම්ම ආදරෙද.....
ඇයි අනේ..ඔයා ඔහොම අහන්නෙ...ඔයාට මං ආදරෙ නැද්ද ....?
අම්මට ආදරෙ ලමයි ඔය වැඩ කරන්නෙ නෑ සුදුමහත්තයා...
යෝ...අනෙ....මෙව්වා මන් ඇති කරපු දේවල් නෙවෙනෙ...අප්පච්චි නෙ අම්මෙ පුතාට පෙව්වෙ...ඔවූ...අප්පච්චි නෙ අම්මෙ...පුතා අමද්යපයිනෙ...නේ සීයත්තෙ....
.....උඹ මට සීයත්තා කියන්නෙ රෙදි ඇදන්ද??
අම්මො අනෙ ඔයාලගෙ සැර...මිනිස්සු අතින් නේන්නම් අප්පා වැරදි වෙන්නෙ...ඇරත් මං පිට මිනිහෙක් එක්ක බොන්න ගියෙ නෑනෙ හොදටම දන්න මනුස්සයෙක් එක්කනෙ පොඩ්ඩක් යොමු උනෙ....බඩත් ගිනී අනෙ....
බඩගිනි නම් අර තියෙන්නෙ බෙදාගන කන එකයි...උඹලා දැන් පවුල් වෙන්නනෙ දිව්වෙ....එතකොට අතට පයට බෙදලා දෙන්න කවුරුත් නෑනෙ...මගෙත් හුරතලෙ වැඩී ඒකනෙ ඔහොම උනෙ.....
හැමෝගෙම වෙනස් කම්.....පුදුම වෙනස් කම් තමයි මෙව්ව නම්...
සාලෙ මැදට වෙලා ඔලුවත් කහ කහ උන්න මං තවත් වැඩිදුර නාහෙන් ඇඩුවොත් වැඩෙ දෙල් වෙන බව දන්න හින්දා වටින් ගොඩින් ගේම ගහන් හීන් සීරුවෙ කුසියට ගාටලා වලදෙන් වලද ඇරලා බැලුවා.....
බත්....කරවල තෙල් දාපුවා.....ආය පරිප්පු...මැල්ලුන්....පපඩම්.....දැවිල්ල කන්න බැරි සමනලයට හදපු කරවල හොද්ද....
අම්මෙ මේ කරෝල මොනාද?
මඩු කරවල....ඇයි හාමු මහත්තයට උගුරෙන් පහලට යන්නෙ නැද්ද.....
මං නෙවෙ වචනයක් කිව්වෙ...අඩ අඩ බනිස කන පූසගෙ මූනට අන්ත මූනක් එක්ක අම්මගෙමූන දිහා බලගන උන්න මං කන්න බෑ කියන එක වචනෙන් නොකියා මූනෙන් සබ්ටයිට්ල් ටික පෙන්නුවත් ප්‍රමානවත් අවදණයක් නොදුන්න තේජකගෙ අගබිසව ගස්සගන වගේ ආයම ඵෝන් එක එබෙනකොට මන් විරිත්තගන වගෙ බත් බෙදාගන්න ගත්තා....
ම්හුක්....සුදු අයියා උන්නා නම් ....බත් කටක් කව්වගන්න තිබ්බා.....කොහෙද....කොහෙ ගිහින්ද දන්නෙ නෑ.....අප්පච්චි ත් නෑ.....ආයම ස්ටේශන් එකට ගිහින් ද මන්ද...
මොකද අතගාන්නෙ...
අ..අම්මියෙ....
බිත්තරයක් බැදලා දෙන්නද...නැත්තන් අම්මා කවන්නද.....?
.බත් එක බෙදාගත්තත් මොකද මේසෙට ඇවිදින් ඉදගත්ත මං කෙරුවෙ බත් එක අතගාපු එක මිස කටක් වත් කාපු එක නෙවෙ වෙද්දි මෙච්චර වෙලාම ගස්ස ගස්ස උන්න අම්මා මගෙ ලගට ඇවිදින් බිත්තරක් බැදලාදෙන්නද නැත්තන් අම්මා කවන්නද අහනකොට තවත් අම්මව මහන්සි කරන්න හිතක් නැති මම බත් පිගාන අම්මා දිහාවට තල්ලු කරනවත් එක්කම අම්මා මගෙ ගාව ඉදහත්තා....
කෝ ආ.....
..අප්පච්චි කෝ අම්මෙ.....
පලවෙනි කට අනලා කටට ලන් කරන තත්පරේට මං උන්නෙ වෙන ලෝකෙක....වෙන මොකටවත් නෙවෙ මට ආය ආයමත් මිනාලයව මතක් උනා.....බෝට්ටු ඇනිය උඩ නින්ද යාගන ආව මට අහම්බෙන් වගේ ඇහුන කටහඩත් එක්ක දැනුන බයත් එක්කම තිබුන අඩුම කුඩුම එක්ක බෝට්ටුව අස්සට රිංගන් හැන්ගීහන උන්න මං ඒ මහ රෑ දැක්කෙම කීයටවත් දකී කියල හිතපු මනුස්සයෙක් නොවුන මිනාලයව....
දෙයියොත් මොනවට ඒකව.මගෙ ලගටම එව්වද කියන්න දන්නෙ නෑ...එක්කො වෙන්න තියන දෙයක් මට කලින්ම පෙන්නන තියන උවමනාවට වෙන්න ඇති...හේතුව මොක උනත් මං මුලු ස්වර්ගමන්ඩලේටම පින් දෙනවා..මිනාලයා කියන්නෙ එසෙ මෙසේ එකෙක් නෙවෙ කියන්න මට පෙන්නල දුන්නට....
ඉස්කෝලෙ යන වයසෙ එකෙක් උනත් උගෙන් පිට උන කිසිම වචනයක් ලමයෙක්ට ඔරොත්තු නොදෙන තරම් සහසික උනා...කොටින්ම අප්පාගෙ හයිරම් කාරකම සල්ලි බලෙ ඌ පාවිච්චි කෙරුවෙම මහ එකාටත් අන්ත විදිහට වෙනකොට ඌගෙ කටින් මගෙ සුදු අයියගෙ නම පිටවෙන වාරයක් වාරයක් පාසාම මාව ගිනිගන්න ගත්තා.....
.නෑ...න...උඹ හදන්නෙ ඉල්ලන් කන්න මිනාල්.....මගෙ අප්පච්චි ඉන්නකන් උඹට ඔය මොකුත් කරන්න් වෙන්නෙ නෑ....ඇරත් උඹ මාව ලන්කරගන්න හදන්නෙත් උඹගෙ මහ එකාට ඕන ජඩවැඩක් කරගන්නලේසි වෙන්න ...බලන් ඉදින් ...බලන් ඉදින්කො
සුදුමහත්තයා...සුදු මහත්තයා...
අ..ආ...
මොනවද ලමයො කල්පනා කරන්නෙ.....කෝ ආ ගාන්න....
මට කන්න බෑ අම්මෙ....අප්පච්චි කෝ ස්ටේශන් එකට ගියාද?
ඔව්.....කන්නබැ කියන්නෙ....හිස් බඩ ඉදලා තව ලෙඩක් හදාගන්නද....
පිරියක් නෑ කන්න බෑ.....
ඔහෙට කන්ඩ බෑ නම් බිත්තරයක් බැදාදෙන්ඩද...ඈ තාත්තෙ.....අපෙ තාත්තත් පසනා කන්ඩ බෑ කිව්වම පසනට බිත්තර බැදා දෙනවනෙ...
මෙච්චර වෙලාම පසනත් එක්කත් එල්ලෙන්න ගියපු මගෙ මූනෙ සතුට පිරුන හිනාවකට වඩා දුක එකතු උන හිනාවක් ඇදිලා හරි ඉක්මනට අතුරුදහන් උනා....වෙන මොකටවත් නෙවෙ සමනල් එක්ක නටලා නටලා තිබහවක් අල්ලලා වතුර එකක් බොන්න ආව පසනා කියපු කතාව හන්දා.....ඌ මටත් තාත්තා කියනවා....ඒත් මට නෙවෙ අහිතක් දැනුනෙ.....කැතයා තාත්තා කිව්වත් මට නෙවෙ ඌට එපා එහෙම කියන්න කියල කියන්න හිතුනෙ...පසනටත් කන්න බැරි උනහම තාත්තා බිත්තරක් බැදලා දෙනවනෙ කියනවත් එක්කම් මට මගෙ සමුද්‍ර නැතුව පුදුමාකාර පාලුවක් දැනුනා.....කන එක පැත්තක දාපු මං අනිත්පාර පුටුවෙන් නැගිට්ටා...
සුදුමහත්තයා...කොහෙද යන්නෙ...
කන්න බෑ අම්මෙ...
කන්න බෑ කියන්නෙ....නොකා කොහොමද ළමයො කො ආගන්න....මෙ මනුස්සයා මොනවා කරනවද මන්දා...මගෙලමයට ජරාව පොවලා...සුදුමහත්තයා...
.
"ආ කැතයො....ජරාව බොන්ඩ එපා කැතයො.....ජරාව බොන්ඩ එපා කැතයෝ....."
මන් නෙවෙ නැවතුනෙ.....අම්මා පිට පිටම මට කතා කෙරුවත් ඒ වචනයක් වත් කන් නොගත්ත මං එලියට බැහලා එන්න එනවත් එක්කම මං අහගන සුසංගතා මැරෙන්ඩ හදනවා ...ඒත් මං නෙවෙ ඒකට සැර උනෙ...
මං එලියට ආවා....ගෙයින් එලියට ආව කකුලට බාටා දෙකක් වත් නැතුවම ගේට්ටුවෙනුත් එලියට ආවා....
මාලු ලෑලි ආයම හිස්වෙලා ගිහිල්ලා....උදේ ඉදන් පිලිහිඩි නාගන උන්න මාලු ලෑලි ආයම පාලුවට ගිහින්....ඉදහිටක වහන කාක්කෙක් බල්ලෙක් ඇරුනම ඒ මාලු ලෑලිවල තනිකම රකින්න උන්නෙ පිලිහිඩි සුවද විතරක්ම වෙද්දි මන් ඔහේ මහපාර දිහා බලාගන උන්නා....
"සුදු අයියෙ....ඔයා ගෙදරද?සුදු චූටියා ඔහෙ එන්නද?"
ඒත් මගෙ අම්බරෙ කියල එක තත්පරෙන්මැසේජ් එකක් එවපු එයාගෙ ඵෝන් එක මේවෙනකොට ඩේටා ඕෆ් වෙලා තිබ්බා...
..සුදු අයියෙ ඔයා කොහෙද.....?
අයියෙ ඔයා අයිස් ගහන තැනද.....
සුදු අයියෙ ඔයා බෝට්ටුව ගාවද....?
අයියෙ මට කෝල් එකක් ගන්නකො...
"ඔබ ඇමතු ඩයලොග් දුරකතනය ක්‍රියා විරහිත කර හෝ ආවරන කලාපයෙන් බැහැරව ඇත...කරුනාකර පසුව අමතන්න"
..දාන්න පුලුවන් හැම විදිහටම මං මැසේජ් දාල බැරිම එයාට කෝල් එකක් ගත්ත මගෙ උගුර කටත් එක්ක වේලිලා ගියා.....එයාගෙ ඵෝන් එක ඕෆ්.....සයුරියගෙ කොටහලු මගුල ජයටම කන්න හැන්න දිගේ ගෙදරම තනිකරම ලයිට් වැල් වලින් සරසනකොට මන් බලාගන කේටරින් සර්විස් එකෙ ලොරියක් එක්ක සුදුපාට හට් පටාගත්ත ලොරියකුත් එයාලගෙ ගෙවල් දිහාවට හරවනවා....
සුදු අයියෙ ඵෝන් එකත් ඕෆ් කරන් උඹ කොහෙද ගියෙ.....එක්කො උඹට ඊයෙ වගේ ආයම නින්ද ගියාද...
කොච්චර කෝල් කෙරුවට් මට ලැබුනෙ එකම උත්තරෙ වෙනකොට බැරිම තැන මං එහෙම්ම එයාගෙ ගෙදරට ගියා....
සිගිති ඔහෙ අත්ත්තමා එක්ක ඕක අහවර කරලා කෙල්ලෙගෙ මාලෙ ගේන්ඩ යනවයි ....
ඒක සමුද්රයා ගේනවා කිව්වා ...
කෝ ඒකා...මෙච්චර වැඩ තියගන අදත් බෝට්ටු පස්සෙ ගිහින්ද?
.
සිතිජයා .....ලයිට් වලට තව පනහක් ඕන කිව්වා හරිය ....හදිසියෙවත් කරන්ට් එක කැපුවොත් කියලා ජෙනියකුත් මේ එක්කම බස්සමු හරිය....
මහ එකාගෙන් අහපන් බෝතල් කේස් කීයක් දානවද කියල?
හැන්නදිගේ ගෙදර එකම සෙනග විමානයයි...කොටහලු මගුල මගුලට අන්ත මගුලක් වෙනකොට මන්බලාගන වෙනදට මාලු මන්න එක්ක ඔට්ටු වෙන සිගිතියට අද මන්නයක් අතට ගන්ඩ වෙලා නැතිව ගිහින් තිබ්බා....ලයිට් අමුනන එවුන් ලයිට් අමුනනවා.....හට් ගහන ඒඋන් හට් ගහනවා..කුසිය පැත්තෙ එකම යුද්දෙ.....කොටින්ම මගුලකට වගේ කොටහලුවටත් ගෲප් එකක් ගහන්ඩ ස්ටේජ් එකක් පවා ගහලා තියනකොට මං බලාගන මගෙ සුදු අයියගෙ අයියත් එහා මෙහා වෙවි අරක කරපන් මේක කරපන් ගානවා...
ස්.....ස්තිජ.....අයියෙ.....
මට බයක් දැනුනා...සුදු අයියා එක්ක කොහොම මොනවා කියාගත්තා උනත්....දවසක් එක වලදෙ කෑවා උනත් හිතෙ තියන දේවල් මදිවට සුදු අයියගෙ ඵෝන් එකත් වැඩ නැති වෙද්දි මම එයාගෙ අයියා ගාවට ගිහින් ඇහෙන නෑහෙන ගානට එයාට කතා කෙරුවත් මගෙ කටහඩට එයාට ඇහෙන්නෙ නැතිව ගියා....මටත් වඩා හයියෙන් එයා ගාවට ආව තව එකෙක් කතා කෙරුවා....
..සිතිජ අයියා...මේන් සරම් ටික එවලා....ස්කීපර් අයියා හැදෙව්වෙ....ආය එලම කිරියට තියනවා නේ........ඔහෙත් බලලා අඩුවක් තියනවා නම් කියන්ඩ ....ආය කට උඩ තියාගන අරක අවුල් මේක අවුල් කියන්ඩ බෑ හරිය...
ඕන් නෑ...අපෙ එක නම්තේරුවෙ මේක මන් බලන්ඩ දෙයක් නෑ....හතරක් අපෙ අහට දාපන්....ඔතන පොඩි සරමක් නැද්ද?
පොඩි එකක්.....පොඩි එක කිව්වෙ සිතිජ අයියා.....
.අපෙ පසනට ....පොඩි එකා කොල්ලට සරමක් හදන්ඩ කිව්වෙ නැද්ද?ඕකා මැරෙයි සරම තිබුන් නැත්තන්....
පොඩි එකක්....පොඩි...එකක්...මෙතන නම් නෑ....
එහෙනම් එකක් හදවපන් ...ඉන්ඩ නෙවෙ ආය හරිය.....
මන් බලාගන උන්නා.....සුදු අයියගෙ අයියා ගාවට ආව කොල්ලා එයාට සරම් වගයක් පෙන්නනවා.....තනිම සුදු සරමෙ යටින් නිල්පාට බෝඩරයක් ගියපු සරමක්...පැත්තක ලොකු මොනරපිහාට්ටක් එක්ක තවත් මොන මොනවදො ගොඩක් ආව සරමක්....පොසොන් කාවඩියෙ සරම!
එයාගෙ අයියා පසනට සරමක් අහනවා....පොඩි එකා සරම හදන්න දුන්නෙ නැද්ද අහ අහ මගෙ සමුද්රව මතක් කරනකොට තවත් නම් බලන් ඉන්න බැහැයි කියලා හිතුන මන් අනිත් පාර එයාගෙ අයියා ගාවට ගිහින් අතට තට්ටුවක් දැම්මා....
අයියෙ....කෝ සුදු අයියා....?
අම්මට සිරි සුදු චූටියා...සුදු අයියා...ඌ ගෙදර නෑ චූටියා මාත් ඉන්නෙ මේ එයැයි ඒනකන් යි අඩා මෙච්චර වැඩ තියෙද්දි මූ මගුලෙ ගිහින්ද....ඵෝන් එකත් වහගන...
*
*
*
සුදු මහත්තයා....අප්පච්චි ට අරන් බලපන් සිහත් තව පාරක්....වෙලාව දොලහටත් ලගයි....මේ මනුස්සයා තවම නෑ...
මං ගත්තා අම්මෙ....ගත්තා.....ගන්න ඕන ඔක්කොටම ගත්තා.....මගෙ සමුද්‍රගෙ ඵෝන් එක වැඩකරන්නෙත් නෑ අම්මෙ...ලියනගේ අංකල්ගෙත් නෑ....කිරියත් දැන් අරන් බැලුවලු...සුකුමලත් ගත්තලු...ඒත් වැඩ නෑ අම්මෙ.....කීයෙ ඉදන්ද ගන්නෙ.....එක්කො ....එක්කො මන් කිරියා එක්ක ස්ටේශන් එකට යන්නද අම්මෙ?
ගිහින් බැනුම් අහන්නද.....අප්පච්චි කියලා ගියෙ එන්න රෑ වෙයි කියලා.....සුදු මහත්තයා ගිහින් නිදාගන්න හෙට ඉස්කෝලෙ යන්නත් ඕනා නේද.....
..ඒ අස්සෙ මේ මෝඩ මූසලයත් ඉවරයක් නැතුව මැසේජ් දානවා....මූ නම් වැරදිලා සංසේචනෙ උන එකෙක්ද මන්දා.....
මොකාද සුදුමහත්තයා.....
මිනාලයා.....මුගෙන් පුදුම් වදයක් හුත්තිගෙ පුතා.....
බ්ලොක් කරපන් ඔය හුත්තිගෙ පුතාව ....ඕකට දෙන්ඩ ලමයි නෑ.....
අම්මා කිව්වත් වගෙ වෙලාව දොලහටත් කිට්ටුයි....ඒත් තවමත් මගෙ සුදු අයියගෙ වත් අප්පච්චිගෙවත් ලියනගෙ ගේ අන්කල්ගෙවත් ඵෝන් වැඩ කෙරුවෙ නැතිවෙද්දි මාත් අම්මත් ඇස් ගෙවාගන අප්පච්චි දැන් එයි.... දැනෙයි කිය කිය බලාගන උන්නා.....
අනෙ අප්පච්චි....උඹලා කොහෙද අප්පච්චි ගියෙ....උඹලා කෝ සුදු අයියෙ....උඹලා කෝ දෙයියනෙ....අඑ උඹලට මොකුත් වෙන්න නම් එපා අප්පච්චි .....මාව මැරෙයි අප්පච්චි අනෙ මාව මැරෙයි........
.තතපර විනාඩි වෙනවා විනාඩි පැය වෙනවා.....ඒත් මෙ වෙනකනුත් මගෙ අප්පච්චි ලා නැති වෙනකොට මට දැනුනෙ මන් එල්ලුම් ගහ ඉස්සරහා හිටන් ඉන්න මනුස්සයෙක් ගානට වෙනකොට දරාගන බලාගන ඉදලා බැරිම තැන මගෙ ඇස් අඩන්න ගත්තා....ආය ආයම පරන තුවාල පෑරෙනකොට මගෙ පන යන්න ආවා
එ එක්කම මගෙ අතෙ තිබුන ඵෝන් එක වයිබ්රේට් උනා....
වෙන කවුරුත් නෙවෙ මගෙ රත්තරන් අප්පච්චි ගෙ නම්බරෙ
හ් ...හ්... හෙලො...අ....අප්...අප්පච්චි ........
අ...අන්....අ...අනෙ...අප්....පච්චි....ක්...කොහෙද...
සුදු මහත්තයා ....අම්මට සිරි බොසා අඩනවා...සුදුමහත්තයා....අප්පච්චි මග පුතේ...උඹ අඩනවද...????හිටපන් හිටපන් උඹගෙ අයිතිකාරයා ඉන්නවා මෙතන....සුදුපුතා...
මාමෙ.....
දෑවැද්ද අඩනවා ඉදා නලවපන්
සීදේවී...
අ.....අනෙ...සුදු...ස්....ස්....ස්.....
සුදු චූටි ඔහෙ අඩනවයි...ඇයි අම්බරෙ අඩන්නෙ?සුදු අයියාමග සීදේවි...
🥲🥲❤️❤️❤️❤️❤️ ලබ් යූ.....හර්තේහ්හ්....