Cherreads

Chapter 4 - 04

රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද

අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම

වැව පාමුල ඉදගන මං

හැඩුවෙ දුකට රත්තරන්...

ඇහෙන නෑහෙන ගානට කාර් එක ඇතුලෙ ඇහෙන සිංදුව චාමර වීරසිංහගෙ කටහඩ එක්ක මාව ආයම අතීතෙට අරන් ගියා....හැම අවුරුද්දක්ම හිනාවෙලා ඉවර කරපු මම මේ අවුරුද්ද ඉවර කරන්න යන්නෙ වැටෙන්න පුලුවන් උපරිම වැටිලා වෙනකොට අවසානම පාරට ඒ මුන බලන්න හිතාගන වෙනකොට මම ඔහේ ඩ්‍රයිව් කෙරුවා .....

සතුටු වෙන්නද....දුක් වෙන්නද.....

මගෙ හිත මගෙන්ම අහනවා.....අඩන්නද හිනා වෙන්නද....ඒ හිත මගෙන්ම අහනවා.....

ඉතින්.....මම සීයට දහයක් සතුටු උනා මගෙ මැනිකව ආයම දකින එකට.....සීයට අනුවක් දුක් උනා මගෙ මැනික කිව්වට දැන් එයා මගෙ නෙවෙ කියන එක මතක් වෙනකොට ...

වේදනයි..පපුව පැලෙන්න තරමට....

මිනිස්සු අසරනයි..බැදීම් ගාව...හැගීම් ගාව නම් කියන්න බැරි තරම් අසරනයි....සිය ගානක් මට කිව්වා උනත් දැන් හිත හදාගනින්..දැන් හිත හදාගනින් කියලා ....මනුස්සයෙක් වෙච්ච මම කොහොමද දෙවියනේ හිත හදාගන්නෙ.....බුදුවෙන්න ගිය සිදුහත්වම අමතක කරගන්න බැරිව යශෝදරාවගෙ පපුව පැලෙන්න ආවා නම්...කෙලෙස් පිරුන මම එක බැදීමක් ගාව මේ තරම් නැහෙන එක ගැන අහන්න දෙයක් තියනවද...

මට එයාව අමතක කරන්න ඕනෙ...ඒඋනත්...හිතේ තියන අවසානම වේදනාවෙ අංශුව පවා හදවතින් එලියට එනම්ම ඇඩුවට පස්සෙ ...කරපු අදරයක් කවදාවත් ලේසියෙන් මරන්න බැරි උනත් යන්න දෙනව කිය කිය මම අන්සතු එයාට තවමත්..මේ මොහොත වෙනකනුත් ආදරේ කරනවා...මිනිස්සු මට බනීවි...පිස්සු කියාවී...ඒත් ...ඇත්තටම ආදරේ විදපු කෙනෙක ඇර...කවදාවත් බොරුවට ආදරේ කරපු කෙනෙක් විරහෙවෙ වෙව්දනාව දන්නෙ නෑ....

විරහ වේදනාව ඇත්තටම විදින්න නම්...ඇත්තටම ආදරේ කරන්න ඔනෙ...

නුවර අහසට හද පායලා .....අවුරුදු කාන් මිනිස්සු තවමත් හිනාවෙනකොට කනකොට බොනකොට මුලු නුවරම එකම සැනකෙලියක් වෙලා තිබුන ...වලව්වට අවුරුදු තිබුනා..හැබැයි...හරීම සාම්ප්‍රාදායික අවුරුද්දක්...හිතේ හැටියට හැගීම් එලියට දාලා සතුටු උන අවුරුද්දක් නොවෙනකොට මේ වෙනකොට වල්ව්වෙ මිනිස්සු හැමෝම.අර ඉස්තෝප්පුවෙ ඉදන් කාටහරි බනිනව ඇති...එක්කො මට බනිනවා ඇති....මගෙ කෙල්ලට වැහි නැති හෙන ඉල්ලනව ඇති...ඒ උනත් අත්තම්මා දන්නෙ නැතිව ඇති එයාලා ඉල්ලපු හෙන වැදුනෙ මගෙ කෙල්ලට නෙවෙ මට කියලා...

සාක්කුවෙ තිබුන ඵෝන් එක වයිබ්‍රේට් වෙනකොට මම අත දාලා අරගත්තා ...මැසේජ් එකක්.....

"සුදු අයියෙ ඔයා කොහෙද ....?"

ඒ එයා .....නිතේශ් කියන එක කටේ බලේට කිව්වට ඇගිලි තුඩු වලින් එලියට එන්නෙ හිතේ හැගීම් වෙනකොට එයා මට සුදු අයියෙ කියලා තිබුනා.....ඉතින් එයාටම හිත හදා ගන්න බැරි කොට මග නැවතුන මම කොහෙ හදා ගන්නද....

"මට විනාඩියක් දෙන්න මැනික...මග...."

තනි අතින් කොටපු මැසේජ් එක එයාට යවපු මම වැව රවුම ගාවදි කාර් එක දාගන්න තැනක් හෙව්වා...අව්පූටකේට කවුරුත් නැති උනත් ගොම්මන පහුවෙනකොට දළදාව වදින්න ආව මිනිස්සුන්ගෙන් නුවර වීදිය පිරිලා යනකොට මම කාර් එක පාර්ක් කරලා එන්න ආවා.....

මං ආවා..ඔයා කොහෙද ....

මම ආයම මැසේජ් එකක් යැව්වා වගේම තත්පරයක් යන්නත් කලින් රිප්ලයි එක ආවා.....

අපි හැමදාම වරු ගනන් හීන මවපු තැන.....

ඒ.එයාගෙ මැසෙජ් එක.....වචන වලට පුලුවන් හිත් අවුලන්න වෙනකොට මම ඵෝන් එක සාක්කුවෙ දාන් යනකොට එයා වැව රවුමෙ බෙංච් එකෙ ඉදන් උන්නා.....

දැක්ක පලවෙනිම තත්පරේම මට තද කරලා තුරුල් කර ගන්න හිතුනා උනත් මගෙ කකුල් දෙක එක තැනක නැවතුනා..."එයා මගෙ නෙවෙ" ඒ සිතුවිල්ල මගෙ කන් අඩි පැලෙන්න අතුල් පාරක් ගහනකොට දුක වේදනාව දරාගන අනුන්ගෙ උන මගෙ මැනික ගාවට ගිහින් මම හිටගත්තා ...

සෙනු.....

ඒ මගෙ කටින් ආව පලවෙනි වචනෙ වෙනකොට බිම බලන් උන්න කෙල්ල ඔලුව උස්සලා බැලුවා විතරයි ඒකිගෙ ඇස් දෙකෙන් කදුලු වැලක් පහලටආවා....

ඇයි මැනික අඩන්නෙ....

සුදු...අයියෙ...ඇයි...අයියෙ..මේ....උඹ...

පිස්සෙක් වගේ....වෙනදට...උඹ මෙහෙමද..මාව බලන්න එන්නෙ....

උඹ නැතිව මම පිස්සෙක් වෙනවා දැන දැනම නම්...උන් අපිට මෙහෙම කෙරුවෙ...මට මේ පිස්සුවෙන්ම ඉම්ම දීපන් සෙනු....

අනේ..අයියෙ...එහෙම කියන්නෙ ඇයි ...

එහෙම නොකියා මම මොනව කියන්නද මැනික.....උන්ට මගෙ ආදරේ විහිලුවක් වෙනකොට මට මාවම දැන් විහිලුවක් වෙලා ඉවරයු සෙනු....අඩන්න එපා මැනික....මට උඹ අඩනවා බලන්න අමාරුයි ....

ඇදි වත පිටින් ආව මගෙ කොන්ඩෙ තවමත් පිස්සෙක් වගේ තියනකොට උදේ ඉදලා කම්මුල් පාරවල් වැදුන කම්මුල් තඩිස්සි වෙලා වගේම අඩලා තිබුන ඇස් හීනි වෙලා තිබ්බා.....

එයා අඩ අඩම මගෙ කොන්ඩෙ හදනකොට මගෙ හිත ආයමත් අතීතටෙ එකතු උන ඒ මතක අස්සට දිව්වා ....එයා ඉස්සර ඉදම්ම එහෙමයි...එයා ඇගිලි තුඩුවලින් ඉස්සිගන මගෙ කොන්ඩෙ හදනකොට මම ඒ ඇස් දිහා බලන් උන්නා...එ ඇස්වල තිබ්බ දිලිසෙන ගතිය මැරිලා තිබුනා....ඒකි මට සතුටින් ඉන්නලු පුලුවන් තරම් අඩ අඩ....අපි කාවද මේ රවට්ටන්නෙ...

සුදු අයියේ...

කියන්න මැනික....

අවසානෙදි පිස්සෙක් වගේ උන්න මාව ආයම පිලිවල කරපු එයා බෙංච් එකේ ඉදගන්නකොට මම එයා මගෙ නෙවෙ කියන පපුව පාරවන යතාර්තෙ මතක් කරන් එයාගෙන් ඈත් වෙලා ඉදගන්නකොට ඒ මූන මැලවිලා තිබුන වගේම ඒ ඇස් නුවර වැවෙ වලාකුලුබැම්මටත් එහායින් ගිහින් තිබ්බා.....

සෙනූ.....

මං ඒ අත උඩින් අත තිබ්බා....

කියන්න අයියෙ....

අවසානම පැයට විතරක් මට කලින් උන්න සුදු අයියා වගෙ උඹව තුරුල් කරගන ඉන්න දෙනවද...

දෙන්නම්.....

මලානික වෙච්ච කටහඩත් එක්ක එයා මගෙ මූන දිහා බලන කොට මම එයාව ඉන ගාවින් අත දාලා මහෙ ගාවට ඇදලා ගන්නකොට එයා පුරුදු විදිහටම මගෙ උරහිස උඩ ඔලුව ගැහුවා...මට සමාවෙන්න බුදුහාමුදුරුවනේ මම කන්නෙ තහනම් ගහක ගෙඩි උනත්...හිත හදාගන යන්නම යන්න...ඒ සුවද විතරක් හිතේ තියාගන්න ඉඩ දෙන්න.....

දළදාව දිහා බලපු මම හිතින් සමාව ඉලනකොට අපේ අත් එකට පැටලුනා .....

සුදු අයියෙ.....

කියන්න මැනික ....අහන් ඉන්නෙ.....

උරහිස උඩ මූන ගහන් උන්න එයා මගෙ දිහා හැරිලා මගෙ මූන අත් දෙකෙම්ම අල්ල ගත්තා ....එ අත සිනිදුයි.....

මට පොරොන්දු වෙන්න....සුදු අයියෙ ..නාස්ති වෙන්නෙ නෑ කියලා .....මං නැති උනා කියලා උඹ නාස්ති වෙන්නෙ නෑ කියලා පොරොන්දු වෙයන් රත්තරන් ....උඹයි මායි මෙතන ඉදන් වරු ගානක් හීන මැව්වා...කවදාවත් ඉදුල් නොකර උඹ මට තාත්තෙක් වගේ ආදරෙ දුන්නා....එහෙම කරපු උඹ නාස්ති උනොත්...කාටවත් නෙවෙ...මගෙ පපුව පැලේවි රත්තරන් .....

මොන කරුමෙට හරි...නුවර මැනිකෙට මාව වහ කදුරු උනාට මම දුක උහුලන් උන්නා.....කෑලි වලට කපලා ගගේ මුදෙ දැම්මත් තොට දෙන්නෙ නෑ කියන වචන මාව අසරන කෙරුවා ...මං උඹට ආදරේ කෙරුවෙ බොරුවට නෙවෙ මගෙ අයියෙ...සල්ලි වලටත් නෙවෙ...රූපෙටත් නෙවෙ.....ඒ උනත්...දැන් උඹේ මැනිකට වගේම මගෙ සුදු අයියට වෙන පාරක යන්න වෙලා.....

මිනිස්සු මැරුනට ආදරෙ මැරෙන්නෙ නෑ අයියෙ ..එහෙමයි කියලා ..මාව ඔය හිතින් එලියට නොදා උන්නොත්....මගෙ පන උඹට කවදාවත් තව කෙනෙක්ට ආදරේ කරන්න බැරි වේවි...

මං වෙස්සන්තර නෙවෙ නිතේශ් උඹව දන් දෙන්න...ඒඋනත් ....හිමි වෙන තැන වගේම...අහිමි වෙන තැනත් ආදරේ තියනව නේද මගෙ අයියෙ .....

ඒ ඇස්වලින් වැටෙන කදුලු කම්මුල් හෝදන් පහලට වැටෙනකොට හැම තැනකදිම මගෙ ගාව උන්න කෙල්ල ඒකිගෙ හිතේ වේදනාව හංගන් මට ඒකිව අමතක කරල ජීවත් වෙන්න කිය කිය අත් දෙක එකතු කරලා වැන්දා....මාව පිස්සෙක් වෙන්න දෙන්න එපා කියලා මගෙ ඉස්සරහා අත් දෙක එකතු කරලා වැන්දා....

මම අත් එකතු කරලා වදින්නම් නිතේශ් .....උඹ තරම් මට ආදරේ කරපු කෙනෙක් ආය කවදාවත් හම්බ නොවේවි....ඒත්...මං හින්දා උඹවම නැති කරගන්න එපා.....

සෙනූ...අඩන්න එපා මැනික.....අඩන්න එපා.....උඹ ඔහොම අඩනකොට මම ඉවසන්නෙ කොහොමද ...මං පොරොන්දු වෙනවා..

මට පොරොන්දු වෙන්න මගෙ අයියේ...දළදා හාමුදුරුවො පල්ලයි කියලා පොරොන්දු වෙයන් රත්තරන් ....මාව අමතක කරල උඹට ආදරෙ කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා කියලා ..උඹ සතුටින් නම්...මට මැරුනත් සැපක් නිතේශ් ...

අඩපු එය මගෙ අත අරන් එයාගෙ ඔලුව උඩ තියාගන දළදා හාමුදුරුවො පල්ලයි එයාව අමතක කරලා සතුටින් ඉන්නවා කියලා පොරොන්දු වෙන්න කියනකොට ආදරෙ පිරුන ගෙදරක ජිවත් වෙන්න වරු ගානක් හීන දැකපු වැව රවුමෙ අපේම බංකුවෙ ඉදන් මම දළදා හාමුදුරුවො පල්ලයි කියලා පොරොන්දු දෙනකොට ඒකි අඩාගන මගෙ පපුව මැද ඔලුව ගහගත්තා ...

"දලදා හාමුදුරුවො පල්ලයි මගෙ මැනික...උඹේ සුදු අයියා උඹව අමතක කරනවා...මගෙ මැනික...උඹේ උඹේ පාරෙ පලයන්...මං...මගේ ...පා...රෙ...යන්...නම්...."

අන්සතු ඔබ වෙත මගෙ හිත බැදිලා

ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා...

සම්මතයෙන් පිට

ප්‍රේමෙක වෙලිලා

මගහැර යන්නට

බැරි ලෙස බැදිලා ...

ඒ කදුලු වලට මගෙ ටීශර්ට් එක තෙමනකොට මම එයාට මගෙ ගාව කෑ ගහලා අඩන්න දුන්නා.....ඉකිගහනවා වගෙම දුක කිය කිය හිතේ ඉපදුන ආදරේ මරාගන්න අපි දෙන්නම දුක් විදිනකොට මම කෙල්ලව.කෙලින් කරන් ඒ උරහිස් වලින් අල්ලගත්තා .....

මගෙ මැනික....මං උඹට පොරොන්දු දුන්නා.....ඉතින්....තවත් අඩන්නෙ නැතිව නාඩා ඉදින් රත්තරන් ....මෙච්චර දවසක් කරපු ආදරේ අදින් සදහටම ඉවර වෙයි....සෙනූ....මේ අහන්න පන....කවදාවත් උඹට නැති උන මාව ඒ මිනිහගෙන් හොයන්න එපා....උඹ උඹන වෙලා...එයාට එයාම වෙන්න දීලා ආදරේ කරපන් මගෙ සෙනූ.....

මෙච්චර දවසක් සම්මත උන බැදීම දැන් අසම්මතයි...ඒත්...රත්තරන් උඹට හිත හදාගන ජීවත් වෙන්නම වෙනවා....උඹගෙ නොවුන මට උඹ මෙච්චර ආදරේ දුන්නා නම්...උඹගෙ උන එයාට උඹ කොහොම ආදරෙ කරන්න ඕනෙද සෙනු...ම්

සුදු අයියේ.....

මං දන්නවා ....ඒත් ...අපි නවතින්නම ඕනෙ ....මට අතාරින්න ලෝභයි....ඒ උනත්....උඹ මගෙ නෙවෙ මැනික...

අඩන කෙල්ලගෙ කදුලු පිහපු මං ඒකිට මාව තුරුල් කරගන්න දීලා උහුලන්න බැරි අමාරුම විරහව විදින ගමන් උන්නා ....මෙච්චර දවස් මගෙ සෙනූ...මගෙ මැනික කියලා කතා කරපු එයා.දැන් වෙන කෙනෙක්ගෙ කියන යතාර්තෙ එක්ක මම අමාරුවෙන් හරි හිත හදා ගන්න බැලුවා....

වම් අතෙ තිබුන මගුල් මුදුව එයා මගෙ නෙවෙ කියන එක ආය ආයම මතක් කරනකොට දළදා හාමුදුරුවො පල්ලයි කියලා පොරොන්දු උනත් මට හිතුනා නුවර වැවට පැනලා මැරිලා යන්න....

උන් මාව අමු අමුවෙම මරා ගත්තා හාමුදුරුවනේ කියලා කෑ ගහලා අඩන්න හිතුනා....අඩන එයාගෙ උරහිස් ගැස්සෙනකොට මම එකිගෙ වේදනාවත් දරා ගන්න හැදුවා.....කොච්චර කොහොම කිව්වා උනත් තදින් බැදුන අත් දෙකක් ගැලවෙනකොට ඒ වේදනාව දන්නෙ ගලවපු කෙනාට වඩා ගැලඋන කෙනා වෙනකොට අත්තම්මගෙ වස් වැදුන අපි දෙන්නම අනුහස් පිරුන නුවර අහස යට් ඉදන් ආදරේ මරලා දාන්න හීල්ලුවා...

අපින්දෙන්නා මවපු හීන ගැන දන්නෙ අපි දෙන්න එක්ක උඩ ඉන්න දෙවියො වෙනකොට අවසනෙදි මගෙම ආදරේ මගෙ නොවෙච්ච මගෙම ආදරෙ කරලා පටන් ගත්තු තැන ඉදන්ම පන අදින ආදරේ මරලා දැම්මා....

ඉකිගසා හඩන.....අතීතයක

කදුළු එක්ක ගනුදෙනු කරනා...

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා.....

මවපු හැම හීනෙම අවසානෙදි අතීතෙට එකතු වෙලා එයා මගෙන් ඈත් උනා.....ඈත් උන් නෑ...උන් අපිව ඈත් කෙරුවා...පිරිමි පපුව ඇතුලෙ විරහා වේදනාව අහස උසට තියනකොට මම එයාගෙ ඔලුව අත ගෑව....

සුදු අයියෙ...මාත් එක්ක මෙතන ඉදන් මවපු හීන...එයත් එක්ක හැබෑ කරගන්න.....ඒත්....දෙයක්..කියන්නම්...

රත්තරන් ...මට උන දේ..නම්....ඒ කෙනාට වෙන්න දෙන්න එපා....උඹව දාලා යන්න හැදුවට...උඹේ මැනික නොමැරි මැරෙනවා.....ඇයි මගෙ අයියෙ වලව්වෙ මැනිකෙට මගෙ කුලේ පෙනිලා...මගෙ ආදරෙ නොපෙනුනේ.....මට කියපන් රත්තරන් ...උඹත් එක්ක මාල හත දාලා නගින්න උන්න පෝරුවට වෙන කෙනෙක් එක්ක නගින්න උනහම මම කොහොමද දරා ගත්තෙ කියලා ...

මෙතනට ඇවිත් උඹත් එක්ක මවපු හැම දේම මම එයත් එක්ක හැබෑ කරගන්න හිත හද ගත්තට උඹේ මැනික මැරිලා ඉවරයි මගෙ අයියෙ....

ආයම කවදාවත් උඹෙ හීන මරන්න වලව්වෙ මැනිකෙට ඉඩ දෙන්න එපා...ආයම කවදාවත් උඹව අඩවන්න වලව්වෙ මැනිකෙට ඉඩ දෙන්න එපා....වලව්වෙ මැනිකෙට කියපන් මගෙ අයියෙ....අඩු කුලේක ඉපදුනත්...මගෙ හිත ගාවදි වලව්වෙ මැනිකෙ...හැමදාම පරාදයි කියලා ....එයා කැඩුවෙ මම අසාවෙන හදපු කුරුලු කඩුව කමක් නෑ.....ආය වෙච්ච දේ හදන්න බෑ...උඹට පින් මගෙ අයියෙ...අවසානම පාරට මං වෙනුවෙන් ආවට.....

මං උඹව මේ සංසාරෙ කොතනක වත් ආයම ප්‍රාර්තනා කරන්නෙ නැ සුදුඅයියෙ... ඒ වෙනුවට මං දළදා හාමුදුරුවන්ගෙන් ඉල්ලනවා....උඹට මටත් වඩා ආදරේ කරන කෙනෙක් හම්බෙන්න කියලා ....අවුරුදු හතරක ආදරේ ....අදින් ඉවර කරමු රත්තරන් ...මට අදින් පස්සෙ....හැමදාම රවීන් ගෙ වෙන්න පුලුවන් .....මොකද අදවෙනකන් ..මේ අන්තීම විනාඩිය වෙනකන් උඹ ඉස්සරහා අඩන්නෙ රවීන්ගෙ ගෑනි නෙවෙ අයියෙ..උඹ මලක් වගෙ පරිස්සම් කරපු සෙනූ.....අද රැය ගෙවිලා හෙට උදෙ වෙනකොට මං තවදුරටත් උඹ රැකපු සෙනු නෙවෙයි අයියෙ....

එයා..ගැහෙන පපුවට අත තියන් හූල්ල හූල්ල දුක කියනකොට නුවර අහසට අපේ ආදරේ මලගම දරා ගන්න බැරිවද කොහෙද බක්මහ අකුනක් එක්ක ලාවට පොදක් යනකොට අනෝරා වැහි වැස්සත්....කෑ ගහලා අඩලා වැලපිලා හරි අපි දෙන්නම අපේ ආදරේ මිනිවල කැපුවා....

ඉතුන් නුවර අහස...වැහැපන් අපේ ඇස් වල නෙවෙ...හිත්වල කදුලු හේදෙන්නම.....

බෙන්ච් එක උඩ ඉදන් උන්න එයා අවසානෙදි යන්න නැකිටිනකොට අවසානෙදි කියපු වචන එක්ක මම එයාගෙ මූන දිහා බැලුවා.....

අවුරුදු හතරක් ...අවුරුදු හතරක ආදරේ අවසානෙදි මුලින්ම උගුල්ලලා දාන ගමන් එයා කිව්වා එයා තවමත් රවීන්ගෙ ගෑනි උනේ නෑ කියලා...ඒකියන්නෙ....

සෙනු.....මැනික...ඒ කියන්නෙ....

මට උඹව හිතේ තියන්...කාටවත් යටවෙන්න හිත හදාගන්න බැ මගෙ අයියෙ. .....ඉතින්...මං අද වෙනකන් උඹ එක්ක ජීවත් උනා...මට මහන්සී තව දරාගන ඉන්න්න් හයියක් නෑ රත්තරන්.....

එයාගෙ කදුලු ආය ආයම අලුත් වෙනකොට එයාම සාක්කුවට අත දාලා මගෙ ඵෝන් එක අරන් එයාගෙ උපන්දිනේ දාලා තිබුන ලොක් එක අයින් කෙරුවා ...අවසානෙදි මන් බලන් ඉද්දිම ගැලරිය පිරෙන්න තිබුන හැම ඵොටෝ එකක්ම කපලා...සෙනූ මැනික කියන නම සදහටම මකලා දාලා සෙනාරි කෙරුවා .....

මං ගියාට..උඹ තවම තනිකඩ ....මගෙ මතක එක්ක ජීවත් උනොත් උඹට වෙන්නෙ පිස්සෙක් වෙන්න සුදු අයියෙ....මොකක් හරි කරපු පවක් පඩිසන් දෙන්න ඇති....සතුටින් ඉදපන් මගෙ රත්තරන්.....උඹ මාව දකින අවසානම දවස...

ඇ...ඇයි...මැනික...ඒ...අනෙ....ඇයි ...එ.....

අවසානෙදි කියපු වචන එක්ක මගෙ කකුල් පවා පන නැතිවෙනකොට මම ඒ අත් දෙක අල්ලගත්තා .....

අපි..හෙට....පේරා..යානවා...

පෙරාදෙනි....

ම්ම්ම්...රවීන්ගෙ...මහගෙදර ....

ඉතින්...මම ගෙන්දගම් පොලවෙ....මගෙ මැනික...හන්තානෙ....

සෙනාරි .....

හිත පලාගන එන දුක එක්ක මැනිකෙ කියනවා වෙනුවට මං එයාට සෙනාරි කිව්වා ....ඉතින්...අපි දෙන්නම දෙපැත්තට හැරෙන්න යන්නෙ.....වැහි කුඩුපොත වැස්සක් වෙනකොට වැස්සයි...එයයි මායි නුවර වැව රවුමයි ඇරෙන්න හැමෝම යන්න ගිහින් .....කහපාට ලයිට් පත්තු වෙන දලදාව දිහා මං බැලුවා ....එයා පේරා යනවලු....හන්තානෙට.....

හන්තානට පායන හද ලස්සනයි ද කියන්න....

මා නොදකින ඒ පුර හද හැකිය ඔබට දකින්න...

අදින් පස්සෙ ...උඹේ ජිවිතේ මේ සුදු අයියත් නෑ...මගෙ ජිවිතෙ මගෙ මැනිකත් නෑ.....ඉන්න තැනක...පරිස්සමින් ....ඉතින්....හන්තානෙට පායන හද එයත් එක්ක බලපන් ....උඹෙ සුදු අයියා නවතින්නම්.....

මම සාක්කුවෙ තිබුන අවසානම ලියුම් කඩදහිය අතට ගුලිකරනකොට ඒකි මේ වැස්සෙම අවසානම පාරට මගෙ කකුල් අල්ලලා වදිනකොට පරිස්සමින් ගිහින් එන්න මැනික වෙනුවට පරිස්සමින් කියන වචනෙන් මං නැවතුනා වගේම තවමත් අඩ අඩ මගෙ දෙපා පාමුල වැටිලා උන්න කෙල්ලව මන් උරහිස්වලින් අල්ලන් නැකිට්ටවලා ඒ මූන දිහා බලන් උන්නා ....

අවසානම පාරට මං උඹට හාදුවක් තියන්නද...

හිතේ අසරන කම ඔලුවටත් වඩා උඩින්.දැනෙනකොට මම ඒ ඇස් දිහා බලන් අවසානම පාරට හාදුවක් තියන්නද අහනකොට එයා ඇස්පියාගත්තා වගෙම ..මම මගෙ ගාව එයා නමින් තිබුන අවසානම ආදරෙ බිංදුවත් එලියට දාන ගමන් ඒ නලලට හාදුවක් වගේම තවමත් රවීන්ගෙ අතින් ඉදුල් නොවුන හැමදාමත් වරු ගානක් ආදරෙන් සිපගත්තු දෙතොලට හාදුවක් දෙනකොට මේ වැස්සෙම එයා මාව බදා ගන්නකොට මම ඇස්වලින් වැටෙන කදුලු වැස්සත් එක්ක පාකරල ඇරලා....ඒ දෙතොල් වලට ලුනු රස හාදුවක් තිබ්බා...

ඉතින්....ඒ අදරේ...අදින් ඉවරයි.....මම එකතැන හිටන් ඉන්නකොට එයා මාව දාලා එයාගෙ කූඩුවට යන්න ගියා වගේම අත්තම්මලා තටු කපපු මං වැස්සෙම බෙංච් එකෙ ඉදගත්තා ...මං ආයම හැරිලාවත් බලන්න බය උනා.....

ඉතින්....මගෙ මැනික යන්න ගියා....අවුරුදු හතරකට කලින් මෙතනදිම පටන් ගත්තු ආදරේ මෙතනදිම මරලා යන්න ගියා .....අවුරුදු හතරකට කලින් මං හැමදාම එයාටම විතරයි කියන පොරොන්දුව වෙනුවට එයා අද මගෙන් වෙන කෙනෙක්ට ආදරේ කරන්න පොරොන්දු ගත්තා....

ඉතින් ..එයා යන්න ගියා...එයාගෙ සුවදත් අරන් සදහටම .....

තනිවෙන්නට මගෙ ලොවෙ පුරුදු පාලුවෙන්...

රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ළඟින්.....

සිව්වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ.....

අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලදුවාදෝ.....

එයා යන්න ගියා....ඉතින්....එයා යන්නම යන්න ගියා....වලව්වෙ මැනිකෙලා එකතු වෙලා කපලා දාපු අත්තටු වල වේදනාව උරහිස් ඇට බිදගන දැනෙනකොට මම එයා ගිහිනුත් පැයක් දෙකක් යනකන් මං උණු කදුලු වැස්සත් එක්ක හෝදලා ඇරලා අවසානෙදි එයාගෙයි මගෙයි ආදරේ සදහටම වහල දාපු මං එයා මට දාපු මුදුව නුවර වැවට විසික් කරලා එන්න හැරුනා .....

ඉතින් සතුටින් ඉදින් මැනික ...

වැස්සෙ තෙමුන මං කාර් එකට ඇවිත් කොන්ඩෙන් තෙත බේරෙනකොට ඔලුව ස්ටියරින් වීල් එකට ගහගත්තා....

අනිත් ඵෝන් එක අතට ගත්තු මං කරන්න දෙයක් නැතිකොට මං එහෙම්ම Fb එකට ගියා .. ..

එයා...මේ දැන් photo එකක් upload කරලා....

"මම විශ්වාස කරනවා ජීවිතේ ලස්සන දවස් එන්නෙ ඉස්සරහට කියලා ..."

එයා හිනාවෙනවා...මටද.....??? කොහොම උනත් ඒ හිනාව හරි ලස්සනයි ...සැහැල්ලුයි..සල්ලි කදක් වෙලත් එයා ඉන්නෙ සැහැල්ලුවෙන් ..... ඊටත් වඩා ඵොටෝ එක උඩ තිබුන වචන...ඒ හැම දේටම වඩා හිත සැනසුවා...

හාර්ට් reaction එකක් එක්ක මම කමෙන්ට් එකක් දැම්මා....දැනටමත් 1k පන්නපු කමෙන්ට් ගොඩෙ මගෙ කමෙන්ට් එක දකින්නෙ නැති වේවි.....ඒ උනත් කමක් නෑ.....

"එහෙම වෙන්න කියලා මාත් ප්‍රාර්තනා කරනවා.."

තත්පරයක් යනකොට නොටිෆිකේශන් එකක් එනකොට මං බැලුවා ...

රියැක්ට් එකයි....ඉමෝජියයි.....

මගෙන් එහෙම්ම එයාට මැසේක් එකක් ගියා....

මිස්ටර් විතේන්....සදුදට එන්න...මං අනිවාර්යයෙන්ම ඉන්නවා ....

🙂හරි....ඒනම්....මං ගියා....ආය හෙච.....

කතාව කියවලා කමෙන්ට් එකක් දාන් යම්න පුම්තී....

මම.

Ferdeesha ❤️💚😘 .....

More Chapters