මං හාල් ටිකක් බැදලා කැද ටිකක් හැදුවා.....මං ඒකට පලා මිටකුත් දැම්මා.....
පංකාදුයි පිච්චියේ...
කිව්වට විස්වාස කරන්න ඒ වචන මගෙ හිත හෙල්ලුවා.....හිස් උන කඩල ගොට්ට තවමත් තිබුනෙ අතේ වෙනකොට කඩල ගොට්ට පාරට දැම්මොත් උදේට අතු ගාන්න එන අහිංසක මිනිස්සුන්ට මම තවත් වද දෙනවා කියලා හිතිලා ඉදුල් උනත් සාක්කුවෙ ඔබා ගත්තා .....
මේ හැම දේම එයාගෙ පුරුදු .....
සුදු අයියෙ කියල පටන් ගත්තම මහ අම්මන්ඩි වගෙ....එයා හරියටම පිච්චි වගේ...මානික්කාවතේ පිච්චිත් ගුනාදරිගෙ අප්පොච්චා එක්ක මොන දුකක් ඉහිලුවද ....සෙනාරිත් ඒ වගේ.....මං වෙනුවෙන් ඒ කෙල්ල ඉහටත් උඩින් නින්දා ඉහිලුවා....
මානික්කාවතේ පිච්චි විදින දුක පෙන්නන්න ඕනෙ වලව්වෙ මැනිකෙට....උන්ට කැද උගුරත් මහ මෙරක් වෙනකොට වලව්වෙ හාමුලාට.....මට තේරෙන්නෙ නෑ...අත්තම්මලා මිනිස්සුන්ට ගැරහුවට එක බත් කටක් අස්සෙ හාල් ඇට කීයක් තියනවද...එක හාල් ඇටේකට මිනිහෙක් අව් පූටකේ ඉදන් කොච්චර නැහෙනවද කියන්න ගෙන්දගම් පොලවෙ මිනිස්සු නොදන්නවා උනත් මේ මිනිස්සු නොදන්නෙ නැතිවෙන්න බෑනෙ...ඔක්කොටම වඩා වංශක්කාර කම ඉහට ගහලා....
මං එහෙම්ම මිරිස් ගෑවුන ඉදුල් අත දිහා බලන් උන්නා...අපි දෙන්නම මෙ වැව රවුමට ආවා.....එකට දළදාව වැන්දා.....අත් දෙක එකට පටලවන් එයා ආසයි කියපු හැම තැනටම එක්ක ගියා....ගැහැනියකට ආදරේ දෙන්න ඕනේ හරිම සියුම්ව...අපි හිතන් උන්නට උන්ව සතුටින් තියන්න හුගක් දේවල් ඕනෙ කියලා .....ඒත්...ඇත්ත කතාව නම්.....ආදරෙන් දෙනව නම්..උන් ඇල් වතුර උගුරත් ආසවෙන් බොයි....අනිත් උන් ගැන දන්නෙ නෑ....මං කියන්නෙ මගෙ එකී ගැන...
මට සල්ලි තියනවා ..සැප පහසුකම් තියනවා ....ඒ උනත්...මම ආදරේ ඉස්සරහා ඇත්තටම මාරම විදිහට සංවේදි උනා...මොකද ඕනම ගල් හිතක් ආදරේ ගාවදි මෙලෙක් වෙනවා...මට තිබුනා සෙල්ලක් කාර වෙන්න....ඒත්...මම ඒකිට මැරීගන ආදරේ කෙරුව...
මං කල්පනා කෙරුවා..මේ වෙනකොට මගෙ ඵෝන් එක පුපුරන්න තරම් ගෙදරින් කෝල් ආවා....ඒ උනත්...මට ඒ කාටත් වඩා මගෙ හිත හදාගන්න ඕනා උනා....මිනිස්සු කියන විදිහට කෙනෙක්ව එක පාර අමතක කරන නම් හිතක් පපුවක් නැති උන් වෙන්න ඕනා....
මලක් පූජා කරලා පහනක් පත්තු කරලා දලදාවෙදි එයා අහස උසට හීන මැව්වා...බලාපොරොත්තු පොදි බැන්දා ගෑනු කවදත් ආසයි හීන මවන්න ....උන් හීන මවනව නම්...අපි දැනගන්න ඕනේ හින හැබෑ කරල දෙන්න...තනි තට්ටුවෙ ගෙයක්.....දුවෙක් වගේම පුතෙක් ....එයාගෙ හීනයක් උනා ....ඉතින් දෙවියනෙ මොකාද ආස නැත්තෙ තමන් ආදරේ කරන මනුස්සයා එක්ක දරුවෙක් හදන් එක වහලක් යට ජීවත් වෙන්න....
කමක් නෑ මැනික....මං එක්ක දැකපු හීන එයා එක්ක හැබෑ කරගනින්....එක්කො මට පින් මදි උනා...නැති නම් උඹට පින් මදි උනා....ඒ කොහොම උනත්...උඹ වගේම මම වින්දේ දුකක්.....
අඩලා අඩලා අඩන්න කදුලු නැති තැන මං පාලුවට ගියපු වැව රව්මෙ ඉදන් මා එක්කම කියෙව්වා.....මට සෙනාරිගෙන් ඈත් නොවී ඈත් වෙන්න ඕනේ...කරපු ආදරේ නොමරා මට පරිස්සම් කරන්න ඕනෙ.....මගෙ ජීවිතේට ආය සෙනාරිව එපා....ඒ උනත්...මට ඒ ආදරේ පරිස්සම් කරන්න ඕනේ.....එච්චරයි ....
ඒකි ඉවසලා..ඉවසලා බැරිම තැනයි මගෙ ගාවට ඇවිත් ඇඩුවෙ...එදා එනකොට ඒ ඇස් දෙක ගොරකා ලෙලි වෙලා තිබුනා.. අත්තම්මගෙ ඇගිලි පාර තලෙලු කම්මුල රතු කරනකොට "අනේ වලව්වෙ මැනිකෙ....මට සමාවෙන්න මම අයින් වෙන්නම්...මගෙ සුදු අයියට රිදවන්න එපා"කියලා අත් දෙක එකතු කරලා වැදලා තිබුනා....
සෙනාරි ....උඹ හොද අම්මෙක් වෙයි මැනික....හොද බිරිඳක් වෙයි .....දුකක් නෑ නෙවෙ...පපුව පැලෙන්න දුකයි .ඒ උනත්...දැන් අපි දෙන්නම වෙනස් පාරක... උඹ කොහෙ උන්නත් උඹේ සුදු අයියා උඹගෙ සතුට විතරක් ප්‍රාර්තනා කරනවා.....
මං එහෙම්ම පාර පැනලා මගෙ කාර් එකට ඇවිත් ටිශූ බොක්ස් එකෙන් ටිශූ එකක් අරන් අත පිහදගන්නකොට රතින්ඥ්ඥා පෙට්ටියක් අරන් පාට ගියපු සාරිය වගේම පරඩැල් වෙච්ච දත් ඉස්සරහට ආව ගැහැනු කෙනෙක් අවුරුදු තුනක පොඩි එකෙක් අතින් අල්ලන් ගිනි කන අව්වෙ වේලෙනවා....
හිත දෙන්නෙ නෑ එහෙම යන්න....මං මේ ගෙවන්න ගිය ආත්මෙක පවක් නම්....මට ඕනෙ පව ගෙවලා ඉවරකරගන්න...පින් කරගන්න බැරි නම් අඩුගානෙ පව් නොකර ඉන්න....මන් ආයම බැහැලා අර රතින්ඥ්ඥා පෙට්ටිය අතේ තියන් උන්න ගෑනු කෙනා ගාවට ගියා....වදිනකොට හම්බුන මොනරු මිටිය....මං වගෙ තුන් වේල කන්න තියන .....ඕන තරම් සල්ලි හොයන එකෙක්ට මොකටද මෙච්චර ...අනික මේවා මට එක එකාගෙ කකුල් ගාව නැවුනට හම්බුන ඒවා මිසක් මහන්සි වෙලා හොයපුවා නෙවෙනෙ...
මාත්තියා....පෙට්ටියම...සීය තමා....
මං එන මගට අර ගෑනු කෙනා ආවා.....උරහිස් ඇට පෑදුන නිසාමද කොහෙද පාට ගිහින් ඉරිලා තිබුන සාරි හැට්ටෙ උරහිස් වලින් එල්ලුනා.....යටට කලිසමක් නැති පයට සෙරෙප්පුවක් නැති කාගෙන් හරි හම්බුන ලොකු ටීශර්ට් එකක් ඇදන් උන්න පුංචි එකාගෙ දූව්ලි පිරුන මූනෙ කදුලු පටලයක් බැදිලා තිබුන බෝල ඇස් දෙක දිලිසුනා.....කවදා හරි හරියන්නම ඕනෙ මේන්න මේ වගේ මිනිස්සුන්ට මිසක් කොයි වෙලාවෙත් බොරුවට බන පොත කියවන හතර පෝයටම සිල් ගන්න නුවර මැනිකෙලට නෙවෙ....
මං දරුවා දිහා බලන් ඉදලා සාක්කුවෙ තිබුන මොනර පිල් ටික තියෙන්නෙ කීයක්දවත් නොබලා ගෑනු කෙනාගෙ අතට මිටිමෙලෙව්වා .....
සුභ අලුත් අවුරුද්දක් .....දරුවත් අරන් ගෙදර යන්න...
මං ආයම වචනයක් නොකියා මට නැති අවුරුද්ද එයාට දීලා ගෙදර එන්න ආවා...
ඉතින් එයාට අද අවුරුදු තියේවි ..ඒ ගෙදර බත් මුට්ටියෙ බත ඉදේවි....පුංචි එකාට කඩෙන් හරි කේක් කෑල්ලක්.අරන් දේවි.....
මං හිතන්නෙ මට මීටර් සීයක් වත් ඩ්‍රයිව් කරන් එන්න බැරිව යන්න ඇති.....
ඉවරයක් නැතිවම ඵෝන් එක අඩනවා ....ඇපල් එක ඕෆ් කරලා පැත්තකට දානකොට වාවෙ එක රින්ග් වෙන්න ගත්තා .....

කියන්න.....ඇයි....
එනගමන්...එනගමන්.....
අම්මා එහා පැත්තෙ ඉදන් මැරෙන්න හැදුවා වගේම මම ඕනාවට එපාවට උත්තර දෙන ගමන් තවත් සිගරට් එකක් කටේ ඔබා ගත්තා .....දුම්බීම පිලිකා ඇතිකරයි කියල දඩ අකුරෙන් පෙට්ටියෙ ගහලා තිබ්බා උනත් විකුනනවා....උනුත් වැරදි....බොන අපිත් වැරදි...
.කමක් නෑ....මැරුනොත් එක පාරයි....
සෑහෙන වෙලාවක් අඩපු මම අවසානෙදි පෙනහලු කුඩුවෙයන් කියලා සිගරට් එක පිට එක බොන ගමන් ඩ්‍රයිව් කෙරුවා....විරහව කියන්නෙත් එක විදිහක රෝගයක්...
නුවරට අවුරුදු .....රතිඤ්ඤා සද්දෙ ...වගෙම නෑගම් ආව ගෙවල් වල මිනස්සුන්ගෙ හිනා මුනවල් මේ හැම දේම පහුකරන් ආව මම මොල්ලිගොඩ වලව්වට කාර් එක දානකොට අනිත් නෑදෑ සනුහරේගෙ කාර් ටික එක පේලියට තියන හැටි අත්තම්මා හරි උජාරුවෙන් බලන් උන්නා....
මොල්ලිගොඩ මැනිකෙ.....ආඩම්බර ඇති.....වලව්ව ඉස්සරහා තියන වාහන වල උජාරුවට
මං කාර් එකෙන් බැස්සා....වෙනදා නම් සිගරට් ගද යන්න කට හෝදන රටේ නැති දේවල් කරන මම අද ගද ගගහම එනකොට රබන් ගහපු තැන හිස් වෙලා තිබුනා.....
එයාලා යන්න ඇති ....
.සුදු මහත්තයා ...
කියන්න අත්තම්ම.....
අත් දෙක පිටිපස්සට බැදන් තනි කෙලින් උන්න අත්තම්මා මාව නවත්තලා මගෙ මුන දිහා බැලුවා....
උඹ තවත් නහින්නෙ ඒකි ගැන හිතල නම්...මං උඹට හොද තැනකින් කටයුත්තක් කතා කරන්නම්....
ඕන් නෑ ..
ඕන් නෑ කියලා බෑනෙ සුදු මහත්තයා .....මොකද ඒකි විතරද ඉන්නෙ.....අනික දෙයක් කරනකොට කල්පනා කරලා බලන්න ඕනා ඔව්වා අපිට පෑහෙනවද නැද්ද කියලා .....වලව් කාරයො කවදද සුදුමහත්තයා අඩු කුලෙ උන් එක්ක පෑහුනෙ ...
අත්තම්මා....අත්තම්මා වලව්වෙ මැනිකෙ කෙනෙක් නොවී.....රෙදි අපුල්ලන රොඩී කුලේ ඉපදුනා නම්...අත්තම්මා මොකද කරන්නෙ.....මැරෙනවද...නෑනෙ ....
අත්තම්මා....මේ ලෝකෙ කිසිම මිනිහෙක් හිතලා කුලවල ඉපදෙන් නෑනෙ.....
ඒ කොහොම උනත් නිතේශ් ....සීයා තාත්තාවත්.....මම වත්...ඒකට කැමති නෑ...උඹ කරන්න ඕනෙ අපි කියන දේ ....සුදුමහත්තයා අමතක කරන්න එපා....අපිට ඉන්න එකම කොල්ලා උඹ....උඹ ඉන්න ඕනේ අපිට ඕන විදිහට ...යසට උන්න එකා...කොහෙවත් යන සක්කරවට්ටමක් හින්දා නාස්තිවෙනවා ජරාව උර උර...
නහය පිහ පිහ සිකරට් ගද ගහන මං දිහා රවාගන බලන් උන්න අත්තම්මා ආයම මගෙ කෙල්ලට බැන්නා ....
අත්තම්මා සෙනාරිව...මගෙ ජීවිතන් ඔයාලා හැමෝම අයින් කරා...ඒ කෙල්ල දැන් බැන්දා ....ඒකි සතුටින් ඉන්නවා...තවත් ඒ කෙල්ලට මොකුත් නොකියා ඉන්න.....මොකද ඔයාල මනුස්සයෙක්ට අහන්න පුලුවන් කතා නෙවෙ ඒ අහිසංක කෙල්ලට කිව්වෙ....ඒ කොහොම උනත් ඒකි අත්තම්මට ගරු නම්බු නාම දීලා කතා කෙරුවා...නුවරට මැනිකෙ උනාට කොළඹට ඔය කුල මල වැඩක් නෑ අත්තම්මා...පින්සිද්ද වෙයි...ඒකිට තව සාප නොකර ඉන්න...මම මනුස්සයෙක්...
උඹව අපි ගලව ගත්තෙ නැත්තන් යසට ඉන්න ගියා...දැන් ඒවලින් වැඩක් නෑ...ඒකිව ආය ඕන් නෑ....ආය නොකිව්වා කියන්න එපා සුදු මහත්තයා .....උඹට ගැලපෙන පැලැන්තියක් අපි කරලා දෙන්නම්...
වදින්නම්...එපා...වදින්නම්....අත්තම්මා...මට කසාද එපා වහ ටිකක් දෙන්න...කාලා බුදිය ගන්න....ඔයාලා ඔය වංශෙ පස්සෙ පන්න පන්න ඉන්න...මට දැන් උන්නත් එකයි මලත් එකයි....
සුදුමහත්තයා ...උඹ හදන්නෙ අපේ නම්බුව නැති කරන්නද.....
අත්තම්මා...මං දෙයක් අහන්නම්.....අත්තම්මගෙ අස් දෙක ඉස්සරහම මාව මොකකට හරි හැප්පිලා යනවා..අපි හිතමු ලේ ගිහින් ගිහින් මැරෙන්න ලගයි කියලා...
සුදුමහත්තයා ...කටවහපන් ....
අහන් ඉන්න අත්තම්මා...අහන් ඉන්න....මට හදිසියේ ලේ දෙන්න ඕනා වෙනවා...හැබැයි මට ගැලපෙන ලේ කා ගාවවත් නෑ...රොඩි කුලෙ එකෙක්ගෙ ලේ මගේ ලේ වලට පෑහුනොත්....අත්තම්මා එදාට ගන්නෙ මගෙ ජීවිතේ බේර ගන්න ඕන තීරනේද.....නැතිනම් ඔය මහලොකු වලව් කාර කමද...කමක් නෑ...මාව හැප්පිලා මැරිලා ගියත් සැපයි....අත්තම්මා එතනදිත් ලත වෙනවා නම්....ඊට වඩා හොදයි ඔය අත්වලින්ම මට කනේරු ඇට ටිකක් කවන්න.....
අත්තම්මගෙ මූන රතු වේගන එනකොට මං එන්න ආවා....දැන් ඉතින් පරන නිතේශ් ව හොයන්න දැල් දාන්නවත් බෑ.....
සුදුපුතා .....අත්සෝදන් කන්න එන්න...අප්පච්චි කැවෙත් නෑ ඔයා නෑ කියලා .....
ගෙට එනවා එක්කම සීයා තාත්තගෙ ගොරනාඩුවට කලින් අම්මා මාව බෙරගන්න හදනකොට මම ගානක් නැතිව ඔහේ කෑම මේසෙ ඉදගත්තා ....නැති දෙයක් නෑ.....ගම් කුකුලු මස්....ද...හත් මාලුද . .මන් දන්නෙ නෑ...ගමේ කෑම ගොඩක් කෑම මේසෙ වහගන්නකොට අම්මා මට වගේම අප්පචිට කෑම බෙදනකොට අවුරුදු ගානක් පරන සීල් අරක්කු බෝතලයක් වට්නට් එක ඇතුලෙ තිබ්බා
සුදු පුතා...සීයා තාත්තා අතන ඉදදි උඹට බොන්න ලැජ්ජ නැතිද....උඹගෙ විලිසංගෙ අර සක්කරවට්ටම කප්පාදු කෙරුවද ....
අම්මා මං කන්නද නොකා ඉන්නද ...
අනීතා දරුවට කන්න දෙන්න....
කවදත් නිහඩ අප්පචි මගෙ පැත්තට වචනයක් කතා කරනකොට මම ඇවිත් කෑම මේසෙන් වාඩි උනා වගේම වලව්වෙ හාමු....සීයා තාත්තා නඩුකාර හාමුදුරු වන්ටත් වඩා උද්දච්ච කමකින් එලියට ගියා....
අප්පච්චි ....මට සමා වෙන්න.....
අම්මා බෙදපු බත් එක දිහාවත් නොබලපු මම අප්පච්චිගෙන් සමාව ගත්තා ....
උඹට අඩන්න ඕනා නම් අඩපන්....බොන්න ඕනා නම් වැටෙන්න බීපන්.....කන්න ඕනා නම් කාපන්.....ඒත්....මොන දහන් ගැටේ දාලා හරි ...ඒ කෙල්ලව අමතක කරපන් ....මොකද.....උඹ ඒකි ගැන හිතන්න හිතන්න...මෙහෙන් වස් වදින්නෙ ඒ කෙල්ලටයි.....
සිකරට් කාලා උන්න මගේ ගාවින් එන ගද උහුලන්න බැරි උනත් අප්පච්චි මගෙ ඔලුව අතගානකොට මං වෙනුවෙන් උන්නෙ අප්පච්චි විතරයි කියන එක මට ආයම මතක් උනා ..
නිතේශ් ...මමම මේ පවුල එක්ක ඉහ ගැහුවෙ අමාරුවෙන් ....ඒ කෙලීව ගෙනාවා නම්...මං හිතන් නෑ පුතා අත්තම්මා උඹගෙ අම්මා ලොකු අම්මලා උඹලට සතුටින් ජීවත් වෙන්න දේවි කියලා ...ඔය වංශ කබල් ගාන උන අද ඊයෙක එකක් නෙවෙ නිතේශ් ...
මට මැරෙන්න තරම් වේදනයි අප්පචි ..ඒත් මං උහුලන් ඉන්නෙ මං මැරුනත් අවසානෙදි මගෙ මලකද දිරනකනුත් අම්මලා සාප කරන්නෙ මගෙ කෙල්ලට හින්දා අප්පච්චි .....
නිතේශ් උන දේ උනා.....ඒත්....දැන් ඒවා හිතලා අඩල වැඩක් නෑ...උඹට නැති උන ඒ කෙල්ලට උඹ මෙච්චර ආදරේ කෙරුවා නම්...කවදා හරි උඹගෙ වෙන එකාට උඹ කොච්චර ආදරේ වෙයිද කියලා හිතලා හිත හදා ගනින් පුතා...මේවා අපිට හදන්න බෑ.....
තාත්තගෙ වචන එක්ක පෑරුන හිත ටිකක් විතර සුව වෙනකොට මම ඇගිලි තුඩු වලට ඇනුන බත් කට කටේ ඔබාගත්ත .....කන්න බෑ...උගුරෙන් පහලට යන්නෙ නෑ...ඒ උනත්.....මගෙ පොඩි දේට උනත් තවමත් බැනුම් අහන්නෙ ඒ කෙල්ල වෙනකොට මං ඔහේ කන්නම් වාලෙ කෑවා ...



රටහුනු ගාපු බිත්තියෙ එක පෙලට තිබුන කලු සුදු ගාපු ඵොටෝ ඔක්කොම පහු කරන් මගෙ ඇස් දෙක රාජසිංහ රජ්ජුරුවන්ගෙ රංගම්මා ගාව නැවතුනා .....ඒකාලෙ රජවරුත් අන්තප්පුරේට ගෑනු ගෙනාවෙ කුල බලලද දන්නෙ නෑ....එහෙනම් ඉතින් අර ලොවීනා එකෙත් අරකිව උස්සන් එනකොට කුල බලලා වෙන්න ඇති උස්සන් එන්න ඇත්තෙ...
මගෙ හිත තනිකරම උසාවියක් උනා...මට ඕන උනේ ඇයි එහෙම කෙරුවෙ...ඇයි මට මෙහෙම කෙරුවෙ කියන එක අහන්න උනත්....දැන් මොන උත්තරේ දුන්නත් මගෙ මැනික මගෙ ගාවට නොඑන කොට මොකටද ආයම ඔව්වා කියලා හිතුනා ....ඒ උනත්.. .වතුර යටට ඔබපු රබර් බෝලයක් උඩට එන්නා හා සමානවම ආය ආයම එයාගෙ හිනාව මගෙ හිත පාරවනකොට දැන් ඉතින් ඒ හිනාව මගෙ නෙවෙ කියන යතාර්තෙ ....මම බලපු හීන හැබෑ කරන්නෙ වෙන කෙනෙක් එක්ක කියන යතාර්තෙ....මගෙ අතින් තලන්න උන්න එයාව අවසානෙදි රහ බැලුවෙ වෙන කෙනෙක් කියන යතාර්තෙ මාව උස්සලා පොලවෙ ගැහුවා හා සමාන වෙදනාවක් මට දුන්නා
අප්පච්චි ...
කකා උන්න අප්පච්චි දිහා මම ආයම බැලුවා .
වංශෙ කබල් ගාන අත්තම්මලා කවදාවත් විජේ රජ්ජුරුවන්ගෙ පැටිකිරිය ගැන කියන් නැද්ද අප්පච්චි ....මහලොකුවට විජේ ර්ජ්ජුරුවො ගගා කියෙව්වාට ඉන්දියාවෙන් එලවපු මිනිහට අන්තීමට පිහිට උනෙ කුවේනි නෙවෙද අප්පච්චි ....ඒකි රැහෙ උන්ටත් කොලේ වහල විජේට හැම දේම දුන්නෙ ආදරේ හින්දා වෙනකොට දරුවො දෙන්නෙකුත් හදනකොට ,කුවේනිගෙ බඩ උඩ නගිනකොට ඔය කුල මල බැලුවද අප්පච්චි ....අවසානෙදි ඒකිට ඒකිවත් නැතිකරලා අවසානෙදි ඒකා මොකක්ද අප්පචි කෙරුවෙ....ඉන්දියාවෙන් ගෑනියක් ගෙනල්ලා බැදගත්තා ...ඕකද අප්පච්චි හරිදෙ ...කුල මල මොක තිබ්බත් බලු වැඩ නම්...බලු වැඩමයි අප්පච්චි ..හැබැයි...මං අදටත් සන්තෝස වෙනවා....මගෙ අතින් ඒකෙල්ල අනාත නොවුන එකට එහෙම උනා නම්..මාව මැරුවත් මන් ඒකිව අරන් යන්න යනවා.....
හිතේ තිබුන ආවේගෙට කටහඩ එන්න එන්නම උස් වෙනකොට මං බලාගන සීයා තාත්තා අහන් ඉදලා යන්න ගියා වගේම ආච්චි අම්මා මොන මොනවදෝ කුටු කුටු ගානවා....
මගෙ හිත බිදුනා....වීදුරුවක් බිදෙන්නෙ කොහොමද ඒ හා සමානවම බිදුනා.....ඇස්වල නහර පවා කෙවෙනකොට අනපු බත් කට බත් පතේම තියනකොට මම නකිට්ටා .....
මිනිස්සු කියන විදිහට කෙනෙක්ව එක පාර අමතක කරන්න පුලුවන් කමක් තිබ්බා නම් මම මේ තරම් විදවන්නෙ නෑ අප්පච්චි ....අංගුලි මාලටත් රහත් වෙන්න පුලුවන් උනා නම්.....තවමත් සංසාරෙ ඉන්න මිනිස්සුන්ට මොනවා වෙන්න බැරි නැද්ද...මතක් කරල මගෙ මිනි වල ලොකුවට කපන්න...මොකද ඔය කියන කුල මල ලබ්බවල් ඔබන් යන්න....
සුදුමහත්තයා ...උඹ ඔය කාටද කටගහන්නෙ.....කොහෙවත් උන්න එකියක් එක්ක ලැගලා උඹට දැන් සිරිත් විරිත් මේ මොකුත් නෑ.....
ඔව්...මට මේ මොකුත් නෑ සීයා තාත්තා ....මේ මොකුත් නෑ...ඔයාල හිතන්නෙ ඔයාල ගැන උනාට එකෙක් මං ගැන හිතුවද ..මේ පපුවෙ වේදනාව එකෙක් දැක්කද...මං අඩන් නෑ...ඒ උනත්.....මටත් දරන්න පුලුවන් තරමක් තියනවා....යන එකාට වඩා ඉතුරු වෙන එකාටයි දුක...මන් අද...මේ වහල යට ඉදන් කියන්නෙ සීයා තාත්තා ....ඔයාල මට මේ දෙන ගින්දර උහුලන්න බැරි දාකට ඔය ඇස් ඉස්සරහපිටම මාව මැරියන් කියලා මම ප්‍රාර්තනා කරනවා....
තුන්වෙනි පාරටත් කම්මුල් පාරක් කොහෙන්දො එනකොට මම නොදැක්කට මුලු පවුලම සාලෙ උන්නා....ඇස්වලින් වැටෙන්න කදුලක් වත් නැති උනත් දැනටම මගෙ පපුව පැලිලා ගිහින් තිබ්බා...මොකද මම අදරේට විහිලු කෙරුවට....විහිලුවට ආදරෙ කෙරුවෙ නැති නිසා.....
ඒ කට්ටියම මං දිහා බලන් උන්නා වගේම මගෙ කම්මුලට ගහල තිබුනෙ වලව්වෙ ලොකු මැනිකෙ, අත්තම්ම වෙනකොට මං මොකුත් නොකියම එන්න හැරුනා...
දෙහි ගෙඩියක් මතුරලා දුන්නා නම් හරි මැනිකෙ....
අර පරට්ටි කොල්ලව කාලා.....
අඩු කුලේ පර හැත්ත... බූදලේට වහවැටිලා.....
කොල්ලගෙ වෙලාව බැලුවා නම් අම්මා....
අද අවුරුදු දවස කියලා නෑ...කොච්චර හොදට උන්න කොල්ලද.....අපේ වචනෙට පිටින් ගියෙ නැති එකා.....
කාමරෙ ඇදට වැටෙනකොට සාලෙන් ඇහුන අහස පොලව නූහලන කතා මගෙ කන්වලට යනකොට මම ඒ හැම දේකිම්ම පැනලා යන්න සිංදුවක් ඇහුවා....කුවේනියේ මා..කුවේනියෙ...

දිරිදුන් නුඹේ..ආලේ නිසා
බොහො විපතක් වෙනා
නොවඩින් සදා
මතු භවයේ මා
හමුවන තුරා ආලෙ පසෙක ලා හිදිමි මෙමා.....
එ වචන ටික සියපාරකට වඩා මගෙ කන්දෙකට යනකොට මම සෙනාරිගේ ආදරේ වෙනුවෙන් අවසානම මලගමේ වචන මගෙ ඩයරියට එකතු කෙරුවා ....
මාත් එක්ක දැකපු හීන එයත් එක්ක හැබෑ කරන් සතුටින් ඉදින් මැනික...උඹට මාව වත්..මට උඹව වත් හිමි නැති නම්.....තවත් මොකටද කදුලු මේ ඇස්වලට ...මිනිස්සු මැරුනත් මතක නොමැරෙනකොට උඹේ ආදරේ උඹ නැතිව උඹ එක්ක මම පරිස්සම් කරන්නම් සදහටම...ඉතින් මගෙ මැනික....පලයන් මගෙන් දුර ඈතකට ...උඹ ගියපු තැන...උඹ නැතිව උඹ එක්ක මම ඉන්නම් හැම දාම.....මොකද...තනිවීමම එක්තරා ප්‍රේමයක් සුදු මැනික...
මං උඹේ සුදු අයියා.....
සුදුපාට පිටු තිබුන ඩයරියේ එක පිටුවක පන ගහපු හැගීම අකුරු වෙනකොට අකුරු බොදකරන් වැටුන කදුලු බින්දු එක්ක මම ඒ ආදරේ සදහටම වහලා දැම්මා.....දැන් උඹ මගෙ නෙවෙ....
සුදු මහත්තයා ...
පුපුරු ගහපු කම්මුල් පාර උඩ කාගෙ හරි ඇගිලි යනකොට මම නිදි වගේ උන්නා....කපුරු සුවද නහයට දැනෙනකොට ඒ ඉන්නෙ වෙන කවුරුත් නෙවෙ අත්තම්ම කියන එක මට දැනෙනකොට මම ඇස් ඇරියා වගේම එයාගෙ අර නපුරුමූන මෙවෙලෙ වෙනස් වෙලා තිබුනා....
.අපි පස්සෙ කතා කරමු අත්තම්මා.....මං හොදින් නෙවෙ ඉන්නෙ....
මේ කිරි එක බීලා හිටින් පුතේ.....අපිට ඉන්නෙ උඹ විතරයි ....
කමක් නෑ අත්තම්මා ...මං මොකුත්ම බැරි විදිහට ඉන්නම්...ඔයාලට හිතෙන හිතෙන පාර ඇවිත් මට ගහලා යන්න..අදින් පස්සෙ කවදාවත් ආය මේ නිතේශ් හිනා වෙන එකක් නෑ...මං තරහ නෑ.....වෛරෙකුත් නෑ...අඩන්නෙත් නෑ.....
මම මොකුත් නොකියම මුනින් අතට වැටෙනකොට එයා මගෙ ඔලුව අතගෑවා....මට ඔනෙ තනිවෙන්න...ආයමත් අඩන්නවත්...ආයමත් දුක කියනන්වත් ලේ පුච්ච ගන්නවත් නෙවෙ....
එයා යන්න ගියා.....
ඉස්සරහ ගහෙ වහලා උන්න කොහා ඉවරයක් නැතිවම උගෙ මනුස්සයව හරි....ගැනිව හරි හොයන ගමන් කැ ගහන ගමන් උන්න....මිනිස්සු මොන තරම් මනන්ස්ගාත මවනවද කියන්න මිනිස්සු වත් දන්නෙ ණැතිව ඇති.....අප්‍රියල් මාසෙට කොහා අඩන්නෙ උගෙ අභිජනන කාලෙ නිසාමිසක් කාටත් අවුරුදු අරන් එන්න නෙවෙ කියන එක අත්තම්මා දන්නෙ නැතුව ඇති....
මල ඉර බැහගන ගිහිනුත් ඌ අත්ත උඩ වාඩිවෙලා අඩනගමන් උන්න වගේමමන් අහගන ලොකු අක්කා අදත් අඩනවා.....ආයම බැනලා වගේ....ඒකිත් පව්...මාත් පව්....
හිතෙ වේදනාවෙන් පිච්චි පොච්චි නිදා ගත්තු මම ආයම නැකිටලා ජනේලෙ ගවට ගියා...දලදාවෙ කහපාට ලයිට් එලි එක්ක හැමදේම ලස්සනට පේන කොට මම බලන් උන්නා....

මේසෙ උඩ තිබුන ඵෝන් එක ආයම රින්ග් වෙනකොට මම ගිහින් ඵෝන් එක අතට ගත්තා .....ආයම අර unknown number .එක....විතේන්.....මං ආන්ස්වර් කෙරුවා .....
මිස්ටර් විතේන් කියන්න....
අනේ සොරි ...මිස්ටර් නිතේශ් .....මට සදුදා උදේට appointment එකක් දාගන්න පුලුවන්ද ....please ....?
ම්ම්ම්..සදුද.....අද සෙනසුරාදා .....නේ...
ඔව්....මට නෙවෙ...අක්කට...එයාට පැක් එකක් එක්ක මොකක්ද දාන්න ඕනෙලු....මොකද අගහරුවාදා එයාට වෙඩින් එකක්....ඔයාලා සදුදට....ඉන්නවද ...නැතිද....
ඒක තමයි...මන් මගෙ ටීම් එකටම සතිය නිවාඩු දුන්නා...ම්ම්ම්...ම්ම්ම්.....
මං බලන්නම්...ඒත් sure කරන්න එපා....
හරි.....මං අක්කගෙ නම්බර් එක එවන්නම්...
අක්කගෙ නම....
Anya de silva...
ආන්යා...නේ...
ඔව්.....
මං බලන්නම් විතේන් .....
හරි.....බලන්නකො ...බැරි උනොත් මම එයාව වෙන කා ගාවට හරි දාන්නම්....
ම්න්...හරි...මිස්ටර් .....
හරි එහෙනම් මට බලලා කියන්නකො .....
හරි.... ඒ කොහොම උනත් ඔයාට thankyou ...
මොකටද....
කඩල ගොට්ටට...මගෙ ජීවිතේ පලවෙනි පාර මම පාරෙ අයිනෙන් කඩල ගොට්ටක් කෑවෙ....
එහෙමද .....අපි නොදන්නවා උනාට නිතේශ් සමහර තැන් තියනවා....සමහර රසවල් ආය කවදාවත් අමතක කරවන්න අමාරු...
ම්න්....ඒ කියන්නේ.....ඔයාටත් එතන...
අයියො...අයියො....නෑ..නෑ....මට එහෙම අමතක කරන්න බැරි සුවදවල් නෑ...මං ඉතින් හැම කඩචෝරුවටම මං ආසයි.....
අඩපු මූනට හිනාවක් ගේන්න එහා පැත්තෙ උන්න සල්ලි කදක් වෙච්ච විතේන්ට පුලුවන් වන් වෙනකොට මම පුදුම උනා ඒ වගේ මනුස්සයෙක් කඩල කරත්තෙකින් කඩලා කන්න කිව්වම.....සමහර වෙලාවට....කැරකෙන පුටුවල ඉන්න මිනිස්සුත් එලියට බැහැලා ජීවිතේ විදිනවා....විතේනුත් ඒ වගේ වෙන්න ඇති ....
ඒ කෝල් එක කට් උනත් එක්කම තවමත් හරියටම මූන නෝට් නැති මම නිකමට වගේ fb එකේ විතෙන්ගෙ නම ගහලා බැලුවා...
මේ ඉන්නෙ.....wow...
තත්පරේකට උඩදි fb එකට අප්ලෝඩ් කරලා තිබුන ඵොටෝ එක දැකපු ගමන් මට වාව් කියවුනා....

මූට නම් කෙල්ලො ඇති ගමකට.....
දාලා තිබුන කමෙන්ට් එක්ක මම මටම කියා ගත්තා වගේම තව පහලට පහලට ගියා වගේම මගෙ අතින් වැරදිලා ලයික් බට්න් එක එබුනා....
කාලා වරකො...දැන් ඉතින් අන්ලයික් කරත් නොටිෆි යන්න ඇතිනෙ....කමක් නෑ....මේ හැම එකටම ලයික් 1k පන්නලානෙ.....

මොඩ්ලින් කරනවද මන්දා.....නැතිව ඇති....මොනවා උනත් මිනිහගෙ කොස්මෙටික්ස් ප්රමෝට්කරන්න මොඩල්ස්ලා ඕනෙත් නැ වගේ...
එයගෙ වෝල් එකෙ තවත් පහලට යනකොට මගෙ එකවුන්ට් එකට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් ඇවිත් තිබ්බා.....
Vithen de silva.....!!!
හදිසියට එබුන ලයික් එකේ ප්‍රතිපලේ.....
Accept කරා...ඒත් හායිත් නැ බායිත් නැ මොකුත් නෑ....එච්චරයි ...එයා ඕෆ් ලයින් ගියා.....හැබැයි...මගෙ කවර් පික් එකට ලයික් එකක් දාලා කියලා නොටිෆිකේශන් ආවා උනත් එයත් ඒක අන්ලයික් කරලා....
මිනිහා පලි ගන්නවද කොහෙද...
කට කොනකට හිනාවක් ඇදෙනකොට මම් ඵෝන් එක සාක්කුවට දාගන්න හැදුවා උනත් ඵෝන් එකට ආව කෝල් එක මගෙ හදවත ආයම තුන් හතරපොලකට කඩලා දැම්මා...තවමත් නම වෙනස් නොකරපු ඒ නම්බර් එක.....
සෙනූ මැනික....
සෙනාරි....
කෝල් එක සෙනාරිගෙන්.....
..ආන්ස්වර් කරනවද...නැතිද....????...
හෙලෝ...
මං ගැහෙන ඇගිලි වලින් ඵෝන් එක ආන්ස්වර් කරල කනෙ තියන් එයාගෙ කටහඩ ඇහෙනකන් ඇස් දෙක පියන් උන්නා.....
සුදු අයියේ....
පපුවම පාරවන වචන දෙක...ඉතින්....උඹෙන් පස්සෙ මට කවුරු සුදු අයියෙ කියන්නද ... .
ඉතින්...ආදරෙ මරන්න පුලුවන්ද එක පාරම...කෙල්ලට සුදු අයියේ කිය උනා වගේම ආයම මගෙන් සමාව ගත්තා ...
ස්...සමාවෙන්න.....නිතේශ් ...
කමක් නෑ මැනික අවසානම පාරට හරි....මට එහෙම ....කියන්න...
දළදාව ගාවට එන්න පුලුවන්ද ....
වෙනද ඇහෙන කටහඩම අදත් වෙනසක් නැතිවම ඇහෙනකොට අන්සතු වෙච්ච එයා මගෙන් ඉල්ලීමක් කෙරුවා .....
ඉතින්...
මම නිතේශ් විදිහට ගිහින් එන්නද.....
අවසානම පාරට එයාගෙ සුදු අයියා විදිහට ගිහින් මගෙ මැනිකට සදහටම සමු දීලා සතුටින් ඉන්න කියලා එන්නද.....??????.
බලා වැලපෙමි නෙලා ගනු බැරි...හන්තාන සිහිනෙ...
දරා නෙත් අග
දොවා සිත්මල ගොතනු මැන ලදුනේ....
සංසාර සිහිනෙ...

එයාගෙ ආසම සින්දුව අවසානෙදි යතාර්තයක් වෙනකොට ඇස්පියන් වලින් එලියට පනින්න හදන කදුලු කැටවලට තරවටු කරපු මම එහෙම්ම කහ පාට ලයිට් ඇවිලෙන දළදාව දිහා බැලුවා...
මං එන්නම්....
ප්‍රේමයේ මලගමේ අවසානම ලියුම් කඩදහිය ඩයරියෙන් ඉරා ගත්තු මම හිත හයිය කරන් ඇදිවත පිටින් එලියට බැස්සා....


තව කවර් එකක් හම්බ උනා..අනේමේ දෙකෙන් ලස්සන එක තෝරලා දෙන්නකො....
ඔන්න.ඉතින්...දිගම දිග කොටසක් දුන්නා...
කතාව කියවලා වෝට් එකක් කමෙන්ට් එකක් දාගන යන්න පුම්තී....
කතාව කියවන හැමෝට.ස්තූතියි ගොඩාක්
මම
Ferdeesha ❤️💚😘 .....