Cherreads

Chapter 26 - විජ්ජුලතා

අපි හිටියේ ITC Ratnadeepa එකේ Ocean Pavillion එකේ. රෙශඛ්‍ය කවදාවත් නැතුව කන එක පැත්තකින් තියලා මන් කනවා බලාගෙනම ඉන්නකොට මට කෑම ගිලෙන්නෙත් නෑ. 

"ඔයා ඔහොම බලන් ඉන්නකොට මට කන්න බෑනේ ළමයෝ!" එහෙම කිව්වම 

"ජීවිතේ පලවෙනි පාරට කෙනෙක් දිහා කෑම අමතක කරලා බලන් ඉන්නේ සුදු අයියේ!" කියලා ලොකු හුස්මක් පහල දැම්මම මන් මුහුද දිහා බලලා හිනා වුනත්, මුහුද දැක්කම මට ආශු මතක් වුනා.

"ඇයි අහක බලන් ඉන්නේ සුදු අයියේ?"

"අහ්? නෑ නෑ මුකුත් නෑ" මන් හිනා වුනත්,

"අයුශ් අයියව මතක් වුනාද?"

"රෙශඛ්‍ය! මට සමාවෙන්න!"

"හිතලා කරන්නේ නෑ කියලා දන්නවා!" එයා හිනා වුනත් චුට්ටක් හරි දුක හිතෙන්න ඇති. මන් මේසේ උඩ තිබ්බ එයාගේ අත ඇල්ලුවා.

"රෙශඛ්‍ය දන්නවද ආශු කිව්වා එයා මුහුද නම් මන් අහස කියලා. අහසයි මුහුදයි කවදාවත් එකතු වෙන්නේ නෑ. ඒත් අහසයි මුහුදයි එකිනෙකා දිහා බලාගෙන ඉන්නවා. මුහුද දුක දරන් ඉන්නකොට අහසේ ඉර බැස්සත්, අහසට ආයේ හඳ පායනවා කියලා. එයා දැනගෙනද නොදැගෙනද එහෙම කිව්වේ කියලා මන් දන්නේ නෑ රෙශඛ්‍ය, ඒත් මගේ අහසේ එයා කියපු හඳ ඔයා වෙන්න ඇති." 

"සුදු අයියේ, මන් ඔයාගේ හඳත් වෙන්නම්, ඉරත් වෙන්නම්. ඒත් මට මුහුද වෙලා ඔයා දිහා බලාගෙන විතරක්නම් ඉන්න ඕන නෑ! මට ඒ තරම් ඉවසීමක් නම් නෑ" කියලා මගේ අත තදින් අල්ලගත්තා. 

"ඔයා එහෙම වෙන්න ඕන නෑ රෙශ්ඛ්‍ය ඔයා මන් දිහා බලාගෙන විතරක් ඉන්න ඕන නෑ" 

"සුදු අයියේ, මාත් එක්ක යන්න එනවද?" රෙශඛ්‍ය කී කාඩ් එකක් මේසේ උඩ තිබ්බම මගේ ඇස් දෙක ලොකු වුනා.

"ඔයාට තව කල් ඕන නම්, මට ඔයාව තේරෙනෙවා. මට, මන් හිතුවා අපි ගෙවල් වලටත් කියපු නිසා ටිකක් තනියෙන් ඉන්න පුලුවන් වෙයි කියලා" 

"රෙශඛ්‍ය!"

"සොරි! It was a really bad idea! ඔයා කන්න!" රෙශඛ්‍ය මගේ අත අත ඇරලා එයාගේ පැස්ටා එක කන්න ගත්තම මන් කී කාඩ් එක අරන් නැගිටලා ගියා. 

"111" මන් කී කාඩ් එකත් අරන් ලිෆ්ට් එකේ උඩට ගිහින් කාමරේත් හොයන් කී කාඩ් එක තිබ්බම දොර ඇරුනා. මුහුදට මුහුණලා තිබ්බ කාමරේ දම් පාට, කහපාට තිර රෙදි වලින් සරසලා තිබ්බේ. අවම ගෘහ භාණ්ඩ තිබුන නිසා කාමරයේ ලොකු කලබලකාරී ගතියක් තිබ්බේ නෑ. මන් ඇතුලට ආවම දොර නිකන්ම වැහුනා. මන් කවදාවත් මේ වගේ තැනකට ඇවිත් නෑ. මන් කියන්නේ මේවගේ දෙයකට ඇවිල්ලා නෑ. මගේ මූන රතු වෙනවා මටම තේරෙනකොට මන් අත් දෙක කම්මුල් වලට තියන් තද කරන් ජනේලේ ලැඟට ගිහින් තනියෙන් හිනා වෙන්න ගත්තම, දොර ඇරුනා! මගේ හදවත මහ හයියෙන් ගැහෙන්න ගත්තම මන් පපුවට අත තියන් මගේ තද නිල් පාට ශර්ට් එක යටින් තියන සුදුපාට ටීශර්ට් එක පපුව හරියෙන් අතට ගුලි කරගත්තා. මට පිටිපස්ස බලන්න ලැජ්ජයි!

මිනිස්සුන්ට ගමන් විලාසවල් ප්‍රදාන වශයෙන් තුනක් තියනවා කියලා අපේ නැටුම් සර් දවසක් කියනවා මට මතකයි. එකක් තමයි රිලා ගමන. ඒක ඇවිල්ලා බොරුවට කලබල වෙන, වේගෙන් ගියත් ගමන අවසානයේ ඒ වේගෙට කිසිම තේරුමක් නැති ගමනක්ලු. ඒවගේ අය ගමන් කරන්නේ වට පිට බල බල අනුන්ගේ ඕප දූප හොය හොය නමුත් හැල්මේ. 

ඊළඟට තියනවාලු දිවියෙක්ගේ ගමන. ඒ අය එක එල්ලේ බලාගෙන එක අරමුණක් වෙනුවෙන් වේගෙන් ගමන් කරන අය. ඔය ගමන තමයි මට තියන ගමන. සාමාන්‍යයෙන් මන් හරි වේගෙන ඇවිදිනවා. ඒත් මන් ඇවිදින්නේ කෙලින් බලාගෙන. පාර පනිනකොට විතරයි පොඩ්ඩක් වට පිට බලන්නේ. ඔය නිසා පාරේ අඳුරන මනුස්සයෙක් කතා කරත් මට ඇහෙන්නේ නෑ. 

ඊළඟට තියනවා ඇත් ගමන, ඝාම්භීර බර අඩි තිය තිය, කිසි කලබලයක් නැතුව, එක එල්ලේ බලන් යන තේජාන්විත ගමනක්. දැන් මට මගේ පිටිපස්සෙන් දැනෙන්නේ හරියටම ඒ ගමන. 

'දෙව් පුර ඇතෙකී, කුඹු දහසයකී,

දිග දළ අටෙකි , සත්ගැ...'

"සුදු අයියේ..." 

පන යනවා! මන් කෙල ගුලියක් ගිල්ලා. දිව වේලිලා. මට වතුර ඕනා! රස්නෙයි! ඒත් දැන් වතුර කෙසේවෙතත් එයාගේ පපුව මගේ ඔලුවේ ගෑවෙනකොටනම් මාව දියවෙලා වැක්කෙරෙන ගානයි. 

ශර්ට් එක ඉස්සිලා මගේ ටීශර්ට් එක උඩින් ඉන වටේ අත යද්දි මගේ ඇස් පියවෙලා පනත් ඇත්තටම ගියාද කොහෙද මොකද මාව දැන් එයාගේ පපුව උඩටම නිකන්ම හේත්තු වුනාම එයා මගේ හිස් මුදුනට හාදුවක් දෙනවා දැනුනා. 

අනික් අත මගේ නිකට යටින් තියලා මූන උඩට ඉස්සුවම මගේ ඇස් දෙක ඇරුනේ ඒ ලස්සනම ලස්සන සුදු මුහුන මගේ මූනට පහත් වෙලා තියන උත්කෘශ්ඨ දර්ශණය දකින්න. ඉතින් තව තව නිකටින් අල්ලන් මගේ මූණට ඒ මූණ පහත් වෙනකොට කොයිතරම් මගේ බෙල්ල පිටිපස්සට ඇදිලා පිටිපස්සට පහත් වෙලා තිබ්බද කිව්වොත් කෙල ගිලිනකොට උගුරු දණ්ඩත් ඇදුම් කෑවා. මගේ ඉන වටේ ගිහින් තිබ්බ එයාවේ දකුනු අත වටේ මගේ අත් දෙක යැව්වා.

අපි ඉස්සෙල්ලාම මුන ගැහිලා අවුරුද්දකට හරියටම දවස් කීපයයි. මට මේ මොහොතෙදි ඒ වෙච්ච සියලු දේ ආයේ ආයේ පෙනෙන්න ගත්තේ ඇස් වහගෙන හිටියත් ඇස් ඇරගෙන බලන් ඉන්නවා තරම් ජීවමානව. කවදාවත් හිතුවද අහම්බෙන් ඇඟේ වැදිච්ච මගේ හොඳම යාලුවගේ මල්ලි එක්ක මෙහෙම ආදරෙන් බැඳෙන්න? ආදරය ඉල්ල ඉල්ල, ආදරය ලැබෙනකන් ලෝභ කමේ ගෙවපු මගේ දුක්බර, කම්මැලි, ඒකාකාරී ජීවිතය ඒ රස්තියාදු පාට කොල්ලා මේ විදිහට ආදරෙන්, සතුටෙන් පුරවයි කියලා කිසි දවසක හිතුවේ නෑ. 

එයාගේ හුස්ම මගේ තොල් වල වදිනකොට මගේ තොල් ගැහුනා. "සුදු අයියේ ඇස් අරින්න. මේ අපේ පලවෙනි හාදුව. මට ඔයාගේ ඇස් බලන්න ඕනා!" 

"රෙශ්ඛ්‍ය!" මන් ඇස් ඇරියම එයා හිනා වෙලා හරිම හෙමින් මගේ තොල් උඩ එයාගේ තොල් තියලා ආයේ ගත්තම මගේ ඇඟ පුරා විදුලියක් ගියා වගේ වුනාම මගේ ඇස් දෙක තවත් ලොකු වුනා රෙශඛ්‍ය බලන් හිටියා. එයා හිනා වෙලා මාව එයාගේ පැත්තට හරවන් මගේ කම්මුලෙන් අත තිබ්බම මන් එයාගේ කලු ඩෙනිම් ජැකට් එක අත් දෙකට ගුලි කරගෙන ඇඟිලි තුඩු වලින් ඉස්සිලා ඇස් දෙකත් වහන් කට උල් කරලා ආයේ එක ඇහැක් ඇරලා බලද්දි එයා කට කොනින් හිනා වෙනවා දැක්කම මට ඇස් දෙකම ඇරුනා. 

"මොකද ඔරවන්නේ සුදු අයියේ?"

"මුකුත් නෑ!" මන් ආයේ කකුල් සම්පූර්ණයෙන් බිම තියලා එයාගේ ජැකට් එක අත අරිද්දි එයා මගේ අත් දෙක ජැකට් එකටම තියලා තද කරගත්තා. 

"මන් කිස් කරේ නැති හින්දද තරහා ගියේ?" මූනට එබිලා ඇහුවම මන් ' ඔව්' කියලා ඔලුව වැනුවා.

"මට බයයි ඔයාට රිදෙයි කියලා! බලනවකෝ ඕයි තවුසේ තනිකරම සුදු නෙලුමක් වගේනේ! පෙති තැලුනොත් මට දුක හිතෙයි!" 

"මල අවසර දෙනවානම් පෙති තලන්නට

 බඹරට අවසර නෑ ඔය හැටි තැපෙන්නට" 

ආයේ අඩි හතර හා මාරක් හරහට උඩ! මන් එහාගේ කොලර් එකෙන් අල්ලගෙන ඒ කලුපාට ලොකු ඇස් අස්සේ මගේ හේසල් පාට ඇස් ගිලෙනකොට මාව ඇඳ උඩින් ඇල වුනා. රෙශඛ්‍ය මගේ මූනට පාත් වෙනකොටත් මන් ඒ කොලර්ස් අත ඇරලා තිබ්බේ නෑ. මන් ඇස් වහගත්තෙත් නෑ. 

කොහොම කියන්නද මේ හැඟීම ඒ මෘදු දෙතොල් මගේ තොල් එක්ක පැටලෙනකොට කොහොම ඒ හැඟීම් වචන කරන්නද? ආත්ම සහකරු කියන කෙනාගේ පලවෙනි ස්පර්ෂය දැනෙන විදිහ කියෝලා තිබ්බට මේ ඇත්තටම විඳිනවමයි. ඒක නිකන් හිස් වෙච්ච කලයක් පිරෙනවා වගේ හැඟීමක්, මල් පොහොට්ටුවක් පලවෙනි හිරු කිරණ දකිද්දි ඇහැරෙනවා වගේ හැඟීමක්, කාශ්ඨක පොලවට පලවෙනි දිහ බිංදුව වැටෙනවා වගේ හැඟීමක්, උත්කෘශ්ඨ කලාකරුවෙක් සුදු පාට කැන්වසයක් උඩ පලවෙනි පින්සල් පාර යවනවා වගේ හැඟීමක්, වෙස් තියලා නටනකොට ඉස්සෙල්ලාම ඇහුන ගෙජ්ජි සද්දය වගේ හැඟීමක්. 

රෙශඛ්‍යව මන් කොලර්ස් වලින් තව පහලට අදිද්දි එයා එයාගේ මුලු ශරීරයෙන්ම මාව වහගන්නකොට මට පිස්සු හැදිල්ලා තිබ්බේ. මගේ ඇඟිලි කවදාවත් තිබ්බේ නැති ආවේගෙකින් එයාගේ කෙස් අස්සේ යද්දි පිස්සුවෙන් වගේ තොල් උරන්න ගත්තම මට හිතා ගන්න බෑ මේ මනුස්සයා ඉස්සෙල්ලාම ඉඹින්නේ මගේ තොල් ද කියලා. ඒ තරම් අත්දැකීම් බහුල ගානට, මාව පිස්සු හදවන ගානට මගේ තොල් එයා උරනවා. ඒත් ඒක හරිම කෙනා හම්බුනාම නිරායාසයෙන් වෙන දෙයක් කියලා මටම තේරුනේ මගේ කකුල් නිකන්ම දෙපැත්තට වෙලා මන් එයාව තව මගේ ශරීරයට තද කරගන්නකොට. මේ තරම් කාමාශවකින් කවදාවත් පෙලිලා නෑ කියලා ස්ථීරයි. 

මූන පුරා හාදු තියනකොට මගේ හීන් කෙඳිරුම් හඬ කාමරය පිරෙව්වා. මන් රෙශඛ්‍යගේ මූණ මගේ බෙල්ලට පාත් කරනකොට එයා,

 "සුදයියේ මන් රිද්දනවා!"

"රිද්දන්න රෙශඛ්‍ය!" 

"ආආආආ" බෙල්ලේ හැපුම් පාරවල් එක දිගට තියවෙනකොට වේදනාවත් එක්ක එන අමුතුම ආශ්වාදය මාව මේ ලෝකෙන් හැතැක්ම ගානකට එහාට අරන් ගියා. මේකද මට ඕන වුනේ? මේ හැඟීමට මන් කෑදර වෙනවා වගේ, තව තව ඕනේ වගේ.

මන් එයාගේ ජැකට එක ගලවන්න දඟලද්දි එයා ඉස්සිලා ජැකට් එකත් ගලවලා, ටීශර්ට් එකත් උස්සනකොට මගේ අත නිකන්ම කටට ගියා. කොච්චරනම් පෙරුම් පිරුවද මේවා අල්ලලා බලන්න. මන් ඉඳගෙන අත් දෙකම එයාගේ පපුවට තියලා මිරිකුවම එයා හිනා වුනා.

"තදයි, රස්නෙයි" 

"මෙහෙ එන්න" රෙශඛ්‍ය ඇඳට පෙරලිලා මාව එයාගේ පපුවට තුරුල් කරවත්තම මන් එයාගේ පපුව උඩ කම්මුල් තියාගෙන එයාගේ පපුව උඩට වැටිලා තිබ්බ කලු ගලක් ඔබ්බපු පෙන්ඩනය එක්ක තිබ්බ රිදී මාලේ ඇඟිල්ල පටලවගත්තා. එයාව තව බදාගෙන බර හුස්මක් පහත දැම්මේ වැනිලා, කුරුඳු, දේවදාර, දෙහි, සුවඳ හොඳටම විඳිමින්.

"වැනිලා, කුරුඳු, දේවදාර, දෙහි, හොට් & සෙක්සී" මන් කිව්වම

"අහ්?"

මන් නිකට එයාගේ පපුවට තියන් එයා දිහා බලලා,

"සුවඳද ඇහුවා නේද රෙශඛ්‍ය? ඔව් ඔයාගේ සුවඳ හොට් ඇන්ඩ් සෙක්සී!" 

රෙශඛ්‍ය හිනා වෙලා මගේ කෙස් අස්සෙන් හෙමින් ඇඟිලි ගෙනිහින් මාව හෙමින් නැගිට්ටලා මගේ ඉස්සරහින් වාඩි වෙලා මගේ අත් දෙක. රිදී පාට මුදු දාපු ඇඟිලි පටලවගෙන මගේ මූණට එබුනා,

සුදයියේ, මන් මගේ හදවතින්ම මේ ඉල්ලීම ඔයාගෙන් කරන්නේ, සවේන් දෙනෙත් පෙරේරා, ඔයාගේ ආදරයේ පාටින් මාව පාට කරන්න මැණික.

"රෙශඛ්‍ය!"

"Will you be my boyfriend?"

"Of cause!" මන් රෙශඛ්‍යගේ බෙල්ල බදාගත්තම එයා මගේ බෙල්ල අස්සේ මූන ඔබාගෙන් ටිකක් වෙලා ඉඳලා ආයේ මගේ තොල් වලින් හාද්දක් තියලා,

"මන් ඔයාට ආදරෙයි සුදයියේ. ජීවිතේ අන්තිම දවස වෙනකන් අත අරින්නේ නෑ ඔයාව. ඔය දෙනෙත් රෙශඛ්‍යව හොයන හැම වෙලාවෙම ඔය දෙනෙත් මානෙම ඉන්නම්!" 

"මාත් ඔයාට ආදරෙයි වස්තුවේ. මේ දෙනෙත් හොයන්නේ ඔයාව විතරමයි!" 

ආයෙත් ඒ ඇස් අස්සේ ගිලෙනකොට මන් ටිකට ඒ ඇස් වලින් මිදිලා මගේ සුදු නයිකි දෙක ගලවන්න පහත් වෙද්දි රෙශ්ඛ්‍ය නැගිටලා මගේ සපත්තු ගැලෙව්වම හාෆ් සොක්ස් දෙක විතරක් කකුල් වල ඉතුරු වුනා. 

"ඒවා ගලවන්නේ නෑ?" 

"එපා චූටි කකුල් වල මෙහෙම කියුට් බෙයා කෙනෙක් ඉන්න සුදු පාට සොක්ස් තියනකොට තමයි ලස්සන" මට ලැජ්ජයි!!!! 

එයාගේ ඇන්කල් බූට්ස් ගලවලා, සොක්සුත් ගලවලා දාලා මගේ කකුල් දෙපැත්තෙන් අත් දෙක තිය තිය ඇඳ උඩට දණ ගාගෙන් එද්දි මේ දර්ශණය මගේ 'දිවි' ගමන කොහොම වෙතත් මුවෙක්ට කුරුමානම් අල්ලන දිවියෙක් ගානයි. එයාගේ උරහිස් වල ශක්තිමත් මස් පිඩු ඉහල පහල වෙවී මගේ ඇඟ උඩටම එනකොට මාව නිකන්ම කොට්ටෙට පාත් වුනා. රෙශඛ්‍යගේ කලු ඇස් දෙකේ බැල්මටම මාව පිච්චෙනවා වගේ. මගේ තොල් වෙවුලනවා, ඇස් පිහාටු පවා ගැහෙනවා. මගේ තොල් ආයෙම තෙත් වෙනකොට මන් හිටියේ එයාට සම්පූර්ණයෙන් යට වෙලා. හෙමින් පටන් ගත්ත තොල් පැටලීම එන්න එන්න ආවේගකාරී වෙනකොට රෙශඛ්‍ය පිස්සුවෙන් වගේ මගේ නිල් පාට ශර්ට් එක ගලවලා විසික් කරා. එසැණින් උණුසුම් ඇඟිලි මගේ සුදු ටීශර්ට් එක අස්සෙන් මගේ බඩ ඇල්ලෙනකොට කෙඳිරීම් නම් නවත්ත ගන්න බෑ. 

සුදු ටීශර්ට් එක යටින් මගේ නිරුවත් පපුව මැද්දෙන් ඇඟිලි ගෙනත් ශර්ට් එකේ රවුම් කර අස්සෙන් අත දාලා මිනී ඔලුවක් වගේ මුද්ද දාපු දබර ඇඟිල්ල මගේ තොල් වලින් තිබ්බම මගේ මුව නිකන්ම විව්‍ර්ත වුනා. රෙශඛ්‍යගේ මූණේ හිනාවක් ඇඳුනම මන් ඇඟිල්ල තව මුවේ බහාලගත්තම රෙශඛ්‍ය මුලු ඇඟිල්ලම මගේ උගුර පල්ලට වෙනකන් දැම්මම මට කැස්සකුත් හැදුනා. ඊටපස්සේ අපි දෙන්නටම හිනා. මගේ කෙල වලින් නෑවුන එයාගේ ඇඟිල්ල එයාගේ කටේ දාන් ඉරුවම මගේ ඇස් දෙක තුන් ගුණයක් විතර විශාල වුනා. 

"මට තවුසෙට කරන්න හිතෙන ඒවා තවුසේ දන්නවනම් දැන්ම මෙතනින් පන බේරන් දුවනවා සුදඅයියේ!"

මන් හිනා වෙලා දකුණු කකුල උස්සලා එයාගේ කලිසම මැද්දට තිබ්බම මගේ ඇස් දෙක උඩ යනකොට රෙශක්‍ය මහ වල් විදිහට හිනා වුනා

'අම්මෝ ඒකේ ලොකු!' වචන එයාට ඇහුනේ නැති එකමයි හොඳ!

මන් එයාගේ නිරුවත් බඩේ ඉඳන් උඩට මගේ හාෆ් සොක් එකෙන් 

වැහුන කකුලේ මහපට ඇඟිල්ල ගාවගෙන උඩට එද්දි රෙශඛ්‍ය තොල් හපාගෙන ඒ දිහා බලලා මගේ දිහා එක ඇහිබැමක් පහත් කරලා බලලා පැත්තට හිනා වුනා,

"තවුසෙට හොඳවයින් මොනා හරි ඕනවෙලා වගේ සුදයියේ!" එහෙම කිව්වම මමත් යටි තොල හපන් 'ඔව්' කියලා කිව්වම රෙශඛ්‍ය විදුලි වේගෙන් මගේ කකුල් දෙකම අරන් එයාගේ උරහිස් උඩින් තියාගත්තම එයාගේ උසට මාව මගේ ඉනෙන්ම ඉස්සුනාම රෙශඛ්‍ය මගේ ටීශර්ට් එක උඩට කරලා සුදු රිප්ඩ් ශෝර්ට් එකේ ඉනත් පහලට කරලා යටි බඩ මැද්දේ ඉඳන් හාදු තියන්න ගත්තම,

"රෙශඛ්‍ය!!!"

ඒත් නතර නොවී ඇස් මගේ ඇස් එක්කම පටලන් තව තව ශර්ට් එක උස්ස උස්ස පපුවේ මැද්දට වෙනකන් හාදු තියලා එක පාරට ටීශර්ට් එක ගලවලම විසික් කරලා බෙල්ලට පහත් වෙලා කලින් තිබ්බ සලකුණු ආයේ අලුත් කරනගමන් මගේ අතෙන් දෙකක් විතර අතින් මගේ දැඩි වෙච්ච තැන් අල්ලනකොටත්,

"‍ආආආආ රෙශඛ්‍ය!" 

"එහා පැත්ත! මට බලන්න දෙයක් තියනවා!" කිව්වම මන් කියන පරක්කුවට හැරිලා ඉවරයි.

මගේ පිට මැද්දෙන් මැද ඇගිල්ල හෙමින් බෙල්ලේ ඉඳන් පහලට ඇඳන් එනකොට මිනී ඔලුවට යන්තන් හීරෙනකොට මුලු සරුවාංගෙම මයිල් කෙලින් වෙනවා. 

"මේක! මාව පිස්සු වැට්ටුව දේ! මාව පැත්තට හරෝලා හරියටම ඉන නැවෙන තැන තියන හදවතක් හැඩේ ලා දුඹුරු පාට උපන් ලපය වටේ ඇඟිල්ලෙන් හදවතක්ම ඇඳලා මූන පහත් කරලා එතනින්ම හාද්දක් තියනකොට මන් කොට්ටේ හපාගත්තා.

"තවුසෙව හම්බෙන්න ඉද්දි නිමාලී ආන්ටී බලන් ඉඳලා තියෙන්නේ සීගිරි අප්සරාවක් දිහාද කොහෙද!" 

"ඔයා කොහොමද ඒක දන්නේ?"

"හෑ?" රෙශඛ්‍යගේ ඇස්දෙක උඩ ගියා.

"අපේ අම්මගෙයි තාත්තගෙයි කාමරේ සීගිරි බිතු සිතුවම් වල පිතූරයක් රාමු කරලා තියනවා."

"අම්මෝ ඉතින් මගේ විජ්ජුලතා!!!" රෙශඛ්‍ය හක හක ගාලා හිනා වෙන්න ගද්දි මටත් හිනා ගියා. 

මතු සම්බන්ධයි.....

More Chapters