Cherreads

Chapter 24 - 24

කවදාකවත් නැතුව මගෙ පපුව පුපුරන්න එනවා....මේ අත් දෙකෙන් අනන්ත අප්‍රමාන මිනි කපල ඇති ...කපන කොටන කතුරුවලට වැදලා අතට ගත්තට...මෝචරි ලැල්ල උඩ තියන මලකද දිහාව බලන මගෙ ඇස් වලට කවදාවත්ම කදුලුපටක් බැදුනෙ නැතිම තරම්...

අනුකම්පාවක්...දුකක් වේදනාවක්.....අනෙ මන්දා.....මොකක්ම හරි ගුලියක් පපුවෙ හිර උනත් ....අද වෙනකන් මට බැරි උනා ඒ ගුලිය ඇතුලෙ තිබුන හැගීම් මේකයි මේකයි කියලා ලෙහලා ගන්න...මේක අනුකම්පාවක්...මේක දුකක් වේදනාවක් කියල වෙන් කරගන්න....

ඒත් කවදාවත් නැතුව මගෙ ඇස් ගැස්සුනා.....මගෙ පපුවෙ අර හිරවෙන ගුලිය මොකක්ද කියන්න මගෙ අතටත් වඩා කෙසග,දර ඉපලකට අන්තව දිරාපු ගියපු අත අයිති කොල්ලා ටිකෙන් ටික මගෙ බල නහරවලට කාවද්දනකොට අයිස් ලාච්චුවල මලකදන් බස්සන් ඉන්න මෝචරි කාමරෙ දොරකොඩ ගාවදි පරංගින්ගෙ කාලෙටත් වඩා පට්ට පරන පාටක් ගත්ත තැනින් තැන පිපිරුම් පාරවල් ගියපු පාට පවා මලගම් ගියපු සිමෙන්ති පොලව උඩට කදුලක් වැටුනා....ඒකත් වම් ඇහෙන් විතරක්....

මාව හිටිතැනම ගල් ගැහිලා...

බේත් සුවද අරක් ගත්ත ඉස්පිරිතාල කොරිඩෝව පුරාවටම එක මොහොතකට දරන්ඩ බැරි මූසල නිහැඩියාවක් ගලාගන යනකොට මගෙ ඇස් ඉස්සරහා වහල තිබුන මලකදෙ සුදු රෙද්දෙන් යන්තමට අතක ඇගිල්ලක් එලියට පැනලා තියෙද්දි ඈත කොරිඩෝවකින් පන ගහන එකෙක් සතප්පවන් යන යකඩ ඇදකින් නොයා බැරි කමට ඉස්සරහට ඇදෙන රෝද හතරක වචන නැති විලාපයක් ඇහුනා...

මගෙ දකුනු අත තවත් කෙසග සර්වාංග කදක බරකින් පාතටඇදෙනවා....ඒකා මගෙ අතෙ එල්ලීගන දුක කියනවා.....මිනී කපන්නෙක් උන මගෙ අතේ එල්ලීගන මලගම් ගියපු එකීලගෙ වගතුග කියනවා...

තුන්ලෝකෙම නතර වෙලා වගෙ හැගීම් දැනෙන යාමෙක මගෙත් එක්ක ආව මගෙ පන ටිකව පවා එක මොහොතකට මගෙ ලෝකෙන් එලියට වීසි වෙලා යන තරමට අගන්තුක මලගෙදර ශෝකාලාපෙ කවදාවත්ම නැතුව මාව අසරනකෙරුවා....

වැහි අහිමි මහපොලවක හුස්ම එක්ක පොර බදන උන්ටම දෙයියො මෙහෙම දුක් දෙන්නෙ පියවගන්ඩ බැරි ණයක් වත් අපෙන් උඹලට වෙලා තියනවද දෙයි හාන්දුරුවනෙ...????

ල...ම.....යො.....

මගෙ ඇස් පිල්ලම් ගැහෙනවා.....පපුවත් ඔහෙ ගැහෙන්නන් වාලෙ ගැහෙනවා....කොච්චර ළඟින් උන්නත් ගව් හතක දුර ඉදන් කතා කරන්නා හා සමාන කෙදිරුමකින් මට මගෙ අකාස වස්තුවගෙත් වචන ඇහෙනවා.....ඒ ඔක්කොටම හපන් ආගන්තුක ශෝකාලාප කාරයා මගෙ සංවේදි නාලිකා මිරික මිරික මටත් රිදවනකොට වැහි නැති අහසෙ පුපුරන්න උරුම හෙන මගෙ පපුවෙ පිපිරුනා.....

ඕකි අන්දකාරෙට බයයි බන්.....ඕකිගෙ හිත කනා මැදිරි එලියට පවා බයයි ....

ඕකි රිදෙනවට බයයි . ...ඕකි ගොම්මනට බයයි ....ඉ..ඉර අවරෙට....ය්...යනකොටම....අඩන....ර්...

රැහැයිගෙ ඇ...ඈඩියාවට ඒකි බයයි ...බ...න්.....

මගෙ උගුරු ගැටෙ ඉහල පහල යනවා...වම් ඇහෙන් වැටුන කදුලු කැටෙ මහපොලවට වැටිලත් විලාප ගහනවා.....අර කොල්ලා මගෙ අතේ එල්ලීගන දුක කිය කිය මැරෙන්ඩ හදනකොට චිරි චිරි ගාන සද්දෙන් මගෙ පය පාමුල ගාව නැවතුන යකඩ ඇද උඩ අන්තීම නින්ද නිදාගන උන්න කෙල්ලව දැක්කා විතරයි අරකා මගෙ අත ඇතෑරලා අර මලකදත් මරාගන කන්න හැදුවා...

මැනිකේ...හ්හ්...සුද්දියෙ.......

මැනිකෙ...මං ආවා.....අයියො මං ආවා බන්...මං ආවා......මට කියපන්....මට කියපන් මැනිකෙ...නිවාඩුවට ආව මට මේවද උඹ ඉතුරු කෙරුවෙ.......

මැනිකෙ නැගිටපන්.....රත්තරන් නැගිටපන්....නැගිටල බලපන් රත්තරනෙ මං උඹගෙ පාලු කන් පෙත්තට අරුංගලයක් ගෙනාවා මැනිකෙ....අනෙ නැගිටපන් බන්....අනෙ නැගිටල බලප්න්.....

මට කියපන්.....මං....ආයම.....අ..අර පුරුදු....ප්..පාරෙ....ත්..තට්ට තනියම යන්නෙ කොහොමද මැනිකෙ...මට කියාපන්...උඹ අන්දකාරෙට බයයි ....තට්ට තනි ගෙදර පාලු මුස්පේන්තුවට බයයි.....

මැනිකෙ...අනෙ....අනෙ...මයෙ දෙයියො....මැනිකෙ මේ අහපන්....මේ...මේ....අහපන්...රත්තරනෙ...එහෙව් උඹ අර මූකලාන් ගැහුන....සොහොනෙ.....කොහොමද...නි...නිදියන්නෙ...මැනිකෙ....නැගිටල්ලකො.....

අනෙ ඕකි දීලා පලයල්ලා.....

ඕකිට නින්ද ගිහිල්ලා.....

ඕකිට නින්ද ගිහිල්ලා අනෙ ඕකිව දීලා යමව් යකො...

මේ තුන් ලෝකෙ කවුරුත්ම....අනෙ...අනෙ....අම්මෙ.....හ්...අම්මෙ.....හ්...අනෙ....බුදු අ...අම්මෙ.....හ්.....ඒකිට මගෙ හුස්ම දීලා හරි...මාව උඹලගට ගනින්...මයෙ.....අම්..මෙ........

මෙ අත....ම්..මේ....අත....අනෙ...මැනිකෙ...මැනිකෙ.....උඹගෙ අත්වල පන ගිහිල්ලා...උඹගෙ අත්වලත් පන ගිහිල්ල.....ඇයි රත්තරනෙ...ඇයි බන් උඹ මට මෙහෙම දුකක් දුන්නෙ.....ඇයි කියපන්....අනෙ....ඇයි කියපන්...අම්මා අප්පා නැති අනාත මාව අනාත කරල උඹ සීතල උනෙ කොහොමද මැනිකෙ ....????

අ...ම්මා...නැති මට....අ..අම්මෙක්....උ..උන...මාව අනා...ත...කරල්.ගියෙ....ඇ..ඇයි බන්.....??

මේකිලාව්ද් සීතල වෙල අයියෙ.....එක දොස්තර මහත්තයෙක්ට වත් මේකිගෙ පන අරන් දෙන්ඩ...බැරිද කියපල්ල...අනෙ.....මගෙ පපුව පැලෙනවා....මගෙ..පපුව පැලෙනවා මැනිකෙ....

මං නෙවෙ වචනයක් කිව්වෙ.....මම නෙවෙ හුස්මක් ගත්තෙ...මගෙ අත්වල ඇගිලි දහයම අර යකඩ ඇදේ කොන් කිටි කිටියට මිරිකගන ඇදත් ඇදගනම හර්ස් එක ගාවට එනකොට අරකා මහපොලවෙ හැපුනා...මගෙ කකුල් වල එල්ලුනා....ඒකිව දීලා යමන් ගගා ඉස්සරහට කැරකෙන රෝද නවත්තන්ඩ හැදුවා......දුකත් එක්ක පිට වෙන වචනවලින් තව තව මයෙ පපු කද හත් කඩකට පැලෙන්ඩ එනකොට ඇදේ එල්ලුන කොල්ලා අනිත් පාර සුදු රෙද්දෙන් එලියට වැටුන කෙල්ලගෙ අත අරගන පපුවට හිරකරන් මේ අත සීතලයි ගගා අඩ අඩ සීතල අත උනුහුම් කරන්ඩ නහින කොල්ලව දකින මගෙ දෙවනි වතාවටත් ඇස් වලින් කදුලු කැටයක් වැටුනා...

මන්දාරම්....

එයා මට කතා කරනවා...

කතා පෙට්ටිය නිවිලා ගියපු ආකාස හාමු පස්ස පාරෙ ඇවිදින් අවසානෙදි මලකද උස්සලා හර්ස් එකට දානවත් එක්කම මන්දාරම් කියලා කතා කෙරුවා....ඒත් මම නෙවෙ ඒ මුන දිහාවත් මට කතාකරපු එකට වත් උත්තරයක් දෙන්න ගියෙ.....කරපු එකම දේ නම් බස්නාහිරේට ඔලුව හිටින්ඩ හර්ස් එකට දාපු මලකදෙ සුදුරෙද්දෙන් එලි බැහැපු තැන් වැහුව එක වෙනකොට

දුක කිය කිය පස්ස පාරෙම ආව කොල්ලා ගුගුර ගුගුරා වැහි වැහැපු වැස්සක් නොහිතන යාමෙක පෑව්වා හා සමානව එකපාර ඇඩිල්ල නැවැත්තුවා.....

කොටින්ම ඌ හර්ස් එකෙ ගැට්ටෙන් ඉදගන වචනයක් නොකියා මලකද දිහාව බලාගන ඉදලා හතරවටම පිච්චෙන තරම් ගිනියම් උන හුස්මක් පිට දාලා ඇදන් උන්න කමිස සාක්කුවට අතදාලා මක්කද මන්දා කොල කෑල්ලක් අතට ගත්තා...

වචන නෑ....විලාප නෑ.....ඉකිගහන පපුවයි.....කදුලු හලන ඇසුයි විතරයි....උඩු අතටඇරලා තිබුන හර්ස් එකෙ පිටිපස්ස දොරට අත තියාගන උන්න මං කොල්ලට නැගිටල අහකට යමන් වත් නොකියා බලාගන උන්නා...ඒ චුට්ටකින්ම ඒකා මගෙ දිහාවට හැරිලා අර කොල කෑල්ල් මයෙ දිහාට දික් කෙරුවා.....

.......................මේක....මේ මාසෙ බේත් තුන්ඩුව....

..........

මේකි...ලාට...හතිය.....එ...

එකාකාරෙට.....මේ අත් ගෙවෙනකන්....ස්...සපත්තු මහල...මහලා.....ගන්න...තුට්ටුවම...හූර...හූර....මේකිට....එ...ව්වා.......බඩට....නොකා...ගන්න...ගිනිකන අවුවෙ.....ඉදන්.....සපත්තු...මහ...මහ....මේකිලාට....එ..එව්වා...

...........

අම්මා...අප්පා....න්...නැති....මා...එ..එක්ක...දීග....ය්...යන්ඩ....දෙන්නෙ....න්...නෑය....

කි..කිව්වට...මයෙ....අම්මා.....එ...එල්ලිලා...මට නොදුන්නට.....ඇයි අම්මෙ....එල්ලුනෙ....අයියො මං තරහා....නෑ.....මේ අතවලට....ම්..මොන...හයියක්ද.....තොන්...ඩුව...දාගන්ඩ....ආවෙ...මා.එක්කලා...දීග....ය්...යන්ඩ...දුන්නෙ නෑය....ක්..කියලා....මයෙ අම්මා...යන්ඩ ගිහි....ල්ලා....

..............

....ගාන කීයද?

.............???

උඹලා ගාව තියන අඩුම පෙට්ටියෙ ගාන කීයද ??අන්දකාරෙට බය මේකිව මට තට්ට තනිකරන්ඩ බෑ බන්

ඩස්!!!

පපු කැහුතු පුපුරන් යන තරන් බරට බර හුස්මක් එක්ක මහ සද්දෙන් හර්ස් පියන වැහිලා යනකොට මං බලාගන නිල්පාට ආකාසෙකට මන්දාරමක් ආරූඪ් වෙලා තිවුනා....ඒ මුනම කලු ගහලා.....යටි තොල විකාගන ඉන්න විකාගැනිල්ලට දැන් වැටෙයි දැන් වැටෙයි කියලා හිතුනත් කට ඇරලා සුදු මහත්තයා ඕක නවත්තපන් කියලා කියාගන්ඩ වත් වචන එලි දාගන්ඩ පපුවට හයියක් නැතුව අඩපන වෙලා ගියපු මන් ඒ මුන දිහාව යන්තමට වගේ බලලා ඇදන් උන්න සරමත් යන්තමට කැහපට කවන් හර්ස් එකෙ දොර අරිනවත් එක්කම මන්දාරමකට උරුම අංගාර පාටින් මූන කලු කරන් උන්න හාමු තැනත් ඉස්සරහට ගොඩ උනා....

හර්ස් එක පන ගහනවා....ගියර් කැඩෙනවා...ඉස්සරහා රෝද යන්තමට එහා මෙහා කැපිලා ඉස්සරහට පස්සට පස්සට ඇදිලා අවසානෙදි ඉරට්ටෙ මනුස්ස පරාන අංකෙකට, පන ගියපු මනුස්ස පරානයක් එකතුවෙලා ඔත්තෙ අංකයක් එක්ක හර්ස් එක මහ ඉස්පිරිතාල ගේට්ටුවෙන් එලියට ආවා....

මහපාර බදුගත්ත වාහන ඉස්සරහාට ඇදෙනවා.....සමහරක් අපිව පහු කරන් යනවා...සමහරක් අපි එක්කලම යනවා....එලි බැස්ස වෙලේ ඉදන් කටට නිවනක් වගේම මගෙ කන්වලටත් සැනසීමක් නොදුන්න අනූඅටයි දශම අට නිවිලා ගිහිල්ලා...වාහනේක හෝන් සද්දෙට වඩා මහ බරට පාතට වැටෙන හුස්මවල් ඇරුනම හර්ස් එකම පාළුවට ගිහින් තිබුනා....

එයා ඔහේ ඉන්නවා...මෙච්චර වෙලාම පස්ස හිස් වෙලා තිබුන හර්ස් එකෙ මලකදක් තියන් හන්දද....නැත්තන් අරකොල්ලගෙ වචන හන්දද මන්දා මගෙ හාමු තැනව සම්පූර්නම් ගොලු කරලා තිබුනා...කොටින්ම මහ ඉස්පිරිතාලෙ ඉදන් අර කිලෝමීටර් ගානම එයත් මාත් අතර තිබුනෙ කුට්ටි කපන්න පුලුවන් තරම් නිහඩතාවක් වෙනකොට පදුමගෙ කඩේ ගාවින් ආපිට බොරලු පාරට වැටෙනවත් එක්කම මං බලාගන කඩ ලෑල්ලට බර වෙලා උන්න මුදලාලි මායියා ආපිට ඇතුළට දුවනවා.....

මට හිනහා යන්න ආවා...මගෙ හාමු තැන කිව්වත් වගෙ මුන් හිතාගන ඉන්නෙ සදාකාලිකව නවතින්න ආව මනුස්සයො කියලා....

ගම් හතකට උතුරන්ඩ තරන් ආදරෙ කරන මනුස්සයගෙ කල්පනාව කොහෙදෝ දුරක.....පස්ස කෑල්ලෙ මලකද....හර්ස් එක දැකලා කඩේට දුවාපු මුදලාලි මායියා...මේ ඔක්කොම අර කොල්ලගෙ වචන හොල්මන් කරන බර උන මයෙ තුන් හිත...මේ ඔක්කොම තියාගන කඩ මිදුලට හර්ස් එක දාපු මං කවදාවත් නැතුව යන්ඩ ආව ගමන නොයා ආපිට වාහනෙ හරවගත්තා.....

මලකදක් අතට දුන්නම ආය ගෙදරට ගිහින් බාරදෙනකම්ම හැම දේම තිවුනෙ මේ අත් උඩ උනත් ආදර පරානෙගෙ නිහඩ බව උහුලනු බැරිම තැන මන් යන්ඩ ආව ගමන නොයා ආපිට වාහනෙ හරවගත්තා...

මන්දා...රම්.....

කොච්චර වෙලාවකට පස්සෙද...වේදනාවෙන් බර වෙලා තිවුන හදවතෙ නාඩි වැටෙන්ඩ ගත්තෙ දැන්ද කොහෙද....මෙචචර වෙලාම මමවත් නොදන්න ඉසව්වක් දිහාව බලාන උන්න මගෙ ආකාස වස්තුව ඇහෙන නෑහෙන ගානට මන්දාරම් කියලා මුමුනවා එක්කම මං ඒ මූන දිහාව බැලුවා....

ඒ මූන තනිකරම පත්තර පිටුවක් ගානට වැටිලා.....

අර හිනාව දියවෙලා ගිහිල්ලා....හිනාවෙන ඇස්වලට මලගමක් අරක් අරගන.....

.....ම්න්...

අපි මේ කොහෙද යන්නෙ මන්දාරම්...මෙ...මේක නෙවෙනෙ පාර...

..............දන්නවා ....ඒත් උඹලා ඔහොම ගොලුබේත් බිව්වම මයෙ පපුවට මකුනුදැල් බදිනවා ආකාස...

.........වෙනදටත් මෙ විදිහමද මන්දාරම්...මං අහන්නෙ.....මං අහන්නෙ....අද උඹගෙ තනියට මන් ඉන්නවා....තට්ට තනියෙන් මලකදක් ගේනකොට වෙනදටත් මෙහෙමද...

....ආකාස අහන්නෙ මට බය හිතෙනවද කියලද....?

....ගමට නොයා ආපිට හරවන් ආව මං ආපිට ආව මහපාරෙම සෑහෙන දුරක් ගිහින් ආයමත් පාළුවට ගියපු බොරලු පාරකින් හර්ස් එක හැරෙව්වා....වෙනසක් නෑ....අර පාර මේ පාර කියල වෙනසක් නෑ..දෙකම එකයි...ඒ ගහකොලමයි....ඒ මල්මයි .....එක හුලන් පොදකින් දූවිලි කුනාටුවක් ගහන තරමට දූවිල්ලෙන් වැහුන බොරලු පාර....තැනින් තැන අස්සාද්දාපු හේන් කට්ට් ...ආයමත් පුරන් වෙලා ගියපු කුඹුරු කැල්ලක්....කරල් පැහුනත් කපගන්ඩ මට බුලත් දිදි වදින මනෝරත්න මුදලාලිගෙ කුඹුරු කැල්ල.....

කාලෙකට කලියෙන් මහ උජාරුවෙන් හුනුපිරියම් කරන් ඉදලා කාලෙත් එක්කම වයසට ගියපු දිරාගන යනගමන් තිවුන ගෙයක් දෙකක්..ආයමත් පුරුදු විදිහටම මැටි පැලක්...

අවුරුදු මාසෙ කිට්ටු වෙනවා...ගමට කලියෙන් මට අවුරුදු ලැබුවට වටින් ගොඩින් අවුරුදු කියාගන දැන් ඇහැරෙන එරබදු මල්....මූකලන් වෙලාගියපු පාලු ඉඩමක මායිම් ලකුනු කොරන්ඩ ඉන්දාපු වැටමාර ගස්වල පීදීගෙන එන ආ දමට හුරු වැටමාර මල් කිනිති....අහස අල්ලන්ඩ හිතානද කොහෙදො හත් රියන් අට රියන් පහුකොරාපු සල්ගස්වල පිපුන සල්මල්....

මේ හැම දෙයක්ම මයෙඇස් වගේම ඒ ඇසුත් දැක්කට මොකො කුලුදුලේම වගේ මේ ගම පුදුමාකාර ලස්සනයි ගග නැහුන ආකාසට ඒ වචන සම්පූර්නම අමතක වෙලා ගිහින් තිබුනා...පිපුන සල්මලක් දිහාවත් වැටමාර යාන්ගෙත් එරබද්ද දිහාවත් ඔහේ බලාගන උන්න එයා මගෙන් ඇහුවෙ වෙනදටත් මෙහෙමද කියලා වෙනකොට බොරලු පාර දිගෙ හීන් සීරුවට හර්ස් එක ඇදෙනකොට මන් කෙරුවෙත් තවත් තත්පර ගානක් වචනයක් වත් නොකියා ඉදලා අහපු ප්‍රශ්නෙට උත්තරයක් වෙනුවට ප්‍රශ්නයක්ම අහපු එක වෙනකොට මං බලාගන කොස් කදක් කරේ තියාන එන වයසක උන්දෙක් හර්ස් එක දැකලදො කොහෙදො උරහෙ බරකරාන තිවුන කොස් කද බිමින් තියලා වැට මුල්ලෙන් හිටගත්තා....

හ්ම්...බයද මන්දාරම්.....මං අහන්නෙ වෙනදට මේ දුර තට්ට තනියෙන් එනකොට උඹට බය නැද්ද මගෙ මන්දාරම්...ඇඩෙන් නැද්ද??

.......මේ තාක් කාලෙකට මට බයක් දැනිලා නෑ ආකාස.....ඒත්...මයෙ හිතට කවරදාකවත් නැතුව දුකක් දැනුනා ආකාස....මයෙ පපුවම හූරගන ගියා සුදු මහත්තයා.....වෙනදට ඇඩෙන් නැති උනාට කවරදාවත් නැතුව මට අද ඇඩුනා මගෙ හාමු....

.....උඹගෙ පපුවට කොහොමද මගෙ මන්දාරම් මේවා ඔරොත්තු දෙන්නෙ .....?ඉපදුනොත් මැරෙන්ඩ ඕන....ඒක ස්තීරයි....ජීවිතෙ අනියතන් මරනය නියතන්.....මගෙ මන්දාරම් ඒකයි යතාර්තෙ ....අටලෝ දහම කියන්නෙත් ඕකටමයි මන්දාරම්....ඒත්....මං අහන්නෙ උඹගෙ පොඩි පපුවට මෙව්වා කොහොමද මගෙ රත්තරන් ඔරොත්තු දෙන්නෙ.....මගෙ පපුව පුපුරයිමයි කියලා මං හිතුවෙ....ඒ කොල්ලා අඩුම පෙට්ටියෙ ගාන ඇහුව වෙලාවෙ...මාවයි බන් එතනදි මැරෙන්ඩ ආවෙ....

මේ කෙල්ල මොන මගුලටද මගෙ ලමයො .....මන්දා මන්දාරම්....මන්දා....මට රිදෙනවා බන්...මගෙ ඔලුවත් එක්ක දෙදරුම් කනවා...පපුවත් එක්ක බරයි....ඌ හුස්ම ඉල්ලලා වැද වැටෙනවා....උඹගෙ අත් අල්ලන් ඒකිට රිදවන්නෙ නැතුව කපපන් කියනවා...ඌ නොදන්නවා උනාට....බෙනරගම මගෙත් පපුව පැලුනා.....

ආදරේ ගාවදි අපි නොදැන හුගක් කණ්ඨකලගෙ පපු දාස් ගානක් පැලුනා බෙනරගම.....

එයා එකම දිගට කියවන් යනවා.....මගක් කියවනවා.....දෑතින්ම ඔලුව බදාගන්නවා.....ඒ ඇස්වලට අඩන්න ඕන උනත් අඩාගන්න බැරුවද කොහෙද ඇසුත් අසරන කර කර මගෙ ආකාස වස්තුව අනුන්ගෙ දුකක් ගාව මේසා කියව කියව හූල්ල හූල්ල් අහක බලාගන්නකොට මං කන්නාඩිය හරහා පස්ස කෑල්ලෙ තිබුන මලකද දිහාව බලාගන ඉදලා මහ බරට හුස්මක් පාත දැම්මා.....

මැරෙන්ඩ ක්‍රම කෝටි ප්‍රකෝටි ගානක් තිවුනත්....ඉපදීම් තියෙන්නෙ එකයි මගෙ ආකාස.....ඒකිලාට ඒකිලාගෙ පන නහගන්ඩ තිවුන හේතුව මක්කද කියන්ඩ උඹලට මට හොදාකාරවම ඇහුනා...මින් එහා මට ඒකිලා ගැන හූල්ලන්ඩ කාරනා නෑ....ඒත්....මට අරකගෙ වචන පුදුමාකාර විදිහට රිදවනවා....හිත ගලක් කරගන අඩුම පෙට්ටියෙ ගාන් අහනවා.....ඒකි කොහොමද මගෙ හාමු මූව එක මොහොතකට අමතක කරලා එල්ලුනෙ.....

එතකොට උඹ කොහොමද මන්දාරම් මාව අමතක කරලා හමුදාවට යන්ඩ දගලන්නෙ?????උඹ කොහොමද අර නොදරුවා දාල හමුදාවට දුහන්ඩ හදන්නෙ කියපන්...

ස්...සුදු මහත්තයා.....

මෙච්චර වෙලාම කිසිඇදයක් නැතුව කතා කරපු මට එක පාරම ගොත ගැහුනා...අරකි කොහොමද කොල්ලව අමතක කරලා එල්ලුනෙ අහනවත් එක්කම මගෙ ආකාස හාමු කෙරුවෙ මගෙ බෙල්ලට තොන්ඩුව දාපු එක වෙනකොට පුරන් වෙලා ගියපු කුඹරක් ගාව හර්ස් එක නැවතුනා...

උඹ හිතන්නෙ මං ඔය නඩුව අගිස්සවන්නෙ නැතුව බබා වගේ ආපිට කොලඹ යයි කියලද මන්දාරම්....???උඹ හිතන්නෙ මං නාහ නාහ උන්නට මට කාරනාව අමතකයි කියලද මන්දාරම්...ආ.....???? මටත් අහන්ඩ තියෙන්නෙ උඹ අපෙ එකාට කියලා අර ෆෝම් එක් පුරවගන්ඩ අහනකොට නිකන් වත් මාව මතක් උනේ නැද්ද කියල මන්දාරම්....

සුදු මහත්...තයා...

කට.....උඹ කට අරින්ඩ හදන්ඩ එපා මන්දාරම්....උඹ හිතන්ඩ එපා මං උඹ ඔය හිතන තරන් අහිංසක එකෙක් කියලා...උඹ වහ වැටුනෙ මගෙ කටහඩට ඒක මගෙ රස්සාව....මට එතනට ගිහින් විරහ කතා හිනා වෙවි කියන්ඩ බෑනෙ නේ...පටලගන්ඩ එපා .....හැබැයි මන්දාරම් මං හිතන තරන් සියුමැලි මටසිලුට්ටෙක් නෙවෙ අන්න ඒක මතක තියාගනින්...

උඹව අයිති උඹට නෙවෙ මන්දාරම් උඹව අයිති මට අන්න ඒක හොදට මතක තියාගන ජීවත් වෙයන්....උඹට ඔය හමුදාව බැදෙන්ඩම ඕනද ම්ම්ම්ම්ම්ම්....???මං අහන්නෙ උඹට ඔය වන්නි සටනට යන්ඩම ඕනද????කියපන් කියපන්.....උඹගෙ කටෙ තියෙන්නෙම් ඕකනෙ....උත්තර දියන් යකො මගෙ දිහාව බලාගන ඉන්නෙ.....උඹ හිතන්නෙ තුවක්කු බටෙ උස්සන් උඹ වන්නියෙ අතුරුදන් වෙනකොට මට මෙහෙ හොදට හුස්ම කට අරන් ජීවත් වෙන්ඩ පුලුවන් ඇති කියලා නේ.....???

මොකද උඹට දැන් කතා කරන්ඩ පන නැද්ද.....

උඹ අහනවා මේකි එල්ලෙනකොට අරූව මතක් උනෙ නැද්ද කියලා...එතකොට උඹට...උඹට මාව මතක් වෙන්නෙ නැද්ද...???

මං ඒ මුන දිහා බලාගන උන්නා...මේ තත්පර ගාන ඇතුලත එය් හැසිරුනෙ පුදුමාකාර තරහවකින් වෙනකොට මීට එක තත්පරේකට උඩදි ඔලුව බදාගන දුක් උන බරම බර හුස්මවල් ගත්ත මගෙ ආකාසෙ වැහි නැතිවම ගුගුර ගුගුර මගෙ ඇගට කඩා පනිනකොට වචනයක් වත් නොකිව්ව මං ඒ මූන මගෙ අත් දෙකෙම්ම අල්ලගත්තා....

සුදු මහත්තයා.....

උඹට මටත් වඩා ඔය හමුදාවට යන්ඩ තියන රුදාව ලොකුද මන්දාරම්.....???මට උත්තර දියන් වස්තු...උඹට මාව මතක් වෙන්නෙ නැද්ද...හරි....උඹට යන්ඩම ඕනා නම් පලයන්...තනියෙන් නෙවෙ මාත් එක්ක...උඹ බුදුවෙයන් මන් බිම්බාව වෙන්නම් කියපු මට උඹව යුද්දෙට තනියෙන් අරින්ඩ බෑ මන්දාරම්...

බුදු වෙන්ඩ ඕනා නම්.....මටත් උඹ එක්කම බුදුවෙන්ඩ පින මදිනම් රහත් වෙන්ඩ හරි පින්දීපන්....උඹ මැරෙන්ඩ යනවා නම්....මටත් උඹ ගාවම වැලලෙන්ඩ ඉඩ දීපන්....උඹට කලින් මං මැරුනොතින් මාවත් මේ අත්වලින්ම අන්දවපන් .....නාදුනන එකෙක් අතෙන් හැඩවෙනවට වඩා මට උඹගෙ අතින් හැඩවෙන එක මැරුනත් සැපක් මන්දාරම්.....දාපන් මටත් එක්කම ඇප්ලිකේශන් එතකොට උඹට මට පුලුවන් එකටම ඔය වන්නියෙ මැරිලා යන්ඩ...

කිව්වා වගේම මන් ප්‍රාර්තනා කරන්නෙම උඹට කලියෙන් මාව මැරෙන්ඩ...එතකොට උඹට පුලුවන් ඔය අත්වලින්ම මාව අන්දවන්න...පුලු....ව

ආකාස!!!!(චටාස්..)

මං හිතන්නෙ අතුල්පාරෙ සැරට කන් බෙර පුපුරලා යන්න ඇති...මලකදට පවා නාඩි වැටෙන්ඩ ඇති.....ඒ තරමට හයියෙන් මං කෑ ගැහුවා....මාවත් ඔය අත් වලින්ම අන්දපන් කියනවත් එක්ක මගෙ දරදඩු අත ඒ මට සිලිටු කම්මුල දෙදරවලා දැම්මා....

මගෙ පපුව හත්කඩකට පුපුරලා ගියා...ආදරෙන් හාදු තියාපු කම්මුලම මගෙ ගොරහැඩි අතෙන් තැලනවත් එක්කම මගෙ පපුව හත් අටපලකට පුපුරලා ගියා ....ඒ ඇස් පනාපිට මගෙ ඇස්වලින් හැගීම් දියර වාන් දැම්මා....

මන්....දාර..ම්....

ස්.....ස්...ස්.....

ශ්ශ්.....ඇයි මගෙ වස්තුව අඩන්නෙ...ම්මම්ම්ම්ම්....ගුටි කෑවෙ මමනෙ මන්දාරම්.....ඒත් අඩන්නෙ උඹනෙ රත්තරන් ඇයි මේ....

පුදුමෙක තරම....ඒ වැදුන පාරට මගෙ අත්ල පවා කැක්කුම් කෙරුවා...ඒ තරමට බරට මං ඒ කම්මුලට ගැහුවා....සුදු කම්මුල තඩිස්සි කරගන අතේ අච්චුවක් කම්මුලෙ නැවතුනත් ඒ ඇස් නෙවෙ කදුලු හැලුවෙ...මගෙ ඇසුයි ඉකි ගහලම අඩ අඩ වේදනාව වාන් දැම්මෙ....

මගෙ...පපුව...ප්...පුපුරවන කතා කියන්ඩ....එපා...ආකාස....මගෙ පපුව අමුව අමුවට මරන්ඩ එපා මගෙ හාමු...

ඒ තරමට මට ආදරෙයිද මන්දාරම්.....?ඒ තරම් ආදරෙ හන්දනේද්ස් මන්දාරම් උඹට මගෙ වචන අහන් ඉන්න බැරි උනේ.....උඹට මාව නැතිවෙයි කියන බයට නේද ඔයතරන් තරහා ගියෙ මගෙ මන්දාරම්.....ආදරෙයිද කියලා මං ආයම අහන් නෑ මගෙ ලමයො....මොකද ආදරෙ මිමි පරිමා...මේ ඕක්කොම මගෙ පපුව දන්නවා...මේ කම්මුල් පාර මට උඹගෙ ආදරෙ තරම තේරෙනවා....

මිනිය සීතල උනෝතින් වකුට්ට ගැහිලා දරදඩු උන අතපය මට කඩන්ඩ වෙනවා.....ඒත් ඊට වඩා කෑලි කෑලිවලට කඩලවත් ආපිට යතා තත්වෙට ගන්ඩ බැරි තරමට මගෙ පපුව පිපිරුවා....අතෙ තිබුන මගෙ අත් අච්චුව දකින දකින පාර මගෙ පපුව පුපුරු ගහනකොට ඇස් වලට කදුලු කියන නාමයක් වත් නැති මගෙ ආකාස වස්තුව මම ගහපු අතම අරගන ඒ පපුවට තුරුලු කරගන මහ පන්ඩිත කතා අහුරු අහුරුගනන් කියවනකොට මං මගෙ අනිතතින් ඒ කම්මුල හීන් සීරුවට මගෙ පිට අල්ලෙන් පිරිමැද්දා....ගුටිකාලා මූන රත් කරන් උන්නත් මගෙ පිටඇගිලි ඒ කම්මුල ස්පර්ශ කරනවත් එක්කම මං බලාගන ඒ ඇස් යන්තමට අඩවන් වෙලා මූනෙ හිනාවක් ඇදෙනවා....

.

මං යන්නෙ නෑ හාමු.....

...

දවසක...මේ සොබාදහම ඇවිදින් මයෙ කාලෙ හරියි කියලා මාව උඹගෙන් ඉල්ලගන්න තාක් කල්...මෙ මිනිකපන එකා උඹලට බාරයි ආකාස....

......එහෙනම් අයියට ආදරෙයි කියන්න එකපාරක්....

........

ඔන්න ඔන්න.....මේ...මේ...මල්ලි මං දැන් ගුටිත් කාල නේද ඉන්නෙ....???ඔන්න.....මේක හරි කෙලියක්නෙ...ගුටි කන්ඩත් ඕන.....අයියට ආදරෙයි කියපන් මල්ලි.....අනෙ .අනෙ.....මාව ගනන් ගන්නෙ නෑනෙ....ම්හුක් දිස් ලිට්ල් බිච්!!

මොකක්.....???

න්..නෑ...නෑ...අනෙ.....මොකුත් නෑ....කනක් ඇහෙන්නෙත් නෑ.....කන් බෙරෙ පිපිරුවද මන්දා මල්ලි.....ඔයා හයියෙන් ගහනවනෙ අනෙ...ආදරෙයිද ඇහුවම ආදරෙයි කියපන්කො....ඇයි යකො....මේක පුදුම කෙලියනෙ.....ආකාසයියගෙ කන ඇහෙන් නෑ වගේ මල්ලි....ඇහැත් පොඩ්ඩක් පේන්නෙ නැතුව ගියා වගේ...

මෙච්චර වෙලාම නවත්තලා තිබුන හර්ස් එක ආයම පන ගැහුවා...ගුටිත් කාලා මගෙ හිතත් හදපු එයාම ආයම මන් ලව්වා ආදරෙයි කියලා කියවගන්න හදනකොට වැඩි අගේටත් එක්ක එයාව චුට්ටක් අවුස්සන්න හිතාගන ගනන් නොගෙන ඉස්සරහා බලාගද්දි ආයම අර පරන රේඩියෝව වැහුන මගෙ ආකාස වස්තුව අහවරක් නැතුවම කියවන් යනකොට එක තත්පරේකට රැස් පෙන්නපු මං එයාවත් නොහිතන යාමෙක හීන් සීරුවට ඒ දිහාවට බර උනා...

මගෙ ඇගිලි පාර හිටපු ඒ සියුමැලි කම්මුල උඩ වචන වලට නොපෙරුලන ආදර හාදුවක් මහ බරට නැවතුනා.....!!ආදර හිනා මල් කිනිති අහුරු කෝටි ප්‍රකෝටි ගනන් මගෙ පපු මැද්දෑවෙ ආකාස වස්තුවක් නමින් පිබිදුනා....!

ඇයි අනෙ...අනෙ ඇත්තමයි මල්ලි.....අයියලාට අත උස්.....ම්....ම...මන්දා.....රම්...

මගෙ ආකාස වස්තුව....මං උඹලට ගම් හතකට උතුරන්ඩ ආදරෙයි මගෙ ආකාස!

*

*

අපි මේ මොන පාරෙන්ද යන්නෙ ලමයො.....අර පාරට වඩා මේ පාර ලස්සනයි මන්දාරම්...මේ පාරෙන් ගිහිනුත් යන්න පුලුවන්ද....

ම්න්...

ඒ උනාට මේක දුරයි වගේ නේද....යනවා යනවා ඉවරයක් නෑනෙ.....මේ පාර දුරද...

ම්න්...

එහෙනම් මොකටද මෝඩයො මේ පාරෙන් ආවෙ.....ඊටත්.....මේ...අනෙ.....මන්දාරම්.....පිටටිපස්සෙන් සද්‍දෙකුත් එනවා වගේ.....ඇයි යකො කෙලින් අල්ලන්න පුලුවන් නහය වටෙ අත දාලා අල්ලන්නෙ.....අනෙ වෙරි සොරි මල්ලි....මං කුනුහර්පයක් දෙකක් කියන්නද....

මගෙ කන් බෙර ආයම පුපුරන්න එනවා...මෙච්චර වෙලාම සන්වේදී වෙලා උන්න මගෙ ආකාස වස්තුවට මක්කවත් කිල්ලක් වැහිලා වගේ ආයමත් කච පච ගාලා කියවන්ඩ ගත්තා මදිවට පස්සෙන් සද්දයක් එනවා කියන ගමන් මගෙ අත් ගොබෙ අත් දෙකෙම්ම මිරිකගත්ත මගෙ හාමු කිල්ල අනිත් පාර කුනුහර්පයක් කියන්ඩද ඇහුවා...අනෙ දෙයියනෙ ඔය පස්සෙන් ඇහෙන්නෙ ඇද හිමි හිමීට වාහනෙ වැදෙන සද්දෙ මිසක් වෙන මොනවද.....

ෆක් යූ බිච්...මදර් ෆකර්...යූ ඈස් හෝල්...හෝලි ශිට් හෝලි ක්....ක්...ක්..අනෙ...ව්.....මල්ලි.....

සුදු මහත්තයා....!

ට්..ටක්...ටක් ගානවනෙ...

මොකක්.....

පිටිපස්සෙන් ටක් ටක් ගානවනෙ....

එහෙනම් ඉතින් කව්ද අවෙ අහපන්...රාක්සයෙක් කියයි....ඔය ඇදවදින සද්දෙ සුදු මහත්තයා....වෙන මොකවත් නෙවෙ...මන් කිව්වනෙ උඹලා හිත බය කරගනී කියලා...කියන ලබ්බ අහන් නෑනෙ.....

හ්..හරි...හරි...අනෙ....මාත් නාඩි වැටෙන පිරිමියෙක්නෙ....මන්දාරම්...

හ්ම්ම්ම්....

නිල්පාටින් හැඩ වෙච්ච මේ අහස යට.....උඹ මගෙ ගාව ඉන්නකොට මං මොනවට බය වෙන්නද මගෙ මන්දාරම්.....

මෙච්චර වෙලාම එකම වේගෙන් ආව මං මගෙ අත්ගොබේට මූන තියාගන උන්න මගෙ වස්තුවට යන්තන් හාදුවක් තියන ගමන් කන්නාඩිය හරහා පස්සෙ කැල්ල දිහාව බැලුවා.....වෙනමොකටවත් නෙවෙ....ඒ හිත ගස්සන්නෙ නැති වෙන්න දාහක් බොරු කිව්වත් මන් දන්නවා...මලකද පස්සෙන් ඒ අයිති ආත්මෙත් අපි එක්කම ඔය පස්ස කෑල්ලෙන් ඉදගන පන කෙන්ද ගිලිහුන මලකද දිහාව බලාගන හූල්ල හූල්ල ඉන්නවයි කියන්න....

මොනවා කරන්නද....ඇත්ත කියලා මේ හිත ගස්සන්නද...නැත්තන් ඇත්ත දැන දැන මං මයෙ හිත ගස්සගන්නද....

පරන පාරෙන් නොයා මෙහෙන් යන්නෙ ඇයි ඇහුවනෙ උඹල.....බඩුවක් පෙන්නන එක්ක අවෙ...සුදු මහත්තයා ඕන් බලාගනිල්ලා....තව ඩින්ග වෙලාවකින් ඒකදන්තයගෙ මුලු රැලම මේ පාරෙන් මරු වෙනවා.....පව්....ඒකලා...දලෙ නැති උනත් හරි රැලෙන් පිටමන් වෙලා තනියා උනා...

දලදෙකක් ඕනමද මන්දාරම් රැලෙඉන්ඩ.....

දල නැති උනායින් පසේ මේකට වඩා හයිරමෙක් ඉන්නැද්දි මූ කොහොමද සුදු මහත්තයා ඒකගෙ තේජස දියාරු වෙලා යන්ඩ දීලා වල්ගෙ අකුලගන පැත්තකට වෙන්නෙ....ඒකයි ඕකා දැන් ඔය ගමම අල්ලෙ නටවන්න හදන්නෙ.....

නපුරෙක් උනාට පව් නේද...

හ්ම්...කාට කාටත් පහු සටහන් තියනවා මගෙ ආකාස.....ඕන් බලාගනිල්ලා...ඕන් එනවා...ආන්...ආන්.....අලුතින් වදාපු පැංචොත් ඉන්නවා...

මාරු වෙන යාමයක් බල්ල අලිමංකඩක් කිට්ටුව හර්ස් එක නවත්තන් උන්න මන් එයාට පාර මාරු වෙන අලිරැලක් පෙන්නුවා.....සද්දන්තයො පුදුමාකාර තේජාන්විත ලීලාවෙන් පාර මාරුවෙනකොට මන් බලාගන ඇතිනියො රෑනක් මැද බටු ඇටසයිස් පුංචි පුංචි පැටව් දෙතුන් දෙනෙක් එවුගෙ ඇබිති කකුල් වලින් දුවනවා.....අරුන්ගෙ ගමන එක්ක මෙවුන්ට දුවාගන්ඩත් බෑ..නොදරු කමට එවුන් අර ඇබිති හොඩවල් කොම්බු කරන් මදිවට හුරුතලේට මක්ක මක්කවත් කිය කිය කෑ ගහනකොට ඒ ඔක්කොම යටකරගන රැලෙඉස්සරහින් ගියපු සද්දන්තයෙක් ඒකාගෙ තේජාන්විත ගොරනාඩුව ගම් යායටම් ඇහෙන්ඩ දුන්නා.....

ඇයි මන්දාරම් අර පුංචි එවුන්ව අර ඇතින්නියො වටකරන් ඉන්නෙ....අයියො අර...අහැට පේන්නෙත් නෑ පොඩි එවුන්ව...පව් අනෙ....අනෙ හරි හුරතල් ලමයො....අනෙ මන්දාරම් අලිපැටියෙක් අල්ලා දෙන්නකො...

මට හිනා ගියා.....අලි පැටියෙක් අල්ලා දෙන්න කියපු අකලට වයසට ගියපු මගෙ ආකාස වස්තුව ඇස් කරකව කරකව අර පාර මාරුවෙන අලි පැටව් දිහාව බලාගන ඉන්නකොට මන් ඒ ඔලුව අතගෑවා.....

මගෙ ආකාස දන්නවද....ඇත් රැලක.....අලි රැලක ඇතින්නියක් කෙනරක් පැංචෙක් වැදුවම මුලු රැලේම ඉන්න ඇතින්නියන්ට කිරි එරෙනවා කියන්න....මනුස්ස වේවා සතා සීපාවා වේවා ස්ත්‍රී පරාන ඉපදෙන්නෙම මව්වත් කම අතේ ගුලිකරගන....වරෙල්ලා යන් මයෙ අම්මෙ.....සුනන්ගු උනෝතින් මට මේ අතපය කඩලා විසේ යනවා....මන් උඹලව ගේ දොරකොඩින් බස්සන් යන්නම් රත්තරනෙ උඹලා නැවතියල්ල.....

නෑමාත් එනවා.....මටත් බලන්ඩ ඕන......

උඹ ආය කන්ඩ හදන්නෙ ආකාස.....කිව්වම අහල නැවතියල්ලකො.....උඹලා වමනෙ හලලා ලෙඩ වෙයි රත්තරනෙ.....

කමක් නැ.....මට හොදට ගුටිකාලා පුරුදුයි...මාව එක්ක පලයාන්න්.....අනෙ එක්ක යමල්ලකො....එක්ක යමල්ලකො.......එක්ක යම හරිද...

*

*

*

ආ අනෙ... ඔයා දැන් මෙයාගෙ ඇදුම් ඔක්කොම ගලවලද නාවන්න යන්නෙ....

........

මල්ලි බබා....මේ අඩුව මොකක්(චටා....ස්)ඌව්...හ්...අමො..අනෙ...ආයම.....ගැහු...වා...ගහනකොට කියලා ගහපියකො මල්ලි.....ඉතින් මේ අඩුව මොක්කද කියකො...ඌයි...අනෙ....ගහපු පාරට පිටත් කොකියනවා....

ඕක තියලා පැත්තකට පල...කූරු ගානවා..කූරු ගානවා අහවරක් නෑ.....ගිහින් ඉදගන් මට මේක කරගන්ඩ දීලා ....යකො ආව වෙලේ ඉදන් මායන් වෙනවා වෙලාව කීයද...මේක ගිහින් දෙන්නෙ රෑ දෙගොඩ හරියෙද....ඉදගන් මෙතනින්.....බැහැපිය බලන්ඩ....කඩනවා අඩු....

........දැන් ඔය ඇදුම් ඔක්කොම ගලවපුවාම ඒ ලමයට ලැජ්ජයිනෙ....මල්ලි ඇස් වහගනින්කො.....ඔය කට්ට මොකක්ද අනෙ...මේ.....මල්ලි....ඔය කතුරෙන් කපන්නෙ කොහෙද.....

උඹගෙ කට බන්...උඹගෙ කට!

THANK YOU

More Chapters