Cherreads

Chapter 10 - 10

සීදේවි....සී...දේ....වී.....ඔහෙ...ඔහෙ.....ඔහෙ .සීදේවි.....ජරාව බොන්ඩ එපා තේජක....සමනා...ල්....සුදු පුතා මගෙ ..සමනා....ල්...අමාකරයා කැතයා...සීදේවී....."

මට හුස්ම හිරවෙන්න ආවා.....එහෙන් ටී ශර්ට් එක...අනිත් පැත්තෙන් කානුවා වඩම්මන් ආව පසනා.....මෙ ඔක්කොමත් එක්ක අවසානෙදි සුසංගතා ම්..මූනම්.හුත්තිගෙම පුතෙක්...අපරාදෙ අම්මා කියපු වෙලාවෙ මූව පිට්පස්සෙන් එල්ලුවා නම් හරි...ඒත් කොහෙ එල්ලන්ඩද....වරත්තු පූසෙක් වත් ඇවිත් මුගෙ බෙල්ල කාලා ගියොත්....ඒත් දෙයියනේ මන් වැටුන අමාරුව එක්ක මූව කොටියම කාලා ගියත් මදිනෙ.....

මට දැන් කක්කුටු ඇතිලියම ඔලුවෙ හලාගන්න තිබුනා.....සින්ක් එක ගාව උන්න අම්මා ඔක්කොටම වඩා බයවෙලා.....එයා එතන ඉදන් රවනවා....එයා මොකටද රවන්නෙ...ආ..ආ....එයාට හිතෙ අමාරුව ඇති හැන්දගෙ ටීශර්ට් එක මං ඇදන් උන්නට....අනේ ඇත්තමයි අම්මෙ හැන්දා මගෙන් යාලුවෙන්න අහලා ඉවරයි...පෙ සම්බන්දෙට මොකක් හරි උනොත් අම්මා මං පයිනවා මූදෙ....

ආ බන්....උඹට කොහෙද කියපන් ඕක...මං උඹට තියන ජොකාගෙ පාටෙ ඉදම්ම දන්නවා සුදු මහත්තයා හ්ම්....කොහෙන්ද මේ හම්පඩ බාච්චුව....?බලන්ඩ නැගිටපන් ....තනිකරම සීනි කාරයෙක් වගේ.....හලාවත ඉස්පිරිතාලෙ සීනිපෝලිමෙත් උඹ වගේ උන් ඉන්නවා.....හ්ම්..හ්ම්...කොහෙන්ද කොහෙද මේක....

මට දැන් කට උත්තර නෑ...අප්පච්චි අහනවා මේ හම්පඩ බාච්චුව කොහෙන්ද කියලා... බාච්චුවක් කියපු එක හරි ඒත් මේක හම්පඩ නම් නෑ කියලා කෑගහන්න හිතුනත් අප්පච්චි ගෙ වචන වලට බය උන මං හිටගන ඒකෙ තරම පෙන්නුවා විතරයි අප්පච්චි මට සීනි කාරයා වගේ කිව්වා...

මේක....හම්පඩ නෑ අප්පච්චි ...

මොකක්...හම්පඩ නෑ....හම්පඩ නැත්තෙ කොහෙද

නිකන් බොරුවට ලමයව බය නොකර කන්න අනේ.....ඕක මෙච්චර කල් ගෙදර තිබුනා....

ගෙදර තිබුනා....ඇයි ඕයි මං ගෙදර නෙවෙද උන්නෙ එතකොට තමුසෙ මේක ගෙදර තිබුනා කියන්නෙ...

ඔයා ගෙදර උන්නට නිවාඩු තිබ්බද තේජක....එන්නෙ රෑට විතරයි....මහපොලවට ඉර එලිය වැටෙන්න කලින් ගෙදරින් යනවා...ආපිට ගෙදර එන්නෙ රෑට රෑවෙලා....ළමයි නිදි.....ඉතින් කොහොමද ඔයා ගෙදර දේවල් දන්නෙ....ඕක අවුරුදු කාලෙ මැකරල් වලට හම්බුනෙ...හතරක් ගත්තොත් ටීශර්ට් එකක්....නැතුව ලමයට කොහෙන් හම්බෙන්ඩද....විකාර අනේ ඔයාට...නිකන් බය කරනවා ....

ඒකනෙ අප්පච්චි ....නිකන් බයකරනවන්....මෙව්වා හතරක් ගත්තම නිකන් හම්බුන ඒවා.....

මං හිතන්නෙ මගෙ රැකවල් දේවදූතයව අපෙ අම්මට වැහුනා...අප්පච්චි පන්න පන්නම හැන්දා ගැන අහන ඇහිල්ලට මාව හැදිගෑවිලා යන්න එනකොට සින්ක් එක ගාව උන්න අම්මා අනිත් පාර අප්පච්චි ගාවට ඇවිදින් මාව බේරගන්න හදනකොට අම්මට සාදාරනයක් කරන්න ඕන හන්දා මගෙ හැන්දව ඇඩ් කරන් ඉන්න තරහාව අමතක කරපු මං මේ වෙලාවට විතරක් සටන් විරාමයක් ගහල අප්පච්චි ට උත්තර බදිනවත් එක්කම අප්පච්චි ආයම බඩ දගලන කතාවක් කිව්ව...

හ්ම්...හ්ම්.....මං නොදන්න දේවලුත් තියනව එහෙනම්...ඔය හැන්නදිගෙ කියන්නෙ අර ස්කීපර්කාරයටනෙ..මැකරල් එකයි අයිස් එකයි ඔය මාලු වෙලදාමයි ඒකගෙනෙ ...මහ එකාගෙ බාර් එක...අයියට හෝටලෙ....ඔව්වට සල්ලි මහ මුහුදෙම්ම විතරක් හම්බෙනවා නම් බැරියෑ...අපිත් ඉන්නෙ මේවලනෙ....බලාගමුකො.....මහලොකු ස්කීපර් හාමුගෙ වැඩ

මට දැන් කලන්තෙට වගේ.....නංගි බබා හම්බෙන්න ඉන්නෙ අම්මට උනත් අම්මට නිතර නිතර අල්ලන කලන්ත ගතිය මට දැනෙන්න ගත්තා....නිදිමත වමනෙ ඔලුවෙ ඇම්ම බඩ පෙරලන ගතිය මේ ඔක්කොම මට දැනෙන්න ගත්තා....

හැන්නදිගෙ කියන්නෙ ස්පීකර් කාරයට නේද අහපු අප්පච්චි මගෙ හැන්දගෙ ආදයම් මාර්ගෙට අනන් මනන් කියාගන එනවත් එක්කම මං අතේ තිබුන කක්කුටු අන්ඩත් දෙකට කඩලා ඇතුලෙ තිබුන ඉස්ම ටික සුරුස් ගාලා උඩට ඇදලා මගෙ ගාව ඉදන් බලාගන උන්න සාගරිකගෙ කටට මසුත් එක්කම අන්ඩ තිබ්බා...

අනෙ ඇත්තමයි මට දැන්නම් අප්පච්චි එක්කත් තරහා යාගන එන්නෙ...අප්පච්චි ගෙ වචන වලට පිටින් ගිහින් මගෙ ගෘහ මූලික කමේ මෙව්වා එක පෙන්නනත් හිතෙනවා.....අප්පච්චි ඔය වටින් ගොඩින් කියන් එන්න හදන්නෙ මගෙ හැන්නදිගයියා කුඩ්ඩෙක් කියලද දන්නෙ නෑ...කුඩු සල්ලි වලින් මෙව්වා කරනවා කියලද දන්නෙ නෑ...අනෙ අම්මා....පල්...ල....මගෙ හැන්දා ගැන විස ඔලුවට දාපු එකාට නම් අර්ශස් හැදෙන්න ඕන....ඇයි යකො මගෙ හැන්දට විරුද්ද වෙන්නෙ මගෙ එකා අහවල් දේ කෙරුවටද....අර අපෙ හැදි අත්තම්මා කිව්වා වගේ මූට හම්මනලා ගන්න එපැයොනෙ....

ඇයි යකො...ඔලුවක් උස්සන්න දෙන්නෙම නෑනෙ....ඔලුවක් උස්සන්න දෙන්නෙම නෑනෙ ....

කරස්....කුරුස්....

සාගරිකා කරස් කුරුස් ගගා කක්කුටු අන්ඩ හපනවා...අයි අයි අප්පිච්චි මේ පුතාගෙ අලුත් යාලුවා කියාගන ආව කානුවා තවමත් පසනගෙ අතින් අල්ලන් බය වෙලා වගේ අප්පච්චි දිහාවයි අම්මා දිහාවයි බඔඅන් ඉන්නකොට තවමත් ඉදිමුන් කාපු කටක් තිබුන පසනා වට පිට බල බල අපෙ ගෙදර තියන දේවල් බලනවා...මූත් මොකක් හරි ලබ්බක් කිව්වොත් නම් කාට නැතත් මට නම් අද මූදෙ පනින්න වෙනවා....

නිස්කාරනේ මගෙ හැන්දට චෝදනා කරපු අප්පච්චි ඇගිලි තුඩු වලින් තේ මග් එකේ දාරෙ පිරිමදිනකොට මන් පසන දිහා බලන් උන්නා...මූ මොකක් හරි දාතු කතාවක් කිව්වොත් මං මුගෙ කටට පාන් බාගෙම ඔබනවා.....

මං බලාගන උන්නා...පසනා වටපිට බලනවා...කටත් ඇරගන ඌ ගේ පුරාවටම ඇස් කරවනවා...බිත්තියෙ ගහලා තිබුන පින්තූර දිහා බලනවා.....කානුවගෙයි මගෙයි චූටි කාලෙ පින්තූර දිහා බල බල ඔලුව කසනවා.....පසනා තනිකරම සුන්ගාවිල පැත්තෙ දෙමල කාක්කෙක් වගේ.... අනිකගෙ ඒකගෙ උඩට මොකුත් නෑ..යටට ඇදන් උන්නෙත් මූ එක වසරට යනකොට ඇදපු නිල්පාට කොටකලිසම...ඒකත් අල්ලි දෙකයි....ඉනෙන් උඩ තනිකරම මලකඩ කාපු කවකට්ට වගේ...දනිස් දෙක තනිකරම නෑඹිලි දෙකක් වගේ.....කකුලට වඩා දනිස් පොල් කටු ලොකුයි...හාල්සේරුවක් විතර ඒදන්න පුලුවන් ඒකගෙ දනිස් පොල්කට්ටෙ

කකුල් තනිකරම ලාබ යකඩෙන් හදාපු බෙදුම් කටු දෙකක් වගේ...ඊටත් මුගෙ කකුල් වලට මුද්‍රප් පලම් අලවලා වගේ...ලප විමානයයි..දනිස් වල ලෙලි නෑ.....කොටින්ම පසනව ලෝක සෞක්‍ය මෙව්වා එකෙන් දැක්කොත් මූට සේලයින් දීලා සස්ටජන් ටින් එකකින් දමලා ගහනවා.....ඇයි යකො මුන් කන්නෙත් එසේමෙසේ මාලු නෙවෙනෙ.....සාලයො සූඩයො කන්නෙත් නෑ...කන්නෙම කුට්ටි මාලු...අපෙ එක්කෙනාට කියන්න ඕන පසනව ක්ලිනික් එකකකට වත් එක්ක ගිහින් මොනවා හරි යම් දෙයක් කරන්න කියලා ....

ඇරත් මාත් අනාගතේ ඔය ගෙදරට යන්න ඉන්න කෙනා...මේ ලමයව අපෙ නුවර කවුරු හරි දැක්කොත් බය වෙනවා...මට මොකද වෙන්නෙ...මගෙ නුවර නම්බුවට මොකද වෙන්නෙ...අපෙ පරම්පරාවෙ මේ වග් කවුරුත් නෑ...මූ අඩුමාසෙන් එලියට ඇවිත්ද මන්දා...තනිකරම මඩකලපු කොටුවක මුල්ලක් අල්ලන් හැදුන අඩු වයස් මඩ ඉස්සෙක් වගේ

හැබැයි පසනට කියන්න ඕන මට නම් පප්පා කියන්න එපා කියලා ....අයියෙම කියන්න කියනවා....ඒත් නෑ කම් හරියට ගෙනියන්න එපැයිනෙ...අපි නුවර අය....ඕනාවට එපවට නෑකම් කියන්නෙ නෑ...පප්පගෙ ගෑනු සතා පප්පි....ඒත් දෙයියනෙ මට පප්පි කියලා හරියනවද.....සුදු පප්පයි...පප්පියි...ඒ මොන සෙප්පඩවිජ්ජාවක්ද ඒ....කමක් නෑ...පසනට කියන්න ඕන මටත් මාමෙ කියන්න කියලා...නැත්තන් අමාකර අයියෙ....අපෙ අරකා වගේ කැතයා කියන් ආවොත් නම් මං මුගෙ කට ගිහින් බෝට්ටු එන්ජිමක අතුල්ලනවා ....

....දන්නෙ නෑ.....අනෙ තේජක....ඒ මනුස්සයා කවුරු උනත් අපිට මොකද...ඔයාට ඒ මනුස්සයා කරපු දෙයක් තියනවද....කවුරුත් කියන කතා අහලා ඔලුවට විස පුරවගන්න එපා...මහන්සි වෙලා වැඩකරන මනුස්සයට දියුනු වෙන එක මහ දෙයක් නෙවෙ...එහෙනම් ඉතින් ඔයත් ඇදුම් මාරු කරනව වගේ වහන මාරු කරන්නෙ පොලිසියෙ රස්සාවම විතරක් කරලා නෙවෙ වෙන්න ඕන...ඔයත් එහෙනම් වෙන වෙන රස්සා කරනවා ඇති අපි නොදැන

මෙච්චර වෙලාම පසනගෙ සර්වාංග කූඩුවත් මෙච්චර මගුල් වෙලා තියෙද්දි ඒ ඔක්කොම අස්සෙ මගෙ හැදි අනාගතෙ ගැනත් කල්පන කර කර උන්න මාව ගැස්සිලා ගියා...කවදාවත් නැතුව අම්මා අප්පච්චිට බනිනවා..ඒකත් හැන්දා හන්දා....වෙන කවුරු ත් හන්දා නෙවෙ හැන්දා හන්දා....ඇත්තමයි මට දැන් නම් තරහත් යාගන එන්නෙ....අම්මා කතා කරන්නෙ මගෙ පැත්තට උනත් ඕනාවට වඩා මගෙ හැන්දා ගැන හොද කියනකොටත් මට තරහා යන්න ආවා....හැන්දා ආදරෙ මට...මැනිකෙ කිව්වෙ මට...මෙයාට අක්කෙ කිව්වට එයා මගෙනෙ.....

එක අතකට හැන්දා හදන්නෙ මගෙ මාර්ගෙන් අම්මට ලන් වෙන්නද...අනේ ඇත්තමයි මට බුට් එක තිබ්බොත් නම් මන් පනිනවා මූදෙ...පැනලා මෝරෙක් වෙලා මන් ඔවුන්ගෙ බෝට්ටු ඔක්කොම හිල් වෙන්න කොටනවා.....ඇයි යකො....මේක හරි මගුලක්නෙ...අනෙ අප්පච්චි හැන්දා මගෙනෙ....අම්මා මාව බේරන්න හැන්ද්ගෙ හොද කියනවා වැඩි වෙනකොට පුතාට තරහා යනවනෙ.....

හිත යටින් පුපුර පුපුර නාහෙන් අඩ අඩ උන්න මන් මගෙ පැත්තට කතා කරපු අම්මා දිහා බැලුවා...කමක් නෑ....හැන්දයියගෙ ඒ ප්‍රශ්නෙ මන් අම්මා එක්ක පස්සෙ කතා කරගන්නම්...දැනට මේක විසදන් ඉමු.....අම්මා තනි උනොත් පව්නෙ...ඇරත්..මට අප්පච්චි එක්ක වාද කරන්න පුලුවන් .....මට දහ අටයි .....අප්පච්චි නැති තැන ගෙදර පිරිමියා මමනෙ....ඒ කියන්නෙ ඩිපියුටි ගෘහමූලිකයා....!

අනේද කියන්නෙ.....එයලා එහෙම නරක දේවල් කරන මිනිස්සු නෙවෙ වෙන්න ඇති අප්පච්චි ...නේ...ද....අනික .අප්පච්චි වගේ සාදාරනව හමබ්කරන මිනිස්සු ඉන්නෙ එකයි නෙවෙනෙ.....අම්මගෙ කතාව හරි...මං අම්මගෙ පැත්තෙ....අපි එහෙම ඇගිල්ල දික් කරන එක හොද නෑ අප්පච්චි ....

හිත යටින් චන්ඩියා උනත් මොකද අප්පච්චි ට ගූ බය මගෙ කටින් ඔය ටික කියවෙන්න පැයක් විතර ගියා වගේම අප්පච්චි බනිී කියන බයටම මන් ඉක්මනට ආයම අම්ම දිහා බලලා රිලේ දුවනකොට පොල්ල ඉස්සරහා එකාට දෙනවා වගෙ අම්මටත් පොල්ල පාස් කරලා මැච් එක ගහන් යමං සමනලී කියලා ආයාම පාන් කෑල්ලක් හොදි වල ඔබාගන....ඒකටම සම්බෝල චුට්ටකුත් තියාගන කටේ ඔබාගත්තා...

ඔයාට හැමදාම ඕනෙ ගෙවල් මාරු කරකර ඉන්නද.....රාජකාරිය කරනවා කියලා ඕනාවට වඩා රාජකාරියට බැදෙන්න එපා තේජක...දැන් වත් ඔය වෙච්ච දේවල් වලින් පාඩමක් ඉගන ගන්න...මොකො ඔයාගෙ පැත්තට කව්ද උන්නෙ...ඔක්කොම ඇමතියගෙ පැත්ත ගත්තා මිසක්....මන් මෙ ළමයි එක්ක මොන ගින්දරක් ඉහිලුවද කියන්න ඔයා දන්නවා...ඕනාවට වඩා ඔය ඇදුමට යට වෙන්න එපා තේජක....

ඔයාට මන් කියලමයි එක්ක ආවෙ මේ පාරවත් සැනසීමෙන් ඉමුයි කියලා ...ඇත්තමයි මං ළමයි දෙන්නා අරගන යනවා යන්න තේජක ඔයා ඕන දෙයක් කරගන්න...මේ මොන විකාරයක්ද ...කොච්චර වත් මිනිස්සු ගැන සැකෙ...අපෙ පුංචි අම්මා කට කැඩෙනකන් කිව්වා ඔයා එක්ක ගියොත් වෙන දේ.....කොහෙද මටත් ඇස් අන්ද උනානෙ....තේජක දෙයියන්ගෙ නාමෙන් මං කියන්නෙ රන්ඩු ඇවිස්සෙන වැඩ නම් කරන්න එපා තේජක...මං නොකිව්වා කියන්න එපා...මේ පාර නම් මං ළමයි ළමයි දෙන්නා අරගන් යනවා යන්න.....

ඉතින් යනවා..කව්ද එපා කිව්වෙ..මමම ගිහින් අරින්නම්....හැබැයි මගෙ ළමයි දෙන්නව තියලා.....අනික තමුසෙගෙ කට ඕයි....ගෙවල් මාරු කරලා දවසයි දෙකයි...තනිකරම අසූ අටෙ මැරුන ජෙප්පෙක් වගේ....පුංචි අම්මා කිව්වා නම් තමුසෙ පුංචි අම්මා එක්ක ඉන්ඩ එපැයිනෙ...මොන මගුලට මා එක්ක ආවද..මටත් dg ගෙ දුවව බැදන් ආතල් එකේ ඉන්ඩ තිබුනා.....අනික තමුසෙ බය වෙන්න ඕන තමයි...මට දෙයක් වෙනකොට තමුසෙට ගානක් නැති උනොත් ඕයි ඒක ඊටවඩා මට ගින්දරක්නෙ..මගෙ ගෑනි මට ආදරේ නෑ කියන එක ඔය ඔක්කොටම වඩා ලොකු නැද්ද...අනික ආ ඕයි තමුසෙ කියන්නෙ මං ඇදුම් මාරු කරනවා වගේ වාහන මාරු කරන්නෙ ගංජා විකුනලා කියලද....ඔව් ඔව්...පොලිසියට අහුවෙන ඔක්කොම මං විකුනනවා.....කුඩු සල්ලි වලින් තමයි තමුසෙ ඔය විච්චූරන කරන්නෙ

අනික තමුසෙ මොකද කොහෙවත් යන මාලුකාරයෙක් හන්දා මා එක්ක ඇරගන්න එන්නෙ....තමුසෙගෙ මිනිහා මන්ද නැත්තන් ඌද...තමුසෙට යන්න ඕනානම් කියනවා මේ දැම්ම හරි මං ගිහින් අරින්නම්...හැබැයි යනු විතරයි එනු නෑ...ඒකත් තනියෙන් ..ළමයි දෙන්නෙ නෑ...අමාරු ඇති තමුසෙට හදලා....ගිහින් අර වලව්වටම වෙලා ඉන්නවා.....ගිහින් මහ මැනිකෙ වගේ අපෙ මහත්තයා ගාගා ඉන්නවා...අගස්තිමාල දෙකතුනක් පටලන් වලව්වෙ ඉන්නවා..පුලුවන් නම් මේ පාරවත් අර ඇදට හයිය ලෑලි ටිකක් දාන්න කියනවා...දෙක වදිනකොට බිම..ඒකට මොකද මහ මොනරගෙ පිලෙ රැස් නම් තියනවා

මන් හිතන්නෙ මෙ පාර අම්මගෙ හතර සීමාව පන්නලා අප්පච්චි හයක් ගැහුවද කොහෙද ...ඇත්ත....අම්මගෙ මිනිහා අප්පච්චි ද හැන්දද....අම්මට මොකද ඩෝන් යන්නෙ...මං හින්ද වෙන්න බෑ....

අම්මගෙ හිත මගෙ හැන්දා දිහාවට නැවීගන එනවදො.....දරුපැටව් තුනක් ඉන්නවා කියලා අමතක කරලා අම්මා හැන්දට හා කියයිදො...මගෙ හැන්දව බැරි උනොත් ..මහ හැන්දට වත් ...ඒකා අපෙ අම්මට නංගි කිව්වා...මගෙ හැන්ද අක්කෙ කිව්වා වගේ නෙවෙ අර හැන්දා නංගි කිව්ව එක...අනික මූත් ඒ හදිසියට අම්මව ඇඩ් කරන්....මුන් අපෙ අම්මට ජප කරලදො....අනෙ හොදට උන්න අම්මනෙ.....

මේක නම් හරියන්නෙ නෑ...ඔලුව කෙලින් තියන් පාඩම් කරන්නෙවත් කොහොමද ....ඇරත් මෙව්වලින් මගෙයි අරයගෙයි පවුල් සන්ස්තාවටත් මොනවා හරි වෙයි....කුලුදුලේම පටන් ගත්ත ලව් එක...ඇත්තමයි මං තරහ ගියොත් නම් මැල්ලුම් ලියා ගන්නවා වගේ අත කපාගන්නවා.....ඇයි යකො

මෙච්චර වෙලාම අම්මගෙ පැත්ත ගත්ත මන් බිත්තියෙ උන්න ගෙම්බා මේ මුල්ලෙ ඉදන් අර මුල්ලට පයින්නා වගේ ඉක්මනටම අප්පච්චි ගෙ පැත්තට පැන්නා....

අ..අනේද...කියන්නෙ....අප්පච්චි ද මිනිහා ..හැන්නදිගයියද....අනික මට ඒ ලෙවෙල්නෙ අම්මෙ.....අම්මා අත්තම්මගෙ ගෙදර යන්න...මං අප්පච්චි එක්ක ඉන්නම්...ඔය කියන පමාවට ඉස්කෝල මාරු කරන්නත් බෑ අද්‍යාපනෙ කඩාකප්පල් වෙනවනෙ අම්මෙ.....අම්මා අත්තම්මලගෙ ගෙදර ඉන්න.....නංගිබබාටත් හොදයිනෙ.....නෙ අප්පච්චි ....අප්පච්චි කිව්ව වගෙ ඇදට හයිය ලෑලිදාන්න කියන්න..මතකනෙ අපි හතර දෙනාම නිදියලා ඇද කඩන් වැටුනා....අම්මට හොදත් නෑනෙ

ඔව් ඔව්....යනවා යනවා...එහෙම ඉන්නවා...පුංචි අම්මා එක්ක ගිහින් පවුලක් වෙනවා....මායි මුන් දෙන්නයි මෙහෙ ඉන්නම්...සැනසීමෙන් ඉන්න පුලුවන් ....එක්කො මූව තියලා අරූව අරන් යනවා....ඌත් තමුසෙට හරියනව...දැන් යනවද හවස යනවද....???

තේජක!!!

ඇයි මොනරවිල දෝනිට රිදුනද ...?ඔන්න උඹලගෙ අම්මට රිදිලා...අනෙ යනවා ඕයි යන්ඩ.....තමුසෙ ඉදී මං නැතුව ලබ්බක්....තමුසෙට පුලුවන්ද ඕයි මං නැතුව හුස්මක් වත් ගන්න...පුලුවන් දෙයක් කියනවා ඕයි.....ආවා මෙතන මට කෙලින්ඩ..මං නොදන්න මගෙ ගෑනිනෙ...

අ..අනේද කියන්නෙ.....හුස්මක්වත් වැටෙයිද ...මෙයාගෙත් මායන් අම්මා ඉදි අපි නැතුව....අප්පච්චි තරහා නැතුව මට ඔය සම්බෝල ටිකක් දාන්න

උඹත් තනිකරම යූඇන්පි කාරයෙක් වගේ දෙපැත්තටම පනිනවා...මොනරවිල ආරෙ...අලි බදින කනුනෙ .....ඔය ඉන්නෙ මහ මොනරත් දැන් කට ඔහෙක් කරන් මෙහෙක් කරන්....

තේජක ඕන එකක් කියන්න මගෙ අප්පච්චි ට වචනයක් නොකිය...මගෙ අප්පච්චි ඔයාට කරපු දෙයක් නෑනෙ.....කොහෙන් ගියත් ඒ මනුස්සයා අවසානෙදි ...කොච්චර උනත් ඔයාට අඩුපාඩුවක් කෙරුවද නැනෙ.....කටපුරාම පුතෙ කියන මනුස්සයට ඔහොම කියලා පව් පුරවගන්න එපා තේජක

හ්ම්...හ්ම්....කරපු දෙයක් නෑ.....කියපු දෙයක් ඇරුනම.....කාට දුන්නත් උඹට නම් දෙන්නෙ නෑ පරයා කිව්වා...අවසානෙදි පරයගෙ ලමයව නලවන්න පරයට කලින් ඉස්පිරිතාලෙ දුවලා...අ...නේ....හ් යකො...අපි නොදන්න මොනරවිලනෙ....අනික එ මනුස්සයට මන් උදව්වක් කෙරුවෙ.....තමුසෙයි අම්මයි ඔය වලව්වෙ තවමත් එකට උන්නා නම් මහ මොනරා බීරි වෙලා...පුපුරන්නෙ නැතුව ඉන්නවා සුදු....තමුසෙගෙත් බොරු පිපිරිලි....උඹත් ඔය බාච්චුව ගලවල වෙන එකක් දාගනින්....උඹව දැක්කොත් රනිලා තව හාල් කිලො දහයක් දීලා යයි.....බලපන් කැලනි හිගන්නෙක් වගේ...ඇරත් උඹගෙ දනිස්වල ලෙලිත් ගිහින් පල පල බේත් දාගන් උනගන්ඩද

හ්...හා අප්පච්චි ...

ඒ විහාරා.....සුදූ....සීනි හැන්දක් දෙනවකො තේ එකට....

ඔහොම සීනි බොන්න එපා අනේ....ඔයාලා සීනි බොනවයි සිගරට් බොනවයි.....ආයජ හීනියට කියලා ජරාව බොනවයි...

හරි...හරි.....ඉතින්....තමුසෙගෙ ඔය සුදු අතින් සීනි හැන්දක් දෙනවකො රත්තරන් ...තමුසෙ මගෙ මොනරිනෙ...

එකයි හොදෙ...පැනිරහ කන්න පුරුදු වෙන එපා අනෙ ඔච්චර හොද නෑ...කොච්චර කිව්වත් අහන්නෙ නෑ.....ලමයිට හපන්

මේ ගෑනිගෙ පැද්දිල්ල....ඔය ගවුමට තමුසෙ ලස්සනයි..... ඔය පාටත් ලස්සනයි ....තවම බඩත් නැති එකේ ලස්සනට ඇදල ඉන්නවකො...මහ අම්මන්ඩි වගෙ අදින්නෙ නැතුව...බලනව ඔහොම ඇන්දම පොඩ් කෑල්ල වගේනෙ.....

විකාර නොකියා ඉන්න අනෙ....පිස්සු මෙ මනුස්සයට...විකාර අනේ...නිකන් ඉන්න පිස්සු නොකියා දැන් බොරුව

බොරු කියන්නෙ මොකටද..යකො මගෙ ගෑනිනෙ...ඇහිබැමත් වැවිලා...සුදු හදනවකො ඕක.....තමුසෙ කෙට්ටු වෙලාද මන්දා.....කන්න බැරිද ඕයි....

හ්ම්.....

මොනවද ඕනෙ....තමුසෙ බූන්දිවලට ආසයිනෙ...ගේන්නද...

එපා අනේ...එපා...කන්න බෑ.....සුදු මහත්තයට විතරයි ඒ...

ඉතින් ඕයි ලමයි තුනක් උනත් අප්පච්චි එකයිනෙ....ඇයි ඒ දොලදුක් තුනක් එන්නෙ.....

දන්නෙ නෑ අනේ....දන්නෙ නෑ....විකාර නාහ මේක බොන්නකො....වෙලායනවා කිව්වනෙ....

හරි ඉතින් ඉන්නවා...එලවගන්න හදිස්සිද....ඉස්සර නම් ඔහොම කිව්වෙ නෑ...ගිය වෙලේ ඉදන් එන්න කිව්වා මිසක්...අනෙ සුදු මහත්තයා එන්නකො....ගාපුවාම අපිත් ඉතින් බැදපු මුලනෙ ඉක්මනට ගෙදර එනවා....ඇයි ඉතින් ගෑනි තරහා උනොත් රෑට නොනගතේනෙ....

චිහ් ....නිකන් ඉන්න අනේ පිස්සු නොකිය මේ ලමයිනුත් අහන් ඉන්නවා....මොනවද ඔය කියවන්නෙ...විකාර...ඔයාට ලමය අතෙ දවල්ට කෑම එකක් එවන්නද ....

එපා....ලමයා ආවත් බස් එකේ එන්ඩ එපැයි...මූට පුරුදු නෑ කොහෙන් ගිහින් බහිද කව්ද දන්නෙ....මට මූව හොයන්ඩ පැමිනිලි දාන්ඩ වෙනවා.....අනික මූත් බබා වගේ කට ඔහෙක් කරන් අහන් උන්නට ඔව්වා දන්නවා ඇති ඕයි...දහ අටක් කියන්නෙ...තමුසෙට දහ අටේදි අම්මෙක් වෙන්න පුලුවන් නම් මූ බබාද....පේන්නෙ නැද්ද ලාවට වනචර ගෙඩියකුත් මෝදු වෙලා....සුදු මහත්තයා උඹට ගම් කුප්පියක් එහෙම ඔනේද....?ඔය ඉන්න එකේ ඉදලා හිටලා පැදලා බලපන්....කොල්ලොනෙ...

අ..අ..අප්පච්චි ...

නිකන් ඉන්නකො.....යෝ තේජක....මොනවද ඔය කියවන්නෙ...සුදු මහත්තයා ඔව්ව නාහ ඔයා කන්ඩ...අප්පච්චි ට විකාර...මූදු හුලන් වැදිලා ඔලුව නරක් වෙලා.....ලැජ්ජ නැති කතා කියනවා

මගෙ මූන රතු උනා...අප්පච්චි මගෙ දිහා බලලා ඇස් හීන් කරන් කියපු කතාවත් එක්ක මගෙ මූනම රතු උනා.....අප්පච්චි මොනා කියනවද මන්දා.....පදින්න කියන්නෙ.....ඔව්වා අම්මා ඉන්න තැන කියනවද....අනික අතත් රිදෙනවා අප්පා...කවුරු හරි පද්දනවා නම්....පුතාගෙ අත රිදෙනව අප්පච්චි .....

මන් හිතන්නෙ අවසානෙදි මට හරි සනීපෙට හුස්මක් පිට උනා.. ...අවසිහියෙන් ඇදන් ආව ටී ශර්ට් එක හන්දා ඇවිලෙන්න ගියපු ගින්නට වතුර පාරක් ගහලා..වචනයක් දෙකක් එහාට මෙහාට කරගන මැච් එකක් ගහපු අම්මයි මායි හැන්දව අප්පච්චි ගෙ ඔලුවෙන් අයින් කරගද්දි කොච්චර තමුසෙ ඕයි ගගා කියව ගියත් අම්මා නැතුව එක තත්පරයක් ඉන්න බැරි අප්පච්චි ආයම පුරුදු විදිහටම අම්මව ආදරේට අවුස්සන්න ගත්තා...

එවගේමයි මගෙ අම්මත්....කොච්චර අප්පච්චි ගෙ වචන වලට පිටින් ගියත් අම්මටත් අප්පච්චි වගේමයි...මං මේතාක් අහලා තිබුනෙ මායියගෙයි පවුලෙ ඇත්තගෙයි රන්ඩු බත ඉදෙනකන් විතරයි කියලා ..ඒත් මට මහෙ අම්මා අප්පච්චි දැක්කම හිතෙනවා අපේ ගෙදර නම් රන්ඩුවක් බත ඉදෙනකන් වත් තිබුන් නෑ කියලා ....මගෙ අදටත් මේ ලෝකෙ ඕනම කොනකට ගිහින් කෑගහලා කියනවා මගෙ අප්පච්චි හරි ආදරනීය පිරිමියෙක් කියලා ....මං ඕන තැනක කියනවා මගෙ අම්මා හරි ආදරනීය ගෑනියෙක් කියලා ...

පාන් කෑල්ලක් හප හප අප්පච්චි දිහා බලන් උන්න මට එයාව මතක් උනා....මගෙ අප්පච්චි මගෙ අම්මා ගැන නොදන්න දෙයක් නෑ....පුංචිම දේ පවා අප්පච්චි දකිනවා....අප්පච්චි මගෙ අම්මව අදටත් අර පන්නන් ආව කාලෙ උන්න තරුන කෙල්ල වගේ ලස්සන කරවන්න හදනවා....

වෙනදට මේ කිසිම වෙලාවක කාවත් මතක් නොවුනත් අද අම්මව යාලු කරවගන්න හදන....අපි ඉස්සරහත් අම්මව හුරතල් කරන්න හදන අප්පච්චි දැක්කම මට එයාව මතක් උනා.....මැනිකෙ ඔහෙ අසනීප වෙයි කියලා මාව එයාගෙ බාච්චු ඇදුමෙන් පොරවපු එයාව මතක් උනා....

කලන්තෙ නොදැම්මත් ඇගම පන නැතිවෙනකොට මාව අත්දෙකෙම්ම බදාගන පප්පා ළඟ...පප්පා ළඟ කිය කිය මාව නොදරුවෙක් වගේ සනහවපු එයාව මතක් වෙනවා...

සමුද්‍ර උඹත් හරියටම මගෙ අප්පච්චි වගේමයි සුදු අයියෙ ....මගෙ අම්මගෙ හිනහවෙ අයිතිය හැමදාමත් අප්පච්චි ට උරුමයි වගෙ මට හිතෙනවා මගෙ හිනහවෙත් උරුමෙ උඹ ගනීවි කියලා හරියටම මගෙ අප්පච්චි වගේ.....

අප්පච්චි කියනවා ආදරෙ කරනකොට කන්නාඩියක් වගෙ මනුස්සයෙක්ට ආදරේ කරන්න කියලා ඒත් මට ඕනෙ මගෙ අප්පච්චි ගෙම අච්චුවක් වගෙ මනුස්සයෙක් ....හරියටම උඹත් මගෙ අප්පච්චි ගෙ අච්චුව වගේමයි අයියෙ .....උඹගෙ ගොරෝසු අත්වලට මැදි උන පලවෙනිම තත්පරෙ මට දැනුනා උඹගෙ අත් ගාව මං හරි පරිස්සම් කියලා ....හරියටම මගෙ අප්පච්චි ගෙ අත් වගෙ 

මගෙ අප්පච්චි අදටත් හරි ආඩම්බරෙන් කියනවා මං මගෙ ඇබිති කකුල් වලින් බැරි බැරි ගාතෙ අඩියෙන් අඩිය ඇවිද්දෙ අප්පච්චි ගෙ දබැරැගිල්ලෙ එල්ලිලා කියලා ....අප්පච්චි ට දබැරැගිල්ල උනත් මං හිතන්නෙ මට මේමුලු ලෝකෙම්ම විස්වාසම දේ වෙන්න ඇත්තෙ ඒ දබැරැගිල්ල කියලා ....අදටත් මං මගෙ අප්පච්චි ගෙ අත් දෙක විස්වාස කරනවා ....දැන් ඒ තැනම උඹත් ඉන්නවා...

නින්ද යයි කියලා උඹ මාව අල්ලගත්තා ....ලෙල්ලක් යන එක කොලුකමට සාමාන්‍ය දෙයක් උනත් එක තත්පරේට උඹගෙ ඇස් මලානික උනා..හරියටම මගෙ අප්පච්චි වගෙ ....

මං හිතන්නෙ මං කන්නාඩියක් වගේ මනුස්සයෙක්ට වඩා හොයන්නෙ අප්පච්චි කෙනෙක් වගේ මනුස්සයෙක් සුදු අයියෙ ...

මගෙ අම්මා අදටත් කියනවා....හෙටත් කියයි...වයසට යනකනුත් කියයි මගෙ අම්මා තමයි ම්ේ ලෝකෙ ඉන්න වාසනාවන්තම බිරිද කියලා...ඒ වෙනමොකටවත් නෙවෙ මගෙ අප්පච්චි හන්දා...

මං ආසයි සමුද්‍ර ...දවසක ඔය කතාවම උඹගෙ ඇස් දිහා බලාගන මගෙ කටින් කියන්න...මට උඹගෙන් මගෙ අප්පච්චි ව දැනෙනවා අයියෙ...!!

කුසිය ආපහු සාමාන්‍ය උනා....අප්පච්චි ගෙ කියුම් වලට බොරු තරහක් මවාගන උත්තර බදින අම්මා අප්පච්චි ට යන්න යන්න කිව්වත් මොකද මං බලාගන බොරු කෝලම් කරනවා.....

සමනලයා අප්පච්චි ගාව තිබුන පුටුවෙ ඉදගන උගෙ පිගානෙ තිබුන අර පොල්පැනි බනිසට අත තියනවා එක්කම අප්පච්චි උගෙ බනිස අරන් දෙකට කඩලා එක කොටසක් පසනගෙ පිගානට දානකොට මූ හිනා උනා....මේකගෙ කට තවත් ඉදිමිලා වගේ....

තනියෙන් කන්නෙ නෑ එහෙම යාලුවන්ටත් දෙන්න ඕන...කෝ ආ...මේක ඔයාට...

ජෑම් පාශ්ද...

ජෑම්පාශ් කියලද මෙව්වට කියන්නෙ....ජෑම් බනිශ් නෙවෙද...හ්ම්..

ම්....හ්...නෑනෙ....ජෑම්පාශ්...බනිශ් වල මොනාදයි තියෙන්නෙ...

ජෑම් තියෙන්නෙ...මේ වගේ පැනිපොල් නෙවෙ....කාල නැද්ද.

ම්ම්ම්....මට තේ ටිකක් දෙන්ඩකො අප්පා....මෙහෙම කන්ඩ පුලුවනෑ ආය...කෝප්පෙට එපා ජොග්ගකට දෙන්ඩ....ලොකු ජොග්ගක් නැද්ද මේව පොගන් කන්ඩ

අරූ තේ ඉල්ලනවා...හරියටම උගෙ ගෙදර වගේ මූ අපෙ අප්පච්චි දිහා බලාගන ඌට ජෝගුවකට දෙන්ඩ කියනකොට මුගෙ බාසාවයි කතා විලාසෙයි හන්දා හිනාව කාගන උන්න අප්පච්චි අම්මා දිහා බලාගන උන්නා.....

ඒකනෙ...මේ පසනට මේවා මෙහෙම කන්ඩ පුලුවන්ද....විහාරා ලමයට ජොග්ගකට තේ එකක් දෙනවකො....තේද ඕනෙ.....කුක්කු පිටි එපාද...අර අයියත් බොනවා.....සමනලුත් බොනවා.....පසනට ඕනෙ තේද.....තේ බොන්ඩ එපා බන්....කුක්කු බොමු..

හ්ම්.....මෙයැයි කුක්කු පිටිවලට මනාප නෑ.....ඔහෙලගෙ ගෙදර හකුරු නැතයි.....

නැතයි....

අම්මියෙ...පුතාටත් කුක්කු එපානෙ.....පුතාටත් බාල්ජියකට තේ දෙන්ඩකො.....ඔව්....බාල්ජියකට වත් තේ ටිකක් දියල්ලකො අම්මියෙ...

ආ..ආ...නෑ නෑ.....පසන් අයියා ආස නැති හන්දනෙ ඒ...සුදු පුතා මේක බොන්ඩ...

ම්හුක්...අප්පිච්චි ...පුතාටත් දැන් මේවා එපා වගේනෙ....තේ ටිකක් දියල්ලකො තේජක...පුතාටත් බාල්ජියකට වත් තේ ටිකක් දියල්ලකො..මේක සාගරිකට දියල්ලකො.....අප්පිච්චි .....තේ ටිකක් දියල්ලකො...පසනත් බොනවා.....පුතාගෙ පසනත් බොන්නෙ තේනෙ අප්පිච්චි නේ...

පුතාගෙ පසනා බොන එකද දැන් පුතාටත් ඕනෙ...උඹට පසනා වගේ දතුත් ගලවගන්න ඕනද....වරෙන්කො බලන්ඩ පසනා කරන එකම කරවන්ඩ එහෙනම්

ම්හුක්...එපානෙ...අප්පච්චි ..පුතා බොනවනෙ...ඔව් රත්තරනේ...පුතා බොනවනෙ අප්පිච්චි ....පුතා බොනවා තේජකයො...

පසනා තනිකරම ගඩාපියෙක් වගේ...මූ එක තත්පරේට අපෙ කානුවව උගෙ පැත්තට නම්මගන...පසනා කරන්නෙ මොනාද කානුවත් කෙරුවෙම ඒක....පසනා කන්නෙ කොයි අතෙන්ද මූත් ඒ අතින්ම කෑවා...පසනා කොයි අතින්ද තේ එක ගන්නෙ මූත් ඒ අතින්ම ගත්තා....

පසනො....ඔය දත් දෙකට මොකද උනේ....

අපෙ ශිගිතියගෙ අග්ගල කාලා....අපෙ මහ එකාගෙත් දතක් හෙලවෙනවනෙ...ඔහෙ අපෙ ශිගිතියව දන්නවයි??

පසනගෙ කටෙන් එකයි ජෑම් පාස්...ඇරත් මුගෙ දතුත් නැති හන්දා මූට සයන්න කියාගන්නත් බෑ....කකුලක් වන වන කකා උන්න කානුවා මුලු ජෑම්පාසෙම පොල් පැනිටික කාලා වටේ කොනහා කොනහා හොරෙක් වගේ මේසෙ යට උන්න සාගරිකගෙ කටට ඔබනකොට මූත් අරූගෙ ඇගිලි වලට දත් වද්දන්නෙ නැතුව දෙන දෙන කැල්ල කටෙ ඔබාගත්තා...

අප්පච්චි පසනගෙ දත් ගැන අහනවා...දතුත් නැතුව හරි අමාරුවෙන් ජෑම් පාස් ගිලින පසනා නිල්වලා ගගෙ කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ අර හක්කෙන් මේ හක්කට බනිස මාරු කරලා හරි අමාරුවෙන් අප්පච්චි ට උත්තර බදිනකොට මං බලාගන සාගරික අපෙ සමනලයා කියලා හිතල අප්පච්චි ගෙ ඇගිල්ලක් කටේ දාගත්තා....ආයම කන්දෙක පස්සට දාන්බිම බලාගත්තා

සිගිතියව..ඒ කව්ද පුතෙ සිගිතියා ...අක්කද

අපෙ නැන්දා.... මාතයි....අර මාතට ඉන්නෙ...ඒකි.....අපෙ ශුදු පප්පා කියනවනෙ ශිගිතියව කතරගම පෙරහැරට විකුනනවා කියලා ...මාතයි හුගක්.....

ඇත්තට...ඇයි නැන්දා ඇතෙක් වගේද....

හුම්...ඇතෙක් වගේ.....ඔහෙ පොලිසියෙදයි වැඩ කරන්නෙ....

හ්ම්...එහෙමයි එහෙමයි ලොකු උන්නැහෙ.....පොලිසියෙ ඇයි පැමිනිල්ලක් දාන්න ඕනද පොඩි හැන්දට?

තේජක...ඔව්වා ගිහින් කියයි අනේ...

ඔහෙ මොකෙක්ද...කොස්තාපල් කෙනෙක්ද...ලොක්කෙක්ද....අම්මෙ...

ඔහෙට තරුත් පායලනෙ ..මේන් වැඩක්.....හත්තුක්කෙ ....මෙයැයිගෙ ඇදුමෙ තරුපායලා...ඔහෙ ලොකු එකෙක් වෙන්ඩ ඇතිනෙ සමනල්ගෙ මහ එකෝ...

මගෙ කනුත් එක්ක මොකක්ද වෙලා ගියා....පාන් කකා ජෝගුවකට තේ ඉල්ලපු හන්දා මූට ඇත්තටම අම්මා තේ දුන්නෙත් ජෝගුවකට වෙද්දි ජෝගුවට අත දදා පානුත් පොගො පොගො කකා උන්න පසනා ඉදන් උන්න පුටුවෙන් බැහැලා උගෙ අතේ තිබ්බ බනිස් කෑලි...තේ කහටත් අර නිල්පාට කොටකලිසමෙන් පිහ පිහ ගිහින් අප්පච්චි ගාවින් ගවනර් වගේ හිටගන්නවා එක්කම අප්පච්චි මොකටද මන්දා චුට්ටක් පස්සට උනා....

පසනා කැරකෙනවා...අපෙ අප්පච්චි තනිකරම පූසෙක් දැක්කම ගල් ගැහෙන සාගරිකා වගේ...අරූ උරහිසෙ තිබුන තරු අතගානවා....ආය හිනා වෙනවා..මුගෙ ආතල් එකටද කොහෙද අප්පුඩියක් ගහලා හිනාත් උනා.....තනිකරම දෙනවක හාමිනේ වගේමයි ආය....

ඒ විතරක් නෙවෙ යකො අප්පච්චිගෙ මූනටම මූ සමනල්ගෙ මහඑකෝ කියනකොට මං බලාගන අම්මා කටට අතතියා ගත්තා මාවත් ගල්ගැහිලා ගියා.....

හ්ම්...හ්ම්...ඕඅයිසී.....සමනල්ගෙ මහ එකා කියන්නෙ නෑ...සමනල්ගෙ අප්පච්චි කියන්ඩ.....ඒක කැතයිනෙ පුතේ .....එහෙම කතා කරන්නෙ නෑ...

....මහ එකා කැතයිද...අපෙ අම්මා අපිට බයින්නෙම එහෙමනෙ....මහ එකාගෙ කියලනෙ....එතකොට ඔයැයි මෙහෙ මේ දික්වැල්ලෙ ඕ අයිසී කාරයද...?? හත්තුක්කෙ...වෙන්දකඩුවගෙ කවුරුහරිදැයි ඔහෙ.....

මොකාගෙ.....මොන කඩුවගෙ.....

වෙන්දකඩුවා.....එයැයිනෙ කලින් උන්නෙ.....එයැයි ගියානෙ වෙන අහක...වෙන්ද කඩුවා කටුපේත්තයෙක් වගේ එකෙක්..ඔහෙ වගේ ලස්සනත් නෑ...ඔහෙ හරි ලස්සනයි...අපෙ පප්පා වගේ සුදුත් එක්ක.....හත්තුක්කෙ මේකගෙ සුවද ටහිකෙ.... භ්භ්භ්....

එ...ඒ...ඒ...ඔව්වා කියන්නෙ නෑ...ඉස්කෝලේ යන ළමයි ඔව්වා කියනවද...කුනුහර්ප කිව්වොත් අරන් ගිහින් කූඩූවෙ දානවා...

ආ...හොදවැඩේ....මේන් මෙයැයි කියන කතා...ඔහෙට පුලුවන්‍ය මාව අරන් යන්ඩ...අපෙ අප්පා ගහයි ඔහෙට.....අපෙ අප්පා ගහගන්ඩ දන්නවා..ඩිශුම් ඩිශුම් ගාලා ගහන්නෙ...දවසක් අපෙ සිගිතියගෙ මිනිහට මෙ පාර දිගෙ එලෝ එලෝ ගැහුවා.....

මං ඉක්මනට සමනලයගෙ කන් දෙක වැහුවා..යකො මේ පසනා.....තනිකරම අපෙ එක්කෙනා වගෙමයි....ස්පීකර් අයියා නම් ලොකුයි කියමුකො ඒත්පසනා..යකො මූ තාම තුනේනෙ.....අරු කුනුහර්පෙ පලාගන එද්දිම අප්පච්චි ඒකගෙ කට වැහුවත් එතනින් පස්සෙ නම් සංවාදෙ ආයමත් නරක අතට හැරීගන එන ලකුනු පේන්න ගද්දි මං අපෙ අම්මා දිහාව බැලුවා....වෙන මොකුත් නෙවෙ මූ ආයම හැන්දව ඇදලා ගන්නවා....

ඔහොම ගිහින් ගිහින් ආයම අපි එදා ක්ලිනික් ගියෙ මුගෙ පප්පා එක්ක කිව්වොත් අප්පච්චි මාවත් බඩ කරනවා...

අනේ සමනලියෙ අපි ඉවරයි.....!!

ඔහෙ අපෙ සුදුපප්පව දන්නවයි ??

ම්....මොකක්....මොන පප්පා??

හරියටම හරි.....අරූ පටන් ගත්තා ...කන එකත්පිට උගුරෙ යාගන ආව මං එහෙම්ම නැගිටලා ගිහින් අම්මා ගාවින් හිටගත්තා ....අම්මා මගෙ දිහා බලනවා...මං අම්මා දිහා බලනවා..අනිත් පැත්තෙ පසනා උගෙ පප්පගෙ වරුනෙ පටන් ගන්න හදනකොට මං අහගන සුංගතා හුත්තිගෙ පුතත් මොකක් හරි සින්දුවක් කියනවා....ආයම අමාකරයා කැතයා ගානවා..සමනා....ල් සුදු පුතා.....ගාලා මැරෙන්ඩ හදනවා.....

අනෙ ස්පීකර් පප්පෙ...මේ පසනා හන්දා අපිව අහුවෙන්ඩ වගේ යන්නෙ...

මං මගෙ බාච්චු ටී ශර්ට් එක කොනහන්න ගත්තා.....යන්න හදපු අප්පච්චි ත් සුදු පප්පා කිව්වා විතරයි යන එක පැත්තක දාලා පප්පා මොකාද කියලා වගවිබාග කරන්න ගන්නකොට මට හිතුනා පප්පට කතා කරලා මාව අරන් පැනලා යමන් පප්පෙ කියන්න.....

ඔහෙ අපෙ සුදුපප්පව දන්නවයි.....?අපෙ සුදුපප්පට නෙ ස්කීපර් අයියා කියන්නෙ....ඔහෙ එයැයිව දන්නවද.....?මෙයැයි ඇදන් ඉන්නා වගේ එව්වා අපෙ සුදු පප්පත් අදිනො...මේක වගේම එකක් අපෙ පප්පට තියනෝ...

මට කෙල හිර උනා...අරූ එකපාරම අපෙ පප්පත් මේවගේම ඒවා අදිනෝ ගාලා මේවගෙම එකක් අපෙ පප්පටත් තියනෝ කියකොටම මං මාව වැටෙයි කියලා අම්මව අල්ලගත්තා.....

ඉතින් උඹලගෙ පප්පට විතරද මේවා තියෙන්නෙ...මේක අපෙ අම්මට කෝප් සිටියෙන් හම්බුනෙ....අවුරුද්දට මැකරල් ගන්න ගිය වෙලෙ..උඹලගෙ පප්පගෙ ලබ්බක් මං ගත්තෙ නෑ...පප්පගෙ එව්වා ගන්ඩ වැඩේමනෙ...ඇයි යකො ඔක්කොම පප්පගෙ

මං ඉක්මන් උනා...අප්පච්චි මොනවා හරි කියන්න කලින් මං ඉක්මනට අම්මා කියපු බොරුවම ආපිට රිපීට් කරලා කියනකොටම පසනා ඇස් හීන් කරගත්තා ...තනිකරම මගෙ ස්පීකර් අයියා වගේ..මූ දන්නෙත් මොනා හරි කියනකොට ඇස් හීන් කරගන්න...

ඉතින් මං ඔහෙට කිව්වයි මේක අපෙ පප්පගෙ කියලා....මේක වගේ එකක් තියනො කියලනෙ කීවෙ.....මෙයැයි අපෙ සිගිතියා වගේ....ඔහෙ දොඩනො....දන්න ලබ්බකුත් නෑ...

මූ නම් මොන පරට්ටයෙක්ද මන්දා...හිටපන්කො මං උඹට ඉල්ලා දෙන්නම් හොද ගුටිමුරයක්.....මං කොහොමද අර තල්මහ වගෙ වෙන්නෙ...හිටු මං තොට ඉල්ලා දෙන්නම්...

දැන් ඔය කියන සුදු පප්පා මොකද කරන්නෙ පසන්...?

තේජක ඔයාට යන්න වෙලා යනවනේද...

අපො නෑ...මමනෙ ඕඅයිසි...නෙ පසනා...ඕඅයිසි වෙලා ගියාට කමක් නෑනෙ.....නේ..අර නැන්දට කියන්ඩ.....

ඔව්...කාරි නෑ ආය...අපිත් ඉස්කෝලේ යනකොට වෙලා ගිහින් යන්නෙ...වෙලා ගියාට අවුලක් නෑ හරිය....

ඒකනෙ ඇහුනනෙ සුදූ...පසනා කියන දේ තමයි...දැන් කියමුකො බලන්ඩ මොකාද ඔය සුදු පප්පා...

මට දැන් කලිසමේ චූ යන්ඩ වගේ...අප්පච්චි මාවයි අම්මවයි දෙන්නවම කොර කරගන පසනව උස්සලා අරන් කකුල උඩින් ඉදගන්නවා එක්කම මගෙ කට ඔහෙක් වෙලා ගිහින් ඇස් දෙක මෙහෙක් උනා.....කලිසමේ චූ ගියෝතින් නම් මාත් වීඩියො කරලා බුකියට දානවා.....

ඇයි ඉතින් මෙ දවස් වල බුකිය තනිකරම ගුනසිංහපුර කක්කුසිය වගේ....කෙල්ලො හුජ්ජ කරනවා අහවරක් නෑ....උන් චූ කරන්නෙ අවදානෙ ගන්ඩ උනත් මේ සිටුවේශන් එක උඩ නම් මොනරවිල පරම්පරාවෙ මුනුබුරා උන මට දැන් ට්‍රෙන්ඩ් නැතුවම චූ යන්න ආවා....

පසනා හරි බරි ගැහෙනවා....එහෙන් සමනලයා මොනව හරි කියන්න කට හදලා හදලා පුතාගෙ නටන මාමියද පසනො අහනකොට අරකත් ඔලුව වැනුවා....මට දිස්ටි නැතුවම කාවඩි නැටවෙන්න ආවා...

පුතාගෙ නටන මාමියා නේද පසනො...ඈ...ඔව්...පුතාගෙ නටන මාමියා නේද.....

ඔහෙ පේශ් බුක් ඉන්නවද.....

මොකක්ද.....

අර පේශ් බුක්...අපෙ මහ එකත් ඉන්නවා...අම්මත් ඉන්නවා...අපෙ සුදු පප්පටයි ලොකු පප්පටයිත් තියනවා ඔහෙට නැද්ද.....

ෆේස් බුක්ද....ඉන්නවා...අපො මොකද නැත්තෙ....පසනගෙ පප්පා ඉන්නවද...

ඔව්නෙ....

පස්වාන් දහසටක සමාවෙන්න දේවයන් වහන්ස තමයි දැන් කියන්න වෙන්නෙ....දත් නැති පසනා අප්පච්චි ගෙන් පේස් බුක් ඉන්නවද අහනවත් එක්කම මං මොනරවිල මැනිකෙ දිහා බැලුවා...මායි අම්මයි දෙන්නම හැදි එකවුන්ට් එකෙ ඉන්නවා..අනෙ අම්මෙ අදනම් පසනා හන්දා මායි අම්මයි දෙන්නවම හැදි ගෑවිලා යනවා....

ඔයාට මං කිව්වා අන්ෆ්‍රෙන්ඩ් කරන්න කියලා...දැන් හරිනෙ....

ඒක හරිවැඩක්නෙ....බය නොවී ඉන්න සුදුමහත්තයා ....අප්පච්චි ත් කිව්වනෙ dg ගෙ දුව එක්ක යනකතාවක්....මං අප්පච්චි ට අද dg ගෙ දෝනියැන්දව මතක් කරල දෙන්නම්...

එඑ.....එතකොට ඔයා හදන්නෙ ඒකට හරියන්න ස්පීකර් අයියා එක්ක යන්නද....අනෙ අම්මෙ මේ ඔව්වට නම් එන්න එපා....ඇත්තමයි මං ගිහින් පනිනවා මූදෙ...ඔයා හදන්නෙ පුතාගෙ මිනිහව උදුරගන්නද අම්මෙ...අපි නුවර මිනිස්සු අම්මෙ...අම්මට ලැජ්ජාවක් නැද්ද මිනිස්සු උදුරගන්න...නැත්තන් ඔයා හදන්නෙ ස්පීකර් අයියගෙ අයියා එක්ක යන්නද...ඇත්තමයි මං අප්පච්චි ට කියනවා අම්මෙ ඔයා වෙන මිනිහෙක් එක්ක හාදකමක් ඇති කරන් කියලා.....සත්තයි අනෙ මං අර ගල්වැටියෙන් පැනලා මැරෙනවා.....ඔයාට ලැජ්ජ නැද්ද අම්මෙ....අපි නුවර මිනුස්සු අම්මෙ...නම්බු ඇතුව හැදුන උන්....මොනරවිලලා අම්මෙ....

.....තියනවා.....අම්මගෙ පුතාට ලැජ්ජා නැද්ද රෑට රෑට අම්මට හොරෙන් බයික්වල නැගලා යන්න....ආප්පත් අරන් ඇවිත් නෙ.....එතකොට මොනරවිලලා කොහෙද උන්නෙ ?

අ...අ..අම්මෙ....අනේ.....

මං හිතන්නෙ මට දැන් ජීවත් වෙලා වැඩක් නෑ...අම්ම දැකලා ..අනෙ දෙයියනෙ අම්මා දැකලා මං හැන්දා එක්ක යනවා....මෙහෙන් මාව අම්මට අහුවෙද්දි අරූ අනිත් පැත්තෙන් මාවයි අම්මවයි දෙන්නවම පාවා දෙන ගමන් උන්නා....

ඔහෙ ඕකෙ අපෙ අප්පගෙ නම ගහන්ඩකො....ඔහෙ දන්නවනෙද ගහන්ඩ....

මට දැන් පසනව උස්සලා වීසි කරන්න තරහයි....අනෙ මූට හමනල්ලා ගන්න එකෙක් නෑනෙ...තුන්වරක් චක්කර්‍ර් බැරි උනාට මූට අනිත් ඒවා ඔක්කොම පුලුවන් දෙයියනේ...

හැන්දයියට කුනුහර්ප කියන්න එප කිව්වට මොකද මගෙ නුවර නම්බුව හේදි හේදි යනවා...අප්පච්චි අරූගෙ වචන අහන් මගෙ හැන්දගෙ එකවුන්ට් එකට ගියා විතරයි මට දෙයියො බුදුන් සිහි උනා...

ආ මේ ඉන්නෙ...මෙයැයි තමයි අපෙ සුදු පප්පා..මේ ඉන්නෙ....

ට...ම...සිරි...මෙයාද මේ ස්පීකර් අයියා කියන්නෙ.....හ්ම්ම්ම්..හ්ම්...මිනිහා ලස්සනයි නේන්නම් පසනො...කෑල්ල වගේ...සල්මන් ඛාන් වගේ....ඔය ඔන්නෙ

සාරුක් කන්නගර වගේ නේ.....ඔහෙත් අපෙ පප්පගෙ මෙව්වා එකෙ ඉන්නවද...

නෑ....ඒත් මං දන්න දෙන්නෙක් නම් ඉන්නවා.....මගෙ ගෑනියි කොල්ලයි පප්පගෙ යාලුවො දෙන්නෙක්නෙ පසනො...

හත්තුක්...කේ....කො බලන්ඩ...ඔහෙ කියන්නෙ මෙයැයිලා අපෙ පප්පගෙ මෙව්වා එකේ ඉන්නව කියලද.....ටහිකිලා ඔය ඉන්නෙ.....

ඔහෙත් අපෙ පප්පගෙ එකට එන්ඩකො...

අප්.....ප.....ච්චි...එ..එහෙම නෙවෙ අප්පච්චි ...අපිට එයාව සජෙස් උනා....ඇරත්...අහල...පහලනෙ අප්පච්චි ....අදුනගත්තා කියලා...මොකුත් වෙන්නෙ නෑනෙ....අනේ අප්පච්චි රවන්න...එ...පානෙ...පසනා පලකො ගෙදර..මූට තුන්වරක් චක්කරෙ වත් බෑ.....අනිත්වා දන්නවා....ගිහින් පොතක් පතක් වත් බලාගන්කො....මෙහෙ ඇවිත් කේලම් කියන්නෙ...උඹට තුන්වරක් චක්කරේ කියන්න කියනකොට රෙද්දෙ රෙවෙනවා...

මායි අම්මයි උන්නෙ ගල්ටික් වෙලා....කකුල උඩ උදන් උන්න පසනා තනිකරම සල්ලි කාරල්ලෙක් වගේ හැම රෙද්දටම කට දානකොට ගොත ගගහා අප්පච්චි ට උත්තර බැදපු මං පසනට බනින්න ගත්තා....ඒත් අප්පච්චි නෙවෙ වචනයක් කිව්වෙ..මායි අම්මයි දිහා බලාගන උන්න අප්පච්චි ආයම පසනා දිහාවට හැරෙද්දි මට හිතුනා රෙදි ටිකත් අරන් හැන්දයියගෙ ගෙදර දුවන්න හිතුනා...අනෙ අයියෙ අපෙ ගෙදරින් මට කරදරයි කියන්න හිතුනා...

ඇත්තද පසනො මේ අයියා කියන්නෙ...පසනට චක්කරෙ බැරිද....

ඔව් අප්පච්චි මූට බෑ...මූ තුන්වරක් පහ නමයයි කියනවා..අපෙ සමනල්ටත් පුලුවන් නේ සමනල්...චූටි ඔයාට තුන්වරක් පුලුවන් නේ බබා.....

බෑනෙ අමාකරයො...පුතා දන්නෙ නෑනෙ...ඔව්....පුතාට තාම බෑනෙ...පුතාටත් බෑ...පුතාගෙ පසනටත් බෑ නේ අප්පිච්චි ...පුතාට බෑනෙ ....පසනටත් බෑනෙ...

ඔව්..ඔව්...පොඩිගස්බල්ලො දෙන්නටම බෑ....ආ පසන් ඇත්තටම චක්කරෙ බැරිද....අර අයියා කියනවනෙ පසන් තුන්වරක් පහ නමයයි කිව්වා කියල...

මට වලක් කපන් වැලලෙන්න හිතුනා...මූ නම් අපෙ මල්ලි නෙවෙ...මූ නම් මාව කන්න ආව එකෙක්....මූව ආපිට කානුවටම දාන්න ඇත්නම්....

අප්පච්චි පසනා දිහා බලන් ඒක ඇත්තද අහනවා....කානුවා ගිහින් පුතාගෙ පසනා කියලා පසනව අතින් අල්ලන් උඩපනිනකොට පසනා බෙල්ලගහලා ගියත් ඇත්ත කිව්වා..හැබැයි උගෙ ඇත්ත හන්දා මටයි අම්මටයි බෙල්ල දංගෙඩියට තියන්න සිද්ද උනා....අරූ අපි දෙන්නව පාව දුන්නා....අරූ මාව අමු අමුවට පාව දුන්නා...

අනෙ දෙයියනේ මූ මං උගෙ අත්තම්මගෙ රෙද්ද කැඩුවා කියලත් අප්පච්චි ගෙ මුනටම කියනකොට මට දූවලා ගිහින් අත්තම්මට කලිසම ගලවලා පෙන්නලා එන්ඩ හිතුනා.....

ඔව්නෙ...මෙයැයිට ඔයි ලබ්බවල් බෑ..මට ඕනෙ මූදු යන්ඩ මෙයැයි ආස නෑනෙ ඉස්කෝලේ යන්ඩ....මට ඕනෙ පප්පා වගේ ලොරියෙ යන්ඩ.....අපෙ පප්පට ලොරි ගොඩක් තියනවා ඔහෙ දැකලා නෑනෙ....හැන්නදිගෙ අයිශ් කියලා තියෙන්නෙ....ඒ ඔක්කොම අපෙ පප්පගෙ.....

අරයා දැක්කනෙ එදා මං අඩනෝ.....එයැයිලව අපෙ පප්පා ලොරියෙ දාන් ගියානෙ....අයිශ් ලොරියක දාන් ගියේ...එතකොට තමා එයා දැක්කෙ...අපෙ පප්පා ජෑම්පාශුත් අරන් දුන්නා...

ඒ විතරක්දමේන් මෙයැයි අපෙ අහ ඇවිත් අත්තම්මගෙ රෙද්දත් කඩලා මූනට වැලිත් ගහලා ඇවිල්ලා...අපෙ අත්තම්මා මෙයැයිට හමන්නන හදලා තියෙන්නෙ ලොකු පප්පා මෙයැයිව බේරන් තියෙන්නෙ....හත්තුක්කෙ මෙයැයි කොරන වැඩ...ඒ හොද වැඩේ ඔහෙලා මෙයැයිට පොල් ඔයන්ඩ උගන්නලා නැ.....මෙයා ඔව්වා දොඩන්නෙ නෑ....චක්කර්‍ර් බැරි උනාට කමක් නෑ හරිය ඔහෙ පොල් ඔයන්ඩ ඉගන ගන්ඩ.....

තේ...ජක....

අ..අනෙ....අප්පච්චි ...මේ අහන්ඩකො..මං එහෙ ගියෙ අත්තම්මගෙ රෙද්ද කඩන්න නෙවෙ අප්පච්චි .....මාලුවල සල්ලි දෙන්න.....අපි නුවර මිනිස්සුනෙ අප්පච්චි .....නිකන් කන්නෙ කොහොමද ...අනෙ.අප්පච්චි ඔහෙට අපිව විස්වාස නැද්ද...එ..ඒ..හොද වැඩෙ අප්...පච්චි.....

අනික එයා අපිව එක්ක ගියෙ එදා වීල් තිබුන් නැ....අම්මව දාගන හිමීට ගියේ....

පසනා ගාව උන්න අප්පච්චි මායි අම්මයි ගාවට එනවත් එක්කම මං අපිව බේරගන්න නිදහසට කාරනා කියන්න ගත්තා...

නුවර නම්බුව උඹගෙ කකුල් අස්සෙන් හේදෙනවා...මං බැලුවාමොකද මේ මගෙ මහ මොනරියි මොනර පැටික්කයි හැන්දා පැත්ත ගන්නෙ කියලා...බැලින්නම් මේකනෙ...හ්ම්...හ්ම්...ඔහොම යන්කො...ඔහොම යන්කො....ඔය විදිහටම උඩින් තියන් ඉන්නවකො.....

අප්පච්චි ...

උඹට පොල් උලක් ගෙනත් දෙන්නම් පොල් ලෙලි ගහන්න ඉගනගනින්...නැත්තන් උඹ මේ වැල්ලෙම උන්ගෙ රෙදි කඩයි...විහාරා...

...

අර මාලු ඔක්කොම දැන් ඔය ස්කීපර් කාරයගෙද....

ඔව්....අපි ඉල්ලුවෙත් නෑ...ඒක මෙහෙ මිනිස්සුන්ගෙ හැටි තේජක...

එහෙම නිකන් කන්ඩ බෑනෙ...උනුත් නිකන් ඉදල අල්ලන් එනවා නෙවෙනෙ....අල්ලනවකො මේක...තලපත් තිබ්බනෙ....

මං බලාගන උන්නා..... පර්ස් එක ගත්ත අප්පච්චි පහෙ කොල තුනක් තියලා තලපතුත් තිබ්බා නේ කියලා ඔලුව කැසුවා....

ඕක දෙනවකො...දීලා අහනවා ගාන...හැබැයි ඕක දීලා දානවා විහාරා මං රස්සාවක් කරනවනෙ ....ආය එහෙන් මාලු එපා....මං නොදන්නවද මිනිස්සුන්ගෙ හැටි.....නිකන් මාලු දීලා අන්තීමෙදි ඕඅයිසි මහත්තයා ගාපුවාම මං කන් පාත් කරන් යන්ඩ....ඒවා අනිත් උන් එක්ක...තේජක එක්ක ඒවා හදේ...

මගෙ කට කොකියනවා..එයා සල්ලි ගන්නෙ නෑ අප්පච්චි කියලා සියපාරක් කියන්න් හැදුවත් අවසානෙදි අම්මා අර පහේ තුන අරගන පැත්තකින් තියනකොට අප්පච්චි කාපු බිපු කෝප්ප ඔක්කොම අරන් ඇවිත් හෝදන්න ගත්තා...

දෙන්න ඔයාගෙ ඇදුම් තෙමෙයි...

ඉදගන්නවා ඉදගන්නවා.....මං බබාද කෝප්පයක් හෝදගන්න බැරි....සමනල් ඕක ඉවර නම් කෝප්පෙ ගෙනෙන් අප්පච්චි හොදන්ඩ...

ඔහෙ මගෙ එකත් හෝදනවයි ...ඇහ්ක්ද හෝදන්ඩ...

ඇහැක්...ඇහැක්..දියන්.....ආවා මෙතන ඇහැක් බැහැක් ගාන්ඩ...චක්කරෙ පාඩම් කරන්ඩ ඕනා තේරුනාද මාලු අල්ල අල්ල්ල ඉදල හරියනවද ..

නැතුව....ඔය අපෙ සුදු පප්පට හරිගියෙ....ඔහෙ දන්නෙ නෑ අප්පා...ඔහෙ මොනවයි දන්නෙ..අපෙ සුදු පප්පා දන්නවනෙ....

සුදු පප්පගෙ ඇග පුරාම මොලේද.....

ඔව්.....ඒත් සුදු පප්පා මට නම් බයිනො පසනා තොගෙ මොලෙ පුකේද අහලා.....

මට දැන් මලේ මල...මෙච්චර දේවල් උනත් අප්පච්චි නෙවෙ තරහා ගත්තෙ...පසනගෙ කට දිහා බලන් එලියට පෙන්නෙ නැතිවෙන්න හිනා වෙවී කෝප්ප හෝදන ගමන් හිනා වෙද්දි මං විතරක් පසනව උල තියන්ඩ ලෑස්ති වෙලා උන්නා...හිටපන්කො...මං අද උඹට හොද ඩෑස් එකක් දෙන්නම්.....

දුව මා..වගේ....නේද නෑ.....අම්මා වාගෙ.....

කලු පාට..දූ කාගෙදෝ.....

නිකන් ඉන්න අනේ...කෝලම් ඔයාගෙ ...

මගෙ පනනෙ උඹ.....මෝඩ ගෑනි මගෙ...

අප්පච්චි යන්න හදන්නෙ.....අම්මට ඉදගන්න කියලා මුලු මේසෙම පිහපු අප්පච්චි අත් දෙකත් පිහන් සින්දුවකුත් මුමුන මුමුන අම්මා ගාවට ගිහින් කම්මුල පොඩ්ඩක් මිරිකන ගමන් කලුපාට දූ කාගෙදො ඇහුවා..මටත් ලැජ්ජා හිතුනා....

මෙයාලගෙ කෝලම්....දූ කාගෙද කියලා දන්නේ නෑ වගේ අහන්නෙ....එයාගෙනෙ....අපෙ අප්පච්චි ටත් පිස්සු අනේ...

සෙල්ලම්...කොරන්ඩයි.....තව...රන්ඩු...වෙන්න.....යි....පුඩි....මල්ලියෙක්...ඕනෙ...තෝ.....අප්පිච්චි ...අපිට පුඩි මල්ලියෙක් ඕනෙතෝ....

නෑ...නෑ...පුඩි මල්ලිලා එපා.....අවුරුදු දොලහකට පස්සෙ හම්බුන පුඩි මල්ලිගෙන්ම මට මල්ලිලා එපා උනා....

සුදු පුතා අප්පච්චි ට සාදු කියන්ඩ...අප්පච්චි යන්න යන්නෙ....

.අප්පච්චි කියපු සින්දුවෙ ඉතුරු ටික කානුවා කිව්වා විතරයි අප්පච්චි තව මල්ලිලා එපා කිව්වා....මං හිතන්නෙ කානුවා හින්දා අප්පච්චි ට ත් හිසරදෙ ඇති.....

අප්පච්චි යන්න හදන්නෙ....නීට් එකට ඇදන් උන්න යුනිෆෝම් එකේ කිසිම ඇදයක් නැති උනත් අම්මා නැගිටලා ආයම ඇදුම හැදුවා.....කෝපප පිගන් හෝදලා සිනි ගද ඇති කියලා අම්මගෙම ක්‍රීම් ටිකක් අල්ලට අතුල්ලපු අම්මා ඒ අත් දෙකට හාදුවක් තිබ්බා.....තියලා හිනා උනා....අවසානෙදි අප්පච්චි යන්න යන්නෙ අප්පච්චි ට සාදු කියන්න කියපු අම්මම මටයි මල්ලටයි කලින් අප්පච්චි ට වැන්දා...

ඒත් අප්පච්චි නෙවෙ අම්මට වදින්න දුන්නෙ....අම්මා නැවෙනවත් එක්කම අම්මගෙ උරහිස් වලින් අල්ලගත්තු අප්පච්චි අම්මගෙ නලලට හාදුවක් තිබ්බා...

බුදුසරනයි අයියෙ...පරිස්සමින් ගිහින් එන්න

පරිස්සමින් ඉන්නව සුදු....මොනව හරි ඕන උනොත් කියනවා හරිද .....මූව එවන්ඩ එපා මද්දහනෙ..මං අදට කඩෙන් කන්නම්...මූ දන්නෙ නෑ.....

මං දකින්න ආසම මේක.....හැම වෙලාවෙම තේජක තේජක කියන මගෙ අම්මා අප්පච්චිට ඉදලා හිටලා අයියෙ කියනකොට මගෙ අප්පච්චි ගෙ ඇස් දිලිසන එක.....අප්පච්චි අම්මගෙ ආදරේ තරම ආය ආයම දැනගන්න තැන.....

බුදුසරනයි අප්පච්චි .....පරිස්සමින් ගිහින් එන්න....

.බුදු සරනයි අප්පිච්චි ....අප්පිච්චි පුතාට මොනා හරි ගේන්ඩ....

.අම්මට පස්සෙ මම..මට පස්සෙ කානුවා...අම්මගෙ නලලට හාදු තියන අප්පච්චි මගෙයි මල්ලිගෙයි ඉම්බෙම හිස් මුදුන....පරිස්සමින් ගිහින් එන්න අප්පච්චි කියනකොට මගෙ අප්පච්චි කියන එකම. දේ..අප්පච්චි පරිස්සමින් ඉන්ඩ නම්....උඹලත් පරිස්සමින් කියන එක ....අප්පච්චි ගේ හාදුව...කානුවගෙ කඩචෝරු ඉල්ලිලි මේ ඔක්කොම ඉවර වෙද්දි මං බලාගන පසනා ඔලුව කහනවා.....පිට අල්ලෙන් නහය පිහිනවා....

ඔහෙට මාත් වදින්ඩ ඕනයි.....

අරු අප්පච්චි දිහා බලලා වදින්ඩ ඕනද අහනවා...මු ඇම්ඩෙක්...මූ තනිකරම ගල් ඇම්ඩෙක් කියන්න දන්න අප්පච්චි පසනගෙ කතා විලාසෙ දන්න හන්දම හාත් නොකියා...එපාත් නොකියා බලාගන උන්නා.....

පසනා ඇඹරෙනවා...මූ නම් ඉස්කෝලේ යනකොට වත් වැදලා යන්නෙ නැති එකෙක් වගේ...

වටපිට බලනවා ඔලුව කහනවා...අවසානෙදි දැලට අහුවෙලා අන්ඩක් කැඩුන කක්කුට්ටා වගේ පැත්තට පැත්තට ගියපු පසනා වැන්දා. .. හැබැයි අපි වගේ දන ඔබලා නලල පය පාමුලට වදින්න නෙවෙ...හිටගන තනි අතින්....

ඔහෙට ජය වේවා හරිය!

ආ..හරි..හරි...ඔහෙත් චක්කරේ පාඩම් කරන්ඩ ඕන හරිය ..

ආනෙ....මේ....පිස්සුවක් ඇතෑ ආය..ඔහෙ මෙයැයිට වගේ මටත් මොනා හරි ගේනවයි....

හ්ම්...හ්ම්...ගේන්නම්කො...ගේන්නම්කො...

"ආ තේජක...ජරාවබොන්ඩ එපා තේජක...සමනා...ල්...සුදු පුතා කෝ...මගෙ....සමනා...ල්....අමාකරයා...කැතයා....තේජක....නිකන් ඉන්ඩ ඒයි.....සීදේ....වී....ඔහේ...ඔහෙ...සී.....දේ.....වී....සුදු පුතා බත් කෑවද..සුසංගතා....සාගරිකා.....කූ...කූ...පඩත්තරයා..පඩත්තර....බ|ල්.....|ලා"

කටවහන් මේක කාපිය.....සීදේවි...සීදේවි...මං කියන්නෙ නෑ උඹට මෝඩ මූසලයා.....ඉදා....මේ ජෑම්පාස්...කාලාබලපන් ආසහිතෙයි...

"සීදේ.....වී...සමනා....ල්.....සුදු පුතාමගෙ ...මගෙ සුදු පුතා සමනා...ල්ල්"

අප්පච්චි යන්ඩ ගියා නිකන් නෙවෙ...මගෙ අනාගත දරු පැටියෙක්ටත් මොනව හරි ගේන්නම් කියන පොරොන්දුව උඩ....මන් උන්නෙ අප්පච්චිගෙ හොර ගෑනිගෙ කූඩුව ගාව...මූ කෑගහනවා...සීදේවි සීදේවි ගානවා...ආයම සමනාල් සුදු පුතා ගානවා...

මූට කොච්චර උනත් කන්ඩ දෙන්නෙ මම..ඒත් මූ ආදරේම කානුවට...ඌට කොච්චර වාත් සුදු පුතාමට විතරක් කැතයා කියනවා....ඇත්තමයි මට වෙලාවකට මුට ගෑනියෙක් හොයා ගන්ඩ බැරි වෙන්ඩ බිජ්ජ කපලා දාන්ඩ හිතෙනවා....

අතේ තිබුන ජෑම්පාස් කෑල්ල කූඩුවට දාපු මං අරකගෙ කරච්චලේටම කට වහපන් කියලා කූඩුවට ගැහුවත් ඌ නෙවෙ කට වැහුවෙ...එකම දිගට සීදේවි..සීදේවි ගානකොට මෙච්චර වෙලාම එහා මෙහා වෙවී උන්න කානුවා මගෙ අනාගත ඥාති පුතුනුවන් එක්ක එලියට ඇවිදින් සුසංගතාගෙ කූඩුව ගාවින් හිටගත්තා ....

පසනා නිකන් නියන් කාක්කා වගේ.....වෙන්ඩ පුතා උනත් ඇත්ත කියන්ඩ එපැයි.....කටත් ඇරන් මූ කුරුල්ලා දිහා.බලන් උන්න ඉදිල්ලට බෙංගාල බොක්කත් පේනවා...

ආ...යිශ් අම්මා.....ගුන්ඩූ....ට....හිකිලා...මේ කැරියට තියෙන්නෙ ටහිකෙන කටක්නෙ සමනල්...ඌ හෙනට දොඩනවා නේ..ඔහෙල සල්ලිවලටයි මූව ගත්තෙ...මගෙ අම්මො..මූට නම් තියෙන්නෙ ස්වල්ප පුකෙ අමාරුවක් නෙවෙ වගේ නේ...මේන්....ඔහෙගෙ නම කියනවා...මේන්...සමනා....ල්..ලු.... අර තේජකලු...මගෙ නමත් ඕකට කියන්ඩ ඇහැක් වෙයිද දන්නෙ නෑනෙ...මේන්....අර කැතයෝ ගානවා....මේ කාටදැයි ඌ සීදේවි කියන්නෙ....?කව්ද සමනල් සීදේවි....ටහිකෙ...කැතයලු.....අර...ආ....ව්ව්හ්හ්...ම්හුක්.....ඔහෙට....

මාන්දමද ...ගහන්නෙ...ඔහෙට පිස්සුදයි....මෙයැයි අපෙ සිගිතියා වගේ...ස්වල්ප පුකේ අමාරුවක්ද තියෙන්නෙ..ගහනවමයි වැඩේ...ඔව්වට් නම් එන්ඩ එපා හරිය.....කපනවා ආය...

ඩෑස් එකයි...අත දිගෑරලම මං පසනගෙ පිටට ඩෑස් එකක් දුන්නා මූ ඇඹරිලා ගියා...

මූ තනිකරම කුනුහර්ප ආකරයක්....ඇතුලෙදි මූ කරපුහැම ජඩවැඩේමත් මාර්ක් කරන් උන්න මං ලැබුන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන අරගන මගෙ වෙන්ඩ පුතාගෙ පිට මැදට තෑන්...තෑන්....ගාල ඩෑස් එකක් දීලා ඇරියා ඇඹරිලා යන්ඩ...

අපෙ එක්කෙනාට බැරි නම් මං වත් මේ ළමයි හදන්ඩ.....ආය කසාදයක් කරගන මං ඔහෙ නවතින්ඩ ගියහම අපෙ නුවර අය මාව බලන්න ආවමත් මූ මේ විදිහටම කුනුහර්ප පැලුවොත් මගෙ නමට මොකද වෙන්නෙ...ලැජ්ජාවෙ පන යනවා....

පසනා ඇඹරුනා...මං දමාගන රවාගන උන්නා...ඩැස් පාර කෑවත් මූ නෙවෙ ඇඩුවෙ.....රවන් ඉන්නව ඇරුනම මූ නෙවෙ රැව්වෙ.....අපෙ කානුවට ඔය පාර ගැහුවා නම් මූ වෙලහට මහ පොලවෙ වැලි කාලා...එක පාරයි...ඇබරිගන උන්න පසනා ඇඩිල්ල පැත්තක දාලා අනිත් පාර මට බනින්ඩ ගත්තා...නිකන් නෙවෙ මූ මාව කපනවා කිව්වා....යකො තාම තුනෙ...

කටවහනවා....!!කුනු කතා කියනවද ළමයි...මොනවද ඔය කතා....කට පුච්චනවා මං අනිත් පාර...ඉස්කෝලේ යන ළමයි නේද...ඉන්නවා මං ස්කිපර් අයියට කියන්නම්....ළමයෙක් නේද...ඔව්ව කියලා ළමයෙක් වත් හරියට හදාගන්නෙ කොහොමද ...මේ ලමයො මම පප්පා වගේ නෙවෙ තේරුනාද...වසයි හුගක්....අනික මාව කපන්ඩ...හිතන් ඇති ඒ වෙන උන්ව.....කට කපනවා මම.....

ආ...හොද වැඩෙ...ඔහෙ පප්පට කියලා කරයි මට පකක්....අපෙ පප්පමයි මෙව්වා දොඩන්නෙ....අනික ඔහෙ වස උනාය කියලා මට මොකදැයි ආය...මේන් මෙයැයිට මාන්දම සමනල් ඔහෙ එනෝද අපෙ අහ යන්ඩ...

මගෙ අම්මො...ඔය ලමයා සුලු පටු කුනුහර්පද කියන්නෙ ලමයො....ඔය ලමයා යන දිහාවක යන්ඩ අපෙ මල්ලි එන්නෙ නෑ.....ඔයා යන්ඩ .....එපා එන්ඩ ආයම අපෙ ගෙදර ....ඔය ලමයගෙ කට හොද නෑ....නේද චූටි...ඔයා යන්නෙ නෑනෙ බබා....ඔයා අයියා එක්ක ඉන්නවා නේ චූටි....එයාට යන්න කියන්න

මූ තනිකරම මූදු කොටියෙක්...මං වචනයක් කිව්වොත් මූ මගෙ කට වැහෙන්න වචන සීයක් විතර කියනවා...උන්ගෙ පප්පට කරයි කියලා කුනුහර්පයක් කියපු පසනා අනිත් පාර අපෙ කානුවා දිහා බලලා අපේ අහද කොහෙද යන්ඩ එනවද අහපු ගමන් මං අපේ එකාව අතින් අල්ලන් පුලුවන් තරම් හොදින් කතා කරලා අරූව කපලා දාන්න හැදුවත් පොඩි හැන්දට වහ වැටිලා උන්න කානුවා මන් උගෙ අයියා කියන එකත් අමතක කරලා අරූ එක්ක යන්න හදනවත් එක්කම මගෙ කට ඔහෙක් වෙලා ගියත් මං අපේ එකාටත් තට්ටම කසාගන යන්න පාරක් දුන්නා....

ඕ....එනෝ....අම්මියෙ පුතා නටන මාමියෙලාගෙ යනවො....අම්මියෙ...පුතා පසනා එක්ක යනවා අම්මියෙ.....අම්ම්....ඊහ්...අනේ....හ්...කැතයො...අමාකරයා...කැතයා...

ගහනවනෙ.....

උඹත් ගම්මැද්දෙ ඇවිද ඇවිද ඉදින් හෙට ඉස්කෝලේ පොතක් පතක් අල්ලන්ඩ එපා.....ගෙදර ඉදින් කොහෙවත් යන්නෙ නෑ...මං උඹගෙ කකුල් කඩනවා....

බෑ...පුතා කොහෙවත් යනවා.....පොත පත එපා....පුතා යනවා...පුතා යනවා...කකුල් කඩන්න එපා.....අනේ...අමාකරයො...කැතයො....හ්හ්හ්...නටන මාමියෙ...පුතාව....පුතාව අරන් යමපියව්කො....පප්පෙ.....සුදු...පප්පියො...හ්හ්..පුතා යනවනෙ...පුතා...පප්පලාගෙ යනවා...

සමනල් ඔහොම නවතිනවා...අම්මෙ...හ්...මෙන්න මූ....අම්මෙ....මෙන්න මූ ගම්මැද්දෙ යනවා....අම්මෙ....හ්...අම්මෙ....ආන් අරූ අරකා එක්ක ගියා...අම්මෙ.....ආන්...ගියා....

"කටවහපන්කො...මේ හුත්තිගෙ පුතාගෙන් තියන කරදරෙ"

හමන්නන්න කලින් කටවහපන් සක්කිලියා.....තෝත් පල එහෙට්ටම එක්කො!

අරූ යන්ඩ ගියා...එහෙන් සුසංගතාත් ඌරගෙ මාලු ඌරගෙ ඇගෙ තියලා කපනකොට මන් තනි උනා.....

එකම මාලු කරදරේ....එයා ගියත් හරි තාම මැසේජ් එකක් දලා නෑ....එයාට හුගක් වැඩ ඇති....

සීදේවි.....

සුදු චූටි...ඔහෙට මං ආදරෙයි හරිය.....

පිලිහිඩ්ඩෙ සුවද....මාලු කරදරේ...කාක් කරදරේ.....මිනිස්සුන්ගෙ කේවල් කරන සද්දෙ වාහන හෝන් සද්දෙ තනිකරම කන්කරච්චලයක් ගෙනාවත් එයාගෙ මැසේජ් ටික ආයමත් පාරක් කියවපු මං මගෙ මූන රතු කරගත්තා....

එයා මට අම්බරයක් කිව්වා...අම්බරේ මොකක්ද දන්නෙ නෑ...ලස්සන ඇති.....කැත දෙයක් නෙවෙ වෙන්න ඇති...අපෙ අප්පච්චි ත් අම්මට ආදරෙ වැඩි උනහම මල් වල නම් කියනවා.....සමහර විට මේකත් ලස්සන මලක් වෙන්න ඇති....ම්හුක්...කාවාටි පැටියත් කිව්වා...මොකෙක් උනත් කමක් නෑ...පැටියෙක්නෙ....

මාව එන්න එන්න රතු උනා....එයාගෙ වචන....තුරුල් කරගත්තු තත්පර්‍රෙදි දැනුන ඒ උන්හුම....අර නලල් හාදුව මතක් වෙන වාරයක් ගානෙම මාව රතු උනා මදිවට මං මගෙ මහපට ඇගිල්ලෙ ඇටකෝටු මතු වෙන තරමට නියපොත්ත කන්න ගත්තා.....

සුදු චූටි.....ඒහ්...සීදෙවි ...

ස්....ස්...කීපර්...අයියෙ....

අනේ දෙයියනේ.....,

මාව ගැස්සිලා ගියා....එයා...අනේ ඒ එයා.....එයා ගැන හිත හිත රතු වෙවී උන්න මාව ගැස්සිලා ගියා...සුදු චූටි කියාගන ගේට්ටුවෙන් ඇතුලට මතු උනෙ වෙන කවුරුත් නෙවෙ මගෙ හැන්දා වෙද්දි මං අඩියට දෙකට එයා ගාවට ගියා....

සරමය උඩින් බැදපු පොකට් ගොඩක් තියන අර්ස් බෑග් එක....ලුමිනස් බූට්ස් දෙක...බට්න් ඔක්කොකොම ඇරපු හවායි මල් පිපුන ශර්ට් එක...හැන්නදිගෙ මැකරල් කියලා ගහපු තොප්පිය එක්ක එයා ඇවිදින් තිබුනෙ හිස් අතින් නම් නෙවෙ දඩාරියන් සයිස් දැල්ලෙක් එක්ක....

පැත්තකින් සරම උස්සන් උන්න එයා රැවල් අහුරෙන් අල්ලන් උන්න දැලියව උස්සලා මගෙ දිහාවට දික් කරනකොට ඒකගෙ තරම දැකලා මගෙ ඇසුත් ලොකු උනා....

මැනිකෙ...මේන් දැල්ලෙක්.....මේකව කපාගන්ඩ ඇහැක්නෙ ඔහෙලට....ඇතුලෙ දැලි බොක්ක හිල් කරගන්නෙ නැතුව කපාගන්ඩ ඕන...නැත්තන් දැලි නාන්ඩ වෙනවා හරිය...මේකගෙ කාබන් එක කැඩුනොත් ටහිකිලම යයි ආය.....

පාරෙ නවත්තලා තිබ්බ හැන්නදුගෙ අයිස් කියලා ගහපු ෆීසර් ලොරිය දිහවත් බල බල හරි හදිස්සියට එයා කියවනවා.....ආයමත් දැල්ලෙක් උස්සන් ඇවිත්...අප්පච්චි අද උදෙත් අඩව්වක් අල්ලන්න ගිහින් නූලෙන් බේරිලා යන්න ගියේ.....මේකත් ගත්තොත් මට දැල්ලො පේන්න ගහයි...

අනෙ අයියෙ අදත් ....අපෙ අප්පච්චි .....

සුදු චූටි ටැග් ගැහෙන්ඩ බෑ ඒයි වාහනෙ එලියෙ ...මේන් මේකව ගන්ඩ....කෝ කෝ එක්කො දෙන්ඩ මං මෙකා අපේ අහ දාලා යන්නම්...අක්කා දැලි නායි ආය.....මේකව ඔහෙට කපන්ඩ කීයටවත් බෑ...නොදරුවා දන්න දේකුත් නෑ....

එයා ආයම මගෙ අතින් දැල්ලව උදුර ගත්තා..මන් අත් දෙකෙම්ම අල්ලන් උන්න දැල්ලව තනි අතට ගත්ත එයා ඒකව එයලගෙ ගෙදර දාලා යන්නම් කියපු එයා ඉන් එහා වචනයක් නොකියා ආපිට යන්න යනවත් එක්කම මං එයාගෙ පස්සෙන් දිව්වා ..අනේ එයා අඩියට දෙකට ලොරියටත් නගින්ඩ හදනවා...

අයියෙ.....

මං එයාට කතා කෙරුව...බැරිම තැන වහපු දොරෙන් අල්ලගත්තා...ආවට වඩා වේගෙන් යන්න ආව එයා මගෙ අත දැකලද කොහෙද දොරෙන් එලියට මූන දැම්මා...

මක්කදයි මේ.....කෝලම මේකගෙ.....මයෙ මැනික පරිස්සමින් හරි....ගෙදට්ට ආවම කියන්නම්...ඔහෙගෙ අයියා කට කපලම වැඩනෙ රත්තරනෙ ඉතින් කොහොදයි කියාපන්කො හුරුතල් කරන්නෙ....ම්ම්ම්ම්ම් .....මක්කවත් ඕනයි සුදු චූටි?ගේන්ඩ තියෙ නම් ගේන්නම්.....කඩචෝරු මල්ලක් වත් ඕනයි පැටියට....?

මට දුක හිතුනා...එයාට යන්ඩ කලබලේ....ඔහෙගෙ අයියා වැඩනෙ රත්තරනෙ කියපු එයාගෙන් ඊලගට පිට උන වචන එක්ක අනේ මට මතක් උනේම මගෙ අප්පච්චි ව.....අම්මගෙන් අහන්නා වගේම එයත් මගෙන් මොනවා හරි ඕනද අහනවා....මට මොනවත් එපා...උඹ පරිස්සමින් ගිහින් ආවොත් ඒ ඇති සුදු අයියෙ...ඉන් එහා මොනවද ආය

ඒ නිල්පාට ඇස් දිහා බලාගන මගෙ ඇස් මුමුනනවා....

මොකුත් නෑ අයියෙ .. මොකුත් එපා...පරිස්සමින් ගිහින් එන්න ඒ ඇති මට අයියට තෙරුවන් සරනයි....

මං එයාට තෙරුවන් සරනයි කිව්වා...මොකුත්ම එපා පරිස්සමින් ගිහින් එන්න කියනකොට මං බලාගන අර නිල්පාට ඇස් යන්තමට දිලිසීගන එනවත් එක්කම එයාට හුස්මක් පිට උනා.....

......මේ යාගන්ඩ හදිසි වෙලාවෙ ඔහොම ඇස් රවුම් කරන් මගෙ දිහා බලාගන දොඩන්ඩ එපා මයෙ අම්මෙ....කොහොමැයි කියහන්කො දාලා යන්නෙ...ලගට ගන්ඩ බෑ මෙයැයි ගාව පිලිහිඩ්ඩ එකාකාරෙට...ගදයිනෙ...ඊටත් කසිංජිය ඇදුම් වල ගන්දස්සාරෙ බෑ....නාගන්නකන් මෙහෙමයි .....මේ ගද ඔහෙට තවම පුරුදු නෑ අමාකර....හරි බරයි.....අප්පිරියාවක් ආවොතින් වමනෙ හලලා විසේ යයි.....එහෙව් දැන දැන ලගට ගන්නෙ කොහොමදයි කියාපන්කො මැනිකෙ....මගෙ නොදරුවා ඔහේ ඇස් කරකවනවා...

උඹව මෙහෙම දකිනකොටත් මට හරි ලෝබයි සුදු චූටි....ඔහෙ මට ආදරෙයි නොකිව්වත්...මං ඔහෙට ආදරෙයි කියලා කියාගත්ත එකත් මට සැනසීමයි....උඹ මගෙනෙ කියලා හිතෙද්දි මට ලෝබයි....මං ගාව පිලිගදයි රත්තරනේ ..මුරන්ඩු නොවී අහපල්ලකො ඉතින්....මක්කදයි මේ ඉතින්.....

එයා ගාව ගදයිලු....පිලී ගදයිලු....ඒත් මගෙ අප්පච්චි ත් දාඩිය නාගන ආවත් අම්මා කවදාවත් ලගට නොයා ඉන්නවද...දාඩිය ගද උනත් මොකද අප්පච්චි හන්දා අපි විදින හැම සැපකම තිබ්බෙ ඔය දාඩියම නේද...මට මේ මනුස්සයගෙ ආදරෙ තරම බැලුවම පිලීගද කියන්නෙ මොකක්ද.....

ක්...කමක් නෑ.....අයියෙ...ඒක එච්චර හිතන්න එපා...මහන්සි වෙලානෙ ඉන්නෙ...අපෙ අප්පච්චි ගාවත් දාඩිය සුවදයි ...ඒත් අපි නොයා ඉන්නවද ....

කාවාටි පැටියා මගෙ...තවම අර වස්තරේ පිටින්...සුදු චූටි....ඔහෙ මගෙ ගාවින් එන කසිංජි සුවදට මේ තරම්ම ආදරේද මැනිකෙ?

මං නෙවෙ උත්තර බැන්දේ ..ඒ වෙනුවට මං කරපු එකම දේ නම් මගෙ ඔලුව වනපු එක.....එයා ගාවින් එන කසිංජියට මේ තරම්ම ආදරේද අහනකොට මං කරපු එකම දේ උනේ මගෙ ඇස් රවුම් කරන් එයා දිහා බලන් ඔව් නොකියා ඔව් කියපු එක වෙද්දි අනේ එයා එහෙම්ම නැවුනා.....

වෙනමොකටවත් නෙවෙ හාදුවක් තියන්ඩ....වෙන කොහෙට වත් නෙවෙ.....වාහනෙ ජනෙල් පට්ටම අල්ලන් උන්න අත් දෙකට...!!

එයා මගෙ අත් වලට හාදුවක් තිබ්බා

හැබැයි තොල් වලින් නෙවෙ...එයා මගෙ අත් වලට හාදුව තිබ්බෙ එයාගෙ නාහෙන්...අර මූන පුරාවටම තිබුන රැවුල් කොට මගෙ අත් වල වදිනකොට එයා මට හාදුව තිබ්බෙ නාහෙන් වගේම මට දැනුනා එයා මගෙ අත් වල සුවද නාස් පුඩුවලින් ඉහලට අල්ලනවා....

උඹ සීයට දාහක් තේජක ට සමානයි සමුද්‍ර.....!!මොකද මගෙ අප්පච්චි ගෙ හාදුත් හැමදාම නාහෙන් ඇතුලට උරාගත්ත හාදු....මොන අහම්බයක්ද සුදු අයියෙ මේක....දෙයියො මගෙ අප්පච්චිගෙ කොපිය මාව නොකර උඹව කරලා මාව උඹගෙ අත් වලට දීපු එක!!

මයෙ මැනික උඹ...පරිස්සමින් සීදේවි....මේ තියෙන්නෙ සිනිදු අත් දෙක මගෙ...ඔහෙට මං කිචියි අමාකර ...!!!

......

ඔහේව මං හවහට මූදේ නාවන්ඩ එක්ක යන්නම් හරිය...පාරෙ වාහන එකාකාරෙට....බයික් වල බැදපු මාලු පෙට්ටිවල මන්නයක් වත් වැදුනොත් කපාගන යයි පලාතක්ම...සුදු ඔහෙ ඇතුලෙන් ඉන්ඩ.....දවල් පෝරුවෙ අපෙ අහ එනවයි ආවොත් බත් කටක් කවන්ඩ ඇහැක් හරිය.....ආන් මාලු බිත්තරත් ගෙනාවා... ලුනිජ්ජ කවලම් කරල සම්බෝලත් හදනවා...ජාඩි කෑල්ලක් එක්ක බත් කටක් කවන්නම් ඔහෙ අපේ අහ එන්ඩ....සුදු චූටිගෙ පප්පා ආවම මැනිකෙට කියන්නම්...දැන් ඇතුලට යන්ඩ...

එයා යන්ඩ ගියා...මගෙ බඩෙන් එකයි දැන් සමනල්ලු...යෝ...අප්පච්චි හැන්දයියට කිචි හැදිලලුනෙ....

මට හිනා යන්න එනවා...ලැජ්ජා හිතෙනවා....එයා මට කිචියි කිව්වා...අනේ මන්දා මට නම් කිචියක් නෙවෙ එයාව දැක්කම බඩ ඇතුලෙ මොක්කුද පියාඹනවා වගේ...එයාට එක්කො කිචි ඇති මාව දැක්කම....

මං ආයම රතු උනා...උම්මා එක දුන්න අත් දෙක පුලුවන් තරම් පරිස්සම් කෙරුවා...

මට බත් කටක් කවන්නම්ලු....අපේ කානුවා හැන්දෑ වෙනකම්ම ආවෙ නැති උනොත් හොදයි එතකොට මට පුලුවන් ඕකව එක්ක එනවා වගේ ගිහින් බත් කටක් කව්වන් එන්ඩ....

ආය ලැජ්ජ වෙන්න පිට ගෙදරකින් කනව නෙවෙනෙ.....කවදා හරි මන් එයාට කැමතියි කිව්වම මගෙ නැන්දම්මගෙ ගෙදරනෙ ඕක....

ඒත්....දැන් එයා අදත් දැල්ලෙක් දෙන්නනෙ හදන්නෙ...අප්පච්චි මේ කෙරුවාවට නම් කැමති නෑනෙ...එයාට කියලා හිත රිදවන්නබෑ....අප්පච්චි වයි එයාවයි කොහොම හරි සමාදාන කරවන්න ඕනා...එක්කො එයාට අපෙ අප්පච්චි එක්ක සෙට් වෙලා බොන්න කිව්වා නම්....

පේනවනෙ....අපෙ මොනරවිලට තේජක තාම බනිනවා...අනේ අප්පච්චි පුතාගෙ හැන්දට නම් ඔහොම කියන් ආවොත් මං අර ගල්වැටියෙන් පනිනවා...අනික එයා මට අම්බරයක් වගේ කිව්වා....

ඒත් දැන් මොකක් හරි උනොත්...අප්පච්චි දැම්ම මෙහෙම නම්....එයයි මායි හුටපටයක් ඇතිකරගත්ත දාට....අනේ අප්පච්චි ඔව්වට නම් එන්න එපා කියනවා.....ඇයි වදේ....අපිත් හැදෙන්නෙ මහ උන් වගෙනෙ....අපෙ අප්පච්චි අමම්ව උස්සන් ගියෙ දහ අටෙන්....ඉතින් මන් හැන්නදිගයියා එක්ක යාලු උනහම මොකක්ද අවුල...ඔව්...වයි මං අහන්නෙ...

මං ගාටන්න ගත්තා ...මිදුලෙ ඉදන් මූන රතු කරගත්තට මොකද අප්පච්චි ගෙයි හැන්දගෙයි ඉදිරි කාල පරිච්චේදෙ මතක් වෙනකොට මට දැම්ම ඉහෙ ඇම්ම අල්ලන් ආව....එක්කො එයාට කියන්න ඕන මාවත් අරන් බෝට්ටුවෙන් පැනලා යන්න කියලා ..අඩුම ගානෙ ඕස්ට්‍රේලියා වට වත්.....බෝට්ටුවෙන් එන්න එපා කිව්වට අපිට පුලුවන්නෙ ඒ පැත්තට පස්ස හරවන් යන්න..එතකොට හිතන්නෙ අපි එහෙන් පැනලා යන උන් කියලනෙ....

සුදු මහත්තයා ....

මං හොරා වගේ ඇතුලට ආවා...ආප්ප මල්ල තාම ඉතුරුයි .....අප්පච්චි ත් එකයි කෑවෙ....පාලොස් දහ මේසෙ උඩ...ඒ අස්සෙන් අම්මත් දැකලා...එයා මගෙන් යාලුවෙන්න ඇහුවා කියලා නම් දැනගන්න තියන්න හොදම නෑ...

ඔ....ඔයා මොකද ඔය විදිහට මා දිහා බලන්නෙ.....මේක හරි වැඩක්නෙ.....අනෙ අම්මෙ ඔයා මට බැනන් එන්න ලෑස්ති වෙන්න එපා.....මට පොඩ්ඩ බැරි වෙනකොට ඩිප්‍රෙසන් එනවා.....මං කොල්ලෙක්නෙ...කොල්ලන්ට කොහොමත් රෑට ගමන් තියනවා....ඇරත් ඒ අයියා ආවෙ මට ඕක දෙන්න වැරදි දෙයක් කරන්න නෙවෙ....ඔයාගෙ සැකේ කොයි වෙලෙත්...ඔයා හිතෙන් බහුබූත මවන් ඒ අයියට මාව පාවා දෙන්න නම් ලෑස්ති වෙන්න එපා හොදෙ...

මං දැන් මොනවා හරි කිව්වද සුදු මහත්තයා ....මං මොනවත් ඇහුවද....

න්...නෑ...ඉතින්.....ඔයාගෙ බැල්ම මට අල්ලන්නෙ නෑ.....ඒ අයියා හරි හොදයි...එහෙම නරක දේවල් අහන කෙනෙක් නෙවෙ....

ඉතින්...මං දැන් ඒ මල්ලි නරකයි කිව්වද.....නෑනෙ.....අනික ඒමල්ලි එහෙම කතා කියන කෙනෙක් නෙවෙ...

මට හුස්ම හිරවෙන්න ආව.....අම්මා ආයමත් මගෙ හැන්දට මල්ලි මල්ලි කියන්න ගත්තා විතරයි මං කෑගැහුවා.....

ම්..මොකක්...මල්ලි....ඔයාට කොහොමද මල්ලි වෙන්නෙ....එයා ඔයාට පුතෙක් වගෙ..ඇත්තමයි අම්මෙ නාඩගම් නම් නටන්න හදන්න එපා ආ...එයා මට විතරයි කැමතියි කිව්වෙ....අම්මා හදන්නෙ මගෙ කොල්ලව උදුරගන්නද...මේ මොන ලැජ්ජාවක්ද මේ...ඔයා මැනිකෙක් නේද....ඇත්තමයි අම්මෙ ඔයා සමුද්‍රට නම් අතක් තියන්න හිතන්නවත් එපා...අර පිහිය අරන් මං කපාගන්නවා අත.....

ඔයා ඔහොම කරන් ආවොත් මටත් සිද්ද වෙයි එයාට කියන්න මේ ගෙදරින් දැන් මටත් හරියටම කරදර මාව අරන් යන්න කියලා...හරියටම ඔයා අපෙ අප්පච්චි ට කිව්වා වගේ...මට හිතෙනවා කොහොමත් එයාට කවදා හරි මගෙ කටින් මෙව්වා අහන්න වෙයි කියලා ....ඇයි ඔයාට තේරෙන්නෙ නෑනෙ ඒ පුතාගෙ මිනිහා කියල.....අ..අනේ....න්....න්න්...නෑ...

අම්මෙ...ඔහොම කතාවක් අප්පච්චි ගෙ පොලිස් පොතෙත් තිබ්බා...පුතාගෙ මනුස්සයට අම්මගෙ හිත ගිය එකක්....නැතුව අම්මගෙ පුතාට එහෙම එකක් නෑ අම්මෙ.....ඔහොම බලන් ඉන්නෙ ඇයි අනේ.....මං මේ වෙච්ච දෙයක් කිව්වෙ....මං මේ අප්පච්චි ලාගෙ පොතක තිබුන දෙයක් කිව්වෙ...

ඒ උනාට ඔයා මල්ලි කියන්නත් එපා...එහෙම දෙයක් වෙලත් පවුලක් කැඩිච්ච කතාවක් අප්පච්චි ගෙ පොතක තිබ්බා...ඔයාට ලමයි තුන්දෙනෙක් ඉන්නවානෙ...එහෙම මල්ලි කියන්න එපා..එයත් මූනට නොකිව්වට ආස නැතුව ඇතිනෙ අම්මෙ....

....

ඔයා ඔහොම බලන් ඉන්නෙ ඇයි අනෙ...එක්කො.....අපි අප්පච්චි ගෙ පරම්පරාවට බනින ගමන් තේ එකක් වත් බොමුකො අම්මෙ....

මටත් දැන් අප්පච්චි ගෙ පොලිස් පොතේ අඩු වයසෙන් හුටපට දාගත්තු ඒවත් මතක් වෙනවා සුදු මහත්තයා .....අප්පච්චි දැක්කා නම් ආප්ප පෙන්නයි....ආය එහෙම ඔහොම ගමන් යන්නෙ නෑ තේරුනාද.....

ම්හුක්....තේරුනා...අම්මෙ....ඒ උනාට.....ඔයා වැරදියට හිතන්න එපා...මට එයා එක්ක ගිහින් මොකුත් උනෙ නෑ අම්මෙ...

පිස්සුද ලමයො...මොනවද ඔය කියවන්නෙ...ඒ ලමයා එක්ක ගිහින් මොනා වෙන්නද...තාත්තලා පුතාලා ඔක්කොටම පිස්සු....මෙන් සල්ලි එක ගිහින් දෙන්න....ගන්නම බෑ කිව්වොත් ඔයා හතහා මාරක් අරන් ඉතුරු හතහා මාර මට දීලා අප්පච්චි ට නොකියා ඉන්න....ඕක ආය අප්පච්චි ට කියන්න ගියොත් අල්ලස් දෙන්න හදනවා කියලා වෙන නඩුවක් යයි...අප්පච්චි ගෙ උපන්දිනෙ එනවා සුදුමහත්තයා ...මල්ලිගෙත් එනවා.....

ඔයා මේක තියාගන්න....හැන්දයියා බැන්නා සල්ලි ගන්නෙ නෑ කියලා...කානුවට මං මොනා හරි අරන් දෙන්නම්....මං ගාව සල්ලි තියනවා ඌට අරන් දෙන්න...

එපා සුදු මහත්තයා කමක් නැ....ඔයාට කොහෙ තියන සල්ලිද...අප්පච්චි දුන්නොත් මිසක්...

තියාගන්න අනේ....මගෙ ගාව තියනවා මං ඌට අරන් දෙන්නම්...කොච්චර කා ගත්තා ඌ මගෙ මල්ලිනෙ....

මන් දන්නව සුදු මහත්තයා මල්ලිට ආදරෙයි කියලා....ඔයා චූටි කාලෙ ඉදන් මල්ලිට ආදරෙයි.....මල්ලි අඩනකොට සුදු මහත්තයා අතේ තියන ඕන එකක් දීලා නලවන්න හදනවා....අප්පච්චි ඒකමයි සුදු මහත්තයට මෙච්චර ආදරේ.....මගෙ පුතානෙ..ඒඋනාට හොර ගමන් බෑ සිහත්...මොනවා හරි උනොත් අම්මට එල්ලුම් ගස් යන්න වෙයි අප්පච්චි ට උත්තර බැදලා.....

මං ආප්පයක් කොනහන්න ගත්තා.....උදේටත් කාල උන්න මං අප්පච්චි ගෙ පරම්පරාවට බනිමුද අහලා අම්මවත් දේප් කරවන් අවසානෙදි සල්ලී ගත්තෙ නැත්තන් සාදාරන විදිහට බෙදාගමු කියල කතාව අවසන් කෙරුවත් මං අම්ම දිහාවට ඔක්කොම සල්ලි තල්ලු කෙරුවා.....මල්ලිට මම මොනවා හරි අරන් දෙන්නම් කියලා කොච්චර කිව්වත් අම්මා නාහනකොට මන් අවසානෙදි ඒ සල්ලි ඔක්කොම.අම්මගෙ අතට මිටමොලවලා කොච්චර කා ගත්තා උනත් ඌ මගෙ මල්ලිනෙ කියද්දි අම්මා හිනා වෙලා මගෙ මූන අත ගෑවා...අවසානෙදි ආයම රවලා හොරගමන් බෑ කියනකොට මන් හොරා වගේ ඔලුව වැනුවා...

සුදු මහත්තයා ඉගුරු දානවද...

හ්ම්....

අප්පච්චි කිව්වා අර ලමයා එයි කියලා .....

කොර...

කොස්තාපල් ගෙ.....වෙලාව කිව්වෙ නෑ...එන වෙලාවක එයි කිව්වෙ....ඒක හොදයි ඔයාට යාලුවෙක් ඉන්න එක....

අම්මෙ....

හ්ම්.....

අම්බර කියන්නෙ මොනවද....

මන් ආයම උන්නෙ එයාගෙ සිහියෙන් ...ඉගුරු සුවද කුසිය පුරාවටම පැතිරුන්ත් මගෙ හිතට දැනුන එකම සුවද කසිංජි සුවද විතරක් වෙනකොට එයා ඉඹපු අතත් පරිස්සම් කර කර මන් අම්බර මොනවද ඇහුවා....

අම්බර.....

ඔව්....ඔය ධීවර මිනිස්සු කියන අම්බර.....මොකක් හරි මලක්ද...මං අහන්නෙ....ඔය මුහුද් මැද තියන දූපත්වල පිපෙන....

ම්ම්ම්...නෑ...නේ...

එහෙනම්....

අම්බර කියන්නෙ මලක් නෙවෙ ළමයා....

මලක් නෙවෙනෙ නම්...

අම්බර කියන්නෙ තල්මස් වමනෙට...ආ මේ තේ එක....

මගෙ දත කට පූට්ටුවේගන ගියා.....අම්බරයක් කියන්නෙ මලකට වෙන්න ඇති කියලා හිතන් උන්න මගෙ කට ඔහෙක් වෙලා....ඇස් මෙහෙක් වෙලා....මුනත් බෝතල් දැලියෙක්ගෙ වගේ සුදු මැලි වෙලා ගියා.....

අනේ අම්....මා....පල්....ල....හැන්දො උඹ.....හුජු චූටි...ඔහෙ මට අම්බරයක් වගෙ කිව්වා නේ.....බලන් ඉදින් මං උඹට ආදර්‍ර් කරයිද කියලා.....මාව ගැහෙනනව....හරියටම දැලේ පැටලුන වෙල්ල සූඩයෙක් වගේ මගෙ අතපය නලියනවා...

වරෙන්කො ආය සීදේවි ගාන්....නිල්වලා ගගේ කිඹුලගෙ වගේ මූන...එහෙව් උඹ මට අම්බරයා කිව්වා.....ඔයිට වඩා නම්බුයි මට අම්බරුවා කිව්වා නම්....වරෙන්කො...හුජු චූටි ගාන්...මං මූනටම කියනවා මට ගැලපෙන්නෙ වලව්වකින් කියලා.....

අපි නුවර මිනිස්සු....මොනරවිල පරම්පරාවෙ මුනුබුරා...එහෙව් මාව උඹ තල්මස් වමනෙට සමකෙරුවා හැන්දයියෙ...අර සින්දුවකුත් තියෙන්නෙ බලලෙකුට සම කලා කියලා...මට උඹත් එක්ක ඇයි හොදැයි කම් එපා...උඹ හන්කුචු කව කව ඉදින්...මාව දැක්කම කිචියි කිව්ව එකානෙ.....

සුදු මහත්තයා ඔය කොහෙද යන්නෙ.....මේ තේ එක...

මට ඕන තෙයක් නෑ අනේ.....ඔයාගෙ මල්ලිට එන්න කියල ඕක දෙන්න.....!!

🤌ඔව්...නුවර මාව එහෙමනෙ දැන් පේන්නෙ...හා..හරි...

ආයම එන්නම්.හරිතේ...කිචියිඈ ඔහෙලට...

ජොබීත...නිදහා.....ස්....!

More Chapters