එයා මාව දන්නෙ නෑ කිව්වා...හිරිකිතයි කියලා තල්ලු කරපු මාව අහිතක් නැතිවම ශෙනෝන් ආයම වත්තම් අරගන්නකොට ලේ බිදක් නැති උන බොර පාට ඇස්වලින් කදුලු වැටෙන තරම් අහසෙන් වැස්ස වත් වැටෙන් නැතිව ඇති...
ඇස් දෙක ඇඩුවා කාලයක් තිස්සෙ ආදරෙන් තුරුල් කරගත්තු එයාම අද මාව දන්නෙ නෑ ය කියලා මූන අකුලවන් ප්රතික්ශේප කරනකොට ඒ වේදනාව මගෙ හදවත කුඩු පට්ටම් කරලා දැම්මා...මගෙ ඇස් පනා පිටම මේ කව්ද මැනිකෙ කියලා ඒකිගෙන් අහනකොට මාව අනු අමුවෙම ගිනි තිබ්බා වගේ දැනුනා...
මේ කව්ද මැනිකෙ මේ මනුස්සයා.....
දන්නෙ නෑ සුදු මහත්තයා ...හිගන්නෙක් ...ද කොහෙද ....ඔව්...හිගන්නෙ තමයි පේන් නැද්ද මේ හොරි දාලා වගේ ගිහින් කහ වතුරෙන් නා ගන්ඩ...ඔය ජරහන්ත බෝ වෙනවද දන්නෙ නෑ....
හිතන්න පුලුවන්ද මගෙ පපුවට දැනෙඅ වෙදනාව ...මීට දවස් ගානකට උඩින් හිතේ තියන තරහව විසුවියස් කන්දෙන් හැලෙන ලෝදියටත් වඩා වැඩි උන එයාට අද මාව හින්ගන්නෙක් වෙලා ඒකිව මැනිකෙ වෙච්ච එකේ වේදනාව මගෙ පපුවට දැනෙන්නෙ කොහොමද කියලා හිතන්න පුලුවන්ද ...
ඒ බැල්ම....මා දිහා බලන් උන්න හැටි...අතින් කට වහගත්තු හැටි.....මේ හැම දේම මගෙ පපුවට ඇනපු පිහි පාරවල් වෙනකොට මං බලාගන මොල්ලිගොඩ හැති කරේම පුදුමාකාර සන්තෝසෙකින් බලන් ඉන්නවා....
නිතේශ් ...උඹට අවංකවම මාව මතක නැද්ද මගෙ සුදු මහත්තයා ...
මොන මගුලක්ද අයිසේ මේ අහන්නෙ.....
ඒ එයාගෙ වචන ...ඒ වචන....දෙවියනේ මුවහත් කරපු පිහි තුඩවල් එළ දිගට මගෙ පපුවට බස්සනවා හා සමානවම වේදනාවක් ගේනකොට එයා දෙවනි පාරටත් මාව දන්නෙ නෑය කිව්වා....
මම ඒත් මගෙ හිත ගල් කරගත්තා ....මගෙ අතේ තිබුන මුදුව තුවාල නිසාම ගලවලා.දාලා තිබුනත් මම ඒක අරන් ආවා...අඩුම ගානෙ මේක දැකලා වත් මාව මතක් වෙයි කියලා ....මම මගෙ වෙව්ලන අත් වලින් ඒ මුදුව අරන් එයාගෙ පැත්තට දික් කෙරුවා ...
මේක මතකද....මේක ..උඹට මතකද...මගෙ සුදු අප්පො....වලව්වෙ.කරදර ඉවසන්නම බැරි කාලෙක.....නුවර වැව දෙබෑ කරපු....සුදු අප්පොට ජීවිතේ දුන්න නිමල් දුන්න මුදුව මතකද...උඹට...මේකවත් මතක නැද්ද....අනේ....උඹට මාව මතක නැත්තෙ ඇයි ..කියපන්.....රත්තරනේ....
ඇබිත්තකට නැති වලන් ගෙනත්...උඹට උයන්න කියලා දුන්න මාව අමතක උනේ කොහොමද තේශි.....
ගඩා ගෙඩි මල්ලක් ගෙනල්ලා දීලා.....දත් කට හිරි වැටෙන කන් අච්චාරු ගිල්ලපු මාව අමතක උනේ කොහොමද තේශි.....
වැව රවුමෙ කඩල කරත්තෙන් කඩල ගොට්ට්ක් අරන් කන්න කිව්ව මාව අමතක උනෙ කොහොමද තේශී.....
මගෙ...විතේන් ..මිස්ටර් විතේන් ...මගෙ බිබි...ක්ක...ම....මගෙ...මැනිකෙ....දිසා...නායක...මැනිකෙ...ගගා.....පපුව....පැලෙන්න...ආදරෙ..දුන්න....උඹට.....මාව...අමතකද....තේශී....අනෙ...නිතේශ් ....
උඹට අප්පච්චි කෙනෙක් වෙන්න ඕනා.....කිය කියමා එක්ක ජීවට්ජ් වෙන්න අහස උසට හීන මවපු උඹට මාව අමතකද මගෙ සුදු මහත්තයෝ...අනේ.....රත්තරන් ...මං උඹේ...විතේන් ..මගෙ...ඇස් දිහා බලපන්....මම නේද උඹේ ජීවිතේ සුශු අප්පො...එහෙම නේද කිව්වෙ...මම නේද උඹේ හැම දේම.....අනේ...රත්තරන් ....උඹයි....මායි...නේද....නිතේශ් ...එක වහලක් යටට යන්න උන්නෙ...
ලගට එන්න එපා.....
එයා පස්සට පැන්නා...එයා මම ලගට එනකොටම නාද්යවත් ඇදගන පස්සට පැන්නා.....මම පුදුමාකාර තරමට අසරන උනා....මට තේරේන්නෙ නෑ...ඒ අසරන කම කොහොම වචන වලට පෙරලන්නද කියලා .....මම ශෙනොන්ගෙ අත් වාරුවෙන් හිටගන නිතේශ් ..මගෙ තේශි ..මගෙ සුදු අප්පො දිහා බලන් උන්නා...
සුදු...මහ....ත්තයා.....අවසානම පාරට අහන්නෙ ...රත්තරනේ....උඹට උඹේ මැනිකෙව මතක නැද්ද මගෙ රත්තරන් ..අනේ...එක පාරක් මගෙ මූන දිහා බලන්...මේ ඇස් දිහා බලන් කියපන්...
එයා මාව ප්රතික්ශේප කරන්න කරන්න මම එයා ගාවට ගිහින් මා දිහා එක පාරක් එක පාරක් බලපන් කිය කියෝම කියනකොට එයා කෙරුවෙම මගෙ නාද්යවයි එයාවයි ඈතට කරගත්තු එක වෙනකොට අවසානෙදි කියපු වචන එක්ක මාව සම්පූරනම අලුවෙලා ගියා හා සමාන වේදනාවක් දැනෙනකොට මම එක තැන නැවතුනා....
තේශී.....මම උඹෙන් අවසානම වතාවට අහන්නෙ...මම අවසානම වතාවට අහන්නෙ....උඹට මාව..උඹේ ආදරේ මතක නැද්ද මගෙ සුදු මහත්තයා ...මාව...මතක..නැද්..ද....
මගෙ...නිතේශ් ....
මොන මගුලක්ද අයිසේ මේ කියවන්නෙ...මම කොල්ලෙක්ට ආදරේ කරන්න.....මොලේ හොද නැද්ද.....මම සැරයක් කිව්වනෙ.....මම තමුසෙව දන්නෙ නෑ...ආය ආය අහන්න එපා...මං තමුසෙව දන්නෙ නෑ....
මගෙ හුස්ම හිරවෙන්න ආවා...මට මගෙ පපුව පුපුරලා යන්න ආවා....අරකිව අතින් අල්ලන් මාව දන්නෙ නෑ....දන්නෙ නෑමයි ගානකොට මගෙ කකුල් පන නැතිව මං එහෙම්ම බිම ඉදගත්තා...මගෙ අත පය පවා පන නැතිව යනකොට මං තත්පර ගානකට ගොලු වෙලා ගියා.....
ශෙනෝන්.....
විතේන් ...
මාව...නැකිට්ටවපන්....උඹට ...පින් ...අයිති වෙයි....ශෙනෝන්...
තනියම නැගිටගන්නවත් බැරි මම නැගිටගන්න ශෙනෝන්ගෙ හයිය හොයනකොට අවුරුදු ගානකට කලින් වෙච්ච වේදනාත්මක සිදු වීමම ආයම ඇස් පනා පිට දකින තාත්තා නිහඩවම අහගන උන්නා..එයා බලාගන උන්නා...එයා උහුලගන උන්නා...හරියටම අහස වගේ.....මගෙ අම්මා මෙතන උන්නා නම් අනිවාර්යයෙන්ම අම්මගෙ පපුව පැලිලා මැරිලා යනවා.....
මම ශෙනෝන්ගෙ වාරුවෙන් නැගිටගත්තා ....ශෙනෝන් උන්නෙ වෙව්ලන ගමන්...උගෙ තරහව...උගෙ වේදනාව ඒ ඇස්වලින් එලියට එනකොට ඌ මාව අත් දෙකෙම්ම අල්ලන් උන්නා....මම ඇස් වල කදුලු ඔහේ ගලන්න දීලා ඒ ඇස් දිහා බැලුවා ...
මිස්ටර් නිතේශ් සෙයෝන්....උඹ මාව දන්නෙ නෑ කිව්වා....උඹට ජීවිතේ දුන්න මාව අදුනන්නෙ නෑ කිව්වා....උඹ මාව පිලිකුල් කෙරුවා ....මේක නම්...උඹේ ජීවිතේ ....උඹට පුලුවන් රත්තරන් .....ඔය විදිහටම ජීවත් වෙන්න ....උඹගෙම අම්මා...උඹට කොඩිවිනයක් කරලා.....මම උඹව ගහ මරාගන හරි අරන් ගියෝතින් ...උඹට වෙන්නෙ ජීවත් වෙනවට වඩා මැරිලා යන එක.....
නිතේශ් ...ආදරේ කරනවා කියන්නෙ අයිති කරගන්න එකම නෙවෙ කියලා....උඹ සෙනාරි වෙනුවෙන් කිව්වා.....
මල් කොහේ පිපුනත් මොකද ...සුවද දෙනවා නම් කියලා...උඹෙන් ඈත් කරපු සෙනාරි වෙනුවෙන් කිව්වා.....
උඹ ඒකිව අතාරින්න හුගාක් දේවල් කිව්වා....අවසානෙදි ...පපුව පැලෙන්න තරම් ආදරේ දීලා දීලා..දීලා...හදවත පන අදිනකොට .....ඒකිට කලු පැල්ලමක් වත් නොගාම උඹෙන් ආදරනීයම විදිහට යන්න දුන්නා .....
අන්න ඒ වගේ...මම ආදරේ උගන්නපු මේ නුවරම.....උඹගෙ වලව්ව ඉස්සරහම...මං උඹව අතාරිනවා....මං උඹව සදහටම අතාරිනවා ...මමත් කියන්නෙ මෙච්චරයි.....සුවද දෙන මල්...කොහෙ පිපුනාම මොකද...ආදරේ කරනවා කියන්නෙ අයිති කර ගන්න එකම නෙවේ කියන එක ...මම උඹේ මුනටම කියනවා නිතේශ් ...
දන්නවද මගෙ සුදු අප්පො.....සමහර ගස් වල මල්.....පිපෙන්න ත් කලිම්ම...මැරිලා යනවා....සමහර ගස් වල ගෙඩි ..පැහෙන්නත් කලින් ....වේලිලා යනවා.....සමහර ගස්...එකම එක කොලයක් වත් ඉතිරි නොවෙන්න...හැම කොලේම හලලා දානවා...ඒත් .....කාලෙ ආවාම..ආයම දලු දානවා...
මං උඹව අතාරිනවා රත්තරන් ...හරියටම උඹ සෙනාරිව හිතේ වෛරයක් නැතිව අයින් කෙරුවා වගේ...
මං උඹට යන්න දෙනවා.....හරියටම කරගන්න දෙයක් නැති කමට උඹ සෙනාරිට යන්න දුන්නා වගේ.....මමත් උඹව අතාරිනවා...මොකද මට උඹගෙ ජීවිතේ බේරන්න පුලුවන් එකම විදිහ ඒක හින්දා ...මං උඹව අතාරිනවා ...
හැබැයි....දවසක් එයි....උඹට හොද සිහිය ආවම....උඹ තරම් මේ ලොකෙ අවාසනාවන්තයෙක් නෑයි කියලා හිතෙන.....දවසක් එයි....මං උඹේ සුදු මහත්තයා මැනිකෙ ගාගන පස්සෙන් එන...මොකද උඹගෙ ජීවිතේ වටිනම දේ "මගෙ හදවත " උඹ අනිවාර්යයෙන්ම දවසක ආයමත් ඒවි...නිතේශ් .....උඹට...මං කියන එකම එක වචනයක් වත් විශ්වාස නැත්තන් ...උඹගෙ අම්මා ගුරුකම කරවපු ගුරාගෙම්ම හරි ගිහින් අහපන්....
මං මෙච්චරයි කියන්නෙ.....මං උඹේ වෙඩින් එකට හෙට අනිවාර්යයෙන්ම එනවා...මං පිච්චි පිච්චි මැරෙන්න බලන් හරි මං අනිවාර්යයෙන්ම එනවා .....මගෙ ආදරේ මගෙන් උදුරගත්තු ගෑනි මාල හත දාලා උඹත් එක්ක පෝරුවෙ නගින හැටි බලන්න මං එනවා .....
සමහර විට උඹෙ මේකිට තැල්ල බදිනකොට....මුදුව දානකොට මගෙ පපුව පැලිලා මැරිලා යන්න උනත් පුලුවන් ....ඒත්....මං ඒ වෙනකනුත් හුස්ම අල්ලගන උන්නොතින් ...මං එතනින් පස්සෙ ආය කවදාවත් අඩන්නෙත් නෑ....උඹ පිලිකුල් කරපු මේ මූන අරගන උඹගෙ ඇස් ඉස්සරහට එන්නෙ නෑ....මං දලදා හාමුදුරුවො නමින් දිවුරනවා....මම උඹ වෙන ගෑනියෙක්ගෙ මිනිහෙක් වෙන එක බලන් ඉදලා මම යන්නම යනවා....
මගෙ පපුවෙ ආවේගෙ කොයි තරම්ද කියන්න මම වත් නොදන්න කොට පපුවෙ වේදනාවටම මම දලදා හාමුදුරුවො පල්ලයි කියලා ඒ ඔලුවට බලෙන් අත ගහනකොට මන් බලාගන ඒ ඇස් ගැස්සිලා ගියා....
ශෙ..නෝන්....මාව...අරන්..යමන්...මට...හරි මහන්සී...
හුස්මක් කටක් නොගෙම කියවපු මම අවසානෙදි ශෙනෝන්ගෙ උරහිසට බර වෙනකොට ශෙනෝන් මාව හරහට උස්ස ගත්තා ...උස්සගන නිතේශ් ගාවට ගියා.....
නිතේශයා ...උඹ පයින් ගැහුවෙ තනිකරම මැනිකකට...උඹට උඹේ එකා මේ තරම් නැහීගන කියලත්....විශ්වාස නැතිනම්....උඹ විශ්වාස නොකර ඉදින් මචන් .....හෙටින් පස්සෙ උඹට මේ වලව්වෙ හාමු වෙන්න පුලුවන් ...අපි.ඉතින් අඩු කුලේ පහත් උන් ....උඹලාගෙ උන් අපිව එලියට ඇදලා දැම්මෙ බල්ලො බලල්ලු වගෙ....අපිව කෙසේ වෙතත් ...උඹට මෙච්චර පන වගේ ආදරේ කරපු කොල්ලව අද මේ තැනට වැට්ටුවෙ උඹේම උන්...උඹ අහලා බලපන් උඹේ හදවතින්...උඹට ගිල්ලවපු ඉනාව මරලා දාලා හරි.....
උඹ වෙනුවෙන් නුවර වැවට පැන්නෙ කව්ද.....උඹගෙ කටින්" මම ආදරෙයි මැනිකෙ" කියන වචන ටික එලියට එනකන් උඹෙන් පපුව පාරවන කතා අහ අහ උඹව රැක්කෙ කව්ද...උඹගෙ ගැට ගහපු තටු ලෙහලා...අහස කොයි තරම් නම් ලොකුයිද කියලා කියලා දුන්නෙ කව්ද...පුලුවන් නම්.....අර නුවර වැවරවුමෙ ගල් බංකුව උඩට ගිහින්....දහම්....වගේම....අකුරු මැකුන අනිත් නම ගාව...නියපොතු වලින් සූරපු ඉතුරු නමත් බලලා උඹට ආදරේ කෙරුවෙ කව්ද කියලා හොයලා බලපන් නිතේශ් ....
අපි කාටවත් උඹට වෛර කර්න්න බෑ...හැබැයි...උඹ මේකව අතෑරියා...උඹට අතෑරුනා....මේ ගෑනි වෙන වත්තක මලකට වතුර දාන්න ගත්ත දා ඉදන්...උඹ මේකගෙන් ඈත් උනා...ඒක උඹේ නෙවෙ...උඹලගෙ පවුලේ වැරද්ද .ප්රාර්තනා කරපන්....උඹගෙ අප්පච්චි ඉන්න තැනක හොදින් ඉන්න කියලා ..මොකද....උඹට ඔහොම කරන්න හිත හදාගත්තු කරුමෙට අම්මෙක් උන මේ ගෑනි මොනාවා කරලද කියන්න දන්නෙ නෑ....
අවසානම වශයෙන් මේ කියන්නෙ....උඹ මැරෙනව කියන එකේ හරිම තේරුම...උඹට ආයම හොද සිහිය ආව දාක තේරේවි ...මචන්...මිනිස්සු මැරුනට...මතක මැරෙන්නෙ නෑ...ඒක උඹයි කිව්වෙ...
උඹට දවසක මතක් වේවී...මෙහෙම කෙනෙක් උඹේ ජීවිතේ උන්නා නේද කියලා .....උඹට දවසක මතක් වේවි....උඹගෙ ජීවිතේ විතේන් කෙනෙක් උන්නා....ශෙනෝන් කෙනෙක් උන්නා....ඩියෝන් කෙනෙක් උන්නා....ඒ වගේම උඹ පන වගේ ආදරේ කරපු තෙත නහයක් උන්නා කියලා ...
අපි යන්නම් මචන් ....හෙට උඹ මේකෙගෙ කසාද මිනිහා වෙනවා ...ආරාධනාවක් නැති උනත්....මං එනවා ...මේ කොල්ලා එනවා ...ඇවිත්....උඹලා දෙන්නා හැබෑ කරගන්න හිටපු හීනයක්...උඹ මේ පවුකාර ගෑනි එක්ක හැබෑ කරන හැටි බලන්න අපි එනවා ....
ඉතින් එච්චරයි ...උඹ නැති කරගත්තෙ මැනිකක්...උඹට නැති කෙරුවෙ මැනිකක්...නිතේශ් ....ඩියෝන්ව බලා ගන්න මට....විතේන්ව වැඩි නෑ....මං ඌව පරිස්සම් කරනවා ....මං ඌව සනීප කරනවා .....උඹට අපිව මතක් වෙන දවසක් එයි මචන් ....එදාට..අන්න එදාට...උඹට හුස්ම ඉහලට ගන්න පහලට දාන එක ඇරුනම වෙන මොකුත් ඉතුරු වෙන එකක් නෑ....
තරහක්නෑ....හැබැයි ..වේදනාවයි....මිනිස්සු මැරෙන්න බය නෑ..මිනිස්සු තනිවෙන්න්න් බයයි...මිනිස්සු තනි වෙන්න බය නෑ..මිනිස්සුන්ට මතක වද දෙනවට බයයි...උඹ මූ එක්ක දැකපු හීනෙම මේකි එක්ක දකිනකොට ඌට විතරක් නෙවෙ....අපිටත් වේදනාවයි ...උඹම දන්නවා....මේක මොන තරම් බලාපොරොත්තු තියා ගත්තද කියලා...එදා තාත්තා ඉස්සරහම උඹලගෙන් මොකද කරන්නෙ අහනකොට උඹ මවපු හීන වල හැටියට ...මේ කොල්ලා මෙහෙම හරි උහුලන් ඉන්න එක ලොකු දෙයක් කමක් නෑ මචන්...සමහර වෙලාවට...මිනිස්සු ජීවිත වලට නවතින්න බලන් එන්නෙ නෑනෙ...අහිතක් නෑ...කවදම හරි මග තොටක හම්බුනොත් කෙස් ගහක තරම් වත් මතකයක් තිබුනොත් .....
ශෙනෝනයා කියාගන පලයන්....ගහට ගහක් මොරටුවෙ හම්බෙනවා වගේම ....උඹටත් අපිව හම්බෙයි මචන් ....
මං අහන් උන්නා ශෙනෝන් ගහක් ගලක් වගේ ඉදන් කේඩෑරි උන මාව උස්සගන හිතේ තිබුන වේදනාව ඔක්කොම එලියට දාලා එන්න හැරුනා අරුන් ඔක්කොම මීක් නොගා අහන් උන්නා...
වලව්වෙ කනුවල ගහපු සිංහ කොඩි දෙක එයා හෙට සදහටම වෙන එකෙක්ගෙ වෙනවා කියන එක ආය ආයම මතක් කරනකොට මගුලට කලින් සිංහයා මැරිලා උන්නා...
ශෙනෝන්...ඇයි...
මාව උස්සන් ආව ශෙනෝන් ආය අතරමග නැවතුනා ..හිතේ වේදනාවෙන් උන්න,මට ආයම ඒ කාගෙවත්ම මූනක් බලන්න ඕන නැති වෙනකොට මං ඇගට දැනුන වේදනාව එක්ක මම එයාගෙ පලල් උරහිසට මූන ගහගනකොට ශෙනෝන් මාව උස්සන් ආයම මහ නාකියා ගාවට ගියා.....ඒකා අඩියක් පස්සට ගියා...
කොහෙද හුත්තො යන්නෙ ..තොපිම කරන්න පුලුවන් තුප්පහි වැඩ කරලා දැන් පස්සට යනවා...උඹට පහන් තාත්තා කිව්වා වගේම අනිවාර්යයෙන්ම පනුවො ගහලමයි මැරෙන්නෙ..හැබැයි...ඊට කලින් මම උඹේ ඔය දකුනු කකුල කඩනවා...
තෝ කොහොමද පරයෝ මගෙ කකුල කඩන්නෙ....
කඩන්නෙද ....උඹලා අපේ ගෙදර තිබුන බඩු මුට්ටු පොඩි පට්ටම් කරලා දැම්මත් දුක නෑ...ඒ ගෙවල් අස්සෙ අපි වගේ මිනිස්සු ජීවත් උනෙ නෑ කියන දේ හොයන්න බැරි වෙන්න හැම සාක්කියක්ම මැකුවත් කමක් නෑ...හැබැයි ...උඹ මේ කිසිම දේකට වග උත්තර බදින්න ඕන් නැති අහිංසක සතාට ගහපු පාරට ඒකගෙ කකුල කැඩිලා .....උඹ ඔය කකුල පරිස්සම් කරගනින් නාකියා ...උඹගෙ ඇස් වලට ඒඉන්නෙ තිරිසනෙක් උනාට....දතක් වත් නැති කාලෙ ඉදන් අපි ලමයෙක් වගේ හදාගත්තෙ...උඹ ඌට ගැහුවා කියන්නෙ මට ගැහුවා වගෙ...මගෙ දරුවට ගැහුව වගෙ....මං මේ උස්සන් ඉන්න එකාට වින කෙරුවෙත් උඹලා...බලන් ඉමූ...කවුරු මොනවා කෙරුවත්....උඹගෙ කකුල මං කඩන එක කඩනවා....අන්න ඒක මතක තියාගනින්....හරි.....එන්නම් එහෙනම් ආ...මෙතන ඉදන් හැමදේම පටන් ගත්තා කියලා හිතපන්...උඹ මූට පැන්නුවෙ කහ නූලක් නම්...උඹට මං කහ රතු කලු එකට එකතු කරලා පන්නනවා .....පරිස්සමින් ඉදපන්...
උන් හැමෝම බලන් උන්නා.....මීට දවස් ගානකට කලින් මගෙ සුදු මහත්තයා උන...අද වෙන කෙනෙක්ගෙ සුදු මහත්තයා උන නිතේශ් ...තේශි...සුදු අප්පො....ඔහේ බලාගන උන්නා.....
විතේන් ඔයාට සීතලද...මේක පොරව්න්නද....
ඒ ශෙනෝන්...සැරින් සැරේම ශෙනෝන් මගෙන් අරක ඕනෙද මේක ඕනෙද ඇහුවා...හරියටම මගෙ සුදු මහත්තයා මැනිකෙ....උඹට සීතලද...මැනිකෙ උඹ අසනීප වෙයි....මැනිකෙ පරිස්සමින් කියන්න වගෙ ශෙනෝන් තත්පරෙන් තත්පරේට මගෙන් එක එක ඒවා අහ අහ එක එක දේවල් කරනකොට ඒක මගෙ පපුවට දරා ගන්න බැරි තැන මම මගෙ අත් දෙකෙන් ඒ අත් අල්ල ගත්තා ...
මට ඔය විදිහට සලකන්න එපා ශෙනෝන්...අනේ....පින් අයිති වෙයි....උඹ මේ විදිහට මං ගැන හොයලා බලනකොට මට මතක් වෙන්නෙ එයාව....මට මතක් වෙන්නෙ එයාව ශෙනෝන්....අනේ...මට මතක් වෙන්නෙ එයාව ශෙනෝන්.....
.
ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නෙ....ඇයි...
වෙනදට හොස්ස ළඟින් මැස්සා යන්න බැරි මගෙ තාත්තා අද බර කල්පනාවක ඉදන් ඩ්රයිව් කරනගමන් ඉන්නකොට අදත් කහපාට ලයිට් වැල් පත්තු වෙන් දලදාව දැක්කම විරහ වේදනාව අන්තෙටම විදින මම කාර් එක අස්සෙ කෑ ගහලම ඇඩුවා...කෑ ගහලාම ඇයි මට මෙහෙම උනේ...ඇයි මට මෙහෙම උබෙ ගගා අත් දෙකෙම්ම ඔලුවට ගහගත්තා .....
තාත්තා කාර් එක නැවැත්තුවා....නවත්තලා මට බහින්න කිව්වා...බැහැලා....වැව රවුමෙ කැමතිම ගල් බංකුව උඩට ගිහින්....කෑ ගහලා අඩන්න කිව්වා.....
යමන් පුතේ...උඹට පුලුවන් අඩන්න..... උඹ රෑ එලිවෙනකන් ඇඩුවත් ...මේ තාත්තට පුලුවන් උඹ අඩලා එනකන් තනි රකින්න.....
මම දොර ඇරගන ඇගට පොරවපු රෙදි වට්ට වට්ට දිව්වා ..හිතේ හයියෙන් දිව්වා උනත් ඇගේ හයියට අඩියක් වත් තියා ගන්න බැරි උනත්....එයයි මායි ජීවිතේ ගැටගහන්න පටන් ගත්තු බන්කුවට මං දිව්වා ...දෙනෝ දහක් මිනිස්සු මැද මං කෑගහලා ඇඩුවා ....
තේශී.....මං උඹව අතාරිනවා කිව්වට...මට කියපන් රත්තරනේ....උඹව අතාරින්නෙ කොහොමද කියලා ....
මං බලන් උන්නා...අවසානම තත්පරේදි හරි උඹ මට මැනිකෙ යන්න එපා....උඹ නැතුව මට ජීවත් වෙන්න බෑ මැනිකේ කියයි කියලා ...ඒත්...උඹ ඒ වෙනුවට කෙරුවෙ...ඒකිගෙ අත කිටි කිටියට අල්ලගන මාව දන්නෙ නෑ කියපු එක..මාව පිලිකුල් කරපු එක.....මාව ප්රතික්ශේප කරපු එක....
මං මනුස්සයෙක් ...උඹට උන් මොනවා හරි කරලා කියන්න හිත දන්නවා උනත්....මට මගෙ වේදනාව ඉස්සරහා ඔව්වා දැනෙන් නෑ මගෙ නිතේශ් .....
මාත් එක්ක මවපු හීන ඒකි එක්ක හැබෑ කරගන්න යනවා කියන එක පපුවට දැනෙන කොට මං නොමැරි මැරෙනව මගෙ සුදු අප්පො.....
කිරි මූදට ඉහලින් තිබුන වලාකුලු එක තැන ගල් වෙලා තිබුනා....ඇස්කොන්වලින් වැටෙන කදුලු විරූපි උන මූන හෝදන් යනකොට එයා මාව පිලිකුල් කරපු විදිහ ආය ආයම ඇස් පනා පිට මැවි මැවි පේන කොට මම දලදාව දිහ බැලුවා.....
ඇයි...දලදා හාමුදුරුවනෙ....මටම මෙහෙම වෙන්නෙ.....
මං එහෙම හිතන්නද....නැති නම්.....මට මෙහෙම වෙලා මදියි කියලා හිතන්නද හාමුදුරුවනේ....
මිනිස්සු...ජීවත් වෙලා මැරිලා යන ටික කාලෙට...ඇයි හාමුදුරුවනෙ තව කෙනෙක්ට මේ තරම් දුකක් දෙන්නෙ...
විතේන් ...
අඩ අඩ උන්න මගෙ ගාවට ඇවිත් ආයමත් ශෙනෝන් ඉදගත්තා ...ඉස්සර දවසක....එය මගෙ ගාව ඉන්නකොට මම ඒ උර හිසට ඔලුව ගහන් වරූවක් කල්පනා කෙරුවා ...හන්තාන අහසට පායන හදම කිරි මූදට එලිය ගේන කොට කඩල ඇටයක් රහ කරන ගමන් අපි දෙන්නා මොන තරම් කියෙව්වද...ඒත්....අද....අද ඒ හැම දේම හීනයක් විතරක්ම වෙලා ගිහින් තියනකොට මම ආයම කවදාවත් මට ඔලුව ගහන්න උරහිසක් නැති බව මතක් වෙලා අත් දෙකෙම්ම මූන වහගත්තා .....
විතේන්.....නාඩා ඉදින්...මට උඹට නාඩා ඉදින් කියන්න බෑ...උඹ උහුලන්නෙ එසේ මෙසෙ වේදනාවක් නෙවෙ විතේන්.....උඹ ඉන්න තත්වෙ එක්ක...උඹට අඩන්න හොද නෑ...උඹට ඇගේ පන කියන දේ නාමයක් නැති වෙලා යයි...අනේ...නාඩා ඉදපන්කො....රත්තරනේ.....
එයා...හෙට බදිනවා...මට කියපන්..ශෙනෝන්.....එතකොට මට මොකද වෙන්නෙ කියලා ...මං කොච්චර කෑ ගැහුවත් ....මගෙ ඇස් ඉස්සරහා එයා වෙන්ස් කෙනෙක්ට තැල්ල බදිනවා බලන්න මට පුලුවන් වෙයිද ශෙනෝන්.....මගෙ පපුව පුපුරයි...මට කතා කරපු විදිහටම...මැනිකෙ....කියලා ඒකිව තුරුල් කර ගනී....අනේ...ඌ ගාව..අහ ගොඩාක් ආදරේ තියනවා ශෙනෝන්...ඌ ගාව කප්පරක් තරම් ආදරේ තියනවා ....හෙටින්...පස්සෙ ඒ හැම දේම.....ඒකිගෙ....නේද...මතක් ...වෙනකොට ....අනේ මාව පන පිටින් පුච්චනවා වගේ වෙනවා ....ශෙනෝන් ...අනේ.....මං.....මොන පවක්ද කෙරුවෙ.....මං මොන ආත්මෙක හරි....කාගෙම හරි....කුරුලු කූඩුවක් කඩලා තියනවා ශෙනෝන්....මං....කාගෙම හරි..
කුලුරුලු කූඩුවක් කඩලා තියනවා ...
මන් ආය ආයම වෙච්ච දේවල් කිය කියම අඩනකොට ශෙනෝන් මගෙ ඔලුව එයාගෙ උරහිස උඩින් තියා ගත්තා ....මට ඇතී තරම් අඩපන් කියලා එයා බලන් උන්නා ...
මැනිකේ..මගෙ සරම කෝ..මැනිකෙ...
අපි අරහෙම කරමු....මැනිකෙ නිදා ගන්න වරෙන්කො විතේන් .....මාව තුරුල් කර ගනින්කෝ....මගෙ මැනික මට තුරුලු වෙයන්කො....කෝ ආගාපන්කෝ
කිය කිය එයා මාව බලාගත්තු හැටි මතක් වෙනකොට මම හීල්ලුවා ...
මේ නුවරදිම අපි එකතු උනා...ඒ නුවරම අපිව වෙන් කෙරුවා ...මේ නුවරම මං හිනා උනා....මේ නුවරම මාව ඇඩෙව්වා.....
විතේන් ....උඹ අඩපන්....ඇස් දිය වෙනාන් හරි...අඩපන්....අඩලා අවසානෙදි කදුලු හිදුනම නැවතියන් ....ආය අඩන්න කියල එකම එක හේතුවක් තියා ගන්න එපා....බිම්බා දේවි පවා....සාගරයක් තරමට කදුලු හලලා..හලලා...අවසානෙදි සදහටම කදුලු නාලිකා වහලා දැම්මා.....
...තාමත් සංසාරෙ ඉන්න අපි...ඒ ලගින් තියන්න බැරි බව සත්තයි ...ඒ උනත්....උඹට....පුලුවන් අද රෑ එලිවෙනක් හරි අඩලා අඩලා...ඔය කදුලු උල්පත වහලා දාන්න....
මට ඒක කරගන්න බැරි උනොත්.....ඒකට මං මොකද කරන්නෙ....ශෙනෝන්.....ඇත්ත...උන් කිව්වා සහතික ඇත්ත....උන්ගෙ වලව් මාන්නෙ ගාව අපි අඩු කුලේ උන් වෙන්න ඇති...පෑහෙන්න බැරි බව දැන දැන ආදරේ කරපු මගෙ හිත හත් කඩකට පැලිලා ඉවරයි ශෙනෝන්....මේලෝකෙ තියන වටිනම ඉදි කටුව ගෙනාවත්..මං හිතන් නෑ..ඒ පැල්ම මහන්න පුලුවන් කියලා....
මං ආදරේ කෙරුවා..නොසෑහෙන්න ආදරේ කෙරුවා ....පෑහෙන්න බැරි බව දැන දැනම....මම.ආදරේ දුන්නා..මේ තාක් වෙනකන්.....මේ හුස්ම තවමත්.....ඒ මනුස්සයට ආදරේ කරනවා ශෙනොන්....
අවසානෙදි මට සිද්ද උනේ....පෑරුන හත් කඩකට ඇලුන හිතක් එක්ක නන්නත්තාර වෙන්න...ඇයි ශෙනෝන්...ඒ...මට කියපන්....මං අද ඉදන් තනි ඇදේ නිදා ගන්නෙ කොහොමද .....
මැනිකේ...
කියන කටහඩ නැතුව මම හුස්ම අල්ලන්නෙ කොහොමද .....මම ඌට ආදරේ කෙරුවා ...දෙවියො බුදුන් පවා ඒ ආදරේට සාක්කි දේවි ශෙනෝන්...ඒ ගස් ගල් පවා....
ඒ ආදරේට සාක්කි දේවි....එහෙම ආදරයක් මගෙ අත් වලින් ගිලිහිලා යනකොට මගෙ පපුව ඉවසයිද.....ශෙනෝන්...
මන් අහස දිහා බලාගන හීල්ලුවා ....හෙට මගෙ සුදු මහත්තයා...ලස්සනට ඉදීවි.....මුල් ඇදුම ඇදලා පෝරුවෙ නගිනකොට උන් හරි උජාරුවෙන් නාද්යා ඒ අත අල්ල ගනීවී....මමම මුද්ද දාපු ඒ ඇගිල්ලට හෙට ඒකි මුද්ද දාවි...
එතනින් පස්සෙ.....එතනින්...එහාට....
මගෙ සර්වාංගෙම පන නැති උනා ....ඒ ආදරේ ඒකිගෙ වෙනවා මතක් වෙනකොට ....මගෙ සර්වාංගෙම පන නැති උනා....
ශෙනෝන්...උඹ දන්නවද ...ආදරෙන් තුරුලු කර ගත්තු ඒ අත්...අද මාව පිලිකුලෙන් තල්ලු කරනකොට මට දැනුනෙ මොනවද කියලා ....
මගෙ මැනික....කියන ඒ කටිම්ම..මන් තමුසෙව අදුනන් නෑ කියනකොට .....මට මොනවද හිතුනෙ කියලා ...
එයයි..මායි....දැකපු හීන....පිට එකියක් සායම් කරන්න හදනකොට ..මට මොකද උනේ කියලා ...
මන් එක වතාවකුත් මැරුන මිනිහෙක්...ශෙනෝන්.....මං ...එක වතාවකුත්....අමු අමුවෙම මැරුන මිනිහෙක් ...මට ආයම අමුතුවෙන් මැරෙන්න දෙයක් නෑ.....මං....දැනටමත් මැරිලා ඉවරයි....
මෙච්චර කල්.....එයා නෑ කියලා මං පිච්චුනා ....අද ඉදන්....එයා මගෙ නෙවේ කියන එක එක්ක පිච්චෙනවා ....
ශෙනෝන්...මං මේ නුවර වැව රවුමට එන අවසානම දවස හෙට වේවි.....මං මේ නුවරට පය ගහන දවස හෙට වේවි.....මට මේ වේදනාව තව උහුලන්න බෑ....මගෙ...අම්මා...තාත්තා ...පව්....ඒ මිනිස්සු....මලකදක් උන මාව ...ගොඩ දැම්මෙ.....නොවිදිනා දුක් විදලා...මන් ...ඉන්නෙ.....උහුලන්න පුලුවන් අවසානම අඩියෙ....හෙටින් ...පස්සෙ...මගෙ හදවත මං පන පිටින් ඉන්නකොට පුපුරාවි...
පුලුවන් කියපන්...මම ආදරේ කෙරුවෙ...මන වෙනුවෙන් වත් ආදරයක් ඉතිරි කරන් නෙවෙ කියලා ...උඹලා හැමෝම දන්න විතේන් වලව්වෙදිම මැරුනා ...දැන් උඹ ගාව ඉන්නෙ ...පිටින් හුස්ම වැටුනත්...ඇතුලතින් සම්පූරනම මැරිච්ච කෙනෙක් ...
අහස දිහා බලාගන හූල්ලලා....හූල්ලලා...
අවසානෙදි .....මං නැගිට්ටා ...ඒ එක්කම ශෙනෝන් මගෙ අතින් අල්ල ගත්තා ...
මගෙ ජීවිතේට ආදරේ අකැපයි කියලා දෙවියො නිකන් වත් ඉඟියක් දුන්නා නම්....මං මගෙ ජීවිතේට පන ඇරලා ආදරේ කරන් නෑ...
වි...තේ.....න්...
නිහාර විවේන් දිසානායක ....
අප්පච්චි කෙනෙක් වෙන්න ආසයි කිව්වම...මං තෝරපු නම.....ඉතින්...මට කියපන්...අප්පච්චි මගින් හැරුනම.....මං කොහොමද දිසානායක කියලා නම තියන්නෙ කියලා .....
මං සිද්දාර්ත වත්....යසෝදරාවත් නෙවෙ මේ සංසාරෙ බැදීම් හින්දා දුක් විදින පව්කාරයෙක් ....ඒත්....කොතනක හරි නිවීමක් තිබුනොත් ....එදාට මගෙ ඇස් පියවිලා තියේවි ශෙනොන්....රූස්ස ගස් පවා දරන්න බැරි තැන මුලින් ඉදිරිලා බිමට වැටෙනවා නන්.....මං කව්ද...මිනිස්සු නොමලගේකින්...අබමිටක් හම්බුනත්....හැගීම් නොමල ගේකින් අබමිටක් ගේන්න බැරි වේවි ශෙනෝන් ....
කවදම හරි දවසක ...අප්පච්චි කෙනෙක් උනෝතින්....මාව මතක් වෙන්න මගෙ නම තියපන්.....විතේන් කියලා ....උඹට පින් .....මාව බලා ගත්තට ...අහිතක් නැතුවම කැත කුනු අතගෑවට.....ඇස්වලට නින්දක්නැතුව මේ පිස්සව බලාගත්තට ....
මට ආය කවදාවත් සංසාරෙ කිසිම තැනක ඉපදීමක් එපා....ඒත්....අහම්බෙකින් හරි එහෙම උනෝතින් ..මගෙ සහෝදරයා වෙයන්....
විතේන් ...
මට මැරෙන්න තරම් තෙහෙට්ටුයි.....ඉස්සර උන්න විතේන් මගෙන් හොයන්න එපා ...මට හුස්ම ඉහලට අරන් පහලට දාම එකත් බරයි....
🥺ම්හුක්😢😢😢😢😢😢ජැක්කනේ....
ආය හෙට එන්නම්....ආ...වෙඩිමට යන්ට බලන් එන්ට...ප්ලේට් එකක් 5000-6000වෙනවා.. වීදුරු සෙට් නම් උස්සන් එන්ඩ එපා ඔන්න දැම්ම කිව්වා.....
මුව පැතියා බුජි....ඔය ලමයිනුත් බුජියන්න...
Ferdeesha ❤️💚😘 ....