Cherreads

Chapter 76 - 76

සැළ ලිහිණියෝ උඹ දන්නෙ නෑ....

සැළ ලිහිණියෝ උඹ දන්නෙ නෑ...

පෙම් හිතක සුවෙ හදුනන්නෙ නෑ....

සාගරය බදු පෙම් ආදරය ලැඹුනොත්

උඹ කූඩුවේ ඉන්නෙ නෑ...

මම සැළහිනියෙක්.....මෙච්චර කල්ම කූඩුවක හිර වෙලා උන්න මම සැළලිහිනියෙක් .....දෙවියන්ට පින්සිද්ද වෙන්න මං හිරවෙලා උන්න කූඩුවෙ යතුර හරිම කෙනාට හම්බෙලා තිබුනා .....

වෙලාව කීයද කියන්න දන්නෙ නෑ...තවමත් ලා අන්දකාර ගතිය තියන එක මම ජනෙල් තිර අස්සෙන් දැක්කා.....

එයා නිදි.....ස්වර්ගෙන් මහපොලවට ආව දේව දූතයා.....එයා කෙදිරිගානවා....නරක හීනයක් දකිනවද කොහෙද ඒ ඇස් බෝල හරි වේගෙන් එහා මෙහා ගියා ඇහිබැම ඇකිලුනා....පොඩ්ඩක් දැගලුවා ඇහෙන නෑහෙන ගානට ඉතිස්පිසෝව කියලා එයාගෙ ඔලුව අතගානකොට අනේ එයා ඒ චුට්ටකින් හරි සනීපෙට තවත් ගුලිඋනා...

මගෙ යක් පැටියා .....

නිතේ.....ස්.....අයි ...යේ...හ්හ්

නිතේස් .....අයියේහ්හ්හ්...

යෝ .....හ්.....

මම උන්නෙ එයා දිහා බලාගන ...මගෙ විතේන් කියන්නෙම තනිකරම භාවනාවක් වගේ .කතාවකට කියනවා ගෑනු ලමයි හද වගෙ සෞම්‍ය වෙන්න ඕනේ කියලා ...එ උනාට මට තුරුල් වෙලා නිදාගන ඉන්න සුරදූතයගෙ මූන හදකටත් වඩා සෞම්‍ය වෙද්දි මම හරියට දැහැනට සමවැදිලා වගේ බලන් උන්නා..වෙලාවකට අහිංසක වෙන ....වෙලාවකට අප්පච්චි කෙනෙක් හා සමානව හයිය වෙන අම්මෙක් වගේ උනුහුම දෙන්න දන්න තවත් වෙලාවකට මහ දොන්ත බිබික්කමක් වෙන...තවත් වෙලාවකට නාහට නාහන මුරන්ඩු වෙක් වගේම නපුරුම නපුරෙක් වෙච්ච මගෙ විතේන් කියන්නෙම අසම සම කෙනෙක් උනා ...ඉතින් මට මේ මූන දිහා බලන්

හිතන්න නම් කොච්චර දේවල් තියනවද ද..මවන්න හීන කොච්චර නම් තියනවද අපේම පවුලක්....මම....එයා....එතකොට චූචි දිසානායක කෙනෙක්...එකෙක්...හරි...දෙන්නෙක්...හරි.....තව පලිගුව වගේ දොන්තයෙක්.....ඇත්තටම ඒ හීනේ මොන තරම් ලස්සනද ..ආදරනීයද....මං හිතන්නෙ මේලෝකෙ මිලකරන්න බැරිම දේ වෙන්න ඇති මිනිස්සුන්ගෙ හීන...අවංකවම මට නම්..මගෙ හීනවලට ලන්සු තියන්න බෑ....එයාගෙ ආදරේ පිරුන ගෙදරක් කියන්නෙ .....මට බෑ කවදාවත්ම මිලක් කියන්න.....

මට මැවි මැවි පෙනුනා...එයා මම...අපෙ චූටි පැංචා.....අර විදිහට කරාවි ..මේ විදිහට කරාවි....මේ හැම දේම ඇස් අස්සෙ ඇදුනා...ඇත්තටම ඒ හීන පුරාවටම තිබුන ආදරේ පවා මගෙ ලේ නහරවලට කාවැදුනා....එයා කොයි වගේ හැසිරේවිද ....ඇත්තටම පුංචි උන් ඉන්න ගෙවල් වල ඉදි කටු තුඩක් බිම වැටුනත් අම්මා පරල වෙනවා...ඒ ඉතින් වෙනමොකටවත් නෙවෙ උන් ඇහැරුනෝතින් වරුවක් අඩාගන ඉන්නවනේ ...

මන් එක තත්පරේකට ඇස් පියාගත්තා ...අනේ...මට ඒ හීනෙ බලන්න ඕනා...මං එක එක විදිහට මවලා බැලුවා....පුංචි එකෙක් එක්ක එයා කොහොමද වෙයිද..මං කොහොම ඉදීද...

ලමයව ඇහැරෙව්වොත් මට මොනවා වෙයිද අනෙ...අම්මො මේ යක්ස කොල්ලා මාව කාවී

එයා කාටවැඩියෙන් ආදරේ කරයිද.....කාගාවට තුරුල් වෙලා නිදියයිද....මට කවුරු කියයිද ...අනේ මටඕනෙ මට අප්පච්චි කියනවා අහන්න...ඇත්තටම මං අප්පච්චි කෙනෙක් වෙන්න ආසයි....මගෙ අප්පච්චි හා සමානවම...ලෝභ කමක් නැතිවම ආදරේ දෙන්න..අම්මගෙ අඩුව පවා පුරවන්න දන්න දහම් කෙනෙක් වෙන්න...මොන දේඋනත්....මං වෙනුවෙන් ජීවත් වෙන්න හිත හයිය කර ගත්තා වගේ මටත් ඕනෙ දහම් වගෙ අප්පච්චි කෙනෙක් වෙන්න...

මගෙ ඇස්වලට මටත් නොදැනිම කදුලු ආවා...මොකද ඒ හීනෙ ඒ තරම්ම ආදරනීය වෙනකොට මම එයාගෙ නලලට හාදුවක් තිබ්බා.....ආදරේ පිටාර ගලන් යන හාදුවක් ....

මං දන්නෙ නෑ...මගෙ ජීවිතේ දැන් තියෙන්නෙ එකම එක හීනයයි ....ඒ මගෙම පවුලක් එක්ක ජීවත් වෙන එක විතරයි උනත් එකම එක තත්පර ගානකින් හීන දෙදරවන් ළමයි ඇහැරවන් යන ටින් බෙලෙක්ක කටහඩ එක්ක මාව ගැස්සිලා වගේ ගියා ...

නිතේ.....ස්...අයියේ.හ්....හ්හ්හ්

ශෙනොනයගෙ දොන්ත බිබික්කම...බිම් කලුවර යන්නත් කලින් කොහෙ මගුලෙ යනවදො මන්දා....මං එහෙම්ම එයාව පොරවලා බිම තිබුන බාත්‍රොබ් එකත් ඇදන් දොර අරින්න ගියා....

අනේ....හ්...නිතේස්...අයි....යේහ්....මේ දොර ඇරපියකෝ.....

එනවා යකෝ එනවා....

අරූ දොර කන්න හදානවා ඒකා පයිනුත් ඇන ඇන බෙරිහන් දෙන කොට මම ගිහින් දොර ඇරියා .

ම්හුක්.....

මොකද .....

අපි යන්නෙ නැද්ද ...

කොහෙ මගුලෙ ...

ආ.....නේ...ලමයො!!!.කොහෙ මගුලෙත අහන්නෙ...ඇයි නිතේස් අයියෙ ඔයා ඊයෙ කිව්වෙ ඒයි....අර...මේ....අලංගුන්ඩුවෙද.....බත්තලහදෙද...ගුංඩුවක ද කොහෙද යනවා කියලා.....

කොහෙවත් යන්නෙ නෑ කෑ නොගහා දුවපිය...

අනේ .....හ්..ඇයි...ඇයි....කිව්වනෙ...කිව්වනෙ....ඔයාලා....කිව්වනෙ...අපිවකොහෙද එක්ක යනවා කියලා ගුංඩුවකට.....

ගුංඩුව ඇති මෙන්න මෙතන.....

ඌයී.....යාහ්...මිරිකන්නෙ...හ්හ්.....

අල්ලනවා නම් හෙමින් අල්ලන්නකෝ ඒයි....ම්හුක්.....ක් චූචිචියට සිදුනත් එක්ක.....අර එකක් ඇඹරිලා ගිහිල්ලා....හ්....

මගෙ විතේනයත් කට කපලා නිදි එකේ මං අරකට මහ ඕන් නැති වැඩක් කෙරුවා.....ඒකා මැරෙන්න හැදුවා උනත් අවසානෙදි අල්ලනවා නම් හෙමින් අල්ලන්නකො අනේ කිය කිය ඒකගෙ අතට අහුවෙන් නැති කුරුම්බැට්ටි ඇට කූට්ටම ඇඹරිලා ගිහින් කොය කිය නහින්න හැදුවා වගේම අද යන්නෙ නැද්ද අහ අහ මගෙ පස්ස පාරේ එනකොට මං ඩියෝනවයව තඹේකට ගනන් නොගෙන කිරි එක එලියෙන් තිබ්බා...මගෙ හීනෙ කෑවනම් අඩපිය පොඩ්ඩක්....

අනේ....නිතේස් ...අයියේ.....හ්...අපි...ය්ය්න්නැද්ද....ඔයා කිව්වනෙ....

ඩියෝන්...ඩියෝන්.....ඩියෝන්...බීපු මමයි....නොබීපු මමයි කියන්නෙ දෙන්නෙක්නෙ.....අපි කොහෙවත් යන්නෙ නෑ.....

ඔය....ඇත්තටමද කිය...න්නෙ...ඒයි.....ඈ.නිතේස්..අයියෙ....ඈමගෙ නිතේස් අයියේ....

ඇත්ත බන් ඇත්ත....බොරු කියලා මම උඹෙන් මොන බිබික්කම ගන්නද...

ම්හුක්.....අනේ...ඔයා.....කි.....ව්....වනේ.....

ආ....ඒපාර අඩනවද....ඉක්කෙ ඉක්කෙ ....මේ පලිගුවගෙ අම්මියා නේද මේ උදෙම්ම හොටු පෙරෙන්නෙ.....

මම උන්නෙ කිරි එකට දාන්න එනසාල් ඇටයක් තල තල වෙද්දි මම එහාට යනකොටත් මගෙ පස්සෙන් ආව මෙහාට යනකොටත් මගෙ පස්සෙන් ආව යන්නෙ නැද්ද ගගා නහයෙන් අඩපු ගඩාපියා අනිත් පාර ඇත්තටම අඩන්න ගත්තා ඒකා ඊයෙ ඉදලම රෙදිත් අස් කරගත්තා ඇයි ඒකව එක්ක යන්න බැරි ගගා දුක කියන්න ගත්තා ....අවසානෙදි මට සාපත් කෙරුවා....

යෝ.....හ්හ්.....අඩන් නැතිව ඉදපල්ලකො....යනවා යනවා....තාම ඉර එලියවත් වැටිලා නෑනෙ...

ම්හ්හ්....ක්...ඇත්තටමත...ඈ.....ඇත්තටමත මගෙ නිතේස් අයියේ...ඇ....ඈ....ඇත්තටමත මගෙ අයියෝ.....

ඔව් බන් ඔව් ඔව්...යනවා....

ම්හුක් ..මං යනවා.....

කොහෙද ඔය යන්නෙ....මේක බීලා හිටපිය හදිස්සිය ඒතරම් ගහන්නෙ තොට පුක පුපුරන්ඩ බොරූවට අඩනවට.....

යනවා කිව්වැ විතරයි මෙච්චර වෙලාම නහයෙන් අඩ අඩ උන්න ගඩාපියා ගෙදර දුවන්න හදනකොට මම ඒකව ඇදලා අරන් ඉන්දලා අතට කිරි වීදුරුව දුන්නා....

ම්හුක්...මේක බිබි....ඉන්නබෑ ඒයි....අර ලමයව ඇහැරවලා නාවන්න ඕනා....සෙනෝන්ව ඇහැරවන්න ඕනා.....ඔයා දන්නවනේ ඒයි....අනේ...නිතේස් අයියේ....සීනි ජූන්ජියක් දාන්නකො...

අරු පිඹ පිඹ කිරි එක බොන ගමන් ඒකගෙ ලමය ගැනයි මිනිහ ගැනයි කිය කිය ඉදලා සීනි හැන්දකුත් ආයම කිරි එකට දාගත්තා වගේම "මට හරීයට වැඩ" කියලා කිරි වීදුරුවත් උස්සන් ගෙදර දුවනකොට මම මගෙ හෙලිවැලි කුක්කව බලන්න ගියා....

සුදු මැනික....

ම්ම්ම්ම්ම්....හ්හ්.....

නැකිටින්න...

ම්ම්ම්හ්හ්....නි....තේ....ස්...

ඇයී....ම්ම්ම්

ම්ම්ම්හ්හු...

යෝ....ඉතින්...හුරතල් වෙන්න පටන් අරගන....මගෙ කොල්ලා...

එයා ඇද රෙද්ද ඇතුලේ ගුලිවෙලා ඉදන් අත පය ගුලිකරන් කම්මැලි කම්කර කර ආයම මගෙ අස්සට රිංගන්න එනකොටමම එයාව චුට්ට වෙලාවක් හුරතල් කෙරුවා .....

තේශීහ් ...

ඇයි.....

ඕන් නෑ ඕක....

ඇයි....ඉතින්.....කෑල්ල වගේ උන්නම කාටද ආඩම්බර .....

මට ඇති ආඩම්බරයක් නෑ....තෝ කෑල්ල වගේ උන්නම මට මහ හිසරදෙ ඇයි ඉතින් ගෑනු ඔක්කොම ඇවිත් එල්ලෙන්නෙ උඹගෙ ඇගේනෙ....

අනේ ..අනේ.....ඉතින් ...

ඇයි...ඇයි....ඇයි.....

මම උන්නෙ මගෙ කොන්ඩෙ හද හද .....කොන්ඩෙ පුරාවටම ස්ප්‍රෙ එකක් ගහලා අතින් හදපු මම කන්නාඩියකුත් දාලා මගෙ හැඩ බැලුවා විතරයි මගෙ මැනික කොච්චි ඇතිල්ලුවා වගේ සැර පිට කරන්න ගත්තා ....

තියන ඊරිසියාව ...

එහෙම තමාමන් ඇරෙන්න වෙන උන් බලන්න ඕන් නෑ.....

මම එයාව උස්සලා මේසෙ උඩින් ඉන්දෙව්වා ...එයා මගෙ දිහා බලන් ඉන්නවා....වීදුරු බෝලා හා සමාන ඇහිබෝලා එහා මෙහා දුවනකොට ඒ ඇස් අස්සෙත් උන්නෙ නම වෙද්දි මං මගෙ පිට අල්ලෙන් ඒ කම්මුල් පිරිමැද්දා ....බෙල්ලෙ තැන් තැන්වල හපපු පාරවල් රැයක් පුරාවටම කාමරේ ඇතුලෙ වෙච්ච ආලිංගන මතක් කරලා දෙනකොට මගෙ හිත අස්සෙන් මට කියන්න නොතේරෙන අමූතු සතුටක් දැනුන...බෙල්ල වටේ රතු පැල්ලම් එකක් දෙකක් තිබුනත් බෙල්ලෙන් පහලට....ඉනෙන් පහලට ඒ තිරිවානා පාට සර්වාංගෙම මම රතුම රතු කරලා තිබුනා....ආදරේ උපරිම වෙන තැන මට එයාවත් මදිවෙනකොට පිරුන තට්ටම් වලට කීපාරක් අතුල් පාර වැදුනද කියන්න එයා තියා මන්වත් නොදන්නකොට ඇගිලි පහේ සලකුනු තද රතුවට තිබුනා.....

මගෙ විතේන් කියන්නෙම අමෘතයක්...කොච්චර රස බැලුවත් කවදාවත් එපා නොවෙන....මගෙ විතේන් කියන්නෙම ඖශධයක් ...තැලුන හිත පවා සුවපත් කරන ....මගෙ විතේන් කියන්නෙම මැජික් අරිශ්ටයක්.....ඇස්වල කදුලු පිහිදලා හිනාවකින් පුරවන.....මගෙ විතේන් කියන්නෙම මල්සරාම හදපු එක්තරා මලක්....රැයක් එලිවෙනකන් තැලුවත්...ආයමත් මම වෙනුවෙන්ම පිපෙන්න බලන් ඉන්න.....

ඉතින්...මගෙ විතේන් කියන්නෙම විශ්වයක්....ආදරෙ පිරෙන්න තියන උල්පතක්...කවදාවත් එක දශමෙකින් හින්දෙන් නැති උල්පතක්.....

මගෙ තේශි ....උඹ හරි ලස්සනයි සුදු අප්පො...මට වෙලාවකට ලෝභයි.....වෙලාවකට....බයයි....වෙලාවකට ඊරිසියයි....ඒත්.....මගෙ පපුව පැලෙන්න තරම් මම ආදරෙයි මගෙ නිතේශ් ....

එයාම අවුල් කරලා දාපු මගෙ කොන්ඩෙ එයාම ආය හදන ගමන් එයා හිතේ තියන හැගීම් හරි පරිස්සමින් අකුරු කෙරුවා .....

ඇත්තටම අල්ලක් සයිස් පුංචි හදවතක් අස්සෙ කප්ප්පරක් තරම් හැගීම් තියනවා කියන්නෙ මොන තරම් පුදුමද.....

මම හා වත් හූම් වත් නිගා උන්නා..මොකද හිතට වදින වචන ගාව අපි කවුරුත් මැදින් ඇඩ් දාන්න කැමති නෑ වගේම එයාගෙ අර පරිස්සමින් අකුරු අමුනන හැගීම් ගොඩ මැදට මගෙ එක වචනයක් දාන එක උනත් මහ අපරාදයක් වගේ දැනුනා 

මං උඹට හුගක් ආදරෙයි මගෙ සුදු අප්පො.....මිනිස්සුන්ට වැඩිපුරම රිදෙන්නෙ අපිට හතුරු කම් කරන උන් ගාව නෙවෙ මගෙ නිතේශ් .....පපුව පිරෙන්න ආදරෙ දෙන උන් ගාව....

මගෙ මැනික ...

මම අවසානෙදි එයාගෙ කතාවට හාදුවකින් නැවතීම් තිත තියනකොට එයාගෙ ඵෝන් එක රින්ග් උනා....

ආන්ස්වර් කරන්න ...

අපෝ...මට බෑ...අනේ මැනිකේ ...අනේ....ලැජ්ජයි බන්....අනික මේක වීඩියෝ කෝල් එකක්....

ආන්ස්වර් කරපිය තොගෙ නැන්දම්මනෙ.....

මගෙ කන්දෙක රතු වෙලා ගියා....නැන්දම්මා කියලා කියනකොට මට වැලලෙන්න හිතුනා....එදා එයගෙ අප්පච්චි එක්ක කතා කරනකොට තිබුන ගටවත් මට එයාගෙ අම්මා ගාව නැති වෙනකොට මම අරකට නොවදිනා වැදුම් වැන්දා උනත් විතේනයා කියන්නම මහ අංකුට්ටෙක් වෙනකොට කෝල් එක ආන්ස්වර් කරලා මගෙ මූනට ඇල්ලුවා...

හෙලෝ....චූටි පුතූ...

හෙ ...හෙ ....ලෝ.....

එයාගෙ අම්මා පේන්න උන්නෙ නෑ ...මං හිතන්නෙ ඵෝන් එක කොහෙට හරි තියලා එය වැඩකද කොහෙද ...මම ගොත ගගහා හෙ හෙ හෙලෝ ගාලා එයා දිහා බැලුවා උනත් එයා නෙවෙ ගනන් ගන්නෙ...චූටි පුතූලු...හොද චූටි පුතූ...මූ මෙහෙ ගෑනුන්ව රවට්ටලා සේසත ලියාගන්න යකෙක් කියලා කියන්න කටට ආවත් එකපැත්තකින් බැලුවම මේ ඉන්නෙ මගෙ නැන්දම්මා වගේම...වාසනවක් තිබුනොතින් ....."මගෙ අප්පච්චිගෙ නෝනා වෙන කෙනා " කෙනා කියන අහිංසක හීනෙක අයිති කාරි වෙනකොට මම අර තිබුන ලැජ්ජාව පැත්තක දාලා ඒ මූන ලගටම බලන්න බලාපොරොත්තු වෙන් ඵෝන් එක දිහා බලන් උන්නා....

හෙලෝ....පුතූ...කතා කරන්නකෝ

අම්මී.....මම නෙවෙ ලයින් එකේ ඉන්නෙ....

එහෙනම්.....

ඔයාගෙ ....පරන කෑල්ලගෙ කොල්ලා ....

විතේනයා ....

මට කෑගැස්සුනා ....අරූ වගේ වගක් නැතිව අම්මිගෙ පරන කෑල්ලගෙ කොල්ල කිව්වා විතරයි මගෙ කන් දෙක ඇතුලෙන් දුම් පිට වෙන්න ගත්තා ...මම ඵෝන් එක දීලා දුවන්න හැදුවත් එයා මාව අල්ලගත්තා ...

බය නොවී කතා කරන්න....කවදක හරි කතා කරන්නම ඔනනෙ....

එයා ආයම මාව අල්ලගන්නකොට එයාගෙ අම්මා ආවා...තත්පරයක් ...දෙකක්.....තුනක් මම ඒ මුන දිහා බලන් උන්නා....ඇත්තටම එයාගෙ අම්මා ඉටිරූපයක් වගෙ...මගෙ අප්පච්චි වහ වැටෙන එක අහන්නත් දෙයක්ද දෙයියනෙ...හිනාවෙනකොට වලගැහෙන කම්මුල්.....පව් සිද්දවෙනවා....ඒ උනත් මගෙ අම්මට වඩා එයගෙ අම්මා ඇත්තටම ලස්සනයි....ඒ ඇස් හරි කරුනාවන්ත පාටයි...මම එයා දිහා වගේම එයා මා දිහා බලන් උන්නා....

දහම් හොදින්ද පුතූ....

මගෙ පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා ...දහම් හොදින්ද....නෙවෙ ඇහුවෙ...දහම් හොදින්ද පුතු කියනකොට මගෙ පපුව පුරාවටම කරන්ට් එකක් ගියා වගේ දැනුනා....ඒ වචන...ඇත්තටම එයාගෙ අම්මා ආදරනීයයි කියන්න මට මෙතන් එහා හේතු සාදක ඕනා උනේ නෑ...මොන දේ උනත් එයාගෙ අම්මට අප්පච්චිට දෙවියො පුදුමාකාර තරම් හොද හදවතක් දීලා තිබ්බා වගේම...ඒ හා සමාන දරුවෙක් ලැබෙන්නත් ඒ දෙන්නා පින් කරල තිබුනා...

මම එයාට උත්තර බැන්දා.....එයා මා එක්ක කතා කරනවා....තැන තැන කැරකි කැරකි බඩු එකතු කර කර බෑග් එකට ඔබාගන්න මගෙ විතෙන් එක්කත් කතා කරනවා...හැබැයි මම කෙරුවෙ ඒරූපෙ දිහා බලන් ඉන්න එක.....

පුතූ....තාත්ති ලබන සතියෙ එනවා කිව්වා...

තාත්තී...මෙහෙ...ඇයි හදිස්සියෙ.....

නව නව උන්න ටී ශර්ට් එක බෑග් එකට ඔබපු එයා මගෙ ගාවට ඇවිත් ඵෝන් එකට එබුනා....එයාගෙ තාත්තා එනවලු.....ලබන සතියෙ ...

තාත්ති....ආය මැරිකරන්න හදන්නෙ....

එයාගෙ අම්මගෙ මූනෙ තිබුන හිනාව තවමත් ඒ වගේමයි.....ඒ දෙන්නා ඩිවොර්ස් වෙලා උන්නත් මගෙ විතේන් ගාව හැමදාමත් ඒ ඉන්නෙ අම්මා තාත්තා කියන බැදීම මරලා තිබුන් නෑ...ඇරත් එයාගෙ අම්මා තාත්ති කියල කතා කරපු වචනයක් අස්සෙ වත් ඒ වචන අස්සෙ කිසිම කහටක් තිබුන්නෑ...එයාගෙ තාත්තා ආයම මැරිකරන්න යනවා කියන එක පවා එයා කිව්වෙ හිනා වෙන ගමන්...අවංකවම මගෙ අප්පච්චිට මග ඇරිලා තියෙන්නෙම මැනිකක්...

තාත්තිත් මැරි කරනවලු.....එතකොට අම්මි....?

එයා එයාගෙ අම්මගෙන් ප්‍රශ්නයක් ඇහුවා...මෙච්චර වෙලාම හිනා වෙලා උන්න මූන චුට්ටක් වෙනස් උනා...ඇත්තටම එයාගෙ අම්මගෙ ආදරෙ මගෙ තාත්තා .....එහෙ එක්කෙනෙක් එක්ක සම්බන්දයක් තිබ්බා කිව්වා උනත් එයගෙ අම්මටත් ඕනා ආයම අලුතෙන් හුස්ම ගන්න වෙනකොට මම බලන් උන්නා....මගෙ අප්පච්චි නැතිව එයා කොහෙ බදින්නද.....

අම්මිත් ඉක්මනට මැරි කරන්නකො.....එතකොට තාත්තිගෙ වෙඩිමයි....අම්මිගෙ එකයි.....එක්ක මටත් මූව බැදගන්න තිබ්බා.....

දරුවො....

ආ...අම්මි ඔයා දන්නෙ නෙ නෑ.....මේ නලුවට මෙහෙ එකීලා වහ වැටිලා ඉන්නෙ....අම්මි නම් කියයි...මට ඉන්නෙත් මෙච්චරයි.....මාත් මේ අමාරුවෙන් කෑල්ල දාගත්තෙ....

කට....තමයි කට.....තාත්ති අතේ මොනවා හරි ඕනෙද....

මට නම් එපා...මෙන්න මේ ඔයාගෙ අනාගත බෑනටයි....අර පහල ගෙදර පොඩි බිබික්කමක් ඉන්නවා...අන්න ඒකට චොක්ලට් ටිකක් එවන්න අම්මි....

මගෙ අතේ තිබුන ඵෝන් එකට එබි එබි එයා අරක මේක කියන හැටි එයාලා හිනාවෙන විහිලු කරන හැටි මං හරිම ආසවෙන් බලන් උන්නා.....ඇත්තටම ඒ කතාව හරි ආදරනීයයි.....අම්මා පුතාට ඒ.දෙන්නා යාලුවො වගෙ ..මගෙ අම්මා හැමදාම වලව්වෙ නම්බුව ගැන හිත ජිත නැහුනා මිසක් කවදාවත් මේ වගේ හිනා වෙලා නෑ....මේ වගේ අපි එක්ක කතා බහ කරල අපිව තේරුම් අරන් අපි ආස දේවල් අපි ආස නැති දේවල් මොනවද අහලා නෑ...අම්මා කෙරුවෙ හැම වෙලාවෙම අරක කරපන් මේක කරපන් කිය කිය අන දුන්න එක....

එයාගෙ අම්මා " චූටි පුතූ" කියනකොට වගේම මගෙ අම්මා "සුදු පුතා " කියන කොට තියන හැගිම් දෙකෙ වෙනස මට අද ඕනාවටත් වඩා දැනුනා.....එයාගෙ අම්මාගෙ වචන අස්සෙ ආදරේ පිරෙන්න තිබ්බා උනාට මගෙ අම්මගෙ වචනවල හැගීම් මැරිලා ගිහින් තිබ්බා.....

අම්මි තියන්නම් පුතූ....තාත්ති පනිවිඩේ කියන්න කිව්වා....

අම්මිව බලන්න එද්දි තාත්ති මොකුත් ගෙනාවෙ නැද්ද අම්මි....

මොකද නැත්තෙ අර අදත් කඩචෝරු පුරවන් අරන් ඇවිත් තිබුනෙ....එපා කිව්වට අහන් නෑනෙ ....පුතාගෙම තාත්ති තමා...ඔහේ උස්සන් එනවා...

මට ඇත්තටම පුදුමාකාර තරම් ලෝභ කමක් දැනුනා....දෙන්නා දෙපැත්තට උනත් අදටත් එයාගෙ අප්පච්චි එයාගෙ අම්මා බලන්න යනකොට අතින් කටොන් පුරවන් යනවා...ඒකට මගෙ අම්මා...ඇත්තටම මගෙ අප්පච්චි ගැෑනියෙක්ගෙන් ලැබෙන්න ඕනා සතුට කියන දේ විදලා තියෙන්නෙ අල්පමාත්‍රයයි....ඒකත් මාව හදන්න නිසාම විතරක් වෙනකොට අතේ ඇගිලි ගානට අඩුවෙන් මගෙන් පස්සෙ අම්මා ඕනා නම් අප්පච්චි වෙනුවෙන් ඒ දේවල් දෙන්න ඇති.....අප්පච්චි ආස දෙයක් කවදාවත් ගෙනත් දීල නැති උනත් මගෙ අප්පච්චි මෑතක් වෙනකම්ම මගෙ අම්මට ආදරෙ කරන්න උත්සහ කෙරුවා ...ඒඋනත් මගෙ අප්පච්චිට හැමදාම ඉතිරි උනේ වේදනාවක් විතරයි ...

මම එයාගෙ අම්මා දිහා බැලුවා....ඇත්තටම ඒ අම්මා කොයි තරම් සිරියාවන්තද.....

පුතූ අම්මි තියන්නම් ජේසු පිහිටයි.....තාත්ති අතේ මං මොනවා හරි එවන්නම්...

හරි අම්මී ජේසු පිහිටයි.....

එයාගෙ අම්මා තිබ්බා. හැබැයි එයාට විතරක් නෙවෙ. . මටත් ජේසු පිහිටයි කිව්වා...මටත් පරිස්සමින් ඉන්න කිව්වා.....මටත් එයාගෙ වගේ සැලකුවා.....ඇත්තටම මට ඒ අම්මගෙ ආදරේ පපුවටම දැනුනා...

තේශී.....ඇයි සුදු අප්පො මේ...

මගෙ අප්පච්චිට උන් කරල තියෙන්නෙ මහා අපරාදයක් මැනිකෙ ...මට උඹ ගාව තියන සැනසීම දන්නෙ මම විතරයි ...මගෙ අප්පච්චිට උන් නැති කරල තියෙන්නෙ එසේ මෙසේ දෙයක් නෙවෙ....

එයා මගෙ පිටට තට්ටුවක් දැම්මා...හරියටම හැම දේම ඉක්මනින් විසදේවි කියන්න වගේ...

පලිගුවෝ....අනේ එන්නකො දෝනියෝ.....අනේ නිතේස් මේ බලන්නකො අනේ මේ ළමයා කියන දේ අහන් නෑනෙ....ආයම අත් වල දූවිලි ගාගන්නවනෙ....

ඕකට පනු බේත් අරන් දෙන්න කිව්වෙ ඒක තමයි

මමයි එයයි බැගේජ් දෙක අරන් පහලට එනකොට ගඩාපි පැටියා මොන්ටිසූරියෙන් ට්‍රිප් එකක් යන්න ඉන්න බබා වගේ එකම පාට ඇදලා පප්පු දෙකකුත් දාලා ඒ මදිවට කැප් එකක් වෙනුවට මූරවුම් තොප්පියක් දාගන උන්නා.....පලිගුවගෙ වැඩේම එක්කො බොරලු කන්න හදනවා මල්පෝච්චි වල ගොම හාරනවා....ශෙනෝනයා කිව්වා වගේම ඒකට පනු බෙහෙත් ඕනා වෙලා....

මම එහෙම්ම අපේ බැගේජ් දෙක කාර් එක වෙනුවට දවස් තුන හතරකට රෙන්ට් එකට ගත්තු kdh එකට දැම්මා.....යන එක අත පය දිගැරලා යන්න ඕනා ...උන්ඩිවෙලා නම් යන්න බෑ....මිනිස්සු හැමෝම නිවාඩුවට නුවර නුවර එලි බදුලු බන්ඩාර වෙල සෙම්බුවත්තෙ ගියා සමහරු උනවටුනෙ ආරුගම්බේ මිරිස්සෙ ගල්කිස්සෙ ගියා.....ඒ උනත් අපි හැමෝටම ඔය ටික පුරුදු නිසාම අපි අපේ ගමන් මග වෙනස් කෙරුවා ....

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට...තල් කුරුම්බෙක රස බලන්න....යාපනෙන් එන ඇඹුල් මිදි ගෙඩියක රස මූන ඇබුල් කරන් විදින්න....තම්මැන්නාව පහු කරන් දූපතකට වෙලා නිදහසේ හුස්ම ගන්න... " බත්තලංගුන්ඩුව....."

මුදුදෙන් වට උන තවත් ඇබිත්තන් දූපතක්....නිදහස උපරිමේටම ....දෙමලපෝරුවට සිංහල කතා කරන මිනිස්සු.....කසින්ජි සුවද....දම්පාට අහසෙ ඉර මුහුදෙ ගිලෙන හැටි බලන්න....ගෙන්දගම් පොලවෙ දුම් කනවට වඩා එහෙ හුස්ම ගන්න අපි ලැහැස්ති උනා....

වදකාරි බොටමලා දෙන්නට දෙකක් ඇනලා පස්ස ශීට් වලට විසික් කරපු අපි දෙන්නා තනිකඩ පෙම්වත් චරිත වලට පන දෙන්න හිතාගන ඉස්සරහ ශීට් එකේ ඉදන් වැඩවල් වලට යන්න ඉන්න කුරුදුවත්තෙ නෝනලාට හිනාවක් පෑවා විතරයි තව ටිකෙන් මූන ඩෑශ් බෝර්ඩ් එකේ හිටින්බ උන්ගෙන් ගුටි කනවා ...

යක්කු දෙන්නා...නිදහසක් දෙන්නෙම නෑනෙ ..

පලිගුවා ඔක්කෝටම හපන්....ඉස්සරහා ශීට් එකේ ඉදන් ගිහින් පුරුදු වෙච්ච පලිගුවා ශෙනෝනයට කවදාවත් නැතිව ගොරන්න ගත්තා විතරයි කන්දෙක මැද්දෙන් තට්ටෙ දෙදරලා යන්න ටොක්කකුත් කාගෙන ඒකි අරූගෙ ශීට් එකෙන් බාගයක ඒකගෙ බලු පුක තිබ්බා ..ජනෙල් එලියට බෙල්ල දාන් කටත් ඇරගන පාරෙ ඉන්න බල්ලන්ට හෝන් ගහන වාහනවලට බුරන්න ගත්තා .....

සුදු මහත්තයා ....මොනවාද ගන්නෙ ..

ප්‍රේස්ටි ඇරෙන්න ඕනදෙයක් මගුල එක කටක් කෑවම කුඩු ඔක්කෝම ඇගෙ.....

බේකරිය ගාවින් වාහනෙ නවත්තනකොට එයා ගඩාපි පැටියා එක්ක යන්න ගියා වගේම එතන බස් හොප්ල්ට් එකේ උන්න ලස්සනම ලස්සන නංගි කෙනෙක්ට මං අපෙ සීයා තාත්තගෙ නම්බර් ලියපු චූටි චිට් එක දුන්නා..

එපා යකෝ...ඕකි ගනී..

අරගත්තු දෙන්....ලියපිය ලියපිය කාට කාට හරි ඔව්වා දීගන යන්න..

අරුන් දෙන්නම ළඟ පාත නැති වෙලෙ අපි දෙන්නා කෙරුවෙ වලව්වෙ ඇත්තන්ගෙ නම්බර් දිදී හීනියට ආතල් එකක් ගත්තු එක වෙනකොට කාලෙකට පස්සෙ ඇත්තටම මං හිනා උනා.. ..

නිතේස් අයියේ මේ ඔයාගෙ ජෑන් බනිස් ගෙඩිය...සෙනෝන්....ඉදා ගනින් මේ නිකන් බනිස් ගෙඩිය...

නිකන් බනිස්....???

ජෑම්බනිස්ද මට ගෙනාවෙ....

ඇයි ඕන එකක්නේ ගේන්න කිව්වෙ.....ආ සුදු මහත්තයා ...

ඔව්....ඇයි ඕන එකක් ගේන්න කිව්වෙ....කටවහන් දුන්න එක කන්න සෙනෝන්....

ඒ උනාට අනේ ජෑම් බනිස්.....මේවා කාලා නින්ද යන්න,වගේ...

බේකරිය පුරාවටම අච්චර කටට කෙල උනන කෑම තියනකොට මුන්දෙන්නා අපිට ගෙනත් තිබ්බෙ ජෑම් බනිස් සීනි බනිස් වෙද්දි මං නිකමට පස්ස හැරිලා උන්ගෙ ඒවා දිහා බැලුවා ..

අම්මෝ යකො....මේක අරන් ඕකෙන් එකක් දීපන්කො....

ඇයි ...අර අතන ඉන්න තෙඋඩිච්චි ලව්වා ගෙන්න ගනින්කො....

මම ශෙනෝන්ගෙ මුන වගේම ශෙනෝන් මගෙ දිහා බලන් උන්නා.....දැන් ඉතින් කරන්න දෙයක් නෑ...උන් දෙන්නා ගියාට ගිහින් තියෙන්නෙ ඇස් දෙක මෙතන තියලා....

ටෙක්නිකල් හන්දියෙන් හරවපු වාහනේ යක්කු වගේ එහා මෙහා යන වාහන අස්සෙ කෙලින්ම කොළඹ හලාවත පාරට වාහනේ දාගත්තු මම ට්‍රැෆික් එක අස්සෙම හෙමින් හෙමින් ඩ්‍රයිව් කෙරුවා...

ගුනසින්හපුරෙන් එලියට දාන අශෝක් ලේලන්ඩ් වලට මුලුපාරම ඉඩ මදි වෙනකොට තොට ළඟ පාලම උඩ කන් බීරිවෙන්න වහනවල හෝන් සද්දෙ ඇහුනා...පෑලිය ගොඩට හුස්මක් කටක් ගන්නවත් නිවනක් නැතිවෙනකොට කොළඹ මීගමුව හයිවෙර් entrance එක් කටමට්ටන් වෙලා තියෙද්දි මුලු කොළඹ ඉන්නෙ මෙතනද කියලා මට හිතුනා....

වැඩට යන සමහරක් උන් බස් වල නිදි.....ස්කූල් වෑන් වල ඉන්න පොඩි උන් සමහරක් නිදි....අනේ ඉතින් ඒ පුංචි උන් ඉස්කෝලේ යන්න ස්කූල් වෑන් එකට නගින්න පාන්දරම නැගිට ගන්නවා ඇති....පලවෙනියටම ගන්න ළමයා කාටත් කලින් නැගිටගන්නවා ඇති...උන්ගෙ පුංචි ඔලුවලට මේ අම්මලාගෙ තාත්තලාගෙ තරගෙ බර වැඩි ඇති....එකවසරෙ ඉදන් පහ වසර වෙනකම්ම උන්ව ශිශ්‍යත්වෙට මරවනකොට අනේ උන් උදේ ඉස්කෝලේ ගිය පාර ආයම එන්නෙ බිම් කරුවල වැටුනටත් පස්සෙ...පහවසර පන්නපු ගමන් ආයම අපො සාපෙට මරවන්න ගන්නවා....ආයම උසස් පෙලට.....එක අතකට ඉගන ගන්න එකත් ඔලුවට බරක්...ජීවත් වෙන එක ඊටත් වඩා මහ බරක්...දවසක මැරිලා යන බව දැන දැන මෙහෙම වද විදින එකත් එක්තරා මහ කරුමයක්....

පෑලිය ගොඩින් හයිවේ එකට දාපු වාහනෙ මගදුරක් එනකොට පිටිපස්සෙ උන්න ජනතාවට නින්ද ගිහින් තිබුනා...ජෑම් බනිසක් එක්ක මොකුත්ම නැති ටී බනිසක් කාපු ශෙනොනයයි මායි අපිව පහු කරන...අපිට පහුවෙන වාහන එක්ක මාස ගානකට පස්සෙ නිදහසෙ හුස්මක් අල්ලන්න පුලුවන් බත්තලන් ගුන්ඩුවට අපේ නැව යාත්‍රා කෙරෙව්වා.....

🙂ආයම කොටසකින් එන්නම්...

කතාව කියවපු හැමෝටම ස්තූතියි ගොඩාක්

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters