Cherreads

Chapter 70 - 70

මන් ඵෝන් එක සාක්කුවෙ දාගත්තා ....

ඒකිට ආයම බනිනවා ..මට හිතට මහ මොකක්ද වගේ දැනුනා....මූසලි...මූසලි....ඇයි....ඒ?

නිතේශයා ....

....

නිතේශයා...

.....

යකො...නිතේශයාහ්

ඇයි....ඇයි.....පගො ඇයි...

ඇයි අහන්නෙ වරකො..මං මෙතන තනියම අගුරු වෙනවා තෝ ඔතන මනා පාර ගහනවා...

මම බැනුම් ඇහුවා සෙනාරිගෙ කෝල් එකම මහ වදයක් වෙනකොට මම නම්බර් එක බ්ලොක් කරලා දැම්මා...ඒකි බැන්දා...අනේ දෙයියනේ මටත් කියලා දැන් පවුලක් ඉන්නවා...මට කියලා එකෙක් ඉන්නවා.....ඌටයි මටයි පවුලක් ඕනා....ළමයෙක් ගැන පවා අපි හීන මැව්වා ...අපි ඒ ගැන බලාපොරොත්තු තියා ගත්තා එච්චරත් ලොකු හීන මැව්වට පස්සෙ මොකටද ගිය උන්ගෙ වේදනා මගෙ පවුල අස්සට දාන් දුක් විදින්නෙ...

ඕක අනිත් පැත්ත හරවපන්....

මං උගෙන් හැන්ද ඉල්ල ගත්තා ..මස් පෙත්ත උඩ තිබුන රෝස් මරී අතු කෑල්ල පිච්චෙන කොට ඒ සුවද හතර අත ගියා....

පලිගුවො....කෝ අහකට වෙයන්...උඹලගෙ අම්මා මාව මරයි අමු මස් ගිල්ලලා කෝ...ඉතින් අහකට යමන්කෝ....

වැටෙන වැටෙන මස් කෑල්ල ගිල ගිල උන්න පලිගුවගෙ පිටට ඩෑස් එකක් දීපු මන් ආයම දුක හිතිලා ඇහැට වත් නොපෙන මස් කෑල්ලක් දැම්මා....ඒකි බලු අත් දෙකෙම්ම අල්ලන් ඒක ලෙව්වා.....

නිතේශයා....ඉදා. ...

මම උන්නෙ ඇස් දෙක හීනි කරන් රතු පාටින් ගිනිදර විසික් වෙන අගුරු කෑලි එහා මෙහා පෙරල පෙරල වෙනකොට ශෙනෝන් මගෙ අතට බියර් කෑන් එකක් ගෙනල්ලා දුන්නා....

අරකි මොකෝ කියන්නෙ දැන්...

ඒකිට කියන්න දේවල් තිබුනත් කියා ගන්න හම්බුන් නෑ....උන්ගෙ නැන්දම්මා කෑ ගැහුවා...

හා..හා...එහෙම කියලා අනුන්ගෙ නයි රෙද්ද අස්සෙ දාගන්න එපා හරි....නිකන් දුක අහන අයියා වෙලා ගෙදර ඉන්න එකාට දුක් දෙන්න එපා නිතේශයා ..ඒකිට තිබුනා බැදපු මුල් කාලෙත් උඹේ සැප දුක හොයන්න...ඒක එහෙම උනානම්...ඕක අපි හැමෝටම සාමාන්‍ය දෙයක් වෙන්න තිබ්බ...ඒත් දැන් ඒක සාමාන්‍ය දෙයක් නෙවේ...අනික කරදරයක් උනාම විතරක් මතක් වෙන උන්ව මොකටද කියපන්කො....?

ම්ම්ම්ම්....

මම අහන් උන්නා..ඇත්ත තමයි....ඒකිට බැදපු මුල් කාලෙත් අපේ දුක සැප හෙව්වා නම් අවුලක් නෑ...ඒත් ඉතින් එහෙමත් කියලා බෑ...ඒකි ගත්තා නම් ආයම අපේ උන් කියන්න ගියා මේකි බැදලත් පාඩුවෙ ඉන්නෙ නෑකියලා. ...

අනෙ මන්දා....තුන්සිය හැට පැත්තෙම්ම බැලුවත් ඒකිට තමා වරදවැටෙන්නෙ.....

නිතේස් අයියේ....නිතේස් අයියේ...

මං උන්නෙ වෙන කල්පනාවක මස් පෙත්ත තව නූලෙන් අගුරු වෙනවා ..මම මෙතනට ඇවිල්ලත් හෝරා දෙක තුනක් ගෙවිලා ගියා....ඒත් දැන් මගෙ ඔලුවෙම වැඩකෙරුවෙ සෙනාරිගෙ නැන්දම්මා සතෙක්ට සර්පයෙක්ට වගේ එයාට බනින බලු බැනුම් වෙනකොට ඇයි රවීන් මේ එක තැනකදි වත් ලෙල්ලගෙ පැත්ත නොගන්නෙ කියන එක මට වද දුන්නා..

ඩියෝන් ඔය ප්ලේට් එක අල්ලන්න....

මේක අපෙ තාත්තියගෙ එකද.....ඈ නිතේස් අයියේ....මේක ඩියෝන් බබාලගෙ තාත්තියගෙ එක නේත ඈ ඒයි....

ඔව් බන් ඔව්....

දැක්කනෙ...දැක්කනෙ....අර මිනිහට නම් ගානක් වත් නෑනෙ.....ඒකගෙත් තාත්තියා නේත මගෙ ඩියෝන් බබාගෙ තාත්තියා.....මූට නම් කිසිම ගානක් නෑ....ඈ සෙනෝන්...උඹ ඔහොම ඉන්නෙ මේ අසරනයා ලව්වා පුච්චව පුච්චව....ඇත්තමයි එන තරහට ගහන්න හිතෙනවා පුක පුපුරලා පලු දාන්න.....ඇයි අප්පා...මං කීයක් ගැන නම් හිතන්න ඕනෙද ඒහෙන් අර ලමයා තනීයම කට්ලට් ගුලි ගහනවා...ඩියෝන් බබා අල පොඩි කරල ලූනුත් කපලා දුන්නා....මේ දරුවා මෙතන මස් පුච්චනවා...උඹ....උඹ....ඇත්‍තමයි සෙනෝන් මම නම් අද අපේ දරු පැටියව අරගන අම්මියලා එක්ක යන්න යනවා.....

අම්මො යමන් සැනසීමයි...දරුපැටියයයි උඹයි දෙන්නම පලයන් මට වෙන එකෙක් ගේන්න පුලුවන් ....

හරි .....හරියටම හරි..මං දන්නවා දැන් පුපුරනවා බෝම්බෙ දැන් පුපුරනවා කියලා ....

සෙනෝන් ....ඔයා ඇත්තටම ඒයි ඒක කිව්වෙ ...මටයි පලිගුටයි යන්නකියලා....

ඔව්...

එතකොට වෙන එකෙක් ගේනවා කියලා කිව්වෙත් ඇත්තටද...

ඔව්....

එතකොට...ඔයාට වෙන එකෙක් ඉන්නවද සෙනෝන්.....ඈ...ඩියෝන් බබාට හොරෙන් තව එකෙක් ඉන්නවද....අපේ...පලිගුවටයි මටයි මෙච්චර කල් බොරුවද කෙරුවෙ සෙනෝන්.....

ඔව්.....

ඔයා ඔය විහිලුවක් නේද කරන්නෙ සෙනෝන්....

නිකන් ඉදින් ශෙනෝනයා කොල්ලව අවුස්සන් නැතුව ...

අරූගෙ මූන කලු වෙලා තිබුනා...ඇස් දෙකට දැම්මම කදුලු උනලා තිබුනා....මම බලන් උන්නා....අරූ දැන් අඩයි ..දැන් අඩයි කියලා...ශෙනෝනයා නෙවෙ ගනන් ගත්තෙ...

සෙනෝ....න්.....ඩියෝන්..බබා...ඇත්තටම ....යන්නද....

ඇත්තටම තමයි යන්න කිව්වෙ...මොකටද මම බොරු කියන්නෙ....යන තැනක මේ බලු වහන්ගතෙත් අරන් යමන් ....

.....ම්ම්ම්ම්.....දෝ...නියෝ.....එන්න....අපි....යමු....නිතේස්...අයියෙ.....මං...යනවා....

මම බලන් උන්නා..අරූ අවුස්සලා අවුස්සලා අහක බලන් හිනා වෙනකොට මට ඩියෝනයගෙ මූන දැකලා පව් කියලා හිතුනා....

සක්කිලි වැඩ කරන්ඩ එපා බන්...පව්.....

ඔය චුට්ටක් අඩපු දෙන්....ඕකා ඊයේ රෑ මාව දාලා නිදා ගත්තා...මගුල...දැන් සතියක් අතේ පිහිට බලපන් අතේ රේඛාත් මැකිලා මගෙ...

ඉද්...දකින්.....උඹ...

අනේ නිකන් ඉදු....ඊයෙ රෑ දඩන් දඩන් ගාලා බඩු මූට්ටු හෙලවෙන සද්දෙ මාත් අහන් උන්නෙ...මං හිතුවා දැන් ස්ලැබ් එක කඩන් වැටෙයි දැන් වැටෙයි කියලා....

අනේ....පගො.....

මට හිනා ගියා...අරූ රස කරලා ඒක කියනකොට මට හිනා ගියා...බියර් ටුන් එකේ උගුරෙන් උගුර හිස් වෙලා යනකොට බැනුම් අහලා අඩන්න මූන හදන් ගියපු ගඩාපි පැටියගෙ කටහඩක් ඇහෙන මානෙක නැති උනා...

තේශී .....ඉවරද.....

මං බියර් ටින් එක එක අතකට වගේම ශෙනෝන් බීපු සිගරට් එකේ ඉතිරි බාගෙයි අතේ තියන් උන්නා වගේම මෙච්චර වෙලාම තනියෙන් වැඩ කරපු එයා මාව හොයන් ආවා.....

ඉවරයි....තව චුට්ටයි තියෙන්නෙ....ඌරු මස් වල තෙල් පෑදෙනවා....

එයා මගෙ ගාවට ඇවිදින් මගෙ ඇගග හේත්තු උනා...

මටත් ටිකක්....

මොකෙන්ද බියර් ද ...

දෙකෙම්ම....

එයා බියර් එක දිහායි ඇගිලි වල තිබුන සිගරට් එක දිහායි මාරුවෙන්න් මාරුවට බලනකොට ශෙනෝනයා අහක බලන කන් උන්න මම සිගරට් එකෙන් ශොට් එකක් ඇදලා එහෙම්ම එයාගෙ කට්ට තිබ්බා....

කුට්ටම් පොකුනෙ වත් නෑ මෙහෙම වාරි මාර්ග .....

වැඩක් නෑ ....ඌ අහක බලාගන්නකන් ඉදලා දෙන්න ගියත් ඒකගෙ වෙලාවට අපි දිහාවට හැරුනා වගෙම මම පොවපු සිගරට් දුම එක මගෙ විතේන් අපූරුවට නහයෙන් එලියට ඇරියා....

උඹට ඒවා හොදට පුලුවන් නේ....

ම්හුක්....

ම්හුක්...හුකුක්...හුකුක්...තමා....ඔච්චරයි දන්නෙ..එන්න මේක ගන්න මැනික අත පිච්චෙයි...පොඩ්ඩක් ඉන්න....ආ දැන් තියා ගන්න...

මං එයාගෙ අතට මස් එක දාපු නිකල් පාට ලොකු භාජනයක් දුන්නා ...මස්වල රස්නෙට භාජනෙ රත් වෙද්දිමම ඒ අත් දෙකට උඩින් රෙදි කෑල්ලක් දාලා මස් එක තියලා පුච්ච පු මාලු...අඹරපු ඌරු මස් ලිංගුස් මේ ඔක්කොම දාපු අනිත් බාජනේ අරන් ආවා...

සුදු මහත්තයා ....

ඕ....

මට පහෙ කොලයක් දෙන්නකො...

වොලට් එකේ ඇති....ගන්න...

මාලා ආව මම ඇදුම් මාරු කරනකොට එයා ඇවිත් මගෙන් මදි පාඩු උන සල්ලි වගයක් අරන් ගියා වගේම ඕඩර් කරපු අනිත් කෑමවලට මගෙ බඩගින්න ඇවිලුනා.....

දිග මදි හින්දා මේස දෙකක් එකට සෙට් කරපු කෑම මේසෙ පුරාවටම තිබුන කෑම වලින් එන සුවද එන එක එක වර්ගවල සුවදට ඉව අඅල්ලපු මම ඩෙවල් එකට හැන්දක් දාන්න ගියා විතරයි අතට වැදුන ඩෑස් එකත් එක්ක මම පැත්තට උනා....

නිතේශයා.....නිතේශයා ...

ඇයි....

මේ අපෙ පොඩි එකා ආවද බන්...

නෑ...ඇයි .

අනෙ බන් මන් මේකව හැමතැනම හෙව්වනෙ නෑනෙ....

මං තොට කිව්වා ....එපා අනම් මනන් කියන්න කියලා දැන් හරිනෙ...දැන් හරිනේ..මාව කන්න බලන් ඉන්නෙ හොයපිය ලමයව...

මං එහෙම්ම මගෙ විතේන් දිහා බලනකොට එයත් ආවෙ නෑ කිව්වා..

ඩියෝන්...ඩියෝන් බබා ....

උගෙ ඵෝන් එකත් ඕෆ්.....පලිගුවත් නෑ.....ශෙනෝනයගෙ මූන සුදුමැලි වෙලා ගිහින් තියනකොට මං ගේ පුරාවටම ඩියෝනයව හෙව්වා ....

තේශි ඉන්නවද

නෑනෙ..මේ බැල්ලි පැටියත් නෑනෙ....ඩියෝන්...ඩියෝන්.....ඩියෝන්..

ගෙවල් දෙක පුරාවටම එකම නමයි ඇහුනෙ ඩියෝන්....ඩියෝන්....ඩීයෝන් විතරක්ම වෙනකොට ශෙනෝනයා අඩන්නඔන්න මෙන්න උන්නා..

මං ඌව අඩවන්න හිතුවෙ නෑ දෙයියනෙ.... මං ඌව අවුස්සන්නෙ කිව්වෙ .....ඩියෝන්...අනෙ මැනික ඩියෝන්....

ශෙනෝනයා උඩට යනවා පහතට යනවා ...උන්ගෙ අම්මල එන්නත් වෙලාව ලන් වෙනකොට අපිව දෙලෝ රත්වෙලා යද්දි මං ආයම ශෙනෝනයගෙ ගෙදර දිව්වා...

පලිගුවො ...පලිගුවෝ ..

මං ඇදන් යටට එබි එබි පලිගුවෝ...පලිගුවෝ ගෑවා අඩුම ගානෙ ඒකිවත් ඉන්න තැනකින් එයි කියලා මම ඌට කතා කෙරුවා වගේම ඒ ටිකකින් අල්මාරිය අස්සෙන් කෙදිරි ගාන සද්දයක් එක්ක මම ගිහින් අල්මාරියට කන තියලා දොර ඇරියා . .

පලිගුවා .....

ඔව් මයි...ඇතුලෙ උන්නෙ පලිගුවා වෙනකොට ඒකි රෙදි පෙරලන් ගස ගස එලියට දුවනකොට රෙදි අස්සෙ උන්න පොඩි ගඩාපියව ගහක් කැපුවා වගේ ඇදගන වැටෙන කොට මම අල්ල ගත්තා ....

ඩියෝන්.....ඩියෝන්.....චූටි මැනික....

අනේ ඉන්නවද බන්...

වතුර එකක් ගන්...මූටකලන්තේ දාලා....

ඇදුන් අස්සෙ රින්ගන් ඉදලයි අඩලයි හෙමබ්ත් වෙලා උන්න ගඩාපි පැටියට එහෙම්ම කල්න්තේ දාල තියෙනකොට ඒ චූටි මූන රතු වෙලා තිබුනා..

සෙ....සෙ.....ස්නෝ...

ඕ...ඕ...වස්තුවෙ මේ ඉන්නෙ...මේ ඉන්නෙ.....

සෙ ..නෝන්....වෙන....වෙන...

නෑ.....මං වෙන කාවත් ගේන් නෑනෙ මගෙ පන...මං බොරුවටනෙ කිව්වෙ ....මං කොහොමද උඹ නැතිව ඉන්නෙ.....

ම්ම්.....හ්හ්...අම්මියලා...ආවද...සෙනෝ...න්....

දැන් එනවලු කෝ නැගිටින්න.....

කලන්තේ දාපු ගඩාපි පැටියා එහෙන් එහෙම ඉන්න කොට මම මගෙ විතෙන්ව එක්කන් එන්න ආවා...මගෙ මැනිකට අද එසේම වේවා කියලා නිවනක් නැති වෙනකොට එයාට ආයමත් කෝල් එකක් ආවා...

තාත්තා....ඒ එයාලගෙ තාත්තා ...අපි අප්පච්චි කිව්වට එයා කතා කෙරුවෙ තාත්තා කියලා වෙද්දි මම පැත්තක ඉදන් බලන් උන්නා...එයා හිනා වෙනවා....අම්මා කෝ අහනවා.....එයා මෙහෙ විස්තර කියනවා....ඒ එක්කම එයා කියපු දෙ එක්ක මාව රත් වෙලා ගියා...

මගෙ තේශි එක්ක තාත්තා ....එයයි ..එයාගෙ යාලුවො දෙන්නයි අපි කට්ටිය ගියෙ.....

මම බලන්.උන්නා...එයා වෙච්ච දේ අකුරක් නෑරම කියාන් හැටි මම බලන් උන්නා...අහන් උන්නා...අනේ ඒ මූනෙ තියන සතුට...ඒ හිනාව....අනේ දෙයියනෙ ඒක නම් කවදාවත් නැති වෙන්න ඒප....

සුදු මහත්තයා .....

වෙන පැත්තක් බලන් ලොකුම ලොකු කල්පනාවක උන්න මට එයාගෙ කට හඩ ඇහෙනවා එක්කම මම එයා දිහා බැලුවා....

මේ තාත්තා කතා කරනවා....

අනේ මැනිකෙ...ලැජ්ජයින්....

අනේ තේශි මේ....පුක පුපුරන්ඩ ඩෑස් එකක් දෙන්න කලින් වරෙන්කො....

එයා ලැජ්ජාවක් නැතිවම මට ඩෑස් එකක් දෙන්න කලින් එන්න කියනකොට මං එයාව කොනිත්ත කොනිත්ත ඵෝන් එක ගත්තා ...

හෙලෝ...අප්පච්චි ...

කවදාවත් තාත්තා කියල පුරුදු නැති මම බයෙන් බයෙන් උනත් කට පුරාවටම අප්පච්චි කියනකොට එයා ලොකු හුස්මක් අරගන්නවා මං අහන් උන්නා ....

මගෙ කොල්ලව අඩවන්න එපා පුතෙ...මට ඔච්චරමයි ඉන්නෙ.....මගෙ දරුවව මගින් අනාත කරන්ඩ එපා.....උඹලගෙ අප්පච්චි දීපු දුක නම් මගෙ දරුවට කවදාවත් දෙන්න එපා....ඌ පුදුමාකාර දුකක් වින්දා නිතේශ් ....ඌ පිස්සෙක් නොවී පිස්සෙක් උනා ..මට ආයනම් ඒ දුක විදිනවා බලන්ඩ දෙන්න එපා පුතෙ මගෙ එකා පව්....

මගෙ ඇස් වලට කදුලු ඉනුවා....හිතේ කහටක් නැතිවම පුතේ කියනකොට මං අහන් උන්නා....මගෙ පපුව වේදනා දුන්නා...මගෙ අප්පච්චි වගේමයි එයාගෙ අප්පච්චි පුදුමාකාර තරම් ආදරෙයි.....

අප්පච්චි ...මං පොරොන්දු වෙනවා....අද නත්තල් දවස මගෙ කොල්ලට මම කවදාවත් දුකක් දෙන්නෙ නෑ ..අප්පච්චි ලග නැති අඩුව එයාට කවදාවදාවත් දැනෙන්න දෙන්නෙ නෑ මගෙ අප්පච්චි එයාට ඉන්නවා....මමත් එයාට අප්පච්චි කෙනෙක් වගේ.....මං පොරොන්දු වෙනවා ....මගෙ අප්පච්චිව විශ්වාස කරන්න....එයා අපේ වෙලා ඉවරයි....එයා මගෙ....වෙලා ඉවරයි අප්පච්චි ...

මම කිව්වා..මගෙ ඇස් වලට කදුලු පවා ඉනුවා ...මට කවදාවත් අප්පච්චිගෙ ආදරේ ගැන නිකන් වචන වලින් කවදාවත් කියලා ඉවර කරන්න බැරි උනා....ආදරේ ඉස්සරහදි මගෙ ඇස් තෙත් උනා.....ආදරනීය මිනිස්සුන්ට ආදරනියම මිනිස්සු හම්බවෙනකොට හැමදාම ඇස් තෙත් උනා.....අපි හිනා උනා.....අපි කතා කෙරුවා ..මගෙ මැනිකගෙ හිතුවක්කාර කම් ගැන කියෙව්වා .....ඒත් එක තැනකදි මගෙ පපුව ආයම හිර උනා.. ...

මගෙ අප්පච්චි ...එයාගෙ අම්මත් එකක් ආයම කතා කරනවා...මට සමාව ඉල්ලන්න ඕනා උනා...එදෙන්නා අතර දැන් සම්බන්දයක් නොවුනත්. ...මට ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්න ඕනා උනා....මගෙ අප්පච්ව්හිට අවස්තාවක් දෙන්න කියන්න ඕනා උනා.....මම ලොකු හුස්මක් ගත්තා ...මෙච්චර වෙලාම ආදරෙන් කතා කරපු එයා වෙනස් වෙයි කියලා මගෙ හිත කෑ ගැහලා කිව්වත්.....ආදරේ හින්දා වේදනා වින්ද මිනිස්සුන්ගෙ දුක ඕනාවටත් වඩා දන්න මම බැනුම් ඇහුවත් කමක් නෑ කියලා මම කතා කෙරුවා.....

අප්පච්චි ....

කියන්න පුතේ

අප්පච්චි ..දෙයක්..කියන්නම්....අප්පච්චි මට බැන්නත්....මම තරහා නෑ...ඒත්....ආදරෙ අහිමිවිමෙ වේදනාව උපරිමේටම විදපු කෙනෙක් විදිහට මම ඒ වේදනාව ගැන ඕනවටත් වඩා දන්නවා අප්පච්චි ....මේක ඉල්ලීමක්...මගෙ අප්පච්චි ...ආයම...ආදරේ කරන්න පටන් අරන්...මගෙ...අප්පච්චි ....ආයම ජීවත් වෙන්න පටන් අරන් ...මං දන්නවා...මගෙ.....විතේන්ගෙ ... අම්මට

ඒක එයාගෙ කැමැත්ත නම්....මට කවදාවත් හරස් වෙන්න බෑ දරුවො....ආදරෙන් විදවපු මිනිස්සු කවදම හරි හිනහා වෙන්න ඕනේ....මිනිස්සු ආසයි හිනා වෙන්න.....මිනිස්සු ආසයි ජීවත් වෙන්න.....මිනිස්සු ආසයි මැරෙන කන් නොමැරි ජීවත් වෙන්න .. මිනිස්සු ආසයි අත් දෙකෙම්ම පපුවට තුරුලු කරගත්තු දේ ඇස් දෙක පියවෙන තාක් කල් ආදරෙන් තුරුලුකර ගන්න....ඉතින්...මම මොකටද විරුද්ද වෙන්නෙ....අනික...අපි දික්කසාදයි .....ඒත්...අදටත්...අපි විතේන්ගෙ අම්මයි තාත්තයිඒ බැදීම විතරයි.....

අනේ...අප්පච්චි ....ස්තූතියි ..

මට සතුටටම ඇඩෙන්න ආවා...අවසානෙදි මට විතරක් නෙවෙ..මගෙ අසරන අප්පච්චි වෙනුවෙන් පවා හිනා වෙන්න දවසක් උදා උනාට හූලන්න හීල්ලිලි වලට නැවතීමක් හම්බ උනාට....මම බලන් උන්නා...බුදු සරනයි විතරක් නෙවෙ....ජේසු පිහිටයි කියන වචනෙත් එක්ක මේ ලෝකෙ තියන හොදම නත්තල දීපු මගෙ දෙවනි අප්පච්චි ...මගෙ මැනිකෙගෙ තාත්තා යන්න යනකොට සාලෙ ඇතුලෙන් ඇහුන හිනා සද්දෙ එක්ක මං ඒ පැත්තට ගියා...

තාත්තියෝ.....තාත්තියෝ....මේක..මේක...

ඔක මේ අතට.....කෝ පලිගු මෙහෙ එන්න...

පලිගුවො සීයා තාත්තියා ගාවට එන්ඩ දෝනියෝ....

පලිගුවට අද තෑගි ගොඩයි....නත්තල තිබුනෙ මගෙ විතේන්ට උනත් තෑගි හම්වෙලා තිබුනෙ පලිගුවට....රබර් මස් කටු....කෑම ප්ලේට්....බිස්කට් ...

නිතේශ් පුතා..

අප්පච්චි ...

මං එනවා එක්ක ඩියෝනයගෙ තාත්තා කතා කෙරුවා ....මුලින් මුලින් කොච්චර කියෙව්ව උනත් ඩියෝන්‍ට ශෙනෝන්ට උන්නෙම රත්තරන් දෙමව්පියො වෙනකොට අනේ අපි කාගෙ දරුවොද නොබලා ලෝභ කමක් නැතිවම ආදරේ දුන්නා.....

සුදු අප්පො...

ඕ මැනික....

චුට්ටක් මේසේ බලන්නකො.....ඩියෝන්ලගෙ තාත්තලා බොනවා නේද.... ...

මං එහෙම්ම එබිලා බැලුවා ...ස්ප්‍රයිට් බෝතල් වල මූඩි ගැලවෙන කොකාකෝලා සෝඩා බෝතල්වල මූඩි ගැලවෙන සූසද්ද මැද ඩියෝනයා ඇරෙන්න තාත්තා පුතාලා මාමන්ඩිලා හිනා වෙවි කන බොනකොට අනෙ අම්මලා විතරක් ස්ප්‍රියිට් කොකා කෝලවලින් බඩපුරවගත්තා...

නිතේශයා

ඇයි..

බැලන්ටින් එකක් නැද්ද

ඇයි උඹ ගෙනත් තිබ්බෙ....අර විස්කි දාපු කබඩ් එකේ....

ශෙනෝන් ආයම අරක්කු බෝතලයක් අරන් යනකොට මං එයා එක්ක අඩු පාඩු බැලුවා ...

සුදු මහත්තයා එන්න අනේ...ඔය මදැයි....

හිනා සද්දෙ...ආගිය තොරතුරු රට තොටේ

..විස්තර ....අවසානෙදි සිංදු....පරන රසකතා.....එක්ක අපේ හිනා මූනු මගෙ විතේන්ගෙ ගැලරියට එකතු උනා.....

සුදු මහත්තයා බලන්නකෝ...

එයාට වෙරි....මගෙ විතේන්ට වෙරි ....ඒකා හිනාවෙනවා....එයාට විතරක් නෙවෙ ....සැන්ටින් නොකරපු අරක්කු උගුරු උගුරෙන් පහලට යනකොට මටත් වෙරි....

සතුට ....හිනාවක් ...කහටක් නැති හදවත් වහන් තියනකොට අනේ පලිගුවට කවදාවත් හම්බුන්නැති අම්මලාගෙ ආදරෙ ලෝභ කමක් නැතිවම ලැබුනා..මොන දේ උනත් ඒ බැල්ලි පැටියා පුදුම තරම් වාසනා වන්ත උනා...ඌ පුදුම තරම් පින්කරපු එකෙක් උනා මහපාරෙ වාහනවලට අහුවෙලා අයාලෙ ගිහින් බඩගින්නෙ දුක් විදින්න තිබුන ජීවිතයක් අද සිමා රහිතම ආදරයක් විදින ගමන් උන්නා.. මං පලිගුවගෙ හිනා වෙන මූන ඵොටෝ එකක් ගත්තා ....හැගීම් අවංක නම්....ආදරේට සම්මත අසම්මත මිනිස්සු මෘග කියන්නෙ නිකම්ම නිකන් වචන ටිකක් විතරයි ....

නිතේශයා...

ම්ම්.....ඇයි....

මං උන්නෙ මගෙ විතේන්ගෙ ඇගට ජැක් එක ගහලා....ඩියෝනයගෙ තාත්තා එක්දහස් නවසිය ගනන් වල මරිය සෙල්ගෙ සින්දුවක් කියනවා ..වයසක මිනිස්සු ගාව තියන සින්දු හරි රසයි.....මරිය සෙල්.....වගේම මිල්ටන් ලාගෙ ලතාලගෙ සින්දු රහ කරලා කියනකොට බාගෙට වැදිලා උන්න මමත් අවසානම වචනෙ අල්ලන් වැනෙනකොට මට ශෙනෝන්ගෙ කටහඩ ඇහුනා ....

ඇයි...

මේ අප්පච්චි ...

මම ශෙනෝන්ගෙන් ඵෝන් එක ඉල්ලන් එලියට ආවා...

හෙලො අප්පච්චි ....

සුදු පුතා මොකද ඵෝන් එක ඕෆ්...ඊයෙ ඉදලා.....අම්මා මට මෙහ් බනිනවා....

අප්පච්චි ...මේ....

අප්පච් මගෙන් ඵෝන් එක ඕෆ් ඇයි අහනවා.....මට දෙන්න උත්තර නෑ...නොදී ඉදලත්බෑ...හැබැයි බොරු කියලත් බෑ.....මං කපනා කෙරුවා ...මගෙ හැම දේකදිම උන්නෙ අප්පච්චි ..සෙනාරිගෙ පලහිලව්වෙදි පවා උන්නෙ අප්පච්චි ....ඉතින්.....නොකියා කොහොමද ...

අප්පච්චි .....දෙයක් කියන්නද...

මොකක්ද ..

අප්පච්චි සෙනාරි කතා කෙරුවා ...

ඒ මොකටද ..

මං හේතුව දන්නෙ නෑ හැබැයි...එයාට කරදරයක් ද දන්නෙ නෑ අප්පච්චි ...මං ඊයෙ

මන් ඊයෙ සෙනාරිව දැකපුවෙලේ ඉදන් වෙච්ච හැමදේම අප්පච්චිගෙ කනේ තිබ්බා...ඒකි ගත්තෙ මොන හේතුව උඩද කියන්න නොදන්න අපි දෙන්නම අසරන උනා....

නිතේශ් ...එක්කො උඹ එකපාරක් අරන් අහපන්...සැරින් සැරේ කෝල් කරන්න තියා ගන්නෙ නැතිව...ඒකි පවුලක් ...අනික උඹට එකෙක් ඉන්නවා..නිකන් නෙවෙ ඒකා මැරීගන උඹට ආදරෙයි...ගිය උන්ගෙ ගිනි නිවන්න ගිහින් ළඟ ඉන්න එකාගෙ ඔලුව ගිනි තියන තැනට වැඩ කරන්න එපා නිතේශ් .....

මං අහන් උන්නා...අප්පච්චි කියන වචනයක් ගානෙම මම අහන් උන්නා....එයාකියන සම්පූරනම කතාව ඇත්ත....එයා මාව හොයන් එන්න තියන ඉඩකඩ ප්‍රමානෙ වැඩියී....ඒ ආවොත් මම හිතන්නෙ නෑ මට නම් සැනසීමක් තියේවි කියලා.....

අප්පච්චි ගත්තෙ....

Baby and me හොස්ප්ටිල් එකට අද ඩොක්ටර් කෙනෙක් එනවලු.....මට එන්න වෙන්නෙ නෑ ..පොඩීව අද එහෙ ස්කෑන් වගේකට නවත්තගන්නවලු....නිතේශ් පුලුවන් නම් ගෙදරින් බෙඩ් ශීට් දෙක තුනක් ගිහින් දියන් නිතේශ් ....

ඒ මොකටද අප්පච්චි මං යන්නෙ මොකටද අප්පච්චි යන්නෙ ...ඒකිට එකට මිනිස්සු දෙකක් ඉන්නෙ හැම මගුලටම නිතේශ් දහම්...නිතේශ් දහම්....මේක ඉවර වෙන කරුමයක් නෙවෙද අප්පච්චි ...මට බෑ..මගෙ කොල්ලගෙ මූන අද ඊයෙ තියෙන්නෙ පුදුමාකාර සතුටකින් මට කීයට වත් බෑ අප්පච්චි ..මට කීයටවත් බෑ....අනික ඉස්පිරිතාලෙ ඒ හැම දේම තියනවා...වෙලා තියන ඒවා එක්ක බලනකොට පුක කහ ගන්න නියපොත්ත නෑ ඒ උනට් මහන්තත්ත කම නම් අඩුවෙලා නෑ මේ හැත්තගෙ....

අදට විතරක් පලයන් සුදු මහත්තයා ...ඒකිට ළමයි නෑ කිව්ව දා ඉදන් උන්ගෙ වලව්වෙනුත් දැන් අරියාදු ..අම්මා අත්තමා ගාව.....ඒකිගෙ අප්පච්චිට එන්න එකක් නෑ...මං උඹට ගන්නෙ නෑ පුතේ කරන්න දෙයක් නැති කමට ගත්තෙ...

මම අහන් උන්න...වෙලාවකට මගෙ අප්පච්චිත් මම වගේම අසරනයි....කරන්නම දෙයක් නැති කමටම මම හා කියල ඵෝන් එක කට් කරල දාලා ඇතුලට එනකොට මගෙ මැනිකට අනේ සෝෆාවෙම නින්ද ගිහින් තියෙද්දි මං එයාව උස්සගන ගිහින් ඇදෙන් තියලා බ්ලන්කට් එකෙක් පෙරෙව්වා ....

මගෙ වස්තුව ..මං උඹට හුගාක් ආදරෙයි මගෙ මැනිකෙ....මම උඹේ ඇස්වලින් දැකපු සතුට හැමදාටම තියෙන්න ඕනා...

උනුසුම් වගේම ආදරනීයම හාදුවක් නලලට තියපු මම ඇදුමක් මාරු කරන් බෙඩ් ශීට් දෙකතුනකුත් අරන් එලියට ආවා...

ශෙනෝන්...පොඩ්ඩක් බලපන් මං මේක දීලා එන්නම් ...

ඒකිලාට හැම රෙද්දටම ඕනා උඹව....

මොනවා කරන්නද බන්...මං උන්ගෙන් ලොකූ නයක් අරන් පියවලා නැතිව ඇති ඒකයි මං මේවිදිහට මේ ආත්මෙ උන්ට දර දිය අදින්නෙ.....

මං එන්න ආවා..දෙපාරක් තුන්පාරක්ම මූන හෝදගත්තු මම එන්න ආවා....

නත්තල් දවස නිසා මහපාරට අද හුස්මක් කටක් ගන්න පුලුවන් වෙලා තියනකොට මං ලෑල්ලට පෑගුවා ...

ප්‍රසව හා නාරී....

අර තියෙන්නෙ....

ප්‍රයිවට් හොස්පිට්ල් එක අස්සෙ තිබුම බෝර්ඩ් බල බල පොඩීලා උන්න වාට්ටුවට ගියා....

කාමර අංක..හය. ..හතර මෙතනෙ...තව දෙකක් ඉස්සරහට....

මං කාමර දෙකක් පහු කරන් හයවෙනි එකට ගිහින් දොරට තට්ටු කෙරුවා ....

සුදු මහත්තයා...

මං ඇතුලට ආවා....විනීතම්මව දර ඉපලක් වගෙ වෙලා....ඇගෙ ඇට ගැන්න හැකි....පොඩී බලාගත්තු අත බලාගන ඉන්නවා ..මොන දේ ගෙදරින් කියලා ආවා උනත් මට මහ වේදනාවක් දැනුනා .....

විනීතම්මෙ....ඩොක්ටර් මොනවද කිව්වෙ ..

මට තේරෙන්නෙ නෑ සුදුමහත්තයා ...අනේ මගෙ එකීට ආයෙම අම්මක් වෙන්න බෑ කියනවා ...ඒකිට...සිහියක් පතක් නෑ ඒකි ඉන්නෙ මැරුන එකාගෙ සිහියෙන්...එහෙන් ඒකිගෙ නැන්දම්මා....ඒකි ඒ කෙල්ලව ...

මට අහන්න ඕන උනේ නෑ වදයි කියලා උන්ම පොඩීව පට්ට ගහන්න අරන් තියනකොට විනීතම්මලාට සල්ලි අහුරුපිටින් දොස්තර විසික් කෙරුවත් මං හිතන්නෙ උන්ට කරපු කරුම පඩිසන් දෙන්න ගත්තා ..

පොඩීගෙ මූන පවා මැලවිලා දරුවා ලැබෙන්න ඉන්නකොට බෝලෙ වගෙ උන්න ඒකි දැන් වැරහැලි වේගන එනකොට ඒකි කවදාවත් ආයම දරු ගැබක් දරන්න පින් නොකරපු කුස අතකින් අල්ලන් උන්නා...

අපිට මේ තැන විතරයි ඉතුරු ....මෙතනට එන හුගාක් අයට දරුපල හම්බුනාලු සුදු මහත්තයා අනේ මං උදේ හවා පත්තිනි මෑනියන්ට පහන තියනවා...කරපු පිනකට වත් හෑල්ලු වෙලා ගියපු බඩ පුරවන්ඩ කියලා ...

විනීතම්මා අදොනා දෙනවා....අප්පච්චි කිව්ව විදිහට මෙතනට එන්නෙ ලේසියෙන් අල්ලන්න බැරි හොදම වීඕජීලා .....මට පවු කියලා හිතුනා....ඒකි ඇදේ පෙරලෙනකොට මං ටික වෙලාවක් බලන් ඉදල විනීතම්මා මගෙ අතට තියපු විටමින් ටික අරගන එන්න එලියට ආවා...

රවීන්....මගෙ අඩුපාඩුවක් නෙවෙ රවීන්...ඇයි ඒක ඔයාලගෙ අම්මා පිලි නොගන්නෙ....ඇයි රවීන්..

සෙනාරි....මං කොච්චර කිව්වද....

මට මේ වේදනාව ඉවසන්න අමාරුයි....හැමෝම ඉස්සරහා මං වද ගෑනි වද ගෑනි ගානවා....මගෙ පපුවට මොන බරක්ද රවීන්....උදේට දැක්කමටමත් කෑ ගහනවා....අහස පොලව නූහුලන අපරාද කතා කියනවා ....මට මේවා උහුලල හරි අමාරුයි දෙයියනේ ....මමනෙ කෑ ගහන්න ඕනෙ ...අපි උඹලට වඩා දුප්පත් උන හින්දද රවීන් මට මෙහෙම කරන්නෙ.....

දෙයියන්ගෙ නාමෙන් පින්සිද්ද වෙයි සෙනාරි නාඩා ඉදින් ගෑනියෙ මට උඹලා දෙන්නගෙම ප්‍රශ්න අහලා අහලා එපා වෙලා...උඹ මෙහෙන් අඩනවා අරගෙන් අම්මා කියවනවා ...මං කිව්වනෙ....මම පිලිගන්නවා මටයි දරුවෙක් හදන්න බැරි කියලා ...මට තව මෙහෙම වද දෙන්න එපා සෙනාරි ...ප්ලිස් මට ඇතිවෙලා..

මට තවත් ඒ ගෙදර ඉන්න බෑ රවීන්....මට තවත් නන් ඉන්න බෑ...අනේ මාව ගුටි කාලා මැරෙයි...උඹ නැති හැමදාම මන් වදවනවා...අනේ මහත්තයා මාව අරන් පලයන් ....ගහපු කම්මුල් පාරවල් වලට තවම කන් අඩි පුපුරු ගහනවා .....අනෙ මගත්තයෝ...ගෙදර බුදු පහන තිබ්බත් මං වැරදී....

නාඩා ඉදින් මැනෙකේ...නාඩා ඉදින්කො..මං උඹව එක්ක යන්නම්....

ෆාමසියට යන්න ආව මගෙ කකුල් නැවතුනා...අඩන සද්දෙ ඒ කටහඩ මේ ඔක්කොම එක්ක උන්නෙ සෙනාරි වෙනකොට ඒකි රවීන්ගෙ ඇගෙ එල්ලිගන උන්නා.....

රවීන්ට බබාලා හදන්න බැරිලුද ...ඒත් ඒකිගෙ නැන්දම්මා කියන්නෙ ඒකි වදයි කියලලු....

නන් හැරිලා බලාගන උන්නා...රවීන් උන්නෙ ඒකිව අතකින් තුරුල් කරන්වෙනකොට රිපෝර්ට්ස් කියන්න පුලුවන් කොල ගොඩක් සෙනාරිගෙ අතේ තිබ්බා වගේම යන්න හැරුන මාව සෙනාරි දැක්කා උනත් මොකූත්ම නෑ හුන ගානට මං ෆාමසියට එන්න ආවා ....

🙂ආය එන්නාම්...

කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters