Cherreads

Chapter 39 - 39

විතේන් ....අනේ...පන...මේ දොර...අරින්නකො...බඩගිනී...නිදිමතයි ..හෙට ආය යන්න ඕනා.....මාව ඇතුලට ගන්නකෝ....

චික්කෙ...හ් මේක මහ ලැජ්ජාවක් .....

මං දොර ගාවට වෙලා බෙඩ් ශීට් එක ඔලුවට දාන් කොට්ටෙත් තුරුල් කරන් දොරට ගැහුවා ....එයා නෙවෙ දොර ඇරියෙ.....ශෙනෝනයා නම් කනවත් ඇති.....ඒ උනත් මං දැන් එහෙ කන්න ගියොත්....

"ආ..මිස්ටර් නිතේස්ශ්...හොර ගෑනිගෙ ගෙදර කෑම රසද" අහයි....එතනත් කොස්සක්.....

අනෙ හාමුදුරුවනෙ ඉදලා ඉදලා මට හොයලා දුන්නෙ මාරදූතයෙක්වනෙ...

විතේන් ...අනේ දොර අරින්නකො...මට හයියෙන් කෑ ගහන්න බෑ අප්ප වටපිටෙ උන්ට ඇහුනොත්...මන් පාරෙ බැහැල යන්නෙ කොහොමද මූන දෙන්නෙ කොහොමද ..

මූන දෙන්න බැරි නම් පුක දීපන් ...උඹට තාම ඒකිගෙ ඒවා මතකයි...ගහෙ කටු උල් කරන්න ඕන් නෑනෙ නිතේශ් උඹට ගිහින් තියෙන්නෙ අර නාකි හාමුවගෙම ගති....උඹ මහ කුපාඩියෙක් ගෑනු පෙරේතයා....වල් වනචරයා

මං වටපිට බැලුවා ....දෙවියන්ට ඔප්පුවෙන්න වෙනකවුරුත් නෑ.....ඇතුලෙ උන්න එයා හිතක් පපුවක් නැතිවම මට ගෑනු පෙරේතයා කියනකොට මට මතක් උනෙ වලව්වට ගියහම බේබි හාමු කියලා කොන්ද නවන මිනිස්සුන්ව....උන් දන්නවා නම් බේබි හාමුවා කොළඹ රටේ රෙදි ලෙප්ට් කරගත්තා කියලා .....

විතේන් ....දොර අරින්නකො...ඇරියෙ නැත්තන් මං යනවා ආය කියන් නෑ විතේන් ආ..මගුල ඇයි යකො මැරිලා මැරිලා ගෙදර ආවම දොර අරින්නෙත් නෑ කන්නත් නෑ වතුර උගුරක් නෑ....වෙන මිනිස්සු ගෙදර එනකොට තේ එකක් හදලා එහෙම...මේක...මගෙ ඔලුවම තමා කන්නෙ....

මං පොඩ්ඩක් එලියෙ ඉදන් කෑ ගහගන්න ගත්තා ..ඇත්තටම මට දැන් බඩගිනී.....එයා දොර අරින්නෙ නැතිම තැන මං දොරට පයින් එකක් අනිනකොට එයා දොර ඇරියා.....හැබැයි එක අතකට ඒ දොර අරින් නැතිවම උන්න නම් ඉවරයි ....මේක නම් අනීතටම හරියනව...

මටයි අප්පච්චිටයි හම්බුනේම යක්කු....

දැන් තමුන් මොකද කියන්නෙ ...???

මොකද කියන්නෙ අහන්නෙ මට බඩගිනි විතේන්...මහන්සී....නිදිමතයි ...මං හවස යන්නෙ නෑ හවස මට අරන් යන්න තියන බඩු හදා ගන්න ඕනා....මට වැඩ තියනවා සෙල්ලම් කරන්න එපා විතේන් ...

කව්ද සෙල්ලම් කෙරුවෙ....??මමද..ඇයි බඩගිනී කියලා මට කියන්නෙ...සල්ලි තියනවනෙ කඩෙන් කන්න එපැයි....අර ඇම්බැක්කි සල්ලි දුන්නෙ නැද්ද ....??

මදැයි....බඩගිනී කිව්වම හම්බුන උත්තරෙ...එයාගෙ අතෙ පොල්කටු හැන්දක් තිබ්බා ඇතුලෙන් සෝයාමීට් සුවදක් ආවා...ඒ කියන්නෙ මගෙ පන උයනවා...

බඩගිනීනෙ...ඔයාගෙ සුදු මහත්තයට කලන්තේ දායිනෙ

දාපු දෙන්...ඇයි අල්ලගන්න අර පච්ච දේවතාවි ඉන්නෙ....

අයියෝහ් විතේන් .....නාඩගම් නටන්න එපා අප්පා හොද ළමයා වගේ අයින් වෙන්නකො....

ඒක තමා නිතේශ් මං කියන්නෙ ...බඩගිනි නම් ගිහින් කඩෙන් කන්න..අරකි ඇවිත් ගියා විතරයි උඹට දැන් සිංහලත් අමතක උනාද....?ආ නිතේශ් ....ඔව් ඉතින් උඹට ඒකිගෙ ඇගෙ පොටි උලනකොට සිංහලත් අමතකයිනෙ.....

ඇයි ඇයි ඉතින් ලගට එන්නෙ....

මෙච්චර වෙලාම අතෙ තියන් උන්න පොල්කටු හැන්ද පස්සට කරපු එයා බනින වාරයක් ගානෙම ඒක වනවන ලගට එනකොට පස්සට පැන්නා...අප්පච්චි කිව්වා හරි.....මූ නම් අනීතගෙ අනිත් එක.....මුගෙ අම්මත් ඔහොමලු...රසානිත් එසේ මෙසේ කටක් මූට දීලා තියෙන්නෙ....

අනෙ විතේන් මේ අහන්න....මේ අහන්න පන...චූටි දෙයක් අල්ලන් ලොකු කරන් කෑ ගහන්න එපා විතේන් .....මට මහන්සී....කියනදෙ තේරුම් ගන්නකො...අර හොද්ද කරවෙනවා ඇති...එහෙම උනොත් බත් වෙනුවට පාන් කන්න වෙන්නෙ....

දැන් කව්ද නිතේශ් ඔයාටත් එක්ක උයනවා කිව්වෙ....මගෙන් නම් වතුර උගුරක් වත් හම්බෙන් නෑ...ඇයි..

සල්ලි තියනවනෙ කන එකයි..

හරි....හරි අම්මො හා....මං කඩෙම්ම කන්නම් මෙච්චර දවසක් අනුන්ගෙන් කාපු එකෙ අද කෑවාම මැරෙන් නෑනෙ...ඉවසන එකෙයි වැද වැටෙන එකෙයි සීමාවක් නැති උනාම එන්නෙ ඔලුවට අත හෝදන්න...මට උඹගෙන් කෑවෙ නෑ කියලා ඇගෙන් ඇටයක් යන් නෑනෙ...රෙද්ද ....කියවනවා ඉවරයක් නෑ...මුන් ගෙදර එනකන් බලන් ඉන්නෙ ඔලුව කන්න.....

මං එන්න හැරුනා...එයා හිතුවෙ නෑ මං එහෙම කියයි කියලා ...ඒත් මං කියලා දැම්මා.....මට තරහා නොයා තරහා යාගන වගේ ආවා...

නිතේශ් ..

මට අඩියක් ඕනා නම් ඉස්සරහට එන්න හම්බෙන්න ඇති....ඊලග තත්පරේදි මං හැරිලා බැලුවා වගේම එයා බලන් උන්නා....හොද වැඩෙ.....මම කියලා තියනවනෙ...මාව තරහා ගස්සවන්න එපා කියලා ...දැන් හරිනෙ..

එයා බලන් උන්න...මත් රවාගන උන්නා....

අර නලගනගෙන් කීයක් ගත්තද?

දොලහක්.....

මොක..ක්....දොලහක්....??? ආ නිතේශ් ....දොලහද...

න්න්..නෑ....පන..මේ අහන්න....එයා කලින්....පේ කරලා තිබුනා...

ඇඩ්වාන්ස් එකක්.....??

ම්....ඒ වගෙ එකක්...

කීයක්....??

23ක්...

එයා හිනා උනා...හැබැයි මම දැන් වටේම ගාගන ඉන්නෙ...

ඇත්තටම විතේනයගෙ වෙස් පෙරලිල්ලට හතලිහක් ගන්න ඕන තැනට ගොනා වෙච්ච මං අරන් තිබුනෙ දොලහයි...ඒ මදිවට මෙතනදිත් කියන්න ගිය බොරුව පැටලුනා....අනික...

ඇඩ්වාන්ස් එකක්????වෙඩින් එකකදි නම් මෙහෙම බොරුවක් කිව්වට කමක් නෑ.....ඒ අස්සෙන් ගානත් පැටලුවා ...

මූ මාව අත්තම්මලා වගෙ දනගස්සවයිද???

අනේ..මගෙ සුදු මහත්තයා...

ගහන්න එපා පන...

මං මොකාද වගෙ අඩියක් පස්සට ගියා...වෙන මොකටත් නෙවෙ...මං ඇත්තටම වේවැල් වලට වගේම හැදි මිටට බයයි.....

සුදු මහත්තයා ..බොරුවක් කියනකොට කල්පනා කරපන් නිතේශ් ...ඇඩ්වාන්ස් එක විසි තුනක්ලු....දැන් පේමන්ට් එක දොලහක්ලු ...ඕක මන් කොහොමද නිතේශ් විශ්වාස කරන්න ඕනෙ...ඔන්න දොලහක් ඇඩ්වාන්ස් කියලා ...විසි තුනක් දැන් ගෙව්වා නම් හිත හදාගන්න තිබුනා....නිතේශ් ...නිතේශ් ...බොරුවක් කියනකොට හොදට මතක තියා ගන්න...මං ඩියෝන් නෙවෙ කියලා තේරුනාද ....දැන් යන අහක යන්න පුලුවන් ..ලැජ්ජ නැතිව අරන් තියෙන්නෙ දොලහයි...ඒ තරන් අසිහිය...ඇයි ඉතින් එකිගෙ සිහියෙන්නෙ උන්නෙ...

හොදට එබෙනවා....සල්ලි ගනන් වැරදෙන්න තරම්

දෙයියන්ගෙ නාමෙට විතේන් ....විතේන් ..ඕක නවත්තපන් විතේන් .....!!!

නවත්තපන්...නවත්තපන් කියන්නෙ මොනාද මිනිහො...නවත්තන්න කියන්නෙ මොනවද ....කොහෙද යන්නෙ ආ...???

මං යනවා යන්න...මේ මොන මගුලක්ද මේ...එකම එක අල්ලන් කියව කියව වද දෙන්න එපා විතේන් ...මට වැරදුනා එච්චරයි ...ඒක එතනින් ඉවරයි ...කරුනාකරලා මගෙ ඔලුව කන්න එපා.....තමුසෙත් හරියටම අපේ අම්මා වගෙ....එකම දේ කියවනවා....තමුසෙව හරියන්නෙම අපෙ අම්මට.....තමුසෙයි අම්මයි එකතු වෙලා මගෙයි අප්පච්චිගෙයි ඔලු කනවා ....එතකොට හරි....

තේශීහ්.....හ්

මං හැරිලා එන්න ආවා....එකම දේ කියව කියව ඔලුව අවුල් කරනකොට මං එයාමට දමලා ගහපු බෙඩ්ශීට් එකයි කොට්ටෙයි තුරුල් කරන් එන්න ආවා....ඔක්කොටම වඩා මං එයාගෙ අතෙ තිබුන හැදි මිටට බය උනා....එයා හැදි මිට උරුක් කර කර බනිනකොට මට මැවුනෙම අත්තම්මා හැදි මිට උරුක් කර කර කෑ ගහන එක...අම්මා වේවැල තියන් මාව ...අපිව...හැමෝවම කන්න හදපු විදිහ වෙනකොට එයා නොදන්නවා උනාට මම බය උනා...

මේක හරි ඊර්‍රිසියාකාර රන්ඩුවක් ....ගහමරාගන්න තරම් දුර යන්නෙ නැති ආදරෙ නිසාම දරන්න බැරි ඊරිසියාව හින්දා ඇති උන රන්ඩුවක් වෙනකොට එයාගෙ අතේ තිබුන හැදිමිට මාව බය කෙරුවා ....

තේශි ....

ප්ලීස් පොඩ්ඩක් පාඩුවෙ ඉන්න විතේන් ....

මම එයාව නැවැත්තුවා ...මට හැරිලා බලන්න බය හිතුනා.....එයා මගෙ පස්සෙන් එනවා...ඒත් මම එයාට ලගට එන්න නොදී ඈත් කෙරුවා ....

තේශි....

ඔයාගෙ අතේ තවම හැන්ද තියනවද....

ඔ...ව්....

එන්න එපා....මට පොඩ්ඩක් ඉන්න දෙන්න මන් තරහා නෑ පන....

මම එයා දිහා බැලුවෙ නෑ හැබැයි මං එයාට බැන්නෙත් නෑ.....මේවගෙ ආදරේට කරන රන්ඩු තවත් ඉස්සරහට ඇදන් යන්න ඕන් නැති හින්දම මං එයාව දාලා එන්න ආවත් එයා ඇවිත් මගෙ පිටිපස්සෙන් බදාගත්තා ...

දාලා යන්න හේතුව කියන්න මැනික .....

මං ඒ අත හිමින් ලිහලා දැම්මා...ඒ උනත් එයා මාව කලින්ටත් වඩා තදින් අල්ලගත්තා ...මං විනාඩි ගානක් සද්දයක් නැතිව ඉන්නකොට එයාගෙන් පිට උන බර වෙච්ච සුසුම් වල සද්දෙ එක්ක මං කතා කෙරුවා ...

මට හිනා වෙන්න එපා විතේන් ....

නෑ..මං හිනා වෙන් නෑ...

මං...කෝටුවලට බයයි....විතේන් ...ඔයා එහෙම ...උරුක්....

මට...සමාවෙන්න ....

මට දැනුනා ....මට දැනුනා එයා දුක් වෙනවා...ඒත් මට යන්න ඕනා උනා...මං එයා දිහා නොබලා හිමින් හිමින් පඩියෙන් පඩිය පල්ලම් බැස්සා ...මම වගේමයි..මට අඩුම ගානෙ කොට්ටයක් වත් දුන්නා ...අරූව ඇදිවත පිටින් එලවලා තියෙද්දි මං ශෙනෝන් ඉදන් උන්න පඩියෙන් ගිහින් ඉදගත්තා ...

ඌ පරිප්පු උයනවා ....

ම්න්...අපේ ගෙදර සෝයා හදනවා...

උන් අපිට නොදි පරිප්පුයි සෝයයි කන්න හදනවා

මගෙ මූන නොදැකපු ශෙනෝනයා කන බනෙ ගැන කියවනකොට මං ඔහේ උත්තර දුන්නා.....

මචන් එයාට කියපන් මං වෙනුවෙන් ....හැන්ද ගන්න එපා කියලා ...

මං නිකල් ගරාදි වැටට ඔලුව තියාගන්නකොට ශෙනෝන් මා දිහා බැලුවා ....එයාගෙ ආදරනීයම චරිතෙ අස්සෙ වෙලාවකට දරදඩු අනීතා කෙනෙක් උන්නා..මට තවත් අනීතා කෙනෙක් එපා...මට තවත් දහම් කෙනෙක් වෙන්න බෑ...එයා නොහිතා හැන්ද උරුක් කර කර කෑ ගැහුවා උනත් මට එවෙලෙ පෙනුනෙම මාව පොල්කටු දෙකක් උඩ දනගස්සවලා හැදි පාර දෙන අම්මා වෙනකොට අවුරුදු බර ගානකට උඩදි දැනුන වේදනාවම මගෙ දනහිස් වලට දැනුනා ..

එයා...හිතලා කරන්න නැතිව ඇති නිතේශ් ...

මං දන්නවා ....මං තරහා මට තරහා වෙන්නත් බෑ...ඒත්...මං ඒ දේවල් වලට බයයි...මං එයාට සමාව දුන්නා....ඒක එයා දන්නෙ නෑනෙ....

.......

ශෙනොන් මොකුත් නොකියා අහන් උන්නා...සමහර දේවල් තියනවා මෙ දැන් වෙලා...දැන් අමතක උනත්...පොඩි කාලෙදි බයවෙන සමහර මිනිස්සු....සමහර සිද්දි කවදාවත් ජීවිතේට වත් අමතක කරන්න බැරි....අම්මගෙ පොල්කටු හැන්ද...සීයා තාත්තගෙ ගොරනාඩුව...මැද මිදුලෙ වරු ගනන් පොල් කටු උඩ දනගස්සවලා වේවැලෙන් තලන මොල්ලිගොඩ මැනිකෙ....මං හිතන්නෙ මං සතර මහ ආපායටත් වඩා බය ඕකටද මන්දා...

මම ඔහේ උන්නා.....ශෙනෝන් මොකුත් නොකියා මගෙ පිටට තට්ටු කෙරුවා වගේම ඒ චුට්ට වෙලාවකින් උන්ගෙ ගෙදර දොර ඇරුනා...

නිතේස්....

මම බැලුවෙ නෑ...ගඩාපියා...වෙලහට එයා කියන්න ඇති.....

සෙනෝන්...මේ ලමයව ටිකක් පිහන්න.....

පොඩි තුවා පොඩ්ඩක ඔතපු බැලි කික්කිව ගඩාපි පැටියා ශෙනෝන්ගෙ අතට දුන්නා...ඒකා කික්කිව නාවලා.....චූටි නහය තෙතම තෙත පාටයි....

නිතේස් ...ඔයා හොදින් නේද මගෙ නිතේස්....

ම්ම්ම්ම්.....

විතේන් දන්නෙ නෑනෙ නිතේස්...මං ඔය මනුස්සයට කතා කරන්නම්කො ....මොකටද අපේ නිතේස්ව බය කරන්නෙ කියලා...මං මේ ලමයව නාව නාව උන්නෙ...කොහෙද තාත්තෙක් කියලා එකෙක් ඉන්නවා නමටනෙ ඒයි...කෝ බලන්න....අඩලද ඉන්නෙ...නෑනෙද....

අරූ මාව අත ගානවා...මං අඩලද කිය කිය බලනවා...මම ඔහේ උන්නා මිසක් වචනයක් කතා නොකරනකොට මට එයාව මතක් උනා....පව්...දැන් ඉතින් එයා බයවෙලා ඇති...

සෙනෝන්...ඔය ලමයගෙ කන් දෙකට පිඹපල්ලා අප්පා...මෙහෙන් මේ ළමයා අඩනවා.....අරහෙන් අර ළමයා අඩනවා..හොද්ද ලිපෙ...කිරි ටික දාගන්න බැරිඋනා....අර තෙම්පරාදුව කර වෙනවා....මට කීයක් නම් කියලා බලන්නද අප්පා...මට හරියට වැඩ .....ඔය ලමයව මිරිකන්න එපා අප්පා....

ඌයි...ඩියෝන්...ඇත්තමයි මං උඹට ගහනවා ආ කොල්ලො.....

ඔච්චරනෙ දන්නෙ.....උඹට දන්නෙ මට ගහන්න....ඊටපස්සෙ අඩනකොට බොරුවට නලවන්න...ඒ ඔක්කොමත් කරලා රෑට රෑට මගෙ පුක පලන්න....උඹට නම් මොකද සෙනෝන් ..මටනෙ කැක්කුම.....ඔන්න අද නම් මොකුත් බෑ..ඈ....හරිතේ...

මට හිනා ගියා...මූ මං ඉන්නවා කියලවත් වගේ වගක් නැතිව අරූගෙ හපන් කම් කියවනකොට මට හිනා ගියා....ඇග පොඩි උනාට මුගෙ වැඩ හොදයි වගෙ....හොද නැතිව යන්නෙ කොහොමද මගෙ එකාටම ඇද මදි ඌ එක්ක ඉන්න ගියහම මටයි අමාරු.....ඒ උනාට ඇත්තටම එයා කොහොම දැගලුවත් එයාට‍යි වැඩිපුරම වේදනාව දැනුනෙ...අඩුම ගනෙ මට තේ එකක් හදලා දෙන බැරි උනා....පව්....

නිතේස් විතේන් අයියා බයි කන්න එන්නලු....

ම්ම්ම්...

සෙනෝන් ලමයට අර කිරි එක පොවන්න මන් අර පරිප්පුව බලලා එන්නම්.....පපඩනුත් නෑ අප්පා මිරිස් තමා බදින්න වෙන්නෙ....නිතේස්....ඔයාට බිත්තරයක් බදින්නත ඒයි ...බඩ දැවිල්ල එනවනෙ.....

මං අහන් උන්නා මේකා මහ අම්මන්ඩි වගේ ගෙට යනවා එනවා ..යනවා එනවා....අවසානෙදි පොඩි සූප්පු බෝතලයක් ගෙනත් ශෙනෝන්ගෙ අතට දෙනකොට මූත් තාත්තා වගේ කික්කිව හරහට තියන් සූප්පුව කටට ඔබනකොට අනේ ඒකි හරි අපූරුවට සූප්පුව ඉරුවා.....ඇත්ත තමයි...ඒ පැටියට තවම පිගානක කිරි බොන්න දන්නෙ නෑ ඒකිව එක්කො පිගානට වැටෙනවා නැත්තන් පෙරලගන්නවා...

මං බලන් උන්නා ඒකිට ඉස්පාසුවක් නෑ....චූටි යට තොල දිගෙ කිරි බින්දුවක් පහලට ඇවිත් ඒකගෙ ඇග ඇතුලෙම අතුරුදන් වෙනකොට බැල්ලි අම්මගෙ තන බුරුල්ල අල්ලනවා වගේ ඒකා ප්ලාස්ටික් බෝතලේ අත් දෙකෙම්ම අල්ලගන කිරි උරවන්න ගත්තා ...චූටි ඇස් දිලිසනවා....පව්.....

ගේ ඇතුලෙන් ආව බැදුම් සුවදට ඉව අල්ලපු මම ඩියෝනයා කුසියම අපායක් කරගන හදපු පරිප්පුව ඇතිලිය පිටිම්ම ගත්තා ...

හෝව්..හොව්...අනෙ චුට්ටක් ඉන්න ඒයි...මේ තෙල් ටික දාන්න.....

මෙ ඇයි....

අර ගෑනි කිව්වෙ මෙහෙම තමා...පරිප්පුව අවසානෙදි රත් උන තෙල්.....කරපින්චා අනම් මනම් දාන්න කිව්වා...එතකොට රසයි කියලා....මොකටත් මම සුප් කැට බාගෙකුත් දැම්මා...කන්න බැරිනම් බගෙට මැරියන් කියලා....

ඒ....උඹ...

නිතේස් ආ ගාන්න ඒයි....මේකෙ ලුනු බලන්න....

මූ පොඩි හැන්දකට පරිප්පු චුට්ටක් අරන් මගෙ කටට එබුව....වරදක් නෑ...මූ දන්නෙත් ඔච්චරයි නෙ....හැබැයි මගෙ බොටමට නම් පුලුවන් වගේ...

නිතේස්.....

ඇයි....

එකා ආයම බිත්තර බදිනකොට මම පරිප්පු ඇතිලිය අරන් එන්න හැරුනා....

රන්ඩු සරුවල් වෙන්නෙ නැතිව ඉන්න නිතේස් ...අපේ මිනියට මම ඔය එක එක එව්වා කියලා බැන්නට මම ආදරෙයිනෙ ඒයි...ඒ වගේ තමා...අපේ විතේනුත්...අනික ඉතින් බනින්නෙ හදාගන්නනෙ....ඒ කොහොම උනත්...අර පොල්ලෙ ඇතිල්ලි ඇතිල්ලි නටන බුරිච්චිව නම් වද්ද ගන්න එපා අනේ...ඒකිට හරියට කොල්ලොලු....අර පහල...මෙන්ඩිස් බාර් එකේ.....දෙවනි එකත් එක්කත් මේකිගෙ හුටපටයක් තියනවලු...ජා ඇල මචං එකේ...ඒකෙත් මේකිට කොල්ලෙක් උන්නලු...අනික.....ඕකි මෙහෙට බඩගාන්නෙ ඇයි කියල අපි නොදන්නවා නෙවෙනෙ නිතේස් ....ඔයා දැන් පවුලක් උන මිනිහෙක්නෙ දරුවෝ.....මගෙ ඔලුවට පස්න පුරවන්න එපා නිතේස්..මට අර නොදරුවා එක්ක දැන් වැඩක් කරගන්නත් නෑ....ඒලමයත් රෑට සැරින් සැරේම ඇහැරෙනවනෙ....ඉතින් මට හරියට වැඩ ....

අමෝ...අමෝ...හා...මං යන්නම්....

අරූගෙ පන්ඩිත වදන් ඉවරයක් වෙන් නැති තැන මම මම ඒකව දාලා පරිප්පු එකත් අරන් එන්න ආවා....දොර තවමත් ඇරපු විදිහමයි..කුසිය අස්සෙන් සුදුළූණු තෙම්පරාදු වෙන සුවද එක්ක මං ඒ සුවදට ඉව ඉව අල්ල අල්ල පරිප්පු එක මේසෙ උඩින් තියලා එහෙම්ම එයා ගාවට ගියා....මට රන්ඩු වෙන්න ඕන උනේ නෑ.....මට ආයම පරන දේවල් අදින්න ඕන් නෑ.....මම එහෙම්ම ගිහින් එයාගෙ බඩ්ග වටේ අත දාලා උරහිස උඩට මගෙ නිකට තියා ගත්තා .....

එයා අගුනුකොල ලියනවා....

බඩගිනිද.....

එයා මගෙන් අහනවා....

ම්හුක්...

මම එයා කරනවා වගෙ පොඩ්ඩක් කෙදිරි ගෑවා....

එහෙනම්....

මට මෙහෙම ඉන්න දෙන්න....

ම්ම්.....හා ඉන්න දෙන්නම්...

නම එයා අගුනු කොල මිට අරන් හිමින් හිමින් ලියනවා හොදට බලන් උන්නා...එයාට තියෙන්නෙ ගානට උනත් හරි පිරුන ඇගක්....

සුදු මහත්තයා ...

ම්ම්ම්ම්....

තව කොච්චර වෙලා ඔය මෙහෙම ඉන්නවද...

එයගෙ කම්මුල මගෙ මුනෙ වදිනවා....ඒක දැනෙන නොදැනන ගානට දෙන හාදුවක් හා සමාන වෙනකොට එයා මගෙන් අහනවා මම කොච්චර වෙලා මෙහෙම ඉන්නවද කියලා ....මං හිතන්නෙ...කෙනෙක් වෙනුවෙන් ..තව කෙනෙක්ගෙ හිතේ ඇති කරන්න පුලුවන් සුරක්ශාවෙ උපරිම හැගීන් එලියට ගන්නෙ....පපුව මැද...උකුල උඩ වගේම...උරහිස උඩ වෙනකොට මට ඒ උරහිසෙන් ඈත් වෙන්න ලෝභ හිතුනා....ඒ පපුව මැදින් නූන තියන් නිදාගන හැම රෑකම මම රාත්‍රිය දීරඝ වෙන්න ප්‍රාර්තනා කෙරුවා...උකුල උඩ ඔලුව තියාගන්න වාරයක් පාසාම....මගෙ ඇස් දෙක පියාගන්න දාකට...මට එයහෙ උකුලෙ ඉදන් ඇස් පියාගන්න ඕනා කියලා ප්‍රාර්තනා කෙරුවා.....

මට ඕනා ආදරෙ කරන්න...ජැක් රෝස් වගේ නෙවෙ ....

විජය කුවේනි වගේ නෙවෙ...

රෝමියෝ ජුලියට් වගේ නෙවෙ...

කන්නගී කෝවලන්ට ආදරේ කෙරුවා හා සමානවම...කෝවල්න් කන්නගීගෙ මැදට මොන තරම් මාධවීලා ආවත්....ප්‍රතිවෘතාව නමින් කන්නගි හැමදාමත් පේ උනේ කෝවලන්ට වෙනකොට ...මාධවීගෙ පපුවෙ උනුහුම හෙව්වා උනත්....කන්නගි අඩ අඩ උනත් ආදරේ දුන්නෙ කෝවලන්ට...මට ඕනේ..ඒ වගේ ආදරයක්.....විදව විදව උනත්...සන්සාරෙ කිසිම තැනක අත් ඇරෙන් නැති ආදරයක් .....මාධවීලා දහයක් ආවත්...මං වෙනුවෙන්....පේවෙන විතේන් කෙනෙක්...තනපුඩු කපන්න නියම උනත්....සලඹ පොලවෙ ගහලා කෑ ගහලා කෝවලන් වෙනුවෙන් මැරෙන්න උනත් හදපු කන්නගී වගේ ආදරයක්....

මන්දන්නවා..මටත් ඉන්නෙ කන්නගී කෙනෙක්....මොන දුක වින්දත්....කවදාවත් මාව අතාරින් නැති කන්නගී කෙනෙක්...නූතන කන්නගී කෙනෙක්.....

මගෙ ඇස් වලින් කදුලක් එලියට පනින්න හැදුවා උනත්..මම කදුලට තවරවටු කෙරුවා....මොකද...එක කදුලු බින්දුවකින් උනත්...මගෙ පනගෙ හොද්දෙ ලුනු රස වැඩි වෙන්න පුලුවන් ... එයා ඉන්නවා..තවමත් මගෙ උත්තරේ හම්බෙනකන්.....

මගෙ ජීවිත කාලෙම විතේන්.....මට එහෙම ඉන්න පුලුවන් නේද මගෙ විතේන්..

ඉදලා හිටලා තරහ යන චරිතයක් උනත්...සංවේදි උන මම එයාව තුරුල් කරන් උත්තර බැන්දා....මට මේ උනුහුම මගෙ ජීවිත කාලෙටම ඕනා.....

පුලුවන් ....සුදු අප්පො.....මන් දන්නවා....ඔයා ජීවිත කාලෙදිම උනත් ඉදීවි කියලා.....මේ තැනවත්.....මගෙ උනුහුමවත් ඔයාට කවදාවත් නැතිවෙන්නෙ නෑ...ඔයාට ඇතියි කියලා හිතෙනකන් ඉන්න.....

මං හිතන් නෑ පන කවදාවත් එහෙන දවසක් ඒවි කියලා...

කොහොම දවසක්ද...

මට...ඇතියී කියලා හිතෙන දවසක්.....දන්නවද මගෙ විතේන් ...ආදරේ කරන මිනිස්සුන්ට ....වරුවක් ගෙවුනත් ...දැනෙන්නෙ තත්පරයක් වගේ.....විරහව විදින මිනිස්සුන්ට....තත්පරයක් උනත්....වරුවක් වගේ...ආදරේ කරන මිනිස්සුන්ගෙ ඩයරිය හිස් වෙනකොට ...විරහව විදින මිනිස්සුන්ගෙ ඩයරිය පිරෙනවා ..මොකද ආදරේ කරනකොට මිනිස්සු ඉන්නෙම පිරිලා.....විරහව විදිනකොට..මිනිස්සුන්ට කොල පුරවන්න වචන තිබ්බට හැගීම් මැරිලා ....මට එකම දෙයයි ඕනෙ පන....

ඒ හැම දාමත් උඹ ගාවම ඉන්න විතරයි...

අවසානම හුස්ම වෙනකම්ම..

ඔබ මා හමු උන

මේ ඉර හද යට

කොතැන සිටියත්

මා මළ දවසට

මගෙ ලග තනියට

ඉනුමැනවී.....

සුදු මහත්තයා .....

මේක මේසෙ උඩින් තියන්නකො....

එතනින් පස්සෙ අපි දෙන්නා සෑහෙන්න වෙලාවක් යනකන් තුරුල් වෙලා උන්නා....ඒත් හරිම වචනෙනම්....එයා මාව තුරුල් කරන් උන්නා...

රයිස් කුකර් එකෙන් ඉදෙන බතට මුලු ගෙදරම සුවද වෙනකොට එයා බෙදලා දෙන හොදි පිනි මම අරන් ගියා.....කවුරුත් හිතන් නැතිව ඇති....ඔෆිස් එකෙ නූලට තිතට වැඩකරන පොඩ්ඩ බැරි වෙනකොට අසූහාරදහට නගින මිස්ටර් විතේන් මේ තරම් ආදරනීයම චරිතයක් වෙයි කියලා ....එයා මගෙ මුලු ගෙදරම පුරවලා....ඒ හිනාවෙන්....ඒ කතාවෙන් ඒ ආදරෙන්....ඇත්තටම එයාගෙ අම්මා....මගෙ අප්පච්චි ගාව උන්න නම්.....මගෙ අප්පච්චිගෙ හැමදාම රතු උන ඇස් හිනා වෙන්න තිබුනා ...ඒක අප්පච්චිගෙ කරුමෙ....

සුදු මහත්තයා හිනා වෙන්න....

මං කෑම මේසෙ ගාව හිටන් කල්පනා කරනකොට එයා මට හිනා වෙන්න කිව්වා වගේම මට හරි හමන් විදිහට හිනාවෙන්නවත් ඉඩක් නොතියම මගෙ ඵොටො එකක් ගත්තා ....එකක්...මොන එකක්...තුන හතරක්ම..එයා මට එහෙ බලන්නලු මෙහෙ බලන්නලු....හොදට හිනාවෙන්නලු...මට ඵොටෝ වලට හිනාවෙන්න බෑ....විරිත්තන් ඉන්නවා වගෙ...

ඒ ටිකකිම්ම එයා ඵෝන් එක එබුවා...මං දන්නවා....තව චුට්ට වෙලාවකින් එයාගෙ වෝල් එකේ මම ඉදීවි....

"SmIlE Is ThE bEsT MAKEUP "

මං හිනා උනා...කැප්ශන් එක අනුව මෙතන කියන්නෙ හිනහව ගැන උනත් මං ඉන්නෙ ගල් ගිලලා වගෙ....

ඒක හරියන් නෑ.....ඒක කැතයි .

නෑ ..නෑ...ඔය හොදයි....නැට්ටිච්චියො කුලප්පුවෙයි ..

ඊරිසියාව උඹගෙ...

නැතුව

මං හිනා උනා...ඇත්තටම විතේන් කියන්නෙම රයිගම් විනාකිරි සමාගම වගෙ...ඒ තරමට ඊරිසියාව.....

නිතේ...ස්.....

කෑම මේසෙ ඔක්කොම ලෑස්ති කරලා අපි දෙන්න බලන් උන්නා...පහල ගෙදර දරු පවුල එනකොට දෙකත් පහුවෙලා තියෙද්දි තාත්තගෙ කරෙ බලු දුවගෙ බඩු මූට්ටු එක්ක බෙල්ල කඩාගන නින්දගිහින් උන්න බැලි කික්කි ඉන්නකොට ඒකිගෙ චූටි බඩ බෝලයක් වෙලා තිබ්බා වගේම නින්දෙන් බිරුවා ....

අපි හැමෝගෙම අම්මා පස්සත් දික් කරන් අන දිදී යනකොට ශෙනෝන් උන්ගෙ එකම දුවව සෝෆාවෙන් හරි පරිස්සමින් තිබ්බා මොකද එහෙම නැති උනොත් මෙතන අනිවාර්යයෙන්ම මලගෙයක් වෙනවමයි.....

බෙදා ගන්න ශෙනෝන්....

ඩියෝන් බබා බත් චුට්ටක් බෙදන්නකො....

මගෙ විතේන් ශෙනෝන් දිහාවට හැන්දක් දෙනකොට ශෙනෝනයා හැන්ද බොටමට දුන්නා ....ඒ වගේම මාත් මගෙ බොටමා දිහා බැලුවා...අපි හරි ලැජ්ජ බයට හැදුන කීකරු මිනිස්සු.....

මන් කවන්නම් ඔයාට ..

එයා මටත් එක්ක බෙදාගන්නකොට සෝයා එකෙ තිබුන අලකෑල්ලක් අත දාලා ගන්න ගියපු මට එයා නොසෑහෙන්න රවනකොට මං.මීයා වගෙ පුටුවෙන් ඉදගත්තා ...ඒ උනාට ඒ අල කෑල්ල අනිත් ඔක්කොටම වඩා රස පාටයි අප්පා...

ආ ගාන්න ඉතින්....බොරුවට රගපානවා උඹ....

මං හිතන්නෙ එයා මගෙ පුක් මූන දැක්කා...

සෙනෝන් ආ....මේ ඇතිනෙ....

අනෙ බබා ගොඩක්නෙ...

අනෙ නිකන් ඉදපන් සෙනෝන් ගෙදර ඉද්දි මේ වගෙ දෙකක් කනවනෙ..

මං අද ඉදන් ඩයට්.....බඩ වැඩී අප්පා..

ආ..ඔව් ඈ සෙනෝන්....ඔයාගෙ බඩ වැඩී තමයි ඒයි ..බඩ වදිනවා ඔක්කොටම කලින්...තව ටික දවසක් ගියොත් බඩ හින්දා ඇට දෙක පේන් නැතිවෙයි...

යකො ඩියෝනයා.....

ඇත්තනෙ ඒයි.....ඊයෙ රෑත් මග දුරක් යනකොට බඩ වැදුනා...මගෙ බඩ රිදෙන්නෙ ඒකය්...

අනෙ නිකන් ඉදු....මං එක පාරක් උඩට ඉස්සිලා දෙවනි පාර පහලට එද්දි මූ නිදි ඇහැරවලා කරන්න ඕනෙ....මගුල....

ආ ඇහැරවලා කරන්න ඕනෙ කියන්නෙ මට සැලෝන් එකෙ වැඩයි ලමයගෙ වැඩයි ගෙදර වැඩයි මේ ළමයි දෙන්නගෙ වැඩයි කරලා ඉවර වෙනකොට කොච්චර මහන්සිත...අනෙ සෙනෝන් මේහ්....ඔව්වට එන්න එපා හරිතෙ...රෑට නිදියෑවට පාන්දරට ඔයා කූරූ ගානකොට මං නැකිටින් නෑත....තොට නගින්න එපා සෙනෝන් මට කියන කුනු කතා වලට.....අනේ නිතේස් ...බැනපිය මෙන්න මූට...

මගෙ අම්මෙ ඩියෝනයෝ....

මට තව ටිකෙන් කවපු බත් ගුලියත් පිට උගුරෙ යනවා .... මේ යක්ස කොල්ලා කියවන්න ගත්තම අපේ රෙදි ගැලවෙනවා....අරූගෙ බඩ චුට්ටක් නම් ඇවිත් තමයි...ඒ උනත් දෙයියනෙ නගින්න එපා කියන්නෙ...ඇගත් එක්ක හිරි වැටුනා....නගින් නැති උනොත් සෙව්වන්දි මෑනියො ලව්වා තමා නග්ගන්න වෙන්නෙ...පොල්ගෙඩියක් තරම් වත් බර නෑනෙ ඉතින්...

නිතේශ් ..

ආ..ආ...ඇයි...

මොන ලෝකෙද ඉන්නෙ මං බත් කට දික් කරන් ඉන්නවා ඇට පිටින් ගංජා ගහලා වගෙ තනියෙන් හිනා වෙන්නෙ....

සෙව්වන්දි මෑනියන්ගෙ මුඩ්ඩ මතක් උනා....කෑ ගහන්න එපා ඉතින් ඕකට ....

ශෙනෝනයට නගින්න එපා කියනකොට මට සෙව්වන්දිව මතක් උනා වගේම තනියම හිනා ගියා...ශෙනෝනයයා බැනුම් අහනකොට හිනා උන ඒවට ආනිසංස මටත් ඒ මොහොතෙම පල දෙනකොට මම වගේම ශෙනෝන් චතුරාර්‍ය සත්‍යාවබෝධ කරන් එවෙලෙම රහත් උනා....

මුන් දෙන්නගෙ වැඩේම අඩත්තේට්ටම් කරනවා මගුල....

කෝ ආගාන්නකො....ආ ගාපන්කො නිතේශ් බත් එක ඔලුවෙ ගහන්න කලින්....

බනින්න එපා අප්පා කනකොට ...

සෙනෝන්....ඉතුරු ටිකත් කනවා...කොහෙද යන්නෙ....

මේ ඇති බබා...

සෙනොඉන් මේහ්.....මගෙ කට අවුස්සන්න එපා...බලන්නකො විතේන් අයියෙ මෙතන උයලා දෙන එකවත් කන්න බෑනෙ මුන්ට . 

අනේද කියන්නෙ නිතේශ් ආ ගාපියකො.....

මං හිතන්නෙ අපි දෙන්නට උගුරෙන් පහලට ගියපු එක බත් ඇටයක් වත් දිරවන්නෙ නැතිවෙන්න ඇති...ඒ තරම් දුකක් මුන් දෙන්නා අපිට දෙන්නෙ..මං නම් කාටත් කියන්නෙ.....තනිකවම ඉදපල්ලා.....

මම එයා ගිල්ලපු බත් කට දකුනු හක්කෙන් දෙපාරක් හපලා ..අනිත් හක්ක තරහවෙන හින්දා එයගෙ පැත්තෙනුත් දෙපාරක් හපලා ගිලින ගමන් එෆ් බී එක පැත්තෙ ගියා වගේම ශෙනෝනයා ගෲප් රික්වෙස්ට් එකක් එවලා තිබ්බා.....

"එක්සත් බොටම් විරෝදි සංගමය..."

මං හිමීටම ඔලුව උස්සල බලනකොට ඒකා මට ඇක්සෙප්ට් කරන්න කියලා හිමින් ඇහැක් ගහනකොට මම ඒක ඇක්සෙප්ට් කෙරුවා .....

සීවරන් දෙයියනෙ....ඒකියන්නෙ බොටමලගෙන් බැනුම් අහන්නෙ අපි දෙන්නා විතරක් නෙවෙ....මේකෙ සෑහෙන්න දුක් විදින අසරන ටොපාලා ඉන්නවා .....මුන් මහ යක්කු...යක්ස පැටව් ...පව් අප්පා ....අනුන්ගෙ දුක් පෝස්ට් වලට අඩන ඉමෝජිය දදා උන්න මම විතෙනයා දිහා බැලුවා වගේම ඌත් හිනාවේගන මා දිහා බැලුවා....හැබැයි අපි දෙන්නගෙ අහිංසක සතුට තිබ්බෙ තත්පර ගානයි....

විතේන් අයියෙ...මේ...අපේ නිතේසයයි සෙනෝනයයි අපිට විරුද්ද වෙන සංගමේකට ගිහිල්ලා...

සුදු මහත්තයා..... තොට...ම....ම.....

සෙනෝන්.....පරට්ටයා.....උඹට.....

ශකබුම්!!!!

සුදු මහත්තයා ....

ම්ම්ම්...

ලැජ්ජාව ගමෙන් එකයි.....මං වගේම අරූ ආයමත් ගෘහස්ත හිංසනේට ලක් උනා ...ගෲප් එකෙන් ලීව් වෙනකම්ම එයා මාව මරන්න හැදුවා වගේම මගෙ අත පුරාවටම එයාගෙ දත් ඇන්දෙ පාරවල් හිටලා තිබුනා....

දවල්ට කෑවෙ දෙකහාමාරත් පහු වෙලා වෙනකොට එතනින් පස්සෙ මං මගෙ බඩු ටික ලැහැස්ති කරගන්නකොට එයා අපි දෙන්නගෙම ඇදුම් එකට දාලා වැහුවා ...

නින්දෙන් ඇහැරුන පලුගු මැනිකෙ එහා මෙහා දුවලා එයාගෙ කිරි සුවද ඉතිරි කරලා යන්න ගිහින් තියනකොට දම්පාට අහස අන්දකාර වෙලා හදත් පායලා තිබුනා වගේම මම අදත් පුරුදු විදිහටම එයාව තුරුල් කරගන්නවා වෙනුවට එයාට තුරුල් වෙලා උන්නා...ආදරේ පිරෙන්න තියනවා නම් කවුරු තුරුල් කරගත්තම මොකො....

උඩ කය නිරුවත්ව උන්න මගෙ පිට පුරාවටම හිමින් පිරිමදිනකොට මම එයාගෙ පිරුන පපුව මැදින් මූන තියන් උන්න වගේම මගෙ එක අතක් පපුව උඩ නැවතිලා තිබුනා ..එයා මට කතා කරනවා වගේම මම ඒ මූන දිහා බැලුවා

මට් සමා වෙන්න....මගෙ මැනික.....

එයාගෙ මූන දුකෙන් පිරිලා තිබුනා...මං හිමීන් සැරෙ උඩට ආවා....

ඒක එතනින් ඉවරයි පන....

මං දැනන් උන්නෙ නෑ ඔයා බයයි කියලා....මං...ඔයාගෙ...අම්මා..වගෙ...

නපුරු ..නෑ සුදු මහත්තයා

මං දන්නවා.....විතේන් ....මං ඒක දන්නවා....විතේන් ...මං....වේවැල් වලට බයයි.....හැදි මිටට බයයි.....වේවැලක් කැඩෙනකන් ගුටි කෑවම....පුපුරු ගාන පස්සට හැමදාම තෙල් ගෑවෙ මගෙ අප්පච්චි මං....ඒ අතීතෙට බයයි....විතේන් ...මං ඔයාට කෑගැහුවා....විතෙන්...මං මගෙ අප්පච්චි වගෙේ.....ඉවසනවා.....ඒත්....ඉවසන්න බැරිම තැන යන කේන්තිය ....මං හිතන් නෑ....සක්කරයට වත් නවත්තන්න පුලුවන් කියලා.....

මම එයාගෙ දිහා බලන් උන්න වගේම එයා ආයම මගෙන් සමාව ඉල්ලුවා....

මට සමාවෙන්න....

ඒක එතනින් ඉවරයි....අපි ඒ ගැන කතා නොකර ඉමු...

නිතේශ් ...මට...ඊරිසියයි....මට....තරහයි....මට අවිශ්වාස නෑ....ඒඑඋනත්....ඒ උනත්...

ඒ උනත් ඔයා බයයිද මම ඔයාව අතෑරලා කෙල්ලෙක් එක්ක යයි කියලා ...

මගෙ බය සාදාරන නැද්ද තේශි.....

සාදාරනයි....හැබැයි.....තව දුරටත් ඒක සාදාරන වෙන්නෙ නෑ විතේන් .....මම උඹට හදවතිම්ම බැදිලා ඉවරයි....කවදාවත් ගලවන්න බැරි විදිහට.....උඹට දැන් පටන් තරහා යන එක අසාදාරනයි...මගෙ තුන් හිතකවත් වෙන කෙනෙක් ගැන හිතන්න ඉඩක් නෑ විතේන් .....මම කාවවත් රවට්ටන් නෑ විතේන් ....එකක් තියාගන ....තව මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්නෙ නෑ....මට ඉන්නෙ උඹ විතරයි...ඒක අදත්...හෙටත්...හැමදාටමත්.....

මම එයාගෙ කම්මුල් අතගෑවා වගේම නලලට හාදුවක් තිබ්බා.....රැ අහසෙ ලස්සනට හදපායලා තිබුනා වගෙම හදේ උන්න හා පැටියව පවා පෙනුනා.....එයා සැපට නිදි...

මං ආදරෙයි මගෙ විතේන් ....

මාත් ආදරෙයි තේශි.....බනින්නෙ ආදරේට ....

මං දන්නවා.....

මම ආයමත් චුට්ටක් පහලට රූටනකොට වෙනදැ වගේම එයා මාව අත් දෙකෙම්ම තුරුල්කර ගත්තා ...මගින් ඇහැරෙන් නැතිවම නින්ද යන එකම තැන මගෙ විතේන්ගෙ පපුව වෙනකොට මම එයාගෙ සුවදත් එක්ක ඇස් පියා ගත්තා .....අතට තද වෙන තනපුඩුවක් ඇහැරන් ඉන්නකොට එකම දවසෙ දෙපාරක් රිදවන්න බැරිහින්දම මම එයින් එහා මොකුත් නොකර ඇගට උලපු ක්‍රීම් වල තිත්ත ගතිය ලාවට එන තනපුඩුවක් හිමින් උරවන ගමන් ඇස් පියා ගත්තා

තේශී...

ම්ම්ම්ම්ම්ම්.....

අර දෙන්නට කාර් එකේ යන්න කියලා ....අපිදෙන්නා ට්‍රේන් එකේ යමු....

ඔයා ආසද.....

ඔව්....අනේ...අපි යමු.....

ආසනම්...යමු....!!!

ගුම් මෝනිම්.....අයියූහ්

ආයම කොටසකින් එන්නාම්....

මේ ළමයා බුජි....ඔයාලත් බුජියන්න...

කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්

මම

.ferdeesha ❤️💚😘

More Chapters