Cherreads

Chapter 15 - 15

නපුරු ගැරඬි හිත දැන් නම් ආදරේ හින්දා මතින් මත් වෙලා . මුළු රෑ පුරාවටම ඒ හිත ඉල්ලන්නෙම සත්සිඳුගේ ආදරේ විතරමයි . ඇස් කොණක පුංචියට කඳුළු බිංදුවක් උනා ගෙන එද්දි ඩිනෝ එහෙම්මම ඒ කඳුළු බිංදුව හංග ගත්තා . කොහොමින් කොහොම හරි හිතේ තිබුණ ආදරේ ප්‍රකාශ කරගන්න පුළුවන් වෙච්චි එක ගැන ඩිනෝට මාරම සතුටුයි. ඒත් ඉතින් සත්සිඳු උත්තරයක් නොදීපු එක ගැන හීනි දුකකුත් පපුවේ පැත්තක නලියනවා.

' පුංචි කොල්ලෝ, මගේ ආදරේ දැනෙන්නේ නැද්ද බං? ජීවිතේ පළවෙනි වතාවට මට මෙහෙම දෙයක් දැනුනමයි සත්සිඳු . ඒ උඹ හින්දා. කවදාවත්ම නොදැනුනු අමුතුම හැඟීමක් නිසා මගේ හිත පිරිලා. ආදරේ කියන්නෙ මොකක්ද කියලා හරි හැටි තේරුමක් නොතිබුණ මට ආදරේ කියන දේ කියා දුන්නේ ඔයා. ඒ ආදරේ ඔයා නිසයි මට දැනුනේ. මං කොහොමද බං උඹව අත් අරින්නේ? දැන් උඹ මගේ ලෝකෙම. කවදාවත්ම නොදැනුනු මේ හැඟීම... දන්නවද , උඹව මතක් වෙද්දී මගේ පපුවෙ එක කොණක ඉඳන් පිච්චීගෙන එනවා වගේ බං... මට හරි සීතලයි. මට උඹව ඕනි මගෙ රත්තරන් . මේ පපුවට උඹව තුරුළු කරන් මට මේ සීතලේ නිදාගන්න ඕනි...'

ඩිනෝ මිගාන් කියන නපුරු ගැරඬියා එහෙම්මම නිදාගන්න වුණා . ඇඳ මතුපිටට වුණත් කිසිම උණුහුමක් නැති ගානයි. වැස්ස එන්න එන්නම සැර වෙනවා. සීතල වැඩිකමට රළු පිරිමි පපුව ඉල්ලන්නෙම උණුහුමක් . ඒ අස්සේ කොල්ලට මැවි මැවී පේන්නෙම සත්සිඳුගේ අහිංසක පාට හිනාව. පපුවට සීත්ල හරි බරයි. දරාගන්න බැරි සීතල හින්දා ටිකෙන් ටික ඩිනෝගේ හිතේ හැඟීම් ඇවිස්සෙනවා. දකුණු අතේ ඇඟිලි sleeprobe එකට යටින් යවලා ඩිනෝ පපුව අත ගාන්න වුණා . ලා කහ පාටට හුරු රළු පපුව පුරාවටම දුවන් ඇඟිලි තුඩු නතර වෙන්නේ කළු පාට නිපල් ගාව. සිහින් කෙඳිරිල්ලක් එක්ක කොල්ලා පපුව පුරාවටම ඇඟිලි තුඩු අරන් යනවා. වැස්සේ සීතල ඒ හැඟීම් වැලට ආශිර්වාදයක් ගානයි. රහසඟින් දැනුනු සියුම් චලනය එන්න එන්නම වැඩි වුණේ කොල්ලව හැඟීම් අනන්තයේ අතරමං කරන ගමන්.

නපුරු ගැරඬියාට මේවා නුහුරු නුපුරුදු දේවල් නෙවෙයිනේ . ක්ලෙයාරා තොම්සන් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යන ගමන්ම තවත් කෙල්ලොත් එක්ක රූම් අස්සෙ රිංගන වලත්තයෙක් ගානට ඩිනෝ ගැන තියෙන තුච්ච නින්දිත හැඟීම නම් සත්සිඳුට හිතෙන් අහකට දාන්න කොහොමටවත් බෑ.

' කොල්ලෝ, උඹ මගේ ළඟ හිටිය නම් මේ රෑ තමයි උඹව මගේ කරගන්න රෑ... මේ රෑ තරම් ලස්සන රැයක් තවත් නෑ මගෙ රත්තරන් . උඹ මගේ වෙන රෑ... ඒ රෑ හරි ලස්සන වෙයි රත්තරන් . කාඩයෙක් වගේ මිනී මරාගෙන , ක්ලබ් අස්සෙ රිංග රිංග , ගෑණු එක්ක බුදියගත්ත කියලා මට උඹව අතාරින්න බෑ. මොකද උඹයි මගෙ ආදරේ ... කවදාවත්ම උඹ මගේ වුණාට පස්සේ නම් ඒ වලත්ත වැඩවලට මං යන්නෑ... '

කොල්ලගේ හිත අවංකයි. හිත හරිම අකීකරු ගානට ඉල්ලන්නෙම සත්සිඳු විතරමයි . පපුව හීනී වේදනාවක් එක්ක පිච්චෙන තරම් .

බෝඩිම් කාමරේ ඇඳ උඩට වෙලා අහස පොළව ගැටගහන්න තරම් ලොකු කල්පනාවක් එක්ක සත්සිඳු ඉන්නේ සිවිලිම දිහා බලාගෙන . වැස්ස හරි සැරයි. කොල්ලා ඇඳෙන් නැඟිටලා ජනේලය ගාවට ගිහින් පියන් විවර කරලා බැලුවේ එළිය දිහා. යාන්තමට වැටුණ එළියක් මිදුලේ ඕකිඩ් ගස්වල තැවරිලා. ජනේල් පියන් විවර කරපු සැණින් හීනි හිරිකඩක් කාමරේට ආවේ කොල්ලව යාන්තමට තෙත් කරගෙන . මේ සොබා දහම කොල්ලට නුහුරු නුපුරුදු නෑ. ඒ කොල්ලගේ යාළුවෝ වගේ. හඳ එළිය, හුළඟ, වැස්ස, ඉර එළිය, තරු කැට, වලාකුළු , ගස් වැල්, මල්, කුරුල්ලෝ එක්ක කෙරෙන කතාබහ ඉවරයක් නැති ගානයි. අදත් කොල්ලව බලන්න වැහි යාළුවා ඇවිත්.

" වැස්ස, මට කියන්න ඉතින් . මං මොකක්ද කරන්නේ? එයාට මොකක්ද මං කියන්න ඕනි. කැමතියි කියලද , නැත්නම් අකමැතියි කියලද? මට තේරෙන්නෑ මොකුත්ම . දන්නවද, මේ හිරිපොද මගේ ඇඟේ වදින සැරයක් ගානේ මට ඕනි ඒ සනීපෙ විඳගන්න. ඔයාට ඉස්සර මතකද? ඔයා මාව බලන්න එන වෙලාවට මං තනියම වැල්ලට වෙලා ඔයත් එක්ක තෙමි තෙමී සෙල්ලම් කරපු හැටි. කිරි අම්මා ඉලපතකුත් අරන් මගෙ පස්සෙන් පන්නනවා තෙමෙන්න එපා කියලා . ඔයාට මතකද?

ඔයාලා සැරින් සැරේට ඇවිල්ලා මෙහෙම මාව බලලා යද්දි මට පාළුවක් දැනෙන්නෙ නෑ. ඒත් ඔයාල නැති වෙලාවට මට හරි පාළුයි. කිරි අම්මගේ චීත්ත රෙද්දක් ඔළුවේ ඉඳන් පොරවගෙන මං ඔයා එන වෙලාවට වැල්ලෙ දුවද්දී ඔක්කොම ගෙවල්වලට ගිහින් හැංගෙනවා ඔයාට බයේ. ඒත් මං ඔයාට බය නෑ. එදත්, අදත් , හෙටත් ඔයත් එක්ක ඕනිම වෙලාවක සෙල්ලම් කරන්න මට පුළුවන් .

මේ අහස යට ඔයාල නැති වෙලාවට මට දැනෙන පාළුව මෙච්චරයි කියලා කියන්න තේරෙන්නෙ නෑ. මට ඕනි ඒ පාළුව නැති කරගන්න . ගොඩ කාලෙකින් අම්මයි, නංගියි බලන්න යන්නත් බැරි වුණා . කෝල් කරන්නවත් බැරි වුණා . කිරි අම්මා මොනා කරනවා ඇද්ද නේද ? ඔයා නම් හැම තිස්සෙම වගේ ඒ පැත්තෙ යනවනේ. මේ පාළුව නැති කරගන්න මට ලස්සන හිතක් හොයලා දෙන්න පුළුවන්ද ? ම්... ගොඩාක් ලස්සන හිතක්...

අහන්නකෝ ඉතින් . මට දෙයක් කියනවද, නපුරු ගැරඬියගේ හිත ලස්සනයිද කියන්න . ඒ හිත ඇත්තෙන්ම මට ආදරේ කරනවද, කවදාවත්ම වෙනස් වෙන එකක් නෑ නේද ? මට බයයි යාළු. ඒ මනුස්සයා හරි නපුරු පාටයි. හරිම දරුණුයි. ඔයයි මායි දෙන්නත් එක වගේ වුණාට ඔයා අකුණුත් එක්ක එද්දි මං බයයි කියලා ඔයා දන්නවන්නේ. ඉතින් එයත් එහෙමයි. හරියට අකුණු වගේ. ඉතින් මට බය හිතෙනවනේ...

ඇත්තෙන්ම යාළු, නපුරු ගැරඬියා දැන් මොනා කරනව ඇත්ද? ඔයා ඒ පැත්තෙත් යනවා නේද ? දැන් එයා නිදි ඇති. එක්කෝ ක්ලබ් එකේද දන්නෙත් නෑ. අනේ එයා ක්ලබ් එකේනම් අර සක්කරවට්ටම් ටිකත් එක්ක ඇත්තේ. එතකොට එදා වගේම ගැරඬි දෙනක් එක්ක වෙලෙන්න ගිහින්ද දන්නෑ. අනේ මූසලයා... ඕකට හෙණම ගහපන්... "

ඒත් එක්කම ඈත අහසේ අකුණක් වැදෙද්දී කොල්ලා ඇස් දෙක පියාගත්තේ තිගැස්සිලා ගිහින්.

" හත්වලාමේ... ඒ මොකක්ද ඒ වුණේ ? ඒ හෙණ ගැහුවේ අරූටද? තූ තූ මගෙ කට... කට වහ පිරිච්ච හම්පඩ කට... ඒ සිරාවටම ඌට හෙණ ගැහුවාවත්ද? නෑ නෑ නෑ... එහෙම වෙන්න බෑ නේද ? යාළු, ගිහින් බලාගෙන එන්නකෝ. එයා කොහෙද කියලා... "

කොල්ලා තනියම මුමුණනවා. දැන් නම් මානසික රෝගයක් ගානට උත්සන්න වෙලා ඉවරයි. ප්‍රතික්ෂේප කරලා ආවට මොකද කොල්ලගේ හිතත් නපුරු ගැරඬියාව ඉල්ලනවා. ඒත් ඉතින් මොනා කරන්න කියලද?

මුරණ්ඩු හැඟීම් නිසා අවනත නැති රහසඟ හරිම දඟකාරයි. ඩිනෝ මිගාන් එහෙම්මම ඇස් ඇරලා සිවිලිම දිහා බලාගෙන මොකක්දෝ කල්පනාවක. සත්සිඳුගේ මූණේ සුන්දර හිනාවක් මවාගෙන තමන්ගේ සයනයේම එහා කෙළවරේ ඉන්න හැටි කොල්ලට මායාවක් වගේ මැවිලා පේනවා. ඇස් පියාගෙන කොල්ලා ටිකෙන් ටික අහිංසකයව මනසින් නිරුවත් කරනවා. ඒත් එක්කම ඒ මූණේ මැවෙන දඟකාර හිනාව, පුංචි ඇස් , ලැජ්ජාවෙන් රතු වෙන කම්මුල් එක්ක යාන්තමට පපුවේ වැවුණු රෝම අතර රළු අතක් එහෙ මෙහෙ වෙන හැටි හීනයක් වගේ මිගාන්ට මැවිලා පෙණුනා. මිගාන්ගේ හිතේ මැවෙන ඒ ලස්සන හීනයේ සත්සිඳු හිටියේ පුංචි දිව්‍ය කුමාරයෙක් වගේ. ඒ තොල්වල පැටළිලා රස වින්ද ඒ මොහොත මිගාන්ගේ ජීවිතේ තවමත් අමතක කරන්න බැරි මොහොතක්. මිගාන් එහෙම්මම ඇස් පියාගෙනම ඒ දෙතොල්වල රසය මතක් කරන්න වුණා . එච්චර වෙලාවක් නොගිහින්ම මිගාන්ට ඒ දෙතොල් පහසේ රසය මතකයට නඟා ගන්න පුළුවන් වුණා . නපුරු ගැරඬියා සිතින් නිරුවත් වුණු පුංචි කොල්ලගේ සිරුර පුරාවටම දුවන මිගාන්ගේ රළු දෙතොල ආයෙමත් ඒ හීනය ඇතුළෙදි සියුමැලි දෙතොල් එක්ක පැටළුනා. අයිති කරගන්න බැරිව ඒ හීනයෙන් මිදිලා මිගාන් ඇස් ඇරලා බැලුවේ සිවිලිම දිහා. වැස්ස තවමත් නැවතිල්ලක් නෑ. සුළඟ කවියක් වගේම එළියෙන් ඇහෙනවා. අකුණු හඬ වුණත් ඇහෙන්නේ තාලයකට වැයෙන සංගීත භාණ්ඩයක් වගේ.

රෑ දෙගොඩ හරියෙදිම වුණත් මිගාන්ගේ පෝන් එක ring වෙන්න ගත්තේ සුපුරුදු හඬ නංවමින්. මිගාන් එහෙම්මම බැලුවේ ඇඳේ පැත්තකින් තිබුණ පෝන් එක දිහා. සුපුරුදු කරදරකාරී. ක්ලෙයාරා තොම්සන් . පෝන් එක අතට ගත්තු කොල්ලා එහෙම්මම පෝන් එක කට් කළා. කොල්ලා ආයෙමත් සිවිලිම දිහා බලාගෙන කල්පනා කරන්න වුණා . ආයෙමත් ක්ලෙයාරා තොම්සන්ගෙන් ඇමතුමක් . Answer කරන තුරු ගෑණි වද දෙන බව කොල්ලා දන්නවා. ඒ හින්දම කොල්ලා phone එක answer කළා.

" හෙලෝ... "

" හෙලෝ my handsome... "

" ඇයි? "

" පාළු හිතුණා ඉතින්... "

" ඒ මොකෝ? "

" I wish I could have had sex with you on a cold rainy night like this... "

ක්ලෙයාරා මුමුණන්නේ රහසින් වගේ.

" ක්ලෙයාරා , ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නේ ? "

මිගාන් ඇහුවේ කේන්තියෙන් වගේ.

" ඇයි ඩිනෝ...? "

" ඇයි අහන්නේ? "

" මං වැරදි දෙයක් කිව්වද? "

" oh no... But I don't want to have sex with you now... "

" ඩිනෝ..... "

එහෙම්මම මිගාන් කෝල් එක කට් කරලා පෝන් එකත් off කරලා දැම්මා. ක්ලෙයාරා night dress එකක් ඇඳගෙන බැල්කනි එකට වෙලා බියර් වීදුරුවක් අතේ තියාගෙන හිටියේ. ඩිනෝ පෝන් එක කට් කරලා අනිත් පැත්ත හැරිලා නිදාගන්න වුණා . බියර් වීදුරුව නිසා හොඳ පදමට මත් වෙලා හිටපු ක්ලෙයාරා ආසා කළේම මිගාන්ගේ පහස ලබන්න . දවස් කිහිපයකට ඉස්සර නුවරඑළියේ බංගලාවෙදි ඩිනෝගේ පහස ලබපු හැටි ක්ලෙයාරාට මතක් වුණේ බියර් වීදුරුවෙන් ලැබුණු මත් ගතියත් එක්කමයි.

වයින් මතින් මත් වෙලා හිටපු ඩිනෝ මිගාන් සමරදිවාකර තමන්ගේ තොල් එක්ක පැටළිලා රස බලපු හැටි. ගෙල පුරාවටම දත්වලින් මවපු පුංචි පුංචි සිතුවම්. සුදෝ සුදු සයනය මත ජීවිතේ කී වෙනි වතාවටදෝ මන්දා තමන්ව අයිති කරගත්තු හැටි. ඩිනෝ කියන්නෙම සරාගිකත්වයේ රස ගඟුල් පුරා කිමිදෙමින් තමන්ව අයිති කර ගත්තු පිරිමියෙක් . ඒ සීතල රෑ ක්ලෙයාරා තොම්සන් වුණත් පැතුවෙම ඩිනෝ මිගාන් ගේ පහස . ඒ තරම් ජීවිතේ රසවත් පහසක් දුන් පිරිමියෙක් කවදාවත්ම ක්ලෙයාරාට මුණ ගැහිලා තිබුණේ නෑ. අඩු තරමින් ඇගේම සැමියාවත්. කාලෙකට ඉස්සර සම්බන්ධයක් ගොඩ නගා ගෙන හිටපු

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වුණු රාජ් දිලීප් වත් එච්චර රසවත් පහසක් ක්ලෙයාරාට ලබා දුන්නේ නෑ. ඉතින් ඒ රසකාමී සරාගිකයාගේ උණුහුම විතරක්ම ක්ලෙයාරගේ ලැම මඩල ප්‍රාර්ථනා කළා.

සීතෝන්මාදයෙන් බර වෙච්චි රැයක් හරි අපූරුවට ගෙවිලා ගියා. හිත්වල ඇවිලුණු හැඟීම් හරිම සුන්දරයි . ඒත් ඒ හැඟීම් එක්ක ඔච්චම් කරන්න කාටවත් පුළුවන්කමක් තිබුණේ නෑ.

ලා පාටට ඉර එළිය ඕකිඩ් පඳුරුවලට වැටිලා තිබුණා . උජාරුවට ලෑස්ති වෙලා සත්සිඳු බෝඩිම් කාමරෙන් එළියට බැහැලා ශ්‍රී සුමංගල පාර දිගේ ඉස්සරහට ආවා. බස් එකකට ගොඩ වුණ කොල්ලා අයිනක් අල්ලගන්න හැදුවට මොකද ඒ වෙලාවෙ බස් එකේ සූ ගාලා සෙනඟ. ඉතින් බෑග් එකත් එල්ලගෙන , අතේ තිබුණ ෆයිල් ටික වාඩි වෙලා හිටපු කෙනෙක්ගේ උකුලට දාලා කොල්ලා යනවා. යනවා කිව්වට යනවට යනවා. බස් එකේ යන මිනිස්සුන්ගෙ perfume වල සුවඳවල් ටික එකතු වෙලා කොල්ලගේ නහය ආක්‍රමණය කරන ගමන්. කොල්ලගේ ඔළුවත් කැරකෙන්න වගේ. බොහොම අමාරුවෙන් බස් එකේ එල්ලිලා ඇවිත් තුම්මුල්ලෙන් බැහැලා කොල්ලා ඉස්සරහට ඇදෙන්න වුණා .

සුපුරුදු නුග ගහ පහු කරද්දිම සුපුරුදු හිනාවෙන් මුව සරසගෙන සුපුරුදු ගැරඬියා ඉස්සරහට ඇදෙනවා. කොල්ලට ඊයෙ වෙච්චි දේවල් අමතක කරන්න බෑ. ආයෙමත් ලැජ්ජ නහරක් තියාගෙන නපුරු ගැරඬියට මුහුණ දෙන්න පුළුවන්කමක් කොල්ලට තිබුණේ නෑ. ඒත් අනේ මන්දා. එයානම් හිනා වී ගෙනම ඉස්සරහට එනවා. ඒත් කලින් දවසේ තොල්වල පැටළුනු හිතුවක්කාර ගැරඬියා ඉස්සරහ දෙපයින් හිටගෙන ඉන්න තරම් කොල්ලට පුළුවන්කමක් නෑ.

සුදු පාට බැගී ටී ෂර්ට් එක, කළු පාට ජිම් ශෝර්ට් එක එක්ක pillow slippers දෙකත් දාගෙන ගැරඬියා ඇවිත් තියෙන්නේ බඩ ගාගෙන නම් නෙවෙයි. Kawazaki එකක. කොල්ලට බයික් එක දැක්කම පොඩි ආසාවකුත් ආවා. ඒත් ඉතින් මේ මොහොත ආසාවන් වෙනුවෙන් ඉඩ දෙන්න පුළුවන් මොහොතක් නෙවෙයි.

' පණ බේරන් දුවපන් පොඩි එකෝ..... '

සත්සිඳුගේ හිත සත්සිඳුටම අවවාද දෙද්දී දැක දැකත් නොදැක්ක ගාණට රැජින පාරට ක්ෂණයකින් මාරු වෙච්චි කොල්ල දිහා ගැරඬියා බලන් හිටියේ දුකෙන් වගේ. ඇත්තෙන්ම ජීවිතේ කවදාවත්ම නොදැනුනු දුකකින් ගැරඬි හිත පිරිලා ගියා. මඟ ඇරලා ආවට මොකද අහිංසකයගේ හිතටත් වාවන්නේ නෑ. හදවත හොඳටෝම රිද්දගෙන නපුරු ගැරඬි රාළ kawazaki බයික් එකට නැඟලා තුම්මුල්ල පැත්තෙන් ඉගිල්ලිලා ගියේ හිතේ පුංචි කේන්තියකුත් තියා ගෙනමයි.

මීළඟ කොටසට ...

More Chapters