ඉන්ධර් මට කාමරේට යන්න කිව්වා...ඒත්..මම නෙවෙ කාමරේට ගියේ ඇරත්....උඩ කාමරේද...පහල මහ එකද කව්ද දන්නෙ.....ඊටත් අර කැතරින් කියන එකී මොකීද...මං ඒකිව දැකලම නෑ....
ඇලිස් අම්මා....
දුවාගන්න ඕනා උනත්....දිවිල්ල අගුන මං දිව්වෙ නැති උනත් ඈත ඈත අඩි තිය තිය ඇලිස් අම්මව හොයන් ගියා....චූටි පොල් බිබික්කමට මොකක් හරි උනෝතින් කොනක ඉදන් බාවනවා කිව්ව මහ බිබික්කමා මගෙ අතින් මොකක් හරි උනොත් මාව මැරෙනකම්ම ඔලුවට පොල් ගහයි...ඒතරන් යකා.....
ඇලිස් අම්මා.....
ඇලිස් අම්මා....
ඇලිස් අම්මා උන්නෙ උයන කුසියෙ....සෝබනේට තියන කන කුසියෙ නෙවෙ....දුමේ දාල මස් මාලු වේලන දැලි දුම වදින කුසියෙ.....බැදුම් සුවදයි....මොනවද මන්දා බදින්නෙ.....කියන්ඩ ආව දේත් අමතක උනා....
ඇලිස් අම්මා...මක්කද බදින්නෙ....
ආ..ආ...අහකට අනෙ...අම්මෙ....පොඩි මැනිකෙ තෙල් පුපුරනවා....මේ වැව් මාලු...
වැව්....මා....ළු....
ම්ම්ම්....අපෙ මැනිකෙ මක්කටද මේ කුසියට ආවෙ...බඩගින්නක් වත් අල්ලද.....බඩගිනි නැතුවද...උදේටත් නෑනෙ.....අපෙ මැනිකෙට කිරි එකක් වත් හදලා දෙන්ඩද....
එපානෙ....
කේලම් කියන්න ආව මං දැන් හොරා වගේ මාලු වට්ටිය වටෙ කැරකෙනවා....හරියටම පුළුටු සුවදට ඉව අල්ලන රතු මැනිකෙ වගේ....
ඇලිස් අම්මෙ.....
ම්ම්ම්ම්...
මේවා අගුනද .....මේ මාලු....මට නෙවෙ..මේ...පැටියා තමා අහන්ඩ කියන්නෙ....
.අපෙ..අප්පෙ....කට්ට කමක තරම...නෑ රත්තරනේ ...ඔව්වා අගුන නෑ....ඉදහල්ලා...තෙල් ඩිංගක් උනානගන්න කන් ඉදලා දෙන්නම්....
මං හිනා උනා....එතනම තිබුන බංකුව උඩ බින්කුන්ඩා වගේ ඉදගත්තු මං ඇලිස් අම්මා මස හොදට තියන බැදපු මාලු කුට්ටියක් පත්තර පිටුවක තියලා තෙල මාත්තු කරලා මගෙ අතට දෙනකොට මං ඉව අල්ලලා කන්න ගත්තා ...
ඉව නොකර කාපල්ලා....අපුලට වගේ කෑවම ඔක්කාර කරාවි...අනේ ඉතින්....මයෙ පපුව හෝස් ගාලා යනවා මයෙ මැනිකෙ...උඹලගෙ මෙ ගතිගුන වලට.....අනේ..මයෙ චූටි මැනිකෙ...ඒකිත් නේ වගේමයි...අනේ එකි ගියත් හරි ...දැක්කෙ නෑ ....
..ඇලිස් අම්මා මගෙ අම්මව මතක් කෙරුවා .අනේ ඇත්තමයි...මාසයක් පහුවෙන්ඩ එනවා...එදා ඉදන් මං අම්මව වත් සුද්දියව වත් දැක්කෙ නෑනෙ...අම්මත් මං වගේමයි කියාපු ඇලිස් අම්මා ඇදන් උන්න චීත්ත පටින් කදුලු පිහනකොට පුලුටු සුවදට පෙරේතකමක් ඇල්ලුවත්.....පලවෙනි කෑල්ලෙන්ම අපුල වීගන ආව මම ඒක අතේ මිටමොලවන් රතු මැනිකෙට හංගගන කියන්ඩ ආව කේලම කියන්ඩ ගත්තා.....
ඇලිස් අම්මෙ.....
ම්ම්..අපෙ මැනිකෙ....
ආන්..ආවා....
කව්ද.....
දොදොලි...න්න්..නෑ....අපෙ වාහෙගෙ අම්මන්ඩි....
දොදොලි...????කව්ද...හාමුගෙ අම්මන්ඩි කියන්නෙ....සුගලා මැනිකෙ.....ඒ මොන එහෙකටද....මෙහෙ ආවෙ...ඔන්න මැනිකෙ...මං නොකීවා කියන්ඩ එපා....යනවා නෙවෙ ඔය මහ ලමාතැනි ඉන්න දිහාවක තනිපංගලමෙ නම්....හිතෙ තියන කුහක කම් වල හැටියට උඹලව තල්ලු කරලා වත් දමාවි....ඒතරන් එකී...මගෙ දෑහැට පේන්ඩ බෑ ඕකව නම්...
මන් හිතන්නෙ...දොදොලිව ඇලිස් අම්මටත් පේන්ඩ බෑ...නැත්තන් මොකටද ඔච්චර තරහකින් කතා කරන්නෙ....ඇති යාන්තන්..අනකරයක් ගියෝතින් මගෙ පැත්තටත් කතා කරන්ඩ කෙනෙක් ඉන්නවා...
නිකන් නෙවෙ ඇලිස් අම්මෙ ආවෙ....තවත් කාවද මන්ද කුනකට්ටියෙක්ව අරගන.....කැතරින්ලු ඒකිගෙ නම.....
මොකී.....කැතරින්.....මොන ගෑනු පරානෙ මෙහෙට දක්කන් ආවත්...ඒකිලාගෙ වැඩ ඒකිලා කරගන්ඩ ඕනා...මං ඉන්නෙ අපෙ මැනිකෙගෙයි....හාමුගෙයි වැඩට මිසක්කා...ඔය පහල රටෙ ඉදන් වැඩම කරාපු හොර මැනිකෙලාගෙ සාත්තුවට නෙවෙ.....
ඒකට නම් මටත් හීක් ගෑවුනා....ඇලිස් අම්මා තාච්චියෙ බැදෙන මාලුවව අනිත් පැත්ත හරවලා හොර මැනිකෙලාගෙ සාත්තුවට නෙවෙ කියනකොට මට නම් හිතුනෙම මම නොදන්න මොකක් හරි අංකරයක් නේ ඇලිස් අම්මයි දොදොලියි අතර තියනවා කියන එක වෙනකොට කල්පනාවෙ ගිලී ගිලී උන්න මං රතු මැනිකෙට කියලා හංගගත්තු මාලු කෑල්ලෙන් තව චූට්ටක් කටේ දාගන හපලා...හපලා ගිල්ලා උනත් මට ඔක්කාරෙට ආවා...
..බ්බ්.....
අනේ මැනිකෙ...උඹලා දිරවන්නත් කලින් දාන්නද ඔය හදන්නෙ...
අනෙ..ඇලි....බ්බ්...බ්බ්...
අන් අතින් කට වහන් එලියට දුවන්න හැදුවා...අරහෙන් මහ එකීලා....මගෙ ඉනදර් කිව්වනෙ උන් දැනගන්ඩ ඕන් නෑය කියලා ..ඒත් මාව අහු වෙනවනෙ.....අහු උනා කියන්නෙ....
බ්බ්....බ්බ්බ්....බ්
අපෙ මැනිකෙ.....
මට දුවාගන්න ඕනා උනා....මහ එකීගෙ ඇස් වලින් මට මගෙ ඔක්කාරෙ හංගගන්ඩ ඕන උනා.....දාපු වමනෙ පවා හංගන්ඩ ඕනා උනා ...හරියටම අදටත් බලල් හාමි කොටි හපුවගෙන් බලල් බෙටි වහන් කරනවා වගේ මට මං අම්මෙක් වෙන්ඩ...ඉන්ධර්ගෙ දරුවා මගෙ ගාව කියන්ඩ තියන සාක්කි හන්ගන්ඩ ඕනා උනා.....
මැනිකෙ ..අනේ හෙමින්...උඹලා වැටෙයි.....
මං අඩියට දෙකට කුසියෙන් එලියට දිව්වා....ලිදත් පහු කරාගන දුවාපු මං කෙලින්ම නැවතුනෙ ලාවුලු ගහ යට වෙනකොට ලෑටි ගගා කාපු මාලු කෑලි දෙක වෙනුවට බඩ ඇතුලෙ තිබුන සන්තකේම එලියට දැම්මා.....
අනේ...ඇලි...ස්...අම්මා...
මං ගහ බදාගත්තා ..නුහුරු නුපුරුදු වේදනාව එක්ක මගෙ ඇස් වලට කදුලු පිරෙනකොට මගෙ පස්සෙන් දුවන් ආව ඇලිස් අනේ මගෙ බඩයි පපුවයි දෙකම අත ගගා අනේ මැනිකේ... දරු පැටියෙක් බඩට ආවම ඔහොමයි.....ඔහොමයි කිය කිය මගෙ ඇස් වල කදුලු පිහිදන්ඩ ගත්තා....
අනේ..ඇලිස් අම්මා...ආය නම්..මට...ඇල් වතුර..උගුරක්..වත්...එපා....
අනේ..මයෙ මැනිකෙ....දරු පැටියෙක් බඩට ආවම තුන්මහක් පනින කන් මෙහෙමයි රත්තරනෙ...බෑ කියලා බෑනෙ.....කෝ...වරෙල්ලාකො..මං අපෙ මැනිකෙට සුදු කිරි එකක් හදන්නම්...
ඇලිස්.....ඇසල.....මක්කද ඔය.....
අනේ මෙ..අපෙ මැනිකෙ ආසාවට බැදුමක රහ බැලුවා....වතුර ඩිංගිත්තක් වත් ආය බොන්ඩ බෑය කියලා කදුලු හලනව ඕන්.....
ඇසල....ඇයි මේ...මක්කද අඩන්නෙ.....
අනේ....ඉන්ධර්.....
ආ...ආ..හරි ..හරි...මයෙ අම්මට අඩන්න කාරනාවක් නෙවෙ ඕක.....ඔව්වා ඔහොම තමයි මයෙ ඇසල...තුන් මහක් ගෙවෙනකන් කන කන එක ආපිට යනවා ... ඒහෙමයි කියලා උඹලා තුන් මහක් නොකා නොබී ඉන්නද.....එහෙම බෑනෙ මයෙ රත්තරනේ...කෝ....ඉතින් ...මේ ...
හිස්බඩමනෙ....උඹලගෙ ඇගට පන නැති වේවි....කෝ....කෝ...නාඩා ඉදින් මයෙ රන්කද උඹලා..... කෝ මේ නැවියන් බලන්ඩ ඔය නහය පිහින්ඩ....ඇස් දෙකෙන් එක කදුලු පොත්තක් හැලුවොත් ඇති නහය බුරුල් වෙනවා....
මොන උවමනාවකට හරි කුසියට බඩගාපු ඉන්ධර් ඇලිස් අම්මට වත්තම් වෙලා ඔක්කාරෙ කර කර එන මාව දැක්කා විතරයි සරමෙ කොනකුත් අල්ලගන අඩියට දෙකට මගෙ ගාවට ආවා...කුරහන් කැද කෝප්පෙ පුසුඹ වැදිලා වමනේ කරාපු මම උන්නෙ හිස් බඩම වෙනකොට ඇබිත්තන් සයිස් මාලු කෑලි දෙක කෑවයින් ආයම පාරක් වමනෙ යනවත් එක්කම මට හිටගන ඉන්න පන නැති උනා....
මගෙ ලගට ආව ඉන්ධර් අඩන්න ඔන්න මෙන්න උන්න මගෙ ඇස්වල තිබුන කදුලු පිහ පිහ මාව පරක් කරනකොට අනේ ඇලිස් අම්මා පැත්තක ඉදන් මගෙ ගාව ඉදන් ආදරේ බෙදන ඉන්ධර් දිහා බලාගන ඉන්නකොට නහය පිහින්ඩ පහත් වෙයන් කියාපු ඉන්ධර් මේ උදේ ඇදපු අලුත්ම සරමෙන් මගෙ නහය පිහ දැම්මා...
.අනේ....අපෙ හාමු පොඩි මැනිකෙට අප්පච්චි කෙනෙක් වගේ....මේ ආදරේට නම් ඇස් වහක් වදින්ඩ එපා හාමු...
ඇලිස් අම්මා.....මේකා මගෙ පැටව් ගෙ අම්මා උනාට මොකද.....මේ පැටියට මම අප්පච්චි තමයි ඇලිස්....උඹලට මං වංගියකුත් කිව්වනෙ.....මේක හන්දා මං මගෙ තානාන්තර වලටත් පයි ගහපු මිනිහෙක් ඇලිසො.....ඒ තරමට මේ මැනිකට මන් වහ වැටිලා....
කෝ....වරෙල්ලා ඉතින්....මං උඹලට කිව්වෙ කාමරේට ගිහින් ඩිංගක් ඇහැපියවන්ඩ කියලනෙ...ම්ම්ම්ම්ම්...කොහෙද මේ ඇවිදින්නෙ...වරෙල්ලා වරෙල්ලා ....කිරි එකක් පොවාගනම උඹව එක්ක ගිහින් අල්ලා බුදි කරවන්ඩ...
උඹලා ඇහැරන් උන්නොත්..හූනා කියන්න වගෙ කියන්ඩ පුලුවන් උඹලා ඇවිලෙන්ඩ ගන්නවා...අනිත් උන්ගෙන් මට වැඩක් නෑ...අපෙ අම්මන්ඩිත් සිංහල කියන බාසාව නොදන්න ගෑනියෙක් වෙච්ච එකේ...මගෙ මනාපයක් නෑ උඹලගෙ ලේ පිච්චෙනවට...දරු පැටියෙක් බඩට ආවා කියන්නෙම.ඒ කාර්තුව වෙනදටත් වඩා උඹලා සතුටින් ඉන්න ඕනෙ කියන් එක....ඇවිලෙන හිත නිවන්න ඕන කියන එක...
එහෙව් එකේ...මං දන්නවා මයෙ අම්මන්ඩිගෙ හැටි වගේම...මයෙ මැනිකෙගෙ ඔය ඇබිත්තන් කට පොඩියෙ හැටිත්.....ම්ම්ම්ම්.....
ඇලිස් අම්මා.....කලමනා ටික ලෑස්ති කොරාපන් මං ඇවිදින් දවල් බතට අත ගහන්නම්...කවුරුත් ආවය කියලා දාහක් ජාති නෑ..මයෙ මැනිකෙගෙ දොලදුක් බතම හොදයි ඔක්කොටම....ම්ම්
එහෙමයි බේබි හාමු....මං ලැහැස්ති කොරන්නම්.....පරිප්පු මිටවල් තුන හතරක් පෙගෙන්ඩ දාලා පලා වට්ටියත් තෝරලම අහවර කරන්නම්...
ම්න්....ලිහාපන් සුවදැල් ගෝනිය සම්බ බතමනෙ ගිලින්නෙ.....
ඉන්ධ....ර්
කියාපන්...මැනිකෙ...මක්කද කාරනාව...
මං උන්නෙ ඉන්ධර්ට හේත්තු වේගන...ඒ හයිය අත් දෙක තිබුනෙ මගෙ ඉන වටම පැටලීගන.....මීටත් වඩා සරලෙන්ම කියනවා නම්...ඇලිස් අම්මා උන්නා කියලා නැ....ඉන්ධර් උන්නෙ හෝන්දු මාන්දු වෙවී උන්න මාව තුරුලු කරගන වෙනකොට ඒ පපුවට මුන ගහන් උන්න මං හිමින් සැරෙ ඔලුව උස්සලා ඉන්ධර් දිහා බැලුවා....මගෙ දොලදුක් පතේ තිබුනෙ පරිප්පුවක් එක්ක සෝයාමීට් වගේම පලා මැල්ලුමක් පපඩමක් .....ගෙදරින් ආව දා ඉදන් මං අද වෙනකන් කෝරා බත් ගිල්ලෙ නෑ...වලව්වට කෝරා හාල ගේන්නෙත් නෑ...එකක් කෝරා ගිලිනකොට මහ දොදොලිට හිර වෙනවා කියනවා.....
මුනෙ තිබුන නක්කල් හිනාව මතක් වෙන වාරයක් වාරයක් පාසාම මට ගිහින් දොදොලිගෙ දත් කූට්ටම ගලවලා අතට ගන්න හිතුනත් හැම පැත්තෙම්ම මතු වෙන්ඩ ගත්තු සහොදර බැමි හන්දම මට දොදොලිගෙන් මූනටම තරහ පිරිමහන්න බැරි හන්දා මං වටින් ගොඩින් තරහව පිරිමහන්න ගත්තා.....
ඒකි ආවෙම මගෙ පවුල කඩන්ඩ...අර කොහෙවත් නැති කැතරියෙකුත් උස්සන් ඕකි ආවෙම මගෙ පැටියගෙ අප්පච්චිව මගෙන් ඈත් කරන්ඩ...බලන් ඉදපන්..මං නම් අරුන්ධතී මැනිකෙ වගේ අඩන්නෙ නම් නෑ.....දීලා අතාරිනවා මිසක්...
අපෙ....මහත්තයා.....මට...සුවදැල්...
කන්..ඩ බෑනෙ....
සුවදැල් කන්ඩ බැරි නම්....මොනවද ඕනෙ....සම්බා හාල....කීරි සම්බා....මොනවද ඕනෙ කියාපන් මයෙ අම්මට..හාල් මවලා හරි උයලා දෙන්නම්...
මට..කෝරා බත්...ඕනෙ.....
කෝරා.....
ම්ම්ම්...ලොකු...ඇට...හාල....අපේ..අම්මා...උයන්නෙම....ඒවනෙ.....මට...අම්මව...මත..ක්...වෙනවා.....ඉන්දර්
යෝ....ඉතින් අඩන්ඩ තියාගන්නවනෙ.....ඇයි රත්තරනේ මේ....ආ ඇලිස් අම්මෙ....මේ කාලෙට වැඩියෙන් දුකත් හිතෙනවද.....කොච්චර වාත් අඩාගත්ත ගමන්....මං උඹලට කෝරා බතුයි.....අම්මවයි දෙන්නවම ගෙනල්ල දෙන්නම්...ඇරත්...මේ කාලෙ උඹලට අම්මා ළඟ ඉන්න එකෙත් හොදයි ..ඒත් අර පොඩි කෙලීගෙ ඉස්කෝලෙ ගැනත් බලන්ඩ එපැයිනෙ රත්තරනෙ...ම්ම්ම්..ඒකිව එහෙන් මෙහාට මාරු කරගන්ඩ...මං ලොකු ඉස්කෝලෙ මහත්තයා එක්ක කතා කරගන්නම්....ම්ම්ම්...කෝ...දැන් නාඩා ඉදිල්ලා...උඹලා මගෙන් ඉර හද ඉල්ලුවත් ..දැන් නම් ගෙනත් දෙනවා මයෙ ඇසල....
මං තවත් චූට්ටක් එහෙම්ම ඉන්නකොට කෝරා හාල පෙගෙන්ඩ දාන්ඩ ඇලිස් අම්මා යනවත් එක්කම ඉන්ධර් මගෙ කම්මුලට හාදුවක් තියලා ඒ උඩු රැවුල මගෙ මූනෙ ගාන්න ගත්තා....කොටින්ම...අඩාපු මාව ඉන්ධර් හුරතල් කරන්න ගත්තා...මාව හිනස්සවන්න හැදුවා...වලව්වෙන් ආව එකීලා දෙන්නා මොන ලෝකෙ ගියාද කියලා හොයන්නවත් උනන්දුවක් පෙන්නුවෙ නැති ඉන්ධර් මැනිකක් රකින නාග රාජයෙක් වගෙ මගෙ පස්සෙන් වැටීගන මාව රකිනකොට මට අර ආපු එකීයි දොදොලියි මොන මගුලෙ හිටියත් කාරියක් නෑ කියලා මං ඉන්ධර් එක්ක හුරතල් වෙන්ඩ ගත්තා...
අනේ...නිකන්....ඉන්නකො...තෙහස්.....
ඇයි...මනාප නැතුවද ම්ම්ම්.....උඹලනෙ...කොච්චරවාත්...මේ රැවුල එක්ක හුරුතල් වෙන්නෙ...ම්ම්ම්...පැටියෙක් උන්නයි කියල කාරි නෑ...මයෙ මැනිකය තහංචි නෑ ඉතින් හුරුතල් වෙන්ඩ...මං කියන්නෙ මයෙ අම්මට පරිස්සම් වෙන්ඩ කියලා.....
.ඉන්ධර්.....
මං මිමිනුවා....ලාවුලු ගහේ කොල සීසීකඩ හැලිලා ගිහින් තිබුනා....අතුත් හතර දිග්බාගෙටම විහිදිලා තිබුනා....කහ මහත්තයගෙ ඇටේ පොලිශ් කියන තේරවිල්ලෙ තියන විදිහටම ලාවුලුවල ඇටේ පොලිශ් ගෑවා වගේ දිලිසුනා...
ඉන්ධර් කිව්වත් වගේම මේ වලව් භූමියම තනිකරම....ඒදන් උයන හා සමාන උනා...නැති භව බෝගයක් නැති උනා..ගෙඩි විමානයක් උනා...බලන බලන තැන තනිකරම තිබුනෙ ගස් කොලන් විමානයක් වෙනකොට ඒ ඒ ගස්වල පලදරන ඍතු වලට මේ ගස් ගඩා ගෙඩිවලින් බර උනා....මල් වලින් බර උනා....
මගෙ අම්මත්...ඉන්ධර්ගෙත් කුඩා කාලෙ ගෙවිලා තියෙන්නෙ මේ වලව් අස්සෙ....අම්මා අප්පා ජාතකේ දුන්නා උනත්...පැටව් ආදරේ කරන්නෙම සීයා අත්තම්මට වෙනකොට මයෙ ඉන්ධර් වගේම අම්මා වැඩි කාලයක් ගෙවලා තියෙන්නෙම මහ වලව්වෙ හන්දම වගේම.....ඉරුගල්බන්ඩාර පරම්පරාවෙ ඉස් ඉස්සොරෝම මුනුබුරාට මහ වලව්වත්.....මිනිබිරි උන මයෙ අම්මට දෙවනි වලව්වත් ලියලා තියෙන්නෙ සීයා වෙනකොට මං මේ වලව් දෙක දිහා ඇස් කරකව කරකව බලාගන උන්නා...අම්මගෙ වලව්ව තියෙන්නෙත් අඩි දහයෙ දොලහෙ දුර .....මෙ වලව්ව වගේම ඒ වලව්වත් බලාගන්න ඇලිස් අම්මගෙ පැල තියෙන්නෙ පහල...


කොහොම උනත්.....ඉන්ධර්ලාගෙ වලව්වට වඩා මහ වලව්ව සැනසීමයි...හතර දිග්බාගෙම මිනිස් පුලුටක් අඩු උනත් මොකද...අනේ ගස් වලට වහන කුරුලු පැටියෙක්ගෙ කටහඩ අහන් වත් සැනසීමෙන් ඉන්ඩ පුලුවන් ....
ඒත්...මගෙ හිත සීසිකඩ ගියා.....පින්කාර මාසයක් උන ඇසලෙ..දලදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් සුභ නිමිති දුන්න අදම මහ ගෑනි කඩන් පාත් උන හේතුව මගෙ හිතට වද දෙනකොට ඉනදර්ට තුරුලු වෙලා උන්න මං ඉන්ධර්ගෙන් අඩියක් පස්සට වෙලා ඉන්දර් දිහා බැලුවා...
..අපෙ මහත්තයා.....
කියාපන් මැනිකෙ....හිස්බඩ ඉදන් උඹලා මගෙ කනේ තියන්ඩ හදන කාරනාව මක්කද....ටැග් ගැහෙන් නැතිව කියාපන්....මං උඹගෙ වාහෙ...උඹලා මයෙ මැනිකෙ...මයෙ පැටව්ගෙ අම්මන්ඩි....කියාපන්...මූන කලු ගහන්ඩ තරම්....හිතේ තියන කාරනාව මක්කද ම්ම්ම්ම්ම්
ඉන්ධර් බැදන් උන්න කොන්ඩෙ ලෙහලා ආපහු තද කරලා මුරිච්චිය ගැටගහන් ඇදන් උන්න සරමෙ ගැටේ බුරුල් කරලා ආපහු ගැටගහගන අත් දෙක පිටිපස්සට බැදගත්තා.. ....
කැතරින් කියන ගෑනු පරානෙ මොකීද අපෙ හාමු...???මක්කටද අම්මන්ඩි ඒකිව තකහනක් මෙහෙ ඇන්න ආවෙ?
ඒකිලා මයෙ අම්මන්ඩිගෙ පැත්තෙන් නෑ වෙන කෙල්ලක්....කුරුස ලකුන අදින එකියක්...
ආගම මක්ක උනත්..මට කාරි නෑ ඉන්ධර් ...මං අහන්නෙ නෑ කම.....මේ බඩේ ඉන්න ඒකාටත් ඒකිගෙ නෑකමක් එනව නම්..ඒ මොකක්ද...උඹලට තියන නෑ කම මොකක්ද....??කුරුස ලකුන ඇදිලි වලින් මට වැඩක් නෑ ඉන්ධර්...
ඉන්ධර් මා දිහ බැලුවා..එ ඇස් හීනි උනා....කට කොනකට ලාවට..පේන නොපෙනෙන ගානට හිනාවක් මතු උනත් ඉන්ධර් ඒක ඉක්මනට වහගන උගුරෙ රැල් බුරුල් කෙරුවා....
ඒකි..මයෙ අම්මන්ඩිගෙ නගා පොඩ්ඩගෙ දෝනියැන්දා.....දිගෙ ගිහින් තියෙන්නෙ කුරුස ආගම් කාරයෙක් එක්ක.....ඒකිලාගෙ පෙලපත නම වෙන්නෙ...වාස්ද කොහෙද...මයෙ අම්මන්ඩි නම් උද්දච්චකමට කියන්නෙ....ලන්දේසින්ගෙ පාලන කාලෙ කන්ද උඩරට උන්නයි කියන...ඉඩෝර කාලෙදි වැස්සක් වැස්සෙව්වයි කියන "ජුසේ වාස්" උත්තමයගෙ වංශෙන් ආව උන්ය කියලා.....
මයෙ මැනිකේ....කිතුලට ගිය එකාටත්...කියන්ඩ කතාවක් තිබ්බා....ඔය වාස් උත්තමයාගෙ පෙලපත් නාමෙ වාස් උනාට...ඒ උත්තමයා....පල්ලියෙ සුවාමි කෙනෙක් වෙද්දි කොහෙන්ද දරු පැටව්...පහු කාලෙදි නම් වාස් පරම්පරාවක් අල්ලපු රටෙන් මෙහෙට එන්ඩ ඇති....ඒත්..ඔය මයෙ අම්මන්ඩි කියන තරම් නම් ඔය නගාගෙ වාහෙගෙ ඇති උජාරුවක් නෑ...උන් අර උත්තමයගෙ නම කෙලසනවා මිසක්කා.....දන්න හැටියට....කැතරියගෙ අප්පගෙ මහ එකා...මයෙ අම්මන්ඩිගෙ මහ තැනට අරක්කු බැරල් හදා දුන්න වඩු මහ තැන කියනවනෙ...
ඕන් ඔය ගනන් හිලව්වක් බේරන්ඩ ආව වෙලාවක ...මයෙ අම්මන්ඩිගෙ නගා පොඩ්ඩ කල්යානි නැන්දව ඇහැගැහිලා තමයි අරකා මේකිව දීගෙට අරන් තියෙන්නෙ....ඕන් ඕකයි නෑකම...
ඒක නිකන් සුරංගනා කතාවක් වගෙනෙ අපෙ හාමු....උඹලා ඕක ඔච්චර හුරුතලේට කිව්වෙ මට ඇහෙන්ඩද..නැත්තන්.....මයෙ බඩෙ ඉන්න උඹලගෙ පැටියට ඇහෙන්ඩද....පේන විදිහට ඒකි ණාඹරී.....උඹලම කිව්වා කිතුලට ගියපු එකාටත් කියන්ඩ කතාවක් තිබ්බය කියලා... කිතුලට ගියපු එකාට කියන්ඩ කතා තිබ්බා නොතිබ්බා.....මයෙ නැන්දම්මා නම් මෙහෙට වැඩියෙ.....වෙන කතාවක් ගොතන්ඩ බලන්ද කොහෙද.....
මයෙ මැනිකෙ....
ඔව්වා නොතේරෙන්ඩ මං මොලේ නැති එකා නෙවෙ අපෙ හාමු...ඒකි ආවෙ උඹගෙ කරේ නගින්ඩ.....නෑ කම් කෙසේ වෙතත්...එකක් මතක තියාගන්නව නම් මං බොහෝම මනාපයි ඉනදර්...මං උඹලගෙ මැනිකෙ...උඹලගෙ පැට්ව්ගෙ අම්මා....උඹලගෙත් හිත වෙනස් වෙලා...මහ එකාලා වගේ පිට පැදුරු තෙමල අහු උනොත්...බලාගනින්...මං ඒකිගෙ කන්ගැටෙ පලන්නෙ උඹලගෙ ඇස් ඉස්සරහා....ඒ විතරක් නෙවෙ...උඹගෙත් මං පිරිමි කම ගලවලා අතට ගන්නවා..ඒක දැනගනින්.....මං උඹලගෙ මැනිකෙ නම්.....උඹලට අන්තපුරයක් ඕන නෑ නෙ ම්ම්ම්ම්ම්ම්...
නටන නාඩගමක් මා එක්ක නටාපන්....බඩ දරු උනාය කියලා....නිදිවදින්ඩ බැරි කමක් නෑනෙ....ඒකිගෙ මායන් වලට රැවටිලා උඹ ඒකිටත් කවි ලියන්ඩ හැදුවොත් මං කඩන්නෙ උඹගෙ අත....ඒකිගෙ බෙල්ල.....ඒකත් මතක තියන් ඉදපන් ඉන්ධර්....
මම දත්මිටි කෑවා....බඩ දරු හන්දමද කොහෙදෝ මට එක විනාඩියෙන් මගෙ හැගීම් වෙනස් කරන්ඩ පුලුවන් උනා...කැතරියා ආව වෙලේ ඉදන් මගෙ ඉහ මොල කොහොමත් කර වෙවී තිබුනෙ වෙනකොට තනිපංගලමෙ උන්න මං මගෙ තරහව ඉන්දර් ගාව පිට කෙරුවා...අත් දෙක පස්සට බැදන් ඇස් හීනි කරන් උන්න ඉන්ධර් මගෙ වචන අහන් ඉදලා ඉදලා අවසානෙදි උඩු රැවුල කරකවන ගමන් මගෙ ගාවට එනකොට මං උන්න තැනම හිටන් ඉන්ධර් දිහාව බලන් උන්නා....
කාගෙ හයියද ඔය පිට දාන්නෙ ම්ම්ම්....මයෙ ලමා තැනී උඹ.....චන්ඩ වෙලා හරියට....කියාපන්.....හුස්මක් කටක් ගන්ඩ ඉඩක් නොතිය හැම රෑකම යට කොරාපු මයෙ ඌස්නෙද....නැතිනන්....ඔය උහුලන් ඉන්න මයෙ පැටියගෙ ඌස්නෙද ම්ම්ම්ම්....උඹලා දැන් මටත් ඇගිල්ල උරුක් කරනවා ම්ම්ම්....
ඉන්ධර් මිමිනුවා....සීතල කටහඩකින් කතා කෙරුවට මොකද අර කතා කරන ඇස් අස්සෙ අයිස් ග්ලැසියරයක් දියවෙන්නාක් හා සමානවම ආදරේ දියවි දියවි ඇස් ගැට්ටෙන් පිට පනින්න ගත්තා...
ඉන්..ධර්.....
මනාපයි මං උඹගෙ උද්දච්ච කමට...මයෙ මැනිකෙ කියන්නෙ ..කොන්ද නවන එකෙක්ට නෙවෙ...කොන්ද කෙලින් තියන එකෙක්ට...කාරි නෑ....මටත් සැර පෙන්නුවට.....ආසයි බලන්ඩ මැනිකගෙ තරහවෙ තරම....මං හිතන්නෙ....මයෙ පැටියත් මහ චන්ඩයෙක්ද කොහෙද .....ම්ම්ම්ම්.....මයෙ ඇහල මල නෙවෙ මයෙ උද්දච්ච මැනිකෙ උඹ....මේවගෙ රන් කදක් ළඟ තියන්...පිට පැදුරු තෙමන්ඩ තරම් මන් චපල මිනිහෙක් නෙවෙ මයෙ ඇසල.....උඹලා දෙන්ඩ පුලුවන් පරමනිධානෙම උහුලන් ඉන්නකොට ....ආය වෙන කදන්වලින් සැප හොයන්ඩ තරම් මට උඹෙන් කවදාවත් අඩුවක් වෙලත් නෑ ඇසල....
ඇසල.....දන්නවද ...උඹ උල්පතක්...කොච්චර නිදි වැද්දත්.....උඹගෙ වාහෙට අදට වඩා හෙට අද ලිව්වට වඩා රහ කවියකට පද එකතු කරන.....උඹල මයෙ මැනිකෙ .මේ වලව්වෙ මහ මැනිකෙ....ඒක ස්තීරයි...බුදුන්ව නම්මන්ඩත් මාර දූවරු ආවා ඇසල....මං බුද්ද පුතෙක් නෙවෙ...ඒත්.....ඕන මාර දූතියෙක් ගාව මේ හිත කවදත් නවතින්නෙ උඹ ළඟ....ඒක ස්තීරයි.....මයෙ වචන මතක තියාගනින් ....තේරුනාද උඹ ම්ම්ම්...
මගෙ....තෙහස්....
දන්නවා..මයෙ රත්තරන්ගෙ හිත හෙලවුන විත්තිය....ඉතින් මක්කටද මයෙ උද්දච්ච මැනිකෙ කදුලු පුරෝගන ම්ම්..ඉදලා හිටලා මටත් ඩිංගිත්තක් සැර දාපන්.....මනාපයි ඒකට....ම්ම්ම්.....ඇරත්....මං බැන්නෙ නෑනෙ මයෙ අම්මට....පලන කන් ගැටයන් පලාපන්....හැබැයි ඔය බඩ ගෙඩිය රැකගනින් අපෙ මැනිකෙ....උඹලා ඔය වහන් කරන් ඉන්නෙ මගෙ පන ම්ම්ම්.....කෝ....වරෙල්ලා යන්ඩ උඹල හිස් බඩින්....ඒකට මොකද කන් පලන්ඩ යන්ඩ.....තියන චන්ඩ කමනෙ ....
බනින්න එපානෙ....ඉන්ධර්.....මේ පැටියනෙ අහන්න කිව්වෙ....
ම්ම්ම්...ඒපාර මයෙ නොදරුවවත් අල්ලන්ඩ තියාගත්තා....උඹලා නම් නරක් උනේම මයෙ හුරුතලේ වැඩි වෙලා...දුවපන් කට වහන් කුසියට...
ඉන්ධර් මගෙ නහය මිරිකුවා..අනේ ඉතින් ආදරෙ වෑස්සෙනවා.....
ඇලිස් අම්මා.....
අපෙ හාමු...
මං උන්නෙ මගෙ අඩු දෙක වන වන නයිස් විස්කෝතුවක සිනි ඇට ලොව ලොව....ඉස්සර නයිස් වගේ නෙවෙ...දැන් ඒවල අර ලොකු කැට සීනි නෑ....එක අතකට...සිනි නැහැයි කියලා මං මොකට ආඩපාලි කියනවද...මගෙ අම්මා පොලට ගිහින් ගෙනාවෙම කල් ඉකුත් වීම් දිනවත් නැති තොග විස්කෝතු වෙනකොට....පොල ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා ගියහම බෑග් එකක් පුරවලම එලවලු ගේන්ඩ පුලුවන් ...වෙලෙන්දන්ගෙන් තේරුන එලවලු ගොඩවල් එහෙම් පිටිම්ම දාල යනකොට ඇගිල්ලක් සයිස් උස කැරට් කදු ගනන් තිබුනා....අනේ ඉතින් දවසයි දෙකයි...ඒ ඔක්කොම මැල වෙනවා...
එහෙම කාපු මට අද මයෙ ඉන්ධර් මොනවද නොදෙන්නෙ ..
මං අතේ තිබුන විස්කෝතුව තේ එකට එබුවා...අර යක්ස පරාන දෙක කාමරවලට රිංගන් ඉන්නව ඇති කෑම වඩම්මනකන්.....අනේ පව් කැතරියා ලමා තැනී වෙන්ඩ බලන් ආවා නම්...මං ඕකිගෙ කන පලලා කන අස්සෙ හොද දොදොලක් හැදි ගානවා.....
බේබි හාමු...මේන්..මෙතන පරිප්පුවටයි...සෝයා එකටයි.....පලා මැල්ලුමටයි තුනටම පොල් තියනවා...
ම්න්...එතකොට ඔය පොල් එක...
මේන් මේක...මේ ආප්ප අනන්ඩ .....පොඩි මැනිකෙට රෑට ආප්පයක් වත් පුච්චලා දෙන්ඩ ..එදා අරකි පැනි ආප්ප උස්සන් ආව දා මං හදලා දෙන්නම් කිව්වට තිබුන වැඩ රාජකාරි එක්ක බැරි උනානෙ...
ඇලිස් අම්මෙ.....රතු මැනිකෙටත් එක්ක පුච්චන්ඩ...ඒකිට දැන් හයිය හත්තිය එපැයිනෙ....
ඕක දැන් හිර කරගන්නවා....
ඉතින් ...මං ..නෙවෙනෙ...දගලන්න...
කියන්නෙ...ම්ම්හුක්
තියන දාංගලේ...ඇලිස්...උඹලා මේකව හුරතල් කරනවා නෙවෙ...පෙනවනෙ...ඔක්කොම කඩප්පුලි වැඩ කරලා මයෙ පැටියව අල්ලනව...අනේ මේ වගෙ කපටි මායියෙක්...ඇලිස් මේන් මේකෙ ලුණු බලාපන්...
මං ඉන්ධර්ට විරිත්තුවා.....ආදරේට සැර කෙරුවා මිසක්කා....ඉන්ධර් මට තරවහකට සැර නොකරනකොට සැරින් සැරේම ලගට ආව ඉනදර් ඇලිස් අම්මගෙ ඇස් වලට හොරාවට මගෙ කම්මුලට හාදුවක් තියලා හොරා වගෙ ලිප ලගට වෙන හැටි මං හරි ආසාවෙන් බලාගන උන්නා....අනේ මෙ උයන කුසිය දුමට වඩා පිරෙන්නම තිබුනෙ ආදරේ.....හැබැයි ...ඒ ටික වෙලාවකට විතරයි.....
අනේ ..අනිච්චන් සංසාරෙ...මයෙ පුතා....!!
.මාව ගැස්සිලා ගියා....ගැස්සුන පාර කොච්චරද කියනවා නම්...බීපු තේ උගුර පව මට නහයෙන් කටින් එන තරමට පිට උගුරෙ ගියා...ලිප ගාව උයන ඉන්ධර්ව දැකලා ඒ තරම් හයියෙන් දොදොලි ගිගිරුවා....
කැහ්...කැහ්....කැ....හ්....
ඇසල.....මැනිකෙ...මක්කද අපෙ අම්මා උඹ මේ නහින්ඩ හදන්නෙ.....මයෙ කොල්ලට තේ එකත් එක්ක ඉස්පොල්ලෙ ගියා ..මැනිකා ගන් වතුර එකක් .....මෙතන බොරූවට නහින්ඩ හදනවා.....
කැ...කැහ්...බ්..වැ....ක්..කැ..කැහ්.....ඉ....ඉ...කැ
අනේ ආසාවෙන් කාපු විස්කෝතු දෙක තුන....ආසාවෙ බීපු තෙ කහට එක.....ඉන්ධර්ගෙ සරමත් නාස්ති කරන් එලියට පනිනකොට මගෙ ඉහ මොල පවා දැවිල්ල ඇල්ලුවා....
.ඉන්..ධර්
මේක බීලා හිටින් මයෙ අම්මෙ...මේක බීලා හිටින් ....කො..හිමීට....හිමීට....ඇලිස් අම්මා...මේක පොවාපන්....
මගෙ...නහය...කන....ද..නවනේ....අනේ...අම්...මෙහ්.....දැවි...ල්ලයිනෙ....
මන් කන් දෙකට ඇගිලි ගහගත්තා....පිට උගුරෙ ගිහින් ආපිට එලි දාපු පාරට මගෙ කනුත් අගුල් වැටුනා විතරක් නෙවෙ උඩු තල්ල නහය පවා දැවිල්ල ගැහුවා...නහයෙන් පවා තේ වතුර විසික් උනා....අනේ මේ කීවෙනි පාරද...මේ කීවෙනි පාරද....මං අගුල් වැටුන කන් දෙකට ඇගිලි ගහන් ඇඹරෙනකොට ඉන්දර් මං වමනෙ හලාපු සරම පිටිනම දොදොලි දිහාව බැලුවා...ඒකි මේ හදිස්සියට ඇදුනුත් මාරු කරන්.....
..නැන්දන්ඩී....
ආ...ඔය එන්නෙ ..ඔය එන්නෙ....දෝන කතරිනා...ඔය එන්නෙ...මේකි විතරයි අඩුවට උන්නෙ....
අපෙ මැනිකෙ මේන් මේක හිමීට බීලා ඉදිල්ලකො....
අනෙ....ඇලිස්..අම්මා..මයෙ...තල්ල දනවනෙ.....
ඒක අඩුවේවි...අපෙ මැනිකෙ මේක බිව්වා නම්...
මං කැතරිනා දිහා බලාගන වතුර එක හිමි හිමින් බොනකොට අපස්මාරෙ හැදුන එකී වගේ දොදොලිව වෙව්ලන්න අරන් තිබුනා....
ඒ මොන මගුලටද...මේකිට අපස්මාරෙද....??? හැන්දක් කටට එබුවා නම් හරි....හැන්ද නෙවෙ..මේකිට ඔබන්න ඕනෙ නාකියගෙ හබල....එතකොට ඔය වෙව්ලිල්ල අඩුවෙයි...
මයෙ පුතා .....උඹලා මක්කද මේ කරන ලැජ්ජ නැති වැඩෙ...ආ....මොන මගුලක්ද මයෙ පුතා මේ කරන්නෙ අතට පයට වැඩ කාරයො දෙන්නෙක් ළඟ තියන් උඹ මේ දැලි වලන් අස්සෙ නහින්නෙ....
මං ඉන්ධර් දිහාව බැලුවා...මොකද...දොදොලිට ඇපත් නැතිවෙන්න යන්නෙ..ඒකි දන්නවා නම් ඉන්ධර්ට මාව පහන් පැලක් හදලා ඒක උඩ ඉන්දවන්න පුලුවන් කම තියනවා නම්...නෙ නව මාසෙම මාව එහෙම පහන් පැලක තියනවා.....
ඉන්ධර් උන්නෙ අත් දෙක පිටිපස්සට බැදගන ජනේලෙන් එලිය බලාගන....ඇලිස් අම්මා උන්නෙ මගෙ බඩ පපුව අත ගගා ....ඒ ඔක්කොමත් හරි....අර වාස් පරම් පරාවෙන් එන එකී වෙව්ලන දොදොලි දිහා බලලා.ඒකිගෙ මාලු කටක් වගේ තිබුන කොරල කට ඇරියා....අද හරි උඹටත්...
ඇත්තනෙ අයියන්ඩි..මේ නැන්දා කියන්නෙ.....උඹලා ඇයි මේ කුසි ගානෙ රිංගගන.....උඹලට ගැලපෙනවද අයියන්ඩි බත් අම්මා වැඩ....
කැතරින්.....මං හිතන්නෙ...මයෙ වලව්වෙ වෙන දේවල් වලට උඹලා කට නොදා උන්නොත් වැදගත් විදිහට ඉන්ඩ පුලුවන් ....ඇරත්...මං බතක් මාලුවක් හැදුවෙ මයෙ මායියට බොල....වෙන උන්ට නෙවෙ...එහෙව් එකේ ඒක ලැජ්ජාවක් වෙන්නෙ කොහොමද .....පිරිමි පරානයක් හාල් ටිකක් ගරලා බතක් ඉව්වා කියලා ඒකා පිම්පියෙක් වෙනවා නම්....මට උඹගෙන් අහන්ඩ තියෙන්නෙ....උඹලා ගැටිස්සි වෙලත් මක්කටද අරක්කු ගුබ්බෑයන් අස්සෙ රිංගන් වඩිය තියන්නෙ කියලා...
මම ඇලිස් අම්මව හිමින් සැරේ කෙනිත්තුවා...මොකද ...ඉන්ධර්ට තියෙන්නෙ මහ අනක් ගුනක් නැති කටක්....කියන්න ගත්තම ජාතක උන තැන ඉදම්ම කියනවා ආය පහුවට ඉතුරු නොකරගනම වෙනකොට අරකිගෙ කොරල කට දෙක වෙලා ගියා සුගලට සිහි නැති වෙන්න වගේ ආවා...
මයෙ පුතා.....උඹලා මේ හිගන්නු ඉස්සරහා පාච්චල් කරන්නෙ උඹලගෙ නගාව.....නන්දා විතරක් නෙවෙ...උඹලට නගාට ඉන්නෙ
නන්දා නෙවෙ ...අ |රු |න් |ධ| තී....මන් අපෙ අම්මට කිව්වා...ආය නන්දෙක් නෑ...කැතරින් නගාට පුලුවන් මයෙ නගාට පොඩි මැනිකෙ කියන්ඩ...මොකද.....ඒකි මැනිකෙක්.....නිකන් නෙවෙ...උප්පත්තියෙම්ම.....නැතුව මයෙ අම්මා වගේ වාහෙගෙ පට්ටමෙන් මැනිකෙක් උන ගොඩ මැනිකෙක් නෙවෙ...ඒකි නියම මැනිකෙක්....මං උඹලට කියන්ඩ ඕන නෑ...අනුලා ලොකු අම්මන්ඩිගෙ පරම්පරාව උපතිම්ම වංසක්කාරයො.....ඒකිට ඒකිගෙ නම්බුව තියලා කතා කරනවා මං බොහෝම මනාපයි...ඇරත්.....
මෙතන කොහෙද වැඩ කාරයො කිව්ව නම්
..ඉන්දර් දොදොලි දිහා බැලුව බැල්මට මගෙ කැස්ස ඉබේම හොද උනා...හිගන්නො දෙන්නෙක් ගගා මටයි ඇලිස් අම්මටයි අරියාදු කරනකොට ඉනදර්ගෙ ඇස් කොන් රතු උනා...ඒ විතරක් නෙවෙ...දොදොලි මයෙ අම්මට තාම නන්දා කියලා අරකිත් නගා කෙනෙක් කියනකොට ඉන්ධර් මයෙ අම්මගෙ හරි නම දත් මිටි කාගන වගේ අකුරෙන් අකුර කියනකොට කැතරියා මහ එකීගෙ ඔසරි පට මිරිකන්න ගත්තා....
.
අපෙ අම්මා.....ඒ වගෙම ඔය කැතරින් නගා.....මේන් මේක හොදට අගනිල්ලා ම්ම්ම්ම්ම්...මෙතන ඉන්නෙ..මයෙ මැනිකෙ.....මේ වලව්වෙ....මහ මැනිකෙ....අම්මන්ඩිගෙ මැනිකෙ කම්....ඒ පුරාජේරු....ඒ වලව්වට සීමා කරගන...මේ වලව්වෙ ඉන්ඩ ඕනෙ මගෙ වචන පිට ...ම්ම්ම්ම්ම්ම්ම්....උඹල අම්ම පට්ටම ඉස්සරහට දදා කරන්ඩ හදන්නෙ මයෙ දරු පවුල කඩන්ඩ යන එක කියන්ඩ මම නොදන්නවා නෙවෙ බොලව්...තොපි හැරුනත් මං දන්නවා...ආය..මං හිතුවොත් දෙයක් ආය...ඒක කිරි ගහට ඇන්නා වගේ... ....
ඇසල කියන්නෙ වලව්වෙ ඉදුලෙක් වත්....ඩෝබියෙක් වත් නෙවෙ..මයෙ පැටියගෙ අම්මා.....ඇලිස් අම්මා කියන්නෙ මයෙ කිරි අම්මා.....ඒකි මට කිරි නොදුන්න ටික විතරයි.....නොදරුවා කාලෙ ඉදන් මයෙ...මයෙ නගාගෙ බකල ඇරලා නාහෙ ඇද ඇරලා හදාපු ගෑනි....ඒකිට ඒ ගරු නම්බු නාමෙ මං අදටත් හෙටටත් දෙනවා....එ අත් වලින්ම මයෙ පැටව්ගෙ ඇද අරින්ඩ ඒකිට බල තල තියනවා....
උඹලට ජේත්තුවට ඉන්ඩ..අතට පයට වැඩකාරයො ඕනා නම්...ආපිට ආව තැන්වලටම ඔය ගෙනව රෙදි පොට්ටනිත් අරන් යන්ඩ පුලුවන් ...මයෙ කිසිම අමනාපයක් නෑ
අනේ...ඉනදර්....
මගෙ අත එක පාරම බඩට ගියා.. ..ඉන්ධර් කිව්වා මේක හංගනවා කියලා....දැන් මේකි දැනගත්තනෙ...
ඉන්ධර් මගෙ දිහා බැලුවා....එහෙම්ම මගෙ අත තිබුන දිහාව බැලුවා.....මහ දොදොලිගෙ මුලු මුනම බලාගන ඉන්නකොට ලේ හිදීගන ගිහින් සුද ගහනකොට කැතරියාගෙ කොල බොක්ක පේන තරමට කට ඇරිලා තිබුනා.....ඒ එක්කම ඉනදර් මගෙ ගාවට ආවා...
.අපෙ..මහත්...තයා....
උඹලා තුන් වේලම වමනෙ හලන්ඩ තියා ගත්තම...මට වහන් කරන්ඩ කාරනා නෑනෙ මයෙ අම්මෙ..ම්ම්ම්...කාරි නෑ...දැනගත්ත දෙන්...මයෙ පැටියට මක්ක හරි උනොත් එල්ලනවා පරම්පරාවම මං හතර වාහල් කඩේ....මං යකෙක් බොල...නිවිලා උන්නට....
මගෙ තොල කටත් එක්ක වේලිලා ගියා....ඉන්ධර් ඒක මිමිනුවෙ මට විතරක් ඇහෙන්න උනත්.... ඉන්දර් අවසානෙටම කියාපු වචන එක්ක මට කතා කරන්න බැරු උනා....කැතරියා ගැනයි දොදොලි ගැනයි දුක හිතුනා...
මයෙ අම්මන්ඩි....උඹලට කියන්ඩ කාරනාවක් තියනවා...මං මෙහෙ ආව කාරනාව වෙන මොකුත් නෙවෙ....උඹලා කොච්චරවාත්....මයෙ මායියට අරියාදු කරනවා.....අරුන්ධතීට සැර වැර කරනවා...මට ඕනෙ මයෙ පාඩුවෙ දරුවෙක් මල්ලෙක් හදාගන ජීවත් වෙන්ඩ....නැතුව උඹලා එක්ක අන්කර අල්ල අල්ල නහින්ඩ නෙවෙ..මට ඒවාට කාලෙකුත් නෑ.....
මයෙ පුතා...මක්කද උඹ දැන් කියන්ඩ හදන්නෙ කියාපන්.....
කියන්ඩ හදන්නෙද.....කියන්ඩ හදන්නෙ...මං අප්පච්චි කෙනෙක් වෙන්ඩ.....මයෙ ඇසල අම්මෙක් වෙන්ඩ.....මයෙ මැනිකෙ ගාව ඉන්නෙ මයෙ පැටියා උඹලගෙ මුනුබුරා...මං ඒකව මෙහෙ අරන් ආවෙ...උඹව මට අවිස්වාස හන්දා....
ඉන්ධර්.....මයෙ පුතෙ...උඹලා...මක්කද..මේ කියන්නෙ...උඹලා අප්පච්චියෙක් වෙන්ඩ...ඇසල.....මක්කද මේ කියන්නෙ....උඹලට පැටියෙක් ලැබෙන්ඩද අනේ...වාසනාවන්...කෝ...බලාපල්ලා...
අපෙ අම්මා....නරි නාටක ඕන් නෑ....උඹලට ඇති සතුටකුත් නෑ....නිස් කාරනෙ රගපන්ඩ තියා ගන්නෙ නැතුව...ආවා නම්...ආව පාඩුවෙ ඉන්ඩ පුලුවන් ...උඹලට ඔච්චර සතුටු නම්..මක්කටද බොලව් උඩහා වලව්වෙන් ගස්ලබුයි අලකොල මැලුනුයි....බඩ ගිනි ගහන අන්නසි ගැටයි එක්ක බල මාලු එව්වෙ....කැතරින්.....මයෙ අම්මා.....උඹලා මේක මතක තියාගනිල්ලා.....මං තකහනක් මෙහෙට ආවමෙ...දරු මල්ලෙක් හදාගන්ඩ.......ඔය ඉන්නෙ මයෙ පන.....මයෙ මැනිකෙටෙ කෙස් ගහක තරම් වත් අවැඩක් වෙල තිබුනොත්.....මේ ඉන්ධර් ඉරුගල්බන්ඩාර කියන්නෙ මොකාද කියල අන්න එදාට දැනගන්ඩ පුලුවන් ...තේරුනාද උඹලට... ඔන්න මං ආය නොකීවා කියන්ඩ එපා.....
මං හිතන්නෙ මං උන්නෙ මිහිපිට ස්වර්ග රාජ්යෙ ඇතුලෙද කොහෙද....දොදොලි හුස්ම ගන්න ගැනිල්ලට ඒකිගෙ තම්මැට්ටන් වල ඉරි තැලෙන්ඩ ගත්තා...ඉන්ධර්ගෙ පැටියා ඉන්නෙ මයෙ ගාව කියපු ගමන් ඒකි නැතිඋ සතුටක් මවන් මගෙ ගාවට එන්ඩ හැදුවා විතරයි....ඉන්දර් ඉස්සරහට පැන්නා....දොදොලිව හරස් කෙරුවා...
ඇලිස් අම්මා.....ඉන්න ගානට කෑම මේසෙට පිගන් අඩුක් කරාපන්..මයෙ මැණිකෙ ඔය ඉන්නෙ ඊයෙ රෑ කාපු ගමං.....
එහෙමයි හාමු...
තව කාරනාවක්.....පේදුරු උන්නැහැට...උඹලගෙ වාහෙට කියාපන්..මයෙ නගාවයි...කෙලීවයි එක්ක එන්ඩ කියලා....මං නගාට කිව්වා කෙලීව ඉස්කෝලෙන් අහක් කරගන්ඩ කියලා...මෙහෙ තියන යසෝදරා එකට දාගන්ඩ පුලුවන්ය කියලා ලොකු ඉස්කෝලෙ මහත්තයා මට පනිවිඩේ දුන්නා....
ඒකිලා නිකන් එන්නන් වාලෙ මෙහෙ එන්ඩ බෑ ඇලිස් ...උඹලා දන්නවා....වලව් වල සිරිත් විරිත්....නගාගෙ වලව්වෙ ඇති....තාමත් අලුත් පිට තියන මහ මැනිකෙලා ඇදපු ඔසරි...අගස්ති මාල....අර ඇතුල් කාමරෙ ඇති ඒකි කටහලු වෙච්ච වෙලාවෙ බිසෝ මැනිකෙ දාපු අරුංගල් කුට්ටන්....යවාපන් ඒ ඔක්කොම.....ඒකි එන්ඩ ඕනෙ නියම මැනිකෙක් විදිහට මිසක්...පාට ගියපු චීත්ත ගවුම් ඇදගන නෙවෙ....
එහෙමයි අපෙ හාමු....අනේ.....එහෙමයි...මයෙ හාමු.....
ම්න්...කෙලිට යවාපන් ලමාසාරියක්...ඔය ඔක්කොම ආම්පන්න තාම එදා වගේම හරි උජාරුවට ඇති පහල වලව්වෙ ඇතුල් කාමරෙ....අවුරුදු ගනන් පරන උනාට මොකද....ඒවල තාම අර මැනිකෙලාගෙ උජාරුව තියනවා එහෙම් පිටිම්ම.....කෙලීට යවාපන් පබලු මාලයක්...ම්ම්ම්ම්.....එක්ක වරෙන් මයෙ නගාවයි....කෙලීවයි....කියාපන්....පරිස්සමින් කියලා...ඇස්වහ වැදෙයි නැත්තන් ඔවුන්ට....
අ..අනේ....අනේ ඉන්ධර්.....!!!මයෙ අම්මලා අද මෙහෙ එනවයි .. අනේ අපෙ සුද්දියලා....අනේ..අපෙ මහත්තයා.....කියන්ඩකො.....එනවද
හෙමින්..හෙමින්....උඹලට සිහිය නෑ මැනිකෙ.....හෙමින් වරෙල්ලකො...උඹලා බඩ දරු අපෙ මැනිකෙ....ඇයි මේ චන්ඩ කම්...
අනේ මගෙ පපුව පැලෙන්ඩ වගේ ...මහ දොදොලි ආව මුස්පේන්තු කාර්නාව ඇරුනම ඇසලෙ ලබාපු කාර්තුවෙම මට අහන්ඩ දකින්ඩ ලැබුනෙම සතුටු හිතෙන දේවල් වෙනකොට අනේ මට ඇත්තටම හිතුනා..ඉන්ධර්ගෙ පැටියා ආවෙ වාසනාව අරගනම කියලා....රතු මැනිකෙ අම්මෙක් වෙච්ච පනිවිඩෙ උඩටම ඉන්ධර් අප්පච්චියෙක් වෙන්ඩ කියන්ඩ සුභ නිමිති දැකපු අදම මගෙ අම්මයි සුද්දියයි එනවයි කිව්වා විතරයි මං ඉන්දර් ගාවට දිව්වා..එ ඇගේ එල්ලුනා.....මහ දොදොලිට අද දවසම මුස්පේන්තු වෙන්ඩ කරුනු කාරනා ගොඩ ගැහෙනකොට හුස්මක් කටක් නොගෙන කියවපු ඉන්දර් ලිප දිහාවට හැරෙනකොට මං ඇදුමක් මාරු කරගන්ඩ කාමරේ පැත්තට එන්න හැරුනා....හැබැයි එ එනවත් එක්කම දොදොලි මොනවා හරි කියන්ඩ මගෙ වාහෙ පස්සෙ පන්නන කොට යන්ඩ ගියපු මං බාගයක් දුර ගිහින් ආය හැරුනා.....
මයෙ පුතා....
....
මයෙ පුතා මේ අහපන්.....
ඔන්න යනවා...ඔන්න යනවා පද්ද පද්ද...අනේ බිබික්කමො ගහපන් ඕකිට ඔය හොදි ඇතිලියෙම්ම වලන් ගැට්ට කරෙ හිටින්ඩ.....
මං දොර රෙද්ද නූලක් විතර අහකට කෙරුවා....දොදොලි වගේම කැතරියත් මන් ගිය බව හිතාගන ඉන්ධර්ට කිට්ටු වෙනකොට ඇලිස් අම්මා බඩු මුට්ටු පොලවෙ ගගහා වගේ හෝදන්ඩ ගත්තා....
ආ මයෙ පුතා ...
මක්කද අම්මා කුටු කුටු ගාන්නෙ...අහන එකක් කට සද්දෙට ඇහුවා නම්...
උඹලා අරකා බඩින් කිව්වෙ හැබෑවක්ද.....
අරකා කිව්වෙ ...ඇයි..මයෙ මැනිකෙට නමක් නැද්ද....ම්ම්ම්ම්ම්ම්ම්....
ඇසලයට...
ඇ | ස| ල...බාගෙ නම් නෙවෙ අපෙ අම්මා...සම්පූර්න නම කිවා නම්.....ඇගෙන් ඇටයක් යන්නෙ නෑනෙ ම්ම්ම්....අහන්ඩ තියන දෙ ඇහුවා නම්....
මට ඔය පුරුදු නම ඇර වෙන මොකුත් කියවෙන්නෙ නෑ මයෙ පුතා.....මං අහන්ඩ හදපු කාරනාව.....ඕන් ඕකගෙ බඩේ ඉන්නවයි කියන එකා.....ඒකා උඹලගෙමද.....ආ ඉන්ධර්....මොකාද දන්නෙ ඒකා මොක්කු එක්ක බුදියෑවද කියලා....
අපෙ අම්මා..!!!!
ම්..මයෙ....ප්....පුතා...
දෙවියනේ ඉනදර්....අනේ...දෙයි හාන්දුරුවනේ මේකිගෙ කටට හොරි දාලත් මදිනෙ....මේකිට වැහි නැති හෙනගහලත් මදිනෙ....මේ කියාපු කතාවට.....
වටපිට බලලා කුරුමානම අල්ලලා මහ එකි අහපු කතාවත් එක්ක ඉන්දර් අතේ තියන් උන්න පොල් කටු හැන්ද පොලවෙ ගැහුවා.....කැතරියට යන එනමන් නැතුව හැංගිලා උන්න මාවත් පාස් කරන් කාමරේට දිව්වා.....
ඇලිස් අම්මගෙ මූන තරහෙන් පිපිරෙන්න ඔන්න මෙන්න තියනකොට ඉන්ධර් ඇදන් උන්න සරම කැහැපට ගහන් මහ එකී ගාවට ලන් උනා ...
මක්කද කියාපන් අපෙ අම්මා ඒ අහපු මස බාදු කතාව.....යකො ..ඒ මයෙ මායියා.....ඒකව යට කෙරුවෙ මම....ඒකගෙ බඩට ඔය පැටුයා දුන්නෙ මම...අහපන් මේන් මේ ඇලිස් අම්මා සාක්කි....ඔය පැටියා එනකන් මං මොන තරන් බාර හාර උනාද කියලා...එහෙව් නොදරුවට ඔය වගේ තුප්පැහි කතා කියන කටට වැහි නැති හෙන ගහාවි සුගලා!!!
මාව ගැස්සිලා ගියා.....මයෙ අම්මා කියන කටින්ම ඉන්ධර් වැහි නැති හෙන වදීවි සුගලා කියලා කෑගහපු ඉන්ධර් අවසානෙදි නමම කියලා ආරුඩෙන් වගේ කෑගහන කොට දොදොලිව අඩි දෙක තුනක් පස්සට වීසි වෙලා ගියා...
මයෙ...ප්..පුතා.....
අම්මන්ඩි...මේන්..මේක අහගනින්.....මයෙ එකා ඔය තැන් තැන් වල ලැගලා වෙන උන්ට කියලා බඩවෙලා ආවෙ නෑ.....හැබැයි ..උඹලා මයෙ මැනිකෙ ගැන හොයන්ඩ කලියෙන් මයෙ මහ එකා උඹලා මෙහෙ ළඟින් ටික දොහට කී දෙනෙක්ගෙ බඩ උඩ නගිනවද කියල හෙව්වා නම් මං බොහොම මනාපයි අම්මන්ඩි....මයෙ අප්පගෙ නමට ඉන්නෙ මං විතරක් උනාට...ගිහින් බලාපන්...අටේ කෑල්ල වටේටම ඉන්නෙ අප්පා ලාම්පු නිවාපු ගෙවල් වල ඇච්චො තමයි....
මයෙ පුතා.....උඹලා ඔය....
ඇති අම්මන්ඩි ඇති....මගෙ කනට ඇහෙන්ඩ ආය ඔය පඩත්තර කතා දිග අරිනවා නෙවෙ....එහෙම උනොත්....ධර්මේන්ද්රන් හාමුගෙ හොර මායියලව බැහැ දකින්ඩ මං උඹව තකහනක් අටේ කෑල්ලට අරගන යනවා..... ආන් ඒක මතක තියන් මේ වහලය යට ඉන්නවා නම්...ඉදින් අම්මන්ඩි....නැත්තන්....යමල්ලා.....මට වෙන්ඩ ඕන කරන රාජ කාරි දැන් බාගෙට බාගයක් හමාරයි.....ආදරෙයි ආදරෙයි කියලා...මයෙ මායියා කියන්න වගේ...උඹලා හදන්නෙ තවමත් ඔය පෙකනි වැල එල්ලන් ඉන්ඩද ..ඒකෙන් වෙන්නෙ උඹටයි මටයි දෙන්නටම පිටගැස්මට එන එක...වලව්වෙ උන්නත් කාමරේ දොර වහන ඩිංගට තට්ටු බට්ටු දානව...එලියට ආවත් අරකගෙ හිත පුලුවන් තරන් තලනවා...දැන් මේ ඉස් ඉසරෝම එන්ඩ ඉන්න පැටියට කියාපු කඩප්පුලි කතාවම ඇහුවම...අට ඉහ මොල රත් වෙන්නෙ නැතුවද කියාපන් අම්මන්ඩි ...???
මං හිමීට මගෙ බෙල්ල ආපහු එලියට ගත්තා හැබැයි එතනින් මාරු නොවී කන් දීගන උන්නා...
මෙච්චරකල් කාපු පිට පරිප්පු වලන් ගානපාව නොදි උන්න ඉන්ධර් අවසානෙදි මහ එකිට හදවත් අමාරුව අල්ලන්ඩම කියලා දානකොට මං මීයා වගේ අහන් උන්නා.....
.ඇලිස් අම්මා...මක්කද උඹ කරන්ඩ යන්නෙ....
මේන් මේ කිරි ඩිංග පොඩි මැනිකෙට දෙන්ඩ...ආසාවෙන් බීපු කහයට එක ඉහමොලේ ගියා...පව් බඩ පපුව දනවා ඇති හොදටම........
අලිස් අම්මා එන්ඩ හදන්නෙ...දැක්කොත් හිතාවි මම ඕපදූප හොයනවා කියලා....නෑ...ඉතින්...පැටියා උනත් දැනගන්ඩ එපැයි අත්තම්මගෙ තරම.....
ඇලිස්....හදාපන් මටත් කහට එකක් ....බලු හුජ්ජ වක්කරනවා වගෙ නෙවෙ.....ඉගුරු දලා මටයි කැතරින් දුවටයි දෙන්නටම....
මැනිකෙ ඕන් හදාපු කහට උනුසුම් බෝතලේ තියනවා....
උනුසුම් බෝතලෙ තියෙන්නෙ දැන් හදාපුවද බොල...මං තොට කිව්වෙ දැන් හදන්ඩය කියලා.....
අනෙ මැනිකෙ.... කිව්වට අමනාප වෙන්ඩ එපා...දවල් බතට තව හෝරා කීයද ....මැනිකෙ මනාප නම්....උනුසුම්බෝතලෙ තියන කහට බොන්ඩ....අමනාප නම්...අනේ කරන්ඩ දෙයක් නෑ...මට බේබි හාමු අන දුන්නෙම අපෙ පොඩි මැනිකෙ ඇහක් වගේ බලාගන්ඩය කියලා....
ඇලිස්...ඇලිස්....ඇලි....ස්....උඹලගෙ බුරුල හන්ද මෙවුන් දැන් නගින්නෙ අපේ කරෙ ඉන්ධර්.....
ඇලිස් වැරද්දක් කිව්වෙ නෑ අපෙ අම්මා...මනාප නම් එහෙමයි...නැත්තන් එත් එහෙමයි .....
මං හැරුනා ..ඇලිස් අම්මා එනවා...ඇලිස් අම්මගෙන් තේ ඉල්ලපු දොදොලිට ආයම හම්බුනෙ කන අතගාලා කනෙ පාරක් වෙනකොට මන් කකුල ඉක්මන් කරලා කොරොඩෝව දිගේ එනකොට කැතරියා රතු මැනිකෙයි පුලුන් බෝල ටිකයි උන්න පට්ට පෙට්ටියට පයින් ඇන ඇන එලියට අදිනවා...අනේ උදේ වදාපු පූසිට මේකි දෙන වදයක්....
හිටපිය ..අද හිටපිය තොටත් දෙන්නම් බීපු රංකිරි පිට දාන්ඩ....හොර අරක්කු කාරි....
ශිහ්...මේ පූස් ජරහන්ත වලව්ව අස්සෙ තියාගන අයියන්ඩි කොහොම හුස්ම අල්ලනවද මන්දා...
යෑව්........
කට වහපිය.....තෝත් එනවද අර අංකුට්ටා වගේ යෑව් ගාන්ඩ....කට කඩනවා දැනගන්.....ඉන්දර් අයියන්ඩිට ඉනාවක් කවලද කොහෙද....
ඔව්...කැව්වා අම්මගෙ රෙද්ද.....කවලා පෙව්වෙ අරක්කු.....අනේ මට මේකිට අනින්න ඇත්නම් ඔය කොරල කට වැහිලම යන්ඩ...පරදේසක්කාරි මේකි.....
හිතෙ ඇති මගෙ ලපටියව අල්ලගන්ඩ...දෙනවා මගෙ බිබික්කමව තොට...නූල් සූත්තරී.....
කොරිඩෝව දිගේ ආව මං හිතින් බැන බැන ඇවිදින් රතු මැනිකෙට දෙස් තිය තිය යන කැතරියට කතා කෙරුවා...නිකන් නෙවෙ...අත් දෙකත් පිටිපස්සට බැදගනම....
.
කැතරින්...
....
මක්කද උඹලා ඔය උදේ වදාපු පූසිට පයින් ඇන ඇන කරන්නෙ කිව්වා නම්...
මක්කද කරන්නෙ අහන්නෙ.....මේ තිරිසන්නුන්ව වලව් ඇතුලෙ දාගන්නවද...ඇරත් ගන්දස්සාරෙ බෑ...අපේ ගෙවල් වල නම් මෙහෙම නෑ...තිරිසනා තිරිසනාමයි.....ඉන්ධර් අයියන්ඩි කොහොම වසනවද මන්දා ...අනිත් උන්ට නම් නහයවල් නෑනෙ....වැටිලා හිටපු තැනේ හැටියට...
පොඩි මැනිකෙ....
මං දත කට පූට්ටු කරන් බලන් ඉන්නකොට කිරි වීදුරුවක් අතේ අරන් එන ඇලිස් අම්මා දිහා බලලා මන් ආපිට කැතරියා දිහා බැලුවා
තියාපන් රතු මැනිකෙව ආපිට උන්න තැනටම....
මොකක්....උඹට පිස්සුද....
පිස්සුද නැද්ද කියන්ඩ මන් බලාගන්නම්...කැතරින්...මං උඹට කියන්නෙ ....රතු මැනිකෙ උන්න තැන...ඒකිගෙ උරුම තැන....තියාපන් ඒකි හිටපු තැනම....ඇරත්...මොකාද බොල තොට කිව්වෙ උදේ වදාපු පූසිව එලි දාන්ඩ කියලා.....????අනික....මටවත්.....මේ වලව්වෙ හාමුට වත් නැති රුදාවක් තොට කොහෙන්ද කිව්වා නම් ම්ම්ම්ම්...
පොඩි මැනිකෙ...ඇයි මේ...මක්කද කාරනාව...ඇයි මේ තරහෙන්...
.ඇලිස් අම්මා.....කියාපන් මෙ පිටින් ආව පාත රටේ එවුන්ට.....මේ වලව්වෙ මහ තැනගෙ මායියා මං වග....කියාපන් එවුන්ට....මේ වලව්වෙ වෙන්ඩ ඕනෙ මොන්වද....වෙන්ඩ නොවෙන්ඩ ඕනෙ මොනවද තීරනේ කරන්නෙ මං වග.....කියාපන්....මේ වලව්වෙ.....බඩුවක් මූට්ටුවක් එහා මෙහා වෙන්නෙ මගෙන් අහලා විතරක් වග.....ඔක්කොටම කලින් කියාපන්....තෙහස් ඉරුගල්බන්ඩාර හාමුගෙ මැනිකෙ මං බව.....එහෙව් එකේ...මයෙ වාහෙ ගැන නගාලා ඕනාවට වඩා හිත් කැක්කුම් කරගන්ඩ කාරි නෑ කියන එක තේරෙන සිංහලෙම්ම කියලා දියන් ඇලිස් අම්මා...
නගා නම්....නගාගෙ නෑකම් තියාගන නම්බු පිටින් ඉදලා...නම්බු පිටින්ම යන්ඩ කියාපන් ඇලිස් අම්මා...වැටිලා උන්න තැන ගැන ආඩපාලි කිව්වට මොකද...මගෙ දුප්පත් පැල තොගෙ අරක්කු ගුබ්බෑයමට වඩා දාහෙන් සම්පතයි බොල...ඇහුනද කැතරින් උඹට...වහාම...රතු මැනිකෙ උන්න තැනින් තියලා...අමුත්තො විදිහට නම් ආවෙ ඒ විදිහටම යන්ඩ පුලුවන් ...
ඇලිස් අම්මා...
අපෙ මැනිකෙ....
ලෑස්ති කොරාපන් අර අමුත්තන්ගෙ කාමර කෑල්ල....අමුත්තො කියන්නෙ අමුත්තො මිසක්....කුමාරි හාමිගෙ රාජකාරි වලටයි...වහෙගෙ දේවල් වලටයි අත ගහන උන්ට නෙවෙ.... මයෙ හාමුගෙ දේවල් වලට මං ඉන්නවා.....ආන් ඒක මතක තියාගන ඉන්ඩයි කියාපන් ඇලිස්...
එහෙමයි අපෙ මැනිකෙ...කැතරින්....ඇහුනනෙ....
සුගලා මැනිකෙ එක්ක නටන ජවුසන්....ලේ උරුමෙන් ආව මැනිකෙලා එක්ක නටන්ඩ බෑ...එව්වා ලේ වලින් එන ආඩම්බරෙ මිසක්....හිතින් මවාගන කටින් පනින පුස් ආඩම්බර කතා නෙවෙ....ඕන් ඔය පූසිව උන්න තැනට දැම්මා නම්....ඕකි පොඩි මැනිකෙගෙ හුරතලී.....ඇරත් හාමු හරි මනාපයි ඕකිට.....උඹලට අයිති රාජකාරිය ආව නම්...කෑවා බීව බලන් ඉන්න එක....තේරුනාද....කැතරින් නෝනෙ...
උඹලා ඔක්කොටම පිස්සු.....මං කතා කරගන්නම්කො...අයියන්ඩි එක්ක.....
🌼 ඔව්...කතා කරගන රෙදි නැතුව වරෙන්කො....ආය මට නම් මොකුත් කියන්ඩ එන්ඩඑපා "කැත" රින්.....!
🌼ආයම කොටසකින් එනකන්...පයිස්සමින් ඉදහල්ලා රත්තරනේ...
.
ආතරෙයි අප්පා...පපුව පැලෙන්ඩ
...මම ජොබී....vaz
Nedeesha