Cherreads

Chapter 10 - 10

අරුංගල් දෙකක්.....ඒක තනිම රත්තරන් ...

තත්පර ගානක් ඇතුලත මට මොනවත් කතා කරගන්න බැරි උනා.. .ඉන්ධර් හාමුගෙන් මං ඇහැව්වෙ රත්තරන් අඩුවෙන් තියන ගල් ඔබ්බවපු දෙකක්.....ගාන අඩුවෙන් ගියත් කන්දෙකේ පාලුව යවාගන්න අරුංගලයක් මට ඕනා උනෙ....වැටිලා ඉන්න වැටිල්ලට අරුංගල් දෙකක් කියන්නෙත් අපිට දිව්‍ය සැප සම්පත් වලට අයිතිවෙන ජාතියෙ දෙයක් වෙනකොට ඉන්ධර් හාමු සුද්දියට ගෙනත් තිබුන එකම එක ගලක්න්වත් ගෑවිලා වත් නැති පෙරාපු තනි රත්තරන් වලින් හදාපු අරුංගල් ජෝඩුව දිහා මං හුස්ම හිරකරන් බලන් උන්නා....

අතටත් බර දැනෙනවා.....මේක කොච්චරක් වෙයිද අම්මා....

මං අම්ම දිහා බලලා මන්චාඩි ගාන නොතෙරුම් කමට කොච්චරක් වෙයිද අහනකොට අම්ම සෑහෙන වෙලාවක් බලන් උන්නා....

පනහකට වත් කිට්ටු ඇති

අනේ...හාමුදුරුවනේ. ...

මට කෑගැස්සුනා.....ඒ විතරක් නෙවෙ.....එක පාරම හාමුගෙ වචන මතක් උනා...පිනට නෙවේය කිව්වා.....අතේ තිබුන අරුංගල් දෙක ආපහු පෙට්ටියටම දාපු මං ඉක්මනට නැගිට්ටා....

ඇසල....

නෑ ඕන් නෑ....ඒකිට හෙටත් කරපිංචා නැට්ටක්ම ගහලා ගෙට ගනින් අම්මා....මෙච්චර කාසි ගොඩකට ගත්තු අරුංගලයක් නිකන් දීලා ගියෙ පිනට නෙවේය කියන්න උඹට ඩිංගිත්තක් වත් තේරුනෙ නැතුවද අපෙ අම්මා?

ඇසලා...පුතේ ඔහොම නැවතියන්.....උඹ මක්ක කරන්ඩද ඔය දුවන්නෙ....

මං ආව පිම්මටම ගේ පිටිපස්සෙ පොල් වත්ත දිගේ ඉරුගල්බන්ඩාර වලව්වට දුවන්න හැදුවා වෙන මොකටවත් නෙවෙ...අනේ හාමු මේ තරම් කාසි ගොඩකට ගෙනාව අරුංගලේ දීලා එන්ඩ.....අම්මට කෙසේ වෙතත් අනේ මට නිකන් දර දිය අදින්ඩ වේවි....ගුනේ මාමා ගාව මැරුනත් දවසට පනමක් දුන්නත්..මේ පනස්දාහ ගෙවන්ඩ මං කීවංගියක් නම් නිකන් දාඩිය වපුරන්ඩද...

මේක ආපිට දීලා එන්ඩ....

අනේ පුතේ ....ඒකි දැකලා සතුටටම මැරෙන්ඩ ගියා..... මේකි මේක සියවතාවකට වඩා ඉම්බා...එක්කො..හෙට දාලා..ආපිට ගිහින් දෙමු...ඒකිව ගෙට ගන්නකොට .....කන් දෙක හිස් වෙලා ගිහින්...ඒකිටත් මගෙ වගේම.....

කමක් නෑ අම්මා.....ඉන්ධර් හාමුලා...මොනවා පිරිමහන්න බලන් දුන්නත්...මං කඹුරන්ඩ යන්නම්....

මට එක තත්පරේකට අම්මා පව් කියලා හිතුනා...සුද්දියා මේක සිය වතාවකට වඩා ඉම්බයි කියන වචන ටික මගෙ පපුව නොසෑහෙන්න පෑරෙව්ව....

අම්මා මම හැමදාම මේ දුප්පත්කම ගාව පුදුම තරම් අසරනයි....කබලෙන් ලිපට වැටුන අපි වැටිලා තියෙන්නෙ නිකන්ම නිකන් අලු ගොඩකටත් නෙවෙ...අලු යට හැංගුන ගිනි පුපුරු ගොඩකට.....

පපුව කොයිතරම් වේදනා දුන්නත් මං අවසානෙදි කන් දෙකටයි..අතටයි වඩා හිතට වඩා බර අර අරුංගල් කුට්ටම ආපිටම අම්මට දුන්නා....ශ්‍රී නදීකා ජුවලරි....රතුපාට පෙට්ටිය උඩ රත්තරන් පාටින් ලියවුන හැඩට ලියවුන අකුරු උඩට අම්මගෙ කදුලු වැටෙන්න කලින් මං ඉක්මනට ඒ ඇගිලි මං ඇතුලට නැවුවා.....

පොල් වත්ත මැදින් ආපිට ඉරුගල්බන්ඩාර වලව්වේ බේබි හාමුව හොයන් දුවන්න ගියපු මං ආපිට හැරුනා.....හැරිලා ගෙදරට එන්න කලින් අම්මගෙ අත අල්ලගත්තා ...

අප්පච්චිගෙ ඇස්වලට පේන්ඩ තියනවා නෙවෙ.....පපු පැලිලා මැරෙන්ඩ වෙන්නෙ උඹලටයි මටයි....

මං එන්න ආවා...අලුපාට වැල්ලෙ තැනින් තැන තනකොල මතුවුන පාගගන මං ජනෙල් පියන් වෙනුවට ඉටිකොල ගහපු කුසියට ගොඩවෙලා බත් කන්න කලියෙන් පුලුවන් තරන් වතුර බොන එක පුරුද්දක් හන්දම යකඩ ජොග්ගුව පිරෙන්නම මැටිකලෙන් වතුර එකක් දාගත්තා .....

වෙන මොකටවත් නෙවෙ.....

කන බොන කොට හැමදාමත් බඩෙන් බාගෙට කැවෙන හන්දම කන්න කලියෙන් වතුර ජෝගුවක් බීලා උන්නම බත් තියෙන්නෙ පොල් කටු හැන්දක තරමින් උනත් අර බීපු වතුර බුජම හන්දා බත් වලට ඉඩක් නැතිවෙන බව අපි දන්න හන්දා 

අපිකන හැටි ලිපා දනී.....

වතුර උගුරෙන් උගුර පහලට යනකොට හිස්වෙලා තිබුන බඩ දශමෙන් දශමේ ලොකු වෙනව එක්කම මං අහගන වාහනයක් ගේ ඉස්සරහින් නවත්තන සද්දෙ ඇහුනා...

මොකාද

මෙවෙලෙ....?

නන්දා ...

බේබි හාමු....

බිබික්කම.....

ඔව්මයි ....බේබි හාමු නේන්නම්.....

කටහඩ ඉන්ධර් හාමු නේන්නම්.....

මං වතුර ජෝගුව ලිප්කන්ද උඩ තියලා එහෙම්ම කුසියෙන් එලියට බැස්සා....වැට කඩුල්ල ගාව නවත්තලා තිබුන වාහනෙ මං ඇදින්නා..කටහඩ විතරක් නෙවෙ...වාහෙන්ත් ඉන්ධර් හාමුගෙ කියලා ඇදින්න මන් දොරකොඩ ගාවින් පොඩ්ඩක් ඉස්සරහට ආවා.....

කලුපාට කිරි කිරියට දිලිසෙන කාර් එක පුරාවටම මඩපාරවල්.....දූවිලි පාරවල් ...අද වැස්ස හන්දා කාර් එකම මඩ වෙලා....නැත්තන් බේබින්හාමුගෙ කාර් එක තියෙන්නෙ මූන බලන්න පුලුවන් කන්නාඩියක් වගේ....

මක්කට මෙවෙලෙ ආවද දන්නෙ නෑ...මං ලගට නොයා ටිකක් ඈත ඉදන් අහන් උන්නා.....බිබික්කමා මොන මොනවා හරි අම්මට කියනවා...ඒ කියන එකවත් ඇහෙන් නෑ....සින්දුවක් දාගන .....ම්න් කන්දීගන උන්නා ..හාමු කියන්නෙ මක්ක උනත් මට වැඩක් නෑ... ඒත් ලගකදි ඉදන් බේබි හාමු අහන්න පටන් අරන් තියන සින්දු නම්....අනේ මන්දා ..ඒවා තනිකරම භාවනාවන් වගෙ ...කාට කියනවද දන්නෙ නෑ හැබැයි...මොනවා උනත් සින්දුවල වගේම ....බේබි හාමුගෙ ආදරේ ඔය එක්ක එන මැනිකෙට නම් තියේවි උතුරන්න ... අපිට බිබික්කමා උනාට ..මැනිකෙට බිබික්කමා වෙන්නෙ නෑනෙ.....

පව් අප්පා...මොනවා උනත්.....ඔය කේන්දර වල තියනවයි කියන අපල කොඩි වින....ග්‍රහපාලු ඔක්කොම බොරුවක් වත් වෙලා බේබි හාමුට ඔය ගේන්න හදනවයි කියන මැනිකෙ එක්ක දීග කන්ඩ තිබුනොත්...

අඩුම ගානෙ බිබික්කමාගෙ මූනම්ගායවත් අඩුවෙයිනෙ.....ආපහු අර හන්තානෙට පායන හදයි ඇහැල ගසුයි බලන්ඩ පේරාදෙණි වත් යන්න යාවිනෙ... .

එක අතකට ඔය ගේන්න ඉන්න මැනිකෙට මං ජාතියක් ජම්මයක් නොදැන අනේ අපොයි කියනවා...ඔය කිව්වට කව්දැයි දන්නෙ මොන කුන්ඩාවලියක්ද කියලා...කටු ගෑවෙන බව දන්න හන්දා ලොකු මැනිකෙලා ඔය අතට අහුවෙන බෙලිකටු මල්ලක් ගෙනේවි..

අනේ අනේ. ...උන්දැගෙත් ආවතේව කම් කොරන්ඩ කිව්වොතින් එහෙම බේබි හාම් මාව දඩු කදෙ ගැහුවත් කමක් නෑ...මං නම් දමලා ගහලා යන්ඩ යනවා .....ඔක්කොම බිබික්කම් මගෙ කරේ නගින්ට මං බූරුවෙක් වෑ...

මං ඇහිබැම රැලි කරගත්තා ...ඉන්ධර් හාමු අතෙ අල්ල පෙන්න මොන මොනවදෝ අම්මට කියනවා...අම්මගෙ මුන බැලුවම නම් පේන්නෙ බේබි හාමු දොඩන මෙලෝ දෙයක් නොතේරෙනවා වගේ ....අම්මා එක්ක කතා කෙරුවත් ...අම්මගෙ පස්සෙන් ඉන්න මා දිහාත් සැරින් සැරේම බලාපු ඉන්ධර් හාමු නලල මිරිකගත්තා ...මොනවා නැතිකරන්ද මන්දා.....

ඇසල....පුතේ.....ඩිංගකට වරෙන්කො...

මේ හාමු මහත්තයා මොකක්ද නැති කරන්ලු.....

පස්ස ගගහා උන්න මං අනිත් පාර බේබිහාමු ලගට ගියා....දාලා තිබුන සින්දුව මොකක්ද කියලා හොයා ගන්න බැරිව උන්න මට අවසානෙදි සින්දුව ඇහුනා පුර පෝය හඳට... බොරු කියන්න ඕන නෑ .... හාමු කොහොම නපුරු උනත් හාමුගෙ තේරිම් නම් ඇස්වහක් කටවහක් නෑ....

මුතු මාලපටක් ගෙලේ බඳින දා....

සිත කෝල සිතුම් එබී බලම දා...

රෑ නින්ද නැතිව හීන දුටුව දා....

හිත ආදරයක බැඳුනිද මන්දා...

හිත ආදරයක බැදුනිද මන්දා ... ඒ වචන ටික මං නිකන් ධ්‍යානයකට සමවැදිලා වගේ අහගන උන්නා ඒතරම්ම ලස්සනයි.....මොනවා උනත් දෙවියො මේ මනුස්සයනව මවනවෙලාවෙ ඒ ස්වර තන්තු නම් හොදට සුසරකරල මවලා තියනවා....

ඇසල....

හ්..හාමු මහත්තයා .....

ආසයිද....

මොනවටද බේබි හාමු....

ඔය කියන එව්වට ම්ම්ම්...ඒකනෙ හුස්ම වත් අල්ලන්නෙ නැතුව අහන් ඉන්නෙ.....

මට ලැජ්ජා හිතුනා.....මට නොදැනුනාට බේබි හාමු මට දෙතුන් පාරක්ම කතා කොහෙද ඉතින්....මගෙ හිත සුනිල් මහත්තයා හොරකම් කරන් ගියානෙ.....

මක්කද හාමු නැතිවෙලා කියන්නෙ....

මං අම්මට නොතේරුන දෙය අහනකොට බේබි හාමු මේ මේ ගගා ඔලුව කැහුවා...

මේ....මේ...ඇසල මගෙ ලයිසන් එක දැක්කෙ නැද්ද....ඔය කොහෙ හරි වැටිලා තියනවා වත්....?

ලයිසන් එක.....?

ඔව්...ඩිංගක් බලපන් අර බෑග් එකේ.....ඕකටවත් වැටිලද කියලා ...

මොන දෙයියන්ට කියන්නද....හාමු ලයිසන් එක වට්ටන්ලු...දැන් ඕක නැතිව පුලුවනිද.....

ලයිසන් එක නෑ කියපු ගමන් මං ආපිට ගෙදරට දිව්වා...පිල්කඩ උඩතිබුන ඉටිබෑග් එක එහෙම්මයි....සුද්දිගෙ ඇදුම දෙපාරක් තුන්පරක්ම ගසලත් පනුවො පස්සෙ දුවන කුකුලා වගෙ සිය පාරකට වඩා මිදුල පහුරු ගෑවා.....ඒත් නෑ....එත් නැ...

බේබි හාමු...

මිදුල පුරාවටම ඔලුව නවාගන දුවාපු මං අනිත් පාර නැය කියලා කියන්න බෙබි හාමු දිහා බලනකොට එලියට බැහැපු බේබි හාමු මොකුත්ම නැති උනෙ නැහැයි වගේ දුම් පයිප්පයක් උරවන ගමන් පිස්සට හැතැප්ම නෑ වගේ දුවන මා දිහා බලන් ලාවට ඔලුව දෙපැත්තට වැනුවා....

.බිබික්කම....ඒක පරිස්සම් කරගන්න බෑ...අපිට වද දෙනවා.....

සුද්දියට දීපු දේවල් එක්ක කටින් බනින්න හිත හදාගන්න බැරි හන්දා හිතින් බැන බැන හාමු ලගට යනකොට අච්චර අපූරුවට සින්දුව කියවපු එදිරිසිංහ මහත්තයව බිබික්කමා එලවන් තිබුනා.....

ඇසල.....

බේබි හාමු....නැහැනෙ..මං මේ හතර කොනම බැලුවා ..

ම්න්..කාරි නෑ..

කාරි නෑ කියලා පුලුවනැයි බේබි හාමු...

කාරියක් නෑ කිව්වනෙ.....

....

මං මීක් නොගා උන්නා....මොනව කරනවදො මන්දා....ආවෙනම් පුග්ගින්න ගහලා වගෙ...දැන් ඉන්නෙ ලයිසන් එක තිබ්බත් එකයි නැතත් එකයි ගානට ඒ අස්සෙන් බඩ ගිනි...අත්තිවාරම කැපුවට පස්සෙ මගෙ ඇගේම පන ගියා වගේ...

ඇසල.....කඩ කෑමවලට මනාපද.....

කඩ කෑම වලට කිව්වෙ බේබි හාමු...ඔය.....අඩ අනම් මනම්ද.....වන්ඩු ලැවරියා....

ම්න් ..නැ.....

එහෙනම්...බේබි හාමු.....

කොත්තු වගේ...ඔය පිටි කෑමවලට.....ඇසල දන්නවනෙ මන් ඔව්වට මනාපනෑමයි කියලා ...

එහෙමයි බේබි හාමු.....මොකදැයි මං නොදන්නෙ....

ම්න්....

.බේබි හාමු දුම් උගුරක් ඇදලා හිමින් සීරුවෙ එලියට දැම්මා...කොත්තු කන්ඩාඅසද අහනවා....කව්ද දෙයියනෙ ඔය ජාති කන්ඩ අකමැති...ඒත් ඉතින් කොත්තු කඩෙ ගාවින් යනකොට ඒ සුවදට ඉව අල්ලන් ගෙදර ඇවිදින් තම්බලා තියන දෙයක් කනවා මිසක්කා...කොත්තුවක රස බලන්ඩ නම් පිනක් තිබුනෙ නෑමයි....දවසක් සුද්දියා ආසයි කියලා අම්මා බාගයක් අරන් ඇවිත් තිබුනා ....ඒවල ගිනි ගනන්.....ඒක ඒකිම දවස් දෙකක් කෑවා මිසක්කා අපි නෙවෙ කටක් ඉල්ලුවෙ....

ඒකි එදා ඒක කාපු හැටි දැක්කම බඩ පපුව දාලා යන්න ආවා...

බේබි හාමුගෙ පයිප්පෙන් එන්නෙ තනිකරම වැනිලා සුවද...කෝපි ගස්වල පිපුන කෝපි මල් දිහා බලාගන බේබි හාමු කියාපු කොත්තුව ගැන කල්පනා කරනකොට මං අහගන තවත් සින්දුවක් පටන් ගත්තා ...

මෙච්චර වෙලාම පයිප්පෙ උරවාපු බේබි හාමු පිටිපස්සෙ දොර ඇරලා සුදුපාට කොලේකින් ඔතාපු පාර්සල් එකක් ගත්තා ..

ඉදා...

මේ මොනවැයි හාමු...

පුසුඹ ඉව කරලා බලපන්...

මං හාමුගෙ අතෙ තියනකොට ඒ පාර්සලේ ඉව කරලා බැලුවා ....සුවදයි සුවදම සුවදයි ....ඒක..කොත්තුවක්....අරබේබි හාමු කන්න මනාපද ඇහුව කොත්තුවක්.....

සුවදයි .. 

මං හාමු දිහා බලලා මිමිනුව.....නෑ..මටත් කලියෙන් මගෙ කට ඉස්සරහට උනා.....

ගනිල්ලා එහෙනම් මේක.....

බ්..බේබි හාමු....

ම්න්...යාලුවෙක්ගෙ කඩයක් දාලා....මනාප නැති උනත් නොගෙන එන එක හොද නෑ....

මං ඉන්ධර් හාමු දිහා බලන් උන්නා...ඒත් ලොකු මැනිකෙයි ලොකු හාමුයි මනාපයිනෙ .....හාමු විතරනෙ අමනාප....

අරගන නොගෙනත් බෑ....ඉන්ධ්‍ර් හාමු ඒක අල්ලගන මගෙ දිහා බලන් ඉන්නකොට මං අවසානෙදි අත් දෙකෙම්ම කොත්තු පාර්සල් එක අතට ගත්තා වගේම ඉන්ධර් හාමුගෙ අත්වල ඇගිලි පහම මගෙ පිට අල්ලෙ වැදුනා....බේබි හාමු ලාවට වගේ හිනා උනා.....

කාලා බලලා ඉගන ගනින්...මනාප ගෙදර එව්වා කන්ඩ....

බ්..බේබි...හාමු....

ඇයි කිව්වෙ...උයන්ඩ පිහන්ඩ දන්නවය කියලා

ඒත් හාමු....මං....මේවා....

බැරි කමක් නෑනෙ ඇසලට...කරගැට ආවත්..ඔය අත්වලට පොල්කටු හැන්දත් අල්ලල පුරුදු වෙයන්.....උඹට අත් ගුනේ තියනවා....නන්දගෙ අත් පව්නෙ...ම්ම්ම්....

මං බලාගන උන්නා..මොනවා කියනන්දමට තේරෙන්නෙ නෑ.....ඒපාරබිබික්කමාට අම්මගෙ කෑම හොද මදිවෙලාද....අත් දෙක ගොරහැඩි උනත් පොල්කටු හැන්දත් අල්ලල පුරුදු වෙන්ඩ කියන්නෙ බිබික්කම මං ලව්වා උයව ගන්ඩවත් හිතන් ඉන්නවද දන්නෙ නෑ...

.බේබි හාමු

ම්න්.....

සුද්දිගෙ කලමනාවලට....

කාරි නෑ..හිත සතුටින් දුන්නෙ ඇසල....ගනින්...මං සල්ලි ඇහුවෙ නෑනෙ ම්ම්ම්..ඇයි මෙ කලබල වෙලා උඹ...

එහෙම නෙවෙ බේබි හාමු...අර අරුංගල් දෙකේ නයපියවන්ඩම...දුප්පත් මං කී කාලයක් නම් ගන්ඩද.....ඇරත්..ඒකි ඒක සියවංගියක් විතර ඉඹලා බැලුවලු.....එච්චරත් කරපු එකීගෙන් මට ඒක උදුරන්ඩ හිතෙන් නෑ හාමු....මේවා පපුවට හරි බරයි... . ඒකි දැන් ඉන්නෙ නාන සිහියෙන්....වෙන මොකටවත් නෙවෙ....හාමු දුන්න ඇදුම ඇදගන්ඩ.....මංදා...මේ නයවල් මන් කවදා ගෙව්ලා ඉවර කරන්ඩද කියලා ...

තත්පරේකින් කදුලු නාලිකා පනගහපු ඇස් වල කදුලු පටල ඝන වෙයි කියනබයටම මන් ඇස් දෙක එහා මෙහා හැරෙව්වා.....අරුංගල් දෙකයි....ගවුමයි හන්දා මගෙ හිතටත් සැනසීමක් තිබුනත්...ඔච්චර කාසි ගොඩක් හොයල.මං නයපියවන්නෙ කොහොමද කියලා හිතනකොට මගෙ පපුව හැහෙන්න ගත්තා වගේම තොර තෝංචියක් නැතිවම කියවන මං දිහා අත් දෙකත් පිටිපස්සෙ බැදන් උන්න ඉන්ධර් හාමු බලාගන ඉදල ඉදලා අවසානෙදි අර පුරුදු විදිහටම ලාවට ඔලුව දෙපැත්තට වනන ගමන් එක පාරම මගෙ නිකටින් අල්ලන් ඇස්වලට එබුනා...

මුව පැටියෙක් වගේ....අහිංසකයි...

බ්..බේබි හාමු...

මොනවා උනාද කියන්න මන්වත් දන්නෙ නෑ....කොයිවෙලෙත් තරහගන්න ඉන්ධර් හාමු මේ ලගකදි ඉදන් මෙහෙම වෙනස්වෙච්ච හැටි මටම අදහගන්න බැරි වෙනකොට ඒ ඇස් තවමත් මගෙ දිහා බලන් උන්නා...එදිරිසිංහ මහත්තය සුසර කරාපු තනුවෙ කෙරවලටම මුදුන් කොටුව නෝනත් අලුත් තනුවක් දාගන වචන ගොඩකින් වෙනත් ලෝකයක් මැව්වා.....

සිනා පිපෙනා...මේ වසන්තය

නෙලා දෝතින් මලක්සේ.....

මගෙ ලොව වෙත ඔබයි ගෙන ආවෙ....

සිනාසී.....ඔබයි ගෙන ආවෙ.....

වසන්තය.....මලක් සේ.....

 බේබි හාමු...

ඉන්ධර් හාමු යන්න ගියා...නැති උන ලයිසන් එක වෙනුවට තවමත් රස්නෙ ගහන කොත්තු පාර්සලයක් ගෙනත් දීපු බේබි හාමු යන්න ගියා ...

බිබික්කමට මක්ක වෙලාද මන්දා ....ලයිසන් එක නෑය කියලා ගානක් වත් නැතුව ගිය ලස්සන...අපිව නම් මැරේවි

ඇසල....පුතේ 

කියන්න අම්මා....

උදේට සුදුමල් දෙකතුනක් කඩලා දියන්

හ්ම්ම්ම්....

බේබි හාමුට පින් සිද්ද වෙන්න අද නම් බඩෙ හිඩැස් නැති වෙන්නම කෑවා...කවදාවත් බත බුලතින් නම් අඩුවක් වෙන්න එපා....සීවලි හාමුදුරුවන්ගෙම පිහිටයි ...

මං උන්නෙ පිලේ....අම්මයි සුද්දියයි සාලෙ...අදත් කකුල් දෙකෙන්ම ආව අප්පච්චි අම්මා හදාපු වැලි තලපෙක රහ බලලා අවසානෙදි අම්මා අතට සලාක මල්ලක් දීලා තිබුනා.....අවුරුදු ගානකට පස්සෙ .....අනෙ අප්පච්චි අල ළූනු ගෙනවිත් තිබ්බා .....නොබී ඉන්නවා නම් මේ මනුස්සයා කොයො තරම් හොදද.....

පැදුරු කඩමාල්ලෙ ගුලිවෙලා උන්න මං එහා කොනෙ බූරු ඇදෙ උන්න අප්පච්චි දිහා බැලුවා ....නින්ද ගිහිල්ලා ...ගොරවනවත් එක්ක....

ඉදහිටක එහා මෙහා කැරකෙන හුලන් රැල්ලක් ඇවිදින් ගහකොල ඔක්කොම නලවන් යනකොට මිදුලට ඇවිදින් තිබුන හඳ දිහා මන් බලන් උන්නා....ඊයෙ රෑ රේඩියො එක දාපු හන්දා අද දාන්නෙ නෑ....දිගටම දැම්මොත් ඉක්මනටම බැට්‍රි බහිනවා .....කමක් නෑ තව ඩිංගෙන් ඇස් පියවෙන එකනෙ. ...

මං ඔලුවෙ ඉදන් පොරවගත්තා...ආයමත් ඇස් දෙක විතරක් එලියට දැම්මා..අලුපාට මිදුලට හද එලිය වැටිලා පින්තාලිය පවා හඳ එලියෙන් නෑවිලා තියනකොට ඉබේටම ඉන්ධර් හාමුව මතක් උනා වගේම හාමු අල්ලපු මගෙ නිකට මමම අතගෑවා ...

මක්ක වෙලාද මන්දා ....

පිස්සු හැදීගන එනවා වත්ද...

බිබික්කමට පිස්සු හැදිලා ඉවර වෙනකොට අපිත් පිස්සො වෙනවා....ඇස් දෙක විතරක් එලියට දාන් උන්න මං ඈතම ඈතින් අහුන බස්සගෙ ඈඩියාවත් එක්කම ඔලුවෙ ඉදන් පොරවන් ඇස් පියාගත්තා .....

තුරුනුවන්ගේම සරනයි රත්තරනේ උඹට.....

මහපොලවට තවමත් ඉරපායලවත් නෑ....පිපුන වතුසුද්ද අහුරක් එක්ක සේපාලිකා රොත්තක් වගේම වෙද ගෙදරින් ගෙනාව බෙහෙත් දාපු මැටි කලෙන් පලවෙනි වතුර එක දාන හැටි මං අහන් උන්නා.....මැටි කලෙ පොලවෙ ගහන හැටි....කලෙ බිදිලා යන හැටි මං අහන් උන්නා....

මගෙ සුද්දියා ලමිස්සියෙක්....ඒත් ඒකිගෙ ලමිස්සි කම් නෙවෙ ....මට නම් තාම ඒකි පරන කෙල්ලම වෙද්දි මේ උදේ පාන්දර සීතල වතුරෙන් නාවපු තරහවට ඒකි උදෙම්ම හූ තිබ්බා....ලමිස්සි කම පෑලදොරෙන් පැනලා.දුවන හැටි මං බලාගන උන්නා....

දැන් ඉතින් කපාපන් ඔය කිරි අත්ත....

වප් පිහියක් කොස් ගහේ ගහලා තියනකොට සුදුරෙද්දෙන් වහන් උන්න ඒකිට අම්මා කිරි ගහට කොටන්න කියනකොට ඒකි කොස් අත්තට කොටන හැටි මං බලාගන උන්නා...

අප්පච්චි ත් බලන් උන්නා...මාත් බලන් උන්නා....ඊයෙ පෙරෙදා ජනේලෙ එල්ලීගන කෑගහපු සුද්දියට තටු ඇවිදින් තිබුනා...සුදු පිරුවටෙන් වහපු කෙල්ලව අම්මා ගෙට අරගන ගිහින් ආපහු එක්ක ආවෙ බේබි හාමු දුන්න ගවුමත් ඇදගන අරුංගල් දෙකත් දාගන වෙනකොට අනේ මට ඇඩෙන්න ආවා...

ඉනෙන් පහලට වැටෙන අක්බමරු කොන්ඩෙ.....හිනා වෙනකොට වල ගැහෙන කම්මුල් .....එකම එක නලදතක් එක්ක නිකට ගාව තියන උපන් ලපය....මගෙ සුද්දි කියන්නෙම දැන් වෙනදටත් වඩා ප්‍රවේසම් බලාගන්න ඕනා පිච්චි මලක් වෙනකොට ....අම්මා උදෙ පාන්දර නැගිට හදාපු ඉඹුල් කිරිබත...වැලිතලප එක්ක තියාපු අලුවා පිගාන් මැද තිබුන මැටි පහන සුද්දි අතින් අවුලනකොට මං ඒකිගෙ මූන බලන්න ආසාවෙන් උන්නා....

අම්මා සුදු රෙද්ද අයින් කෙරුවා ....තෙත කොන්ඩෙ කූරු ගැහිල ගිහින් මුදු මුදු කොන්ඩෙ වතුරට දිගෑරිලා තවත් දික් වෙලා තිබුනා.....ඒකි මේ දවසට දෙකට ලස්සන වෙලාද මන්දා ...

අප්පච්චිට වැදපන් පුතෙ...

සුදු පසුබිමෙ කහපාට සූරිය කුසුම් පිපුන ගවුම ඇදන් සුද්දි ඇවිදින් අප්පච්චිට වැන්දා...අප්පච්චිට කියන ගාඨාව නොකිව්ව ඒකි අම්මා කියන්නත් කලින් ඊලගට වැන්දෙ මට වෙනකොට අප්පච්චිට නොකිව්ව ගාථාව මට කියනකොට මගෙ පපුව පැලෙන්ඩ ආවා....

ඒකි දන්නවා ....අප්පච්චි ගෙ බර පවා අදින්නෙ ඒකිගෙ අයියා කියලා ...

උඹට තිස්තුන්කෝටියක් දෙවියන්ගෙම පිහිටයි මගෙ නංගි...හැමදාම සතුටින් ඉදපන් මේ හිනාව වෙනුවෙන් උඹගෙ අයියා හැමදාම ඉන්නවා සුද්දි....

ලමිස්සියක් උන මගෙ නංගිව මන් තුරුල් කරගත්තා ..

ඇසල...පුතේ..මේන් මේක වලව්වට දීලා වරෙන්කො....

මහපොලවට ඉර එලිය වැටිලා...පින්තාලිය පිරෙන්න වතුර දාපු මං ආපහු ඇතුලට ආවෙ අම්මගෙ කටහඩත් එක්ක...තනි සුදු වීදුරු පිගාන සිය වතාවක් විතර හෝදපු අම්මා වලව්වට කෑම පිගානක් දුන්නා....වෙනමොකටවත් නෙවෙ ...හාමු දුන්න දේවල් හන්දා .ඇරත්.....ඒ වලව්වෙ බත් අම්මා අම්මම උනහම උන් නොකා ඉදීද ....

පත්තර පිටුවකින් වහගත්තු කැම පිගානත් අරගන මං පොල් වත්ත මැදින් ඉරුගල්බන්ඩාර වලව්වට හෙමින් හෙමින් ගොඩ වෙනකොට බිබික්කමගෙ කාමරේ ජනෙල් පියන් තවමත් වහලා තිබුනා ...ලොකු මැනිකෙගෙ නොදරුවා නිදි ඇති මයෙ හිතේ....

ලොකු මැනිකේ.....

පහල කුස්සියෙ ලයිට් ඇවිලෙනවා අනිවාර්යයෙන්ම ලොකු මැනිකෙ කිරි හදන්ඩ ඇති...

ලොකු මැනිකේ....

මං දෙවනි පාරත් කතා කෙරුවා ....තුන් වෙනි පාර කතා කරන්න කටගන්නවත් එක්ක කහපාට නයිට් ගවුමෙ හවුස්කෝට් එක හදන ගමන් ලොකු මැනිකෙ කුසියට ආවා....ආවා විතරක් නම් මදෑ.....මාත් එක්ක හිනාත් උනා....

වහී අද...

ආ මේඇසල කොලුවනෙ....

මැනිකෙ....මේක....

ආ කෙලිව නෑව්වද...

එහෙමයි මැනිකෙ .....

පොඩ්ඩක් හිටින්.....මං ලොකු හාමුට කතා කරන්ඩ....

හොදමයි මැනිකෙ....

ඕන් ඔහොම්ම වරෙන්කො...ඇතුල් කුසියට .....

හොදමයි මැනිකෙ....

අපෙ මහත්තයා ....අපෙ මහත්තයා ....

මං අතෙ තිබුන පිගාන ඇතුල් කුසියෙ මේසෙ උඩින් තිබ්බා ලොකු මැනිකෙ ලොකු හාමුව හොයාගන යනකොට බිබික්කමගෙන් මීක් සද්දයක් නැති උනා...

නිදිඇති....මැනිකෙගෙ රන්කද ....

ආ...මෙ ඇසලනෙ...

.ලොකු හාමු .....

ඇසල...

බ්..බේබි හාමු....

මං හිතුව වැරදි ....බිබික්කම නැගිටලා...ලොකු හාමුයි බේබි හාමුයි දෙන්නම අත් බැදගන හිටගන්නකොට ඇතුලෙ ඉදන් ආව ලොකු මැනිකෙ මගෙ අතට දුඹුරු පාට ලියුම් කවරයක් දුන්නා...

මේන් මේක සුද්දිට...කියාපන් ලොකු හාමු දුන්නය කියලා

එහෙමයි මැනිකෙ.....අනෙ ස්තූතියි ලොකු හාමු...

හ්ම්...හ්ම්....

මං අර ලියුම් කවරෙ අත් දෙකෙම්ම ගන්නකොට මං බලාගන ඉන්ධර් හාමු මගෙ දිහා බලාගන උන්නා...

ඇසල ..

ලොකු හාමු.....

අම්මට පනිවිඩයක් කියන්ඩ තියනවා ....

අම්මට...

හ්ම්.....

අත් දෙකත් පිටිපස්සට බැදන් උන්න ලොකු හාමු කුසියෙ දොරකොඩට යනගමන් පනිවිඩයක් කියන්න තියනවා කියනකොට මං බලාගන බිබික්කම අලුවා කෑල්ලක් උස්සන් ආපහු ගෙට යනවා ....

පුලුවන් වෙලාවක මේ පැත්තෙ ඇවිදින් යන්ඩ එන්ඩයි කියපන්කො...නෑවිදින් ඉන්ඩ එපා කියාපන් වැදගත් කාරනාවක්

එහෙමයි හාමු ලොකු හාමු...මං කියන්නම්.....

ඒ එනකොට උඹගෙ වෙලාපත්කඩේ ගේන්ඩ කියාපන් ...

මගෙ???වෙලාපත්කඩේ ....??

.ම්ම්ම්ම්...

....

🌼ආයම එන්නාම්...

පයිස්සමින් ඉන්ඩෝ....

මම ජොබී...

Nedeesha !

More Chapters