Cherreads

Chapter 2 - 02

අයියෙ...

මේක ළඟ තියාගනින්...කොහෙවත් යන්න කරන්න එපා...එලි පහලියට එබිලා බලන්න යන්න එපා සුද්දි මේක තියාගනින්....

මං සුද්දිගෙ අතට වප් පිහියක් දීලා එලි බැස්සා ....

කෙල්ල තනි වෙයිද... 

මට අම්මට නොකියත් බෑ...ඒකිව අරගන ගිහිනුත් බෑ.....කරන්න ඕන මොනවද දන්නව උනත්.....අයියෙක් විදිහට කියලා දුන්නත්...ඒකිට මම කිලි උනොත්....

මං මිදුලට බැහැලත් ආපහු ගේ දිහා බැලුවා...

හාමුලාගෙම වත්තෙ කෙරවලක තිබුන ලයිටුත් නැති අපේ ගෙදර දැකපු මට පපුවත් එක්ක මොකක්ද උනා....

අප්පච්චිගෙ බේබදු කම හන්දා අපි තැලෙන තැලිල්ලක්.... ලයිට් බිල ගෙවගන්න පනමක් නැති වෙන තරමට අපි හිගන්නො උනා.....කන කර බඩු හැමදේම ගිනිවතුර විකුනන ගෙදරට දිදි අප්පච්චි පුලුවන් තරම් ගිනි වතුර පැලුනා..නොදුන්න දාකට අම්මා පුදුම විදිහට ගුටි කෑවා....මට තවත් නම් අම්ම ගුටිකන දිහා මේ වගෙ නම් බලන් ඉන්න බෑ...අනික සුද්දි ලමිස්සියෙක් කියන්නෙ...අප්පච්චිට ඔලුව හිල් වෙන්ඩ ඇනලා හරි කියන්න ඕනා බේබද්දො එක්කන් හතර මායමක නම් එන්ඩ ඉඩ තියා ගන්ඩ් එපාය කියලා....මරලා හංගනවා කොයන්න ඕන....

සුද්දි...මං ඉක්මනට එන්නම්...

මං වැටකඩුල්ල පැනලා අක්කර ගානක් ලොකු පොල් වත්ත මැදින් දුවන්න ගත්තා.....

අම්මා මෙවෙලෙ අනිවාර්යයෙන්ම පිටි කොටන බව දන්න මං වෙන කොහෙවත් නොයා කෙලිම්ම පරන කුස්සියටම දුවන්න එකම පිම්මට අක්කර ගානක් ලොකු පොල් වත්ත මැදින් ඉරුගල්බන්ඩාර වලව්වට දිව්වා.....තනිම කොලපාටට වැවුන තනකොල තනිකරම පැදුරක් එලුවා හා සමානව තියනකොට පොල්ගස් යට දුසින් ගනන් හුලු අතු තිබුනා...මී ගෙඩි තිබුනා....අතරින් පතරනම් පොල් ගෙඩිත් තිබුනා.....අතරින් පතර පොලයක් තිබ්බ හැමදවසකම හොරාවට පොල් ගෙඩියක් අරන් ගෙදර දුවන මම රෑ එලිවෙනකම්ම පොල් ගෙඩිය අරන් ආවට පන බයේ ගැහුනා....

මොකද ..ඉරුගල්බන්ඩාර හාමුදුරුවො වගේ නෙවෙ මහ මැනිකෙ....පොල්ගෙඩියක් වෙනුවෙන් දඩු කදේ ගස්සන්න තරමට ලෝබ ගෑනි.....කවදාවත් වලව්ව ඉස්සරහින් ගෙට ගන්නෙ නැති...හැමදාම පස්ස දොර විතරක් කැප උන අපි මහ මැනිකෙගෙ ඇස් වලට හිගන පැටව් උනා...

අප්පච්චි ගෙ බේබදු කම හන්දම අපූරුවට තිබුන ගේ පොඩ්ඩ...කුඹුරු කෑල්ල සදහටම වලව්වට සින්න වෙනකොට අපේම කුඹුරෙ අපි අදගොවියො උනා...මේ ඔක්කොටම මුල අප්පච්චි ...

අම්මා ....

අම්මා....

හිතට එන ජාති ජාති දේවල් කල්පනා කර කර ඉරුගල්බන්ඩාර වලව්වට දුවාපු මං කෙලිම්ම පිටිපස්සෙම තියන කුසියට දිව්වා....

අම්මා...

අම්ම නෑ...ලී වංගෙඩිය තවමත් පිටි කොටාපු තැන වෙනකොට ලිප උඩ වතුර මුට්ටියක් පැහෙන ගමන් තිබුනා.....

අම්මා.....ඔයා කොහෙද අම්මා....හදිස්සියක්...

මං කුසියෙන් එලි බැහැලත් කෑ ගැහුවා...දරකෑල්ලක් කඩන්න එලි පහලියට ගියාද බැලුවා..ඒත් නෑ...අවසරයක් නැතුව උඩ කුසියට අඩියක් ගහන්නත් තහනම් උනත් අද නම් මට මැනිකෙගෙන් ගුටිකන්න බලාගන හරි උඩ කුසියට දිව්වා...

අම්මා.....

ඔයා කෝ...

අම්මා.....

අම්මා.....

මම දොරකොඩ ඉදන් කෑ ගැහුවා....මෙච්චර හදිසි වෙලාවලවකවත් අම්මා නැති වෙනකොට මට අම්මත් එක්කත් හීනියට වගේ තරහා යාගන එනවත් එක්කම මං උඩ කුසියෙන් වලව්ව්‍ර් ඇතුලට යන දොරකොඩත් පන්නලා අතුලට යන්න හදනවත් එක්කම මාව කාගෙ හරි ඇගක හැප්පුනා...ඒ එක්කම වීදුරුවක් කුඩුවෙන සද්දෙකුත් ආවා...

අනේ.....දෙ...වි....

හුල්ලන්න ගියපු මට හූල්ලගන්න බැරි උනා.....කුඩු උන පීරිසි කෝප්පෙ කටු සීසිකඩ යනකොට ඇතුලෙ තිබුන තේද කොහෙද බිම පුරාවටම ඉහිරිලා ගියා...

තවමත් එහාට කරගන්න බැරි උන දොර රෙද්ද ඒ විදිහටම තියානකොට දොර රෙද්ද එහාට වත් නොකරම එහා පැත්තෙන් ඉන්නෙ කව්ද කියන්න මං ඒ කකුල් දෙක දිහා බලලා අදුනගත්තා .....

ඉන්ධර් හාමු...අනෙ දෙවියනේ මං ඉවරයි...මේ මනුස්සයා මාව මරාවි දැන්....

උඹ මොන සිහියෙන් මොන මගුලෙ යනවද

අනේ..හාමු....සමාවෙන්න ...හිතලා කරාපු දෙයක් නෙවෙ හාමු...

හිතලා කරාපු දෙයක් නෙවෙ...හහ්..

මාව රත් උනා....නංගි කොටහලු උන පනිවිඩේ කියන සිහිය මිසක්කා මම යන්නෙ කොහෙද කියන්නවත් මට නිච්චියක් නැති වෙනකොට දොර රෙද්දෙන් එපිට ඉදන් පුරුදු විදිහටම සැර උන ඉන්දධර් හාමු එක පාරම දොර රෙද්ද අහකට කෙරුවා .....හිතුවා වගේම කොයි වෙලෙත් යකා වගේ ආවේස වෙන හාමු රවාගන ඉන්නකොට ඇදන් උන් සුදු කමිසෙ පුරාවටම කෝපි කහට හිටලා තිබුනා.....

අනේ සීවරන් දෙයියනෙ.....

බලාපන් ...උඹගෙ කෙරුවාව.....

අනේ හාමු...

අනෙ හාමු...අනේ හාමු කිව්වට දැන් හරියනවද...ඇදලා හෝරාවක් යන්න හම්බුන් නෑ....උඹ මේක කෑවා...ගිලලා ගිලලා තෙලෙ වැඩිවෙලාද උඹට?

හාමු..හිතලා කරපු දෙයක් නෙවෙ....

කට වහපන් ..උඹ දැන් මම කියන වචනවලට උත්තර බදින්නත් එනවද...උඹට මොන හයියක්ද ඇරත් මගෙ මූන දිහා බලාගන කතා කරන්ඩ...ගිරිය පුප්පන් කෑ ගගහා දුවන්ඩ උඹට මේක අම්බලමක් වගෙ පේනවද ?චාරයක් නැති උන්...

මං බිම බලාගත්තා.....අවසරයක් නැතුව ඒ මූන පවා බලන්න තහනම් කරලා තිබුන ඉන්ධර් හාමු අපි කියන්නෙ පයට පැගෙන දූවිල්ලක් තරම් වත් වටින් නැති උන් කියන්න හාමුගෙ වචනවලින් ඕනාවටත් වඩා තේරුම් යනකොට අඩියක් දෙකක් පස්සට ගියපු මන් බිම බලාගන උන්නා ...චාරයක් නැති උන්....

ඒ වචන කොච්චර නම් බරද.....

ඇසල....

හාමු...

ඔලුව උස්සලා ඒ මූන බලන්නවත් අවසරයක් නැති මං බිම බලාගනම ඇහෙන නෑහෙන ගානට උත්තර බැන්දා...

ගනින් මේක හෝදපන් මේ දැම්ම...ලේබල් එක කඩපු උනුසුම වත් ගියෙ නෑ....අත් දෙකෙම්ම හොදට අතුල්ලලා මේ කහට පැල්ලම් යවලා මිසක්කා....උඹ මගෙ ඇස් පලාතෙ එන්ඩ එපා....

සුදුපාටට හුරු අත් දිග කමිසයක් ගුලිවෙලා ඇවිදින් මගෙ මූනෙ වදිනවත් එක්කම මම කමිස පාර කාගනම ඇස් පියා ගත්තා ....ඒ තරම් සැරට හාමු මට කමිසෙන් දමලා ගැහුවා....

හොදමයි හාමු...

දැන් පලයන් .....තව එකක් යන්න කලින් මෙතනත් සුද්ද කරලම පලයන්.මොකද උඹට බිදින්නයි මම අස්කරන්නයිද

හොදමයි හාමු....,හාමු.....

මොකද....

මං අතේ තිබුන කමිසෙ අත් දෙකෙම්ම මිරිකගන කහට පැල්ලම්.යවන්නෙ නැතුව පැත්ත පලාතෙ එන්න එපාය කියලා මාව එලවගත්තු හාමුට ආපහු පාරක් කෙදිරි ගෑවා....

අපෙ අම්මා.....අම්මා ඉන්නවද හාමු

....

අම්මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද .....ලොකු හදිස්සියක් ....

මං බිම බලාගනම අම්මව ඇහුවා...කොච්චර හදිසි උනත් මෙතනින් එහාට මට හදිස්සි වෙන්නබැරි වෙනකොට අන්ත දුප්පත් උන මම තියන අසරන කමටම ඉන්ධර් හාමු ගාව කොදු නමාගන උන්නා ....

ඔලුව උස්සලා බලපන්.....

මන් හිමින් සැරේ ඔලුව උස්සලා කිසිම වෙලාවක හිනාවක් නැති ඉන්ධර් හාමුගෙ නපුරු මුන දිහා බැලුවා....අම්මා කියපු විදිහට හාමුට දැන් හතලිහටත් ලගලු.....

සුද්දි කිව්වත් වගේ මේ මිනිහට කසාද හරියන්නෙ නැති නිසා වෙන්න ඇති කොයිවෙලෙත් පුප්පන්නෙ....

මොකක්ද උඹට මේ වලව්ව දෙක කරන්න තරන් තියන හදිස්සිය?

එ පනිවිඩෙ අම්මට කියන්න ඕනෙ හාමු...අනේ හාමු අම්මා ඇතුලෙ ඉන්නවද...

නෑ...අම්මා මෝලට ගියා....

අනේ...

මගෙ ගාව හිටන් උන්න ඉන්ධර් හාමු යට බැනියම පිටින් අත් දෙක පිටිපස්සට බැදගන්න ගමන් අම්මා මෝලට ගියා කියනවත් එක්කම මට අනේ ගාලා මිමිනුනා එක්කම මං බලාගන නපුරු හාමුගෙ ඇහිබැමක් උඩ යනවා...

කියපන් කාරනාව මොකක්ද?

කියලත් බෑ නොකියත් බෑ...අම්මත් නැති වෙලේක අම්මා එනකන් වත් මං මොනවා කියලා කරන්නද???

ඉන්දධර් හාමු....සුද්දි ගෙට උනා...නෙ

.......

මේ දැන් හාමු...අම්මව හොයන් දුවන් ආවෙ ඒකයි.....

මෙහෙ දීපන් ඔය කමිසෙ...

.....

සුද්දි තනියෙන්ද දැන්?

එහෙමයි හාමු...

උඹ කෙල්ලගෙ අතට මොකක් වත් දුන්නෙ නැද්ද

දුන්නා හාමු

ම්න්.....දැන් පලයන් ගෙදර ....අම්මා ආවම මං එවන්නම්

..

එහෙමයි හාමු...අනේ පින් හාමු.....පුලුවන් තරම් ඉක්මනට අම්මට එන්න කියන්න එහෙනම්...

මං කොදු කඩාගන පින් දුන්නා....අපි මේ වලව්වෙ මිනිස්සු ගාව දෙකට නැවෙන විදිහට පන්සලේ ලොකු හමුදුරුවො ගාවවත් අපි වැදගන ඉන්නෙ නැතුව ඇති....අතේ තිබුන ශර්ට් එක ආපිට උදුරගත්තු ඉන්ධර් හාමූනේ දිහා බලාගන දත් මිටිකාගන ඉන්නකොට මං හිමින් සැරෙ එන්න හැරුන උනත් ආයමත් ඒ නපුරු හාමු මට කතා කෙරුවා

ඇසල.....

ඉන්ධර් හාමු....

උඹ දැන් ගිහින් අම්මා ආවම වරෙන්...මගෙ කාමරෙ අස් කරවගන්න ඕන....

හාමු....ඊයෙ...හැන්දෑවෙ නෙ අතුගැවෙ...

අදත්.....

උඹට ඒ පන්ඩිතකම් වලින් වැඩක් නෑ ඇසල.....කරන්න ඕන දේඑපා දේ තීරනේ කරන්නෙ මම මිසක් උඹ නෙවෙ අන්න ඒක තේරුම් ගනින්,මෙතන මමයි හාමු උඹ වැඩකාරයා ...උඹට කරන්ඩ බැරි නම් උඹ ලව්වාකරවන හැටිත් මං දන්නව...ඒක හන්දා මගෙ කාලෙයි උඹගෙ වචනයි නාස්ති නොකර කිව්ව දේ ඇවිත් කරපන් දැන් මගෙ දෑහට නොපෙනි පලයන් යන්න මෙතනින්

හ්..හොදමයි....හාමු

හාමු මහත්තයා යන්න ගියා.....පයට පෑගෙන දූවිල්ලක් තරමට වත් මායිම් නොකරන අපි මේ වලව්ව අස්සෙ නොසෑහෙන්න තැලුනා..අප්පච්චි ගෙ බේබදු කම හන්දම මැනිකේගෙන් නොසෑහෙන්න හිත බිදෙන කතා ඇහුවා.....බිදුන හිත වචනෙකින් හරි හදන්න උන්නා නම් ඒ ලොකු හාමු විතරක්ම වෙනකොට බේබි හාමු....එහෙමත් නැත්තන් ඉන්ධර් හාමුගෙන් නම් අනුකම්පාවක් කියන දේක නාමයක් ගන්න බැරි උනා....

බිම පුරාවටම කෝපි .....අලුත්ම පීරිසි කොප්ප කුට්ටම..ලොකු මැනිකෙ දැක්කොත් පන යනවා.....ලොකු මැනිකෙට නෙවෙ අම්මා දැක්කොත් අම්මගෙත් පන යනවා....මේවා ඒතරම් පරිස්සම් කරනවා..ඒත් ඉතින් ඉන්දධර් හාමුට අර ඉවසගන්න බැරි ඔලුවෙ රුදාව අල්ලපු දාට යන කේන්තිය එක්ක පොලවෙ ගහන්නෙ නැත්තෙ මහ මැනිකෙවයි හාමුවයි විතරයි....ඒ තරම් උන්දට කේන්ති යනවා....

සීවරන් දෙයි හාමුදුරුවනෙ....කොල්ලා.....උඹ මක්කද මෙතන කරන්නෙ බොල...

ආ...අව්හ්....ල්..ලොකු මැනිකෙ....

ලොකු මැනිකෙ....ලොකු මැනිකෙ තමයි බොල...කියාපිය තෝ මක්ක කරනවද මේ අස්සෙ ඉදගන.....අපෙ...අප්පොච්චියෙ අර ඉස්තරන් ටිකට තියන පීරිසි කුට්ටමක් නේද....

ඉන්ධර් හාමු ගැන කලප්නා කර කර උන්න මාව එක පාරම ගැස්සිලා ගියා...ලොකු මැනිකෙගෙ කටහඩ ගැස්සුන පාර බය උන මගෙ ඇගිල්ලකුත් කැපිලා යද්දි මම ඇහිදපු කෝප්ප කටු පිටින්ම නැගිටගත්තා ...

කියාපන් කව්ද මේක ගත්තෙ.....

මැනිකෙ....ඉන්ධර් හාමු....

බේබි හාමු.....ඇයි බේබි හාමුට මක්ක වෙලාද අදත් බඩු පොලවෙ ගහන්න ගත්තද...

න්...නෑ....මැනිකෙ...බේබි හානු හොදින්.....

එහෙනම්.....තටමන්නෙ නැතුව කියාපිය මක්ක කරනවද තෝ ගොත ගගහා.....ඇරත් මං තොපිලට කියලා තියනවනෙ මන් නැති වෙලේක උඩ කුසියෙන් ඇතුලට එහෙම එන්නෙ නෑ කියලා

මං එලියටම ගියා....ඒ බනින බැනිලිවලට දැනෙන අසරන කමට වඩා අසරන කමයි වේදනාවයි දෙක එකට එකතු වෙලා එන කේන්තියත් එක්ක මැනිකෙගෙ කොන්ඩෙ කෙටියෙන් අල්ලන් ඔලුව බිත්තියෙ අනින්න තරම් තරහක් ආවත් වලව් කාරයො එක්ක හැප්පිලා අවසානෙදි මහෞලු ගෙදරට මෙහා නවතින්න බැරි විත්තිය දන්න මං මැනිකෙට පස්ස හරවන්නෙත් නැතුවම පස්සෙන් පස්සට ගිහින් අවසානෙදි එලි බැස්සා....

කියාපන් මක්කද උනේ...

මැනිකෙ අත්වැරද්දකින් හාමු මහත්තය ගෙ ඇගේ හැප්පුනා

උඹ මොන සිහියෙන්ද ඉන්නෙ?අත්වැරද්දක් උනා....කියන අපූරුව....මෙහෙ තියනවනෙ කහන පනම් උඹලට අත් වැරදිවෙන වෙන පාර ගෙනත් පුරවන්ඩ

........

කියාපන් මේ තරන් දගලන්ඩ තරම් උඹට වෙලා තියන හදිය මොකක්ද කියලා....උඹලත් අර උඹලගෙ මහ එකා වගේම කාබාසිනියො...බේබද්දා වගේ බීගන බීගන...ඉදගන්න පුටු කබලක්වත් තියනවද තොපිට.....මහ එකාට කවදා ඉදන්ද කියන්නෙ අර මඩුවෙ තියන දර පලපන් කියලා ...ඒකා එන්නෙ නෑ.....උඹ ගිහින් පලපන් දර ටික...

.......

මං බිම බලාගන අහා.....ගන උන්නා....ඉන්දධර් හාමුට හපන්...මහ මැනිකෙගෙ වචන තනිකරම පපුවට කිනිසි බස්සනවා වගේ.....පුදුම වේදනාවක්....ඉදගත්තත් වැරදි හිටගත්තත් වැරදි....ඉස්කෝලේ ගියත් වැරදි...කොටිම්ම මේ ඉරුගල්බන්ඩාර වලව්ව අපිව පාගගන ඉන්නෙ.....

මැනිකෙ.....සුද්දි ගෙට උනා...අම්මට ඒක කියන්ඩ මං තකහනියක් දුවගන ආවෙ....

ඉවසන් ඉදලා බැරිම තැන මම මැනිකෙ දිහාව බලන් මෙච්චර තදියම් වෙන්ඩ හේතුව කියනවත් එක්කම මැනිකෙත් චුට්ටක් පස්සට උනා....

දැන් ඒකි තනියෙන්ද?

එහෙමයි මැනිකෙ.....

ම්ම්ම්...ගිහින් කතා කරපන් අම්මට...ආන් අර කුසියෙ ඇති

හොදමයි මැනිකෙ....

මං ආයම පිටිපස්සෙ කුසියට දිව්වා....මෝලට ගියාය කියාපු අම්මා ආයම ඇවිදින් තියනකොට මං ආයම අම්මව හොයන් දිව්වා...

අම්මා....

අම්මා...

ඇසල.....

මං කුසියට දිව්වා..තහනමක් නැති එකම තැන දරකුසිය විතරක් වෙනකොට මම අම්මට කතා කරගනම ඇතුලට දුවනකොට අම්මා හිරමනයක් උඩ ඉදගන මැටි ඇතිලි දෙකතුනකුත් තියාගන මොනවදෝ කපන ගමන් උන්නා....මං එහෙම්ම බෙල්ල දැම්මා...

කරවල....කට්ට කරවලද කොහෙද .....මෙවෙලෙ.....අද වලව්වෙ දවල් බතට කරවලද කොහෙද .....අන් එහෙම්ම අනිත් මැටි වලද දිහාත් බැලුවා...සුවදින් කියන්න පුලුවන් මෝර කරවල....අනික....අනික දැක්කා විතරයි මගෙත් කටට කෙල ඉනුවා....කීරමින් ඇරෙන්න අපේ ගෙදරට කුට්ටි කරවල කැල්ලක් ගෙනාව කාලයක් මතක නෑ....කීරමින් කිව්වට....ඒවත් සමහර දාට අඩූවටම ගන්න තියන තේරිච්ච කෑලි කැඩිච්ච ඇහැට පේන්නෙ නැති කරවල.

මුදලාලිගෙ නයපොත දැක්කම කරවල තියා පරිප්පු මිටක් ගන්න යන්න හිතෙන් නෑ....සබන් කෑල්ලක් ගන්න ගියත් නයපොත දිගෑරන් කියවනවා.....

ඇසල...උඹ මොකද මෙතන...?

හිරමනේ උඩ ඉදන් වේලුන හාල්මැස්සන්ගෙ ඔලු කඩන අම්මගෙ නවාගන උන්න දනහිස් දෙක ඔලුවටත් උඩින් ඇවිත් තිබුනදෝ මන්දා..පාට ගියපු චීත්ත ගවුමට උඩින් ඇදගන උන්න පරන වෙච්ච චීත්තෙ ...නහර පෑදුන අත් දෙක... කරපිංචා නැටි ඔබාපු කන්දෙක....රවුමට තිබුනත්...විදින දුක් කන්දරාවටමද කොහෙද ගිලා බැහැපු කම්මුල් එක්ක පාන්ඩු පාට ඇස් දෙකකින් අම්මා.මා දිහා බලාගන ඉන්නකොට මං ලොකු හුස්මක් ගත්තා .... හිතුවක්කාර කමට අප්පච්චි එක්ක ආව , පවුලෙන් අයින් කරලා මැරුනයි හිතා ගන්නවයි කියලා මුන්ටම කියපු දැන් අන්තෙටම අසරන උන අම්ම මගෙ දිහා බලාගන උන්නා...

කියපන් ....ඇයි උඹ මෙතන...

අම්මා සුද්දි ගෙට උනා

දෙයියන්ටම ඔප්පු වෙන්ඩ....කෙලී තනියෙන්ද පුතෙ....

ඔව් අම්මා....ඒකිගෙ අතට වප් පිහිය දීලයි මං උඹව බලන්ඩ ආවෙ....

අතේ පනමක් වත් නැති වෙලාවෙ.....

අන්න ලොකු මැනිකෙ උඹලට කතා කෙරුවා .....

සුද්දි ගෙට උනා කිව්වා විතරයි හාල්මැස්සො කැඩිල්ල පැත්තක දාපු අම්මා ඉද්දගැහුවා වගේ හිටගන අත් දෙකම ඇදන් උන්න චීත්ත කෑල්ලෙන් පිහිදගත්තා ....

අම්මට සුද්දි ලොකු උන එකත් කරදරයක්ද මන්දා...

ඇත්ත....පනමක් නැති අපිට කොටහළුවත් කරදරයක් ...

විගහට වරෙන් යන්ඩ.....

දඩි බිඩි ගාලා කරවල ඇතිලි ටික ලිප් කන්ද උඩට කරපු අම්මා අනිත් පාර මැනිකෙ ගාවට යනකොට මමත් අම්මගෙ පස්සෙන් ගියා වගේම ඒ යනකොට ලොකු මැනිකෙ මහා අහංකාර කමට අත් දෙක පපුවට බැදගන සුදු වැලි දාපු මිදුල පුරාවටම එහා මෙහා යනගමන් උන්නා....

ලොකු මැනිකෙ.....

ආ...ලතා...කෙලි ගෙට වෙලාලු නේද...

එහෙමයි මැනිකෙ.....

ඒකි ගාව ඉන්ඩ කවුරුතුත් නෑනෙ

අනෙ එහෙමයි මැනිකෙ....

ම්ම්ම්...හැන්දෑ ජාමෙ වරෙන්..දැන් පලයන්.....ඕන් ඕකිව හෙට උදෙම්ම නාවපන්.....මොකද වෙලාවල් බලලා මගුල් කන්ඩ උඹලට සල්ලි බාගෙත් නෑ...ඒකිගෙ තනිරකින්ඩ උඹව යවලත් බෑ.මොකද මං කරන්ද උඹ කරන සුමේ...දැන් යමන්...උදෙම්ම දෙයියනේ කියල ඕකිව නාවපන්...ඇරත් දැන් පරිස්සම් කරන්ඩ වහන් කරන්ඩ දෙයකුත් නෑනෙ....මේකනෙ ඒකිව අරන් ඇවිත් තියෙන්නෙ....

මන් ඔහේ උන්නා...මෙව්වට හා කියලත් බෑ බෑ කියලත් බෑ....මැනිකෙ කියන කතාවල් ඔක්කකොම ඇත්තක් වෙනකොට දවස් ගනන් ගෙට කරන් මක්ක කරන්නද...

ඒත් ඒකිගෙ මගුලට කියලා.....අලුවා කෑල්ලක් වත්....

මේක අපේ කරුම මිසක් වෙන මොනවද....

..එහෙමයි මැනිකෙ.....

ම්ම්...ඩිංගිත්තක් ඉදපන්....ඒකිගෙ කනේ අරුංගල් දෙකක් වත් නෑනෙ.....ඉදා මේක දාපන්...

අනේ...පින් අයිති වෙනවා අපෙ මැනිකෙ .....

ඉමිටේශන්... රත්තරන් පාට ගාපු ඉමෙටේශන් අරුංගල් කුට්ටමක් .....

ඒකිගෙ කනේ අරුංගල් දෙකක් වත් නෑඑ කියාපු ලොකු මැනිකෙ ඇහැට පේන්නෙ නැති ලාබ රත්තරන් අරුංගල් කුට්ටමක්.....ඒකිගෙ කන්වල හිලුත් දැන් වැහෙන්න එනවා ඇති...

ලතා.....

මැනිකෙ....

අර පහල කුසියෙන් උයන්ඩ හාල් පොල් ටිකක් වත් අරන් පලයන් .....උඹලට පොල් නම් තියනවා ඇතිනෙ ගෙඩියක් වැටෙන වැටෙන ගානෙ මේකා භහිරවයා වගෙ ගෙඩි ටික උස්සන් දුවනවානෙ නේ...

අන් බිම බලාගත්තා .....හිතුවා වගෙම මැනිකෙට පොල් ගැන ඉව වැටිලා තියනකොට මුන දෙන්න බැරි කමටඅන් බිම බලාගන මගෙ කකුල් වල ඇගිලි වලින් මහපොලව මිරිකගත්තා ....

හ්ම්හ්ම්...දැන් අරකිට තනිකන්දෝසෙ අල්ලනවා..දවල් බතට මං මොකක් හරි කරගන්නම් උඹ උයන්ඩ මක්ක හරි ඔතාගන පලයන් ගිහින් හැන්දෑවෙ වරෙන්...

එහෙමයි මැනිකෙ....

හැන්දෑවෙ කිව්වම උඹ පහට හයට එන්ඩ තියාගන්ඩ එපා හතරටවත් වරෙන්.....

එහෙමයි මැනිකෙ...

හ්ම්ම්ම්....

අම්මා දෙකට නැවීගන හැම එකටම එහෙමයි මැනිකෙ...එහෙමයි මැනිකෙ කියනකොට ඉරුගල්බන්ඩාර මැනිකෙ අගස්ති මාලෙ ඇට ටික අතගාන ගමන් වත්ත පිටියෙ තියන පලදරන ගස් දිහා මහා ලෝභකමකින් බලගන ඉදල ඉදලා මටත් දරමඩුවෙ තියන දර ටික මේ දැන් පලපන් කියලා අනදීගන ගෙට යනකොට අම්මා ආයමත් පිටිපස්සෙ කුසියට ගෑටුවා....

දරපලන්ඩ නම්....ඉතින්..අදත් පන්ති යෑම බොරු.....දෙයියො බැලුවා වගේ සර්ට පින් සිද්ද වෙන්න ෆ්‍රී කාර්ඩ් එකක් හදාගත්තට මොකද....මට කවදාවත් ඒ පන්තියට යන්න නම් බැරි උනා...එකම ඇදුම ඇද ඇද අඩියටම ගෙවුන බාට කබලත් දාගන බස් එකට යන පනම දෙකත් ඉතුරු කරගන්න ඕනාවට හැතැම්ම ගානක් පයින් ගාට ගාට පන්තියට එන මගෙ දුක දැකලම ෆ්‍රී කාර්ඩ් එකක් දුන්න සර්ට මම බුදුන් වැන්ද හැමදාකම පින් දුන්නා...

පන්ති ඇරිලත් මාව තියාගන තවත් පැයක් උගන්න සර්ට මං කකුල් අල්ල අල්ල වදින හැමදාකම බුදුබව ඉල්ලුවා.....

(ගිම්හාන් දේවසුරේන්ද්‍ර)

අදත් ඒ පන්තිය නෑ.....

කතා කරලා කියන්න ඵෝන් එකක් වත් නෑ....පන්තියට එන හැම එකෙක් ගාවම එක එක මෝස්තර වල ඵෝන් තියනකොට මම කෙරුවෙ හැමදාම පැත්තක ඉදන් ඒ මෝස්තර ඵෝන් දිහා නිදානයක් දිහා බලන් ඉන්නවා හා සමාන බලන් උන්න එක....

එ සතුට කවදාවත් අපිට කැප නෑ...මන් එහෙම්ම උදලු මිට ....පොරව මිට අල්ලලා අල්ලලා කරගැට දාලා දාලා පදම් වෙලා ගොරහැඩි වෙලා ගියපු අත් දෙක දිහා බලාගන ඉන්නවත් එක්කම ක්‍රීස් ගාන සද්දයක් එක්ක ජනෙල් පියන් දෙකක් ඇරුනා....

ඇසල.....

බේබි හාමු....

ඉස්සරහම තියන ඉන්ධර් හාමුගෙ කාමරේ ජනෙල් පියන් දෙක හායි ගාලම ඇරලා තිබුනා...ඒ වගේම ජනේලෙන් එපිට ඉදන් හාමු පුරුදු විදිහටම අර හිනාව කලදක් නැති නපුරු කමකින් මගෙ දිහා බලන් උන්නා....

ඉදා ගනින් මේක.....

මොනවද හාමු...

උඹට ඔතන ඉදන් පේනවනම් මම ලගට කතා කරනෙ නෑනෙ...මෙතනට ඇවිදින් අරගනින්....

සමාවෙන්න හාමු....

මිදුලෙ ඉදගනම මොනවද අහපු මට ආයමත් හම්බුනෙ කුනු බැනුමක් වෙනකොට මල් වැට පැනලා කාමරේ ගාවට යනවත් එක්කම ඉන්දධර් හාමු මොනවද මන්දා කොලයක් ජනේලෙන් එලියට විසිකෙරුවා

ඇහිදගනින් ඕක....

හාමු ඇහිදගනින් කියනකොට මම දෙකට නැවීගන විසිකරපු දේ හෙව්වා...දෙවියනේ...මොනරු දෙන්නයි.....මහ මැනිකෙ එහා මෙහා වෙනකන් ඉදලා ඉන්ධර් හාමු එලියට විසික් කරලා තිබුනෙ රුපියල් දෙදහක් වෙනකොට බල්ලො බලල්ලු ගානට සැලකුවත් මොකද වෙලාවෙ හැටියට මේක නිධානයක් හා සමාන වෙද්දි සල්ලි කොල කොල දෙක ඇහිදපු මං තවමත් ජෙනේලෙ ගාව හිටන් ඉන්න ඉන්ධර් හාමු දිහාව බැලුවා...

අනේ පින් හාමු....

ඕක දීපන් අම්මට...දීලා සුද්දිට ඕන එව්වා ගන්ඩයි කියපන්..අම්ම දන්නවා

එහෙමයි හාමු...බොහොම ස්තූතියි ...

බොහොම ස්තූතියි ....හහ්....උඹ හිතුවද මං ඕක පිනට දුන්නා කියලා .....

හ්...හාමු.....

අස් කරපන් මගෙ කාමරෙ....

මන් දෙදහෙ කොලේ උන්ඩි කරගත්තා ...ඇත්ත..මට හිතන්න තිබුනා....ඉරුගල්බන්ඩාර වලව්වෙන් කවදාවත් අපිට අනුකම්පාවක් කරන්නෙ නෑය කියන්න මට හිතන්න තිබුනා...

ලොකු මැනිකෙ දර ටික පලන්ඩයි කිව්වා හාමු.....

පලන මගුලක් පලලා ඇවිත් මේක අස්කරපන් ...

දඩාස්!!!!!

මාව ගැස්සිලා ගියා...මූනට ගැහුවා වගේ...හුස්මක් කටක් ගන්න නොදී හරක්ගෙන් වැඩ ගන්නවා වගෙ අම්මල පුතාලා වැඩගන්නකොට මං අර දීපු සල්ලි කොල දෙක මිරිකගන ඇස්වලින් පිට පනින්න හදන කදුලු හරි අමාරුවෙන් තදකරගන උන්නා....

පුතේ.....

මං තවමත් උන්නෙ හාමුගෙ කාමරෙ ළඟ....කුසියට ගියපු අම්මා ආයම ඇවිදින් තියනකොට අඩන්න හදපු මං ඉක්මනටම මූන වෙනස් කරන් අම්මා ලගට ගියා....

අම්ම යන්න...සුද්දි තනියෙන්...මේන් මේක බේබිහාමු දෙන්ඩයි කිව්වා සුද්දිට මොනවද අරන් දෙන්ඩයි කියලා .....අම්ම දනන්වය කියලා

අනේ...පින් සිද්ද වෙනවා බේබි හාමුට.....

සල්ලි දුන්නෙ පිනට නෙවෙ කියන්න නොදැන ආයමත් සැරයක් බේබි හාමුට පින් දීලා පන් මල්ලට මොන මොනවදො ඔබාගත්තු අම්මා දාලා දාලම ගෙවිලා ගියපු එක ජාතියෙ නැති ජාති දෙකක රබර් සෙරෙප්පු කුට්ටමත් දාගන පොල් වත්ත මැදින් දුව දුව වගේ ගෙදර යන හැටි බොද උන ඇස් වලින් බලාගන උන්න මං අවසානෙදි දර මඩුවට ගාටනකොට මං බලාගන ලොකු මැනිකෙ අද කුසියට බහිනවා....

කොල්ලො.....

ලොකු මැනිකෙ.....

මෙහෙ වරෙන්....ඕක පලන්ඩ කලින් ගාපන් මේ පොල් ටික.....පොල් ගාලා අර ලිද ගාව බැරල් එකට වතුර පුරවපන් ලොකු හාමුට එලියෙන් නාගන්ඩ ඕනෙලු...

එහෙමයි මැනිකෙ.....

අද ඉතින් බාගෙට මරාවි...

love you all

More Chapters