Cherreads

Chapter 11 - පොඩ්ඩක් හුස්ම හිරවුනා කියලා මැරෙනවා යෑ?

"ගල් වලේද?" මන් බ්ලේසර් එක තුරුල් කරගත්තේ ඇයි කියලා දන්නේ නෑ. ඒත් මට සනීපයක් දැනුනා. ඒත් සයෝද් මන් දිහා පුදුමෙන් බලන් හිටියා.

"ඔයා කොහොමද ඒක දන්නේ?"

"තුර්ශ කිව්වා"

"අහ්! ලොකූ!" එහෙම කියලා ඔලුව වනලා හිනා වෙලා තව හයියෙන් ඇක්සලරේට් කරා.

"බය නැද්ද? පොලිසියෙන් ඇල්ලුවොත්?"

"ඒකනේ පාලම පහු වෙනකන් හිටියේ වේගේ වැඩි කරන්න. මෙහේ අපිව අල්ලන්න එකෙක් නෑ. මේ ඔක්කොම මයුරවංශලාට අයිති ඉඩම්. So not to worry honey!" එහෙම කියලා එක අතකින් විතරක් steering wheel එක කරකවනකොට හොට්. අහ්?? නැ නෑ! වැරදීමක්! මන් අතින් පවන් ගහගන්නකොට සයෝද් A/C එක තව වැඩි කරා.

ලේන් එකකට හරෝලා විසාල වත්තකට ජීප් එක එකපාර කපලා බ්‍රේක් කරාම දූවිලි වරුසාවක් අහසට නැග්ගා. මාව ඉස්සරහට ගිහින් ආයේ පිටිපස්සට වැටුනා. හොඳ වෙලාවට සීට් බෙල්ට් දාලා හිටියේ නැත්තම් කෙලින්ම මූන වින්ඩ්ස්ක්‍රීන් එකේ.

"බහින්න!" එයා එහා පැත්තෙන් ඇවිත් මගේ පැත්තේ දොර ඇරලත් ඉවරයි. මන් තාම ගල් වෙලා. 

"අහ්? හා" බ්ලේසර් එක අත උඩ දාගෙන මන් පොලවට අඩිය තිබ්බම,

"දැන්ද එන්නේ? හෑ හෑ?" 

"අනේ අම්මේ සෙරප්පුවෙන් ගහන්න එපා!"

"මට පොලේ යන්න ලෑස්ති වෙන්න කියලා ජැන්ඩි පහට ඇඳන් උඹ පිටසක්කල ගියාද?" 

"ආව්!!! ආව්!!! අම්මේ කන කන කන අත අරින්න මන් කියන්නම්!" 

"කියපං කියපං!!!! දැන් තෝ ගිලින්නේ ඇටේද? මෙලෝ දෙයක් නෑ ගෙදර උයන්න. බෙලි කාපන් දැන් ඔය තියෙන්නේ!" දඩාර බෙලි ගස් වත්ත වටේම. බෙලි පිරිලා. මට දැන් හොඳටම හිනා. 

"අහ් මේ කවුද?" ඔව් ඉතින් හිංචියට ඉන්න මාව පේන්න වෙලා ගිය එක කමක් නෑ ආන්ටිට. අම්මෝ තරහ නිවුනම එයාගේ ලස්සන!!! සයෝද් ලස්සන වෙලා තියෙන්නේ මෙහෙමයි එහෙනම්. කොන්ඩේ බූසී බූසී. මූන නම් රෝස පාටයි. ඇස් දෙක ඉතින් අහන්න දෙයක් නෑ තුර්ශගෙමයි. අනේ දෙවියනේ කකුලුත් තුර්ශගේ වගේ. ඒ හැඩේම නියපොතු. මූන හරි පිං පාටයි.

"අහ් ආන්ටි මන් මේ.."

"අම්මේ මේ සවේන් අයියා. ලොකූ ගේ යාලුවෙක්!" 

ආන්ටි "හෑං?" කිව්ව ගමන දැන් නම් මට හිනාවම එලියට පැන්නා. තුර්ශමයි නේ අප්පා මේ ආන්ටි!

"ලොකු බබාගේ යාලුවෙක්? එන්න එන්න කලින් කියන්න එපැයි ලොකු බාබාගේ යාලුවෙක් කියලා. තෝ පලයන් එහාට!" සයෝද් ව තල්ලු කරලා මාව අතින් ඇදන් අරන් යනකොට තමයි මන් දැක්කේ අලි විසාල වත්ත මැද්දේ තියන මාලිගාවක් වගේ ගෙදර. බිත්තියේ 'De Seram's' කියලා රිදී පලකෙක ගහලා තිබ්බා.

ඇතුල් වෙන තැනම මල් දාපු ගල් බේසම් දෙකක් දෙපැත්තේ තිබ්බා. ඒවට සේපාලිකා පුරෝලා. ඒ කෙලින් දකුණු අත පැත්තේ කිරිගරුඬ බුදු පිළිමයක් ඇත් දල දෙකක් මැද්දේ තියලා තිබ්බා. අලු පාට මාබල් අතුරපු පොලවේ පඩියක් නැගලා සපත්තු දෙකත් ගලවලා තියලා මන් පලවෙනි වතාවට මෙච්චර ලොකු ගෙදරකට අඩිය තිබ්බේ. ලා දුඹුරු පාට මාබල් උඩ තැනින් තැන රෝස පෙති වැටිලා වගේ රතු පාටයි. උඩ බැලුවම අලියෙක් විතර සයිස් ශැන්ඩලියර් එකක් පහලට වැටෙන්න තිබ්බේ තුන් වෙනි තට්ටුවේ මුදුන් ලීයේ ඉඳලමයි. 

"කෝ දෙන්න පුතේ ඕක" 

"අහ්?" ආන්ටි අත දික් කරන් ඉන්නකොට තමයි මතක් වුනේ බ්ලේසර් එක තාම අතේ කියලා. මන් හිනා වෙලා ඒක ආන්ටි අතට දුන්නා. සයෝද් එහා පැත්තේ ඉඳන් මන් දිහා බලාගෙනම හිටියා.

"ඉඳගන්න පුතේ" ආන්ටි සෝෆා එක පෙන්නලා කිව්වම මන් ගිහින් හෙමින් වාඩි වුනාම සයෝද් මන් ඉස්සරහට ඇවිත් බෙල්ට එක ගලවනවා! මූට මොංගල්ද? මන් ටීක් වෙලා එයාගේ මූන දිහා බැල්ද්දිම ඇවිත් මා ළඟින් වාඩි වුනේ ශර්ට් එක කලිසමෙන් එලියට ගන්න ගමන්. 

"අම්මේ මටත් මොනා හරි බොන්න ඕනා! ඕයි ඉඳිබුවෝ උඹ කොහෙද!!!!" ඉඳිබුවා? ඒ මොකාද?

"මොකද අලිබුවෝ! උඹ අලිබුවා!!! හිටපං ගොනා" මගේ දණහිස ළඟට විතර එකෙක් දුවන් ආවම තමයි දැක්කේ ඒ හිච්චි සයෝද් කියලා.

"අහ් සවේන් අයියේ මේ ඉන්නේ අපේ ඉඳිබුවා!" අර පොඩි එකාගේ පිටට 'තොග් තොග්' කියලා ගහන පාරවල් වලට ඌ පරඬැල වගේ වැනුනා. 

"මේ ඕයි මන් ඉඳිබුවා නෙමේ සයුල්! උඹනම් මහ කක්කා බෙට්ටක්!" 

"මොකක්ද කිව්වේ බුවෝ!!! හිටපං තෝ!" 

"අනේ අම්මේ අයියා ගහනෝ!!!" ගාගෙන ඌ ආන්ටි ගිය දිහාවටම ගියා. මගේ ඇස් ආයේ ගියේ බිම මාබල් උඩට වැටිලා තියන රෝස පෙති වලට.

"කලින් දැකලා නැද්ද?" සයෝද් මන් බිම බලන් ඉන්නවා දැකලා ඇහුව.

"නෑනේ. ඒ රෝස පෙති ද?"

"ඔව්. ඇත්තම රෝස පෙති. ඒවා මාබල් එකටම තියලා උඩින් resin දාලා තියෙන්නේ." 

"ශා...! 

එතකොටම ආන්ටි ඇවිත් අපිට පේර කෝඩියල් ඇල්ලුවා. බටර් කේක් එක්ක.

"ගන්න පුතේ!" ආන්ටි හිනා වුනාම මන් කේක් කෑල්ලක් අරගත්තා.

"මන්මයි හැදුවේ. රසද බලන්නකෝ!" එහෙම කියලා ට්‍රේ එක ඉස්සරහෙන් තියලා ඉස්සරහෙන් වාඩි වුනා.

"ඉතිං ඉතිං, ලොකූ බබාගේ ඉස්කෝලේද?" 

"ඔව් ආන්ටි!" මන් කේක් පුරෝගත්ත කටින් කිව්වම ආන්ටිට හිනා ගියා.

"රසයි ආන්ටි!" ඇත්තටම රසයි. කජු පුරෝලා!

"මේ ඉක්මනට ඕක කාලා අරක බොනවකෝ හලෝ! අපි යන්!" සයෝද් නම් කාලා කෝඩියල් එක බීලත් ඉවරයි.

"කොහේ යන්නද?" ආන්ටි ඇහුවම

"ගල් වලේ!" 

"හැපෝ!!!! එන්න එහෙම නෑ නාන්නේ නැතුව ගේ මැද්දෙන් යන්න!"

"හරි හරි අනේ! තාත්තා කෝ?"

"හාල් මෝලේ" 

"එල කිරි ඉරකි තිතකි. අයියේ යන්!" මාව උඩට ඇදුන පාර බාගෙට බීපු කෝඩියල් වීදුරුව යන්තන් ට්‍රේ එකෙන් තියාගත්තෙත් අමාරුවෙන්. 

"ඔය ඇදුම් මාරු කරන් පලයං! සේරෝගෙම ජහ ජරාව ගානවා ලස්ස ගණන් සල්ලි දිලා ඇඳුම් අරන්!" 

"ආ ඔව්මනේ! අයියේ වරෙං!" ආයේ අතින් ඇදන් මේ පාර තරප්පු පෙලෙනුත් උඩ. 

යකෝ මේ කාමරේ තියන දේවල්! වාහන පෝස්ටර්, බැට්‍රි කෑලී, මෝටර්, යකඩ බට? ඇයි යකෝ?ිස්කුරුප්පු නියන්, මිටි, ඇන, කියත්, ඔයිල් කෑන්, මේ මොන ජාතියේ කාමරයක්ද? කෙලින්ම ගරාජ් එකක්නේ යකෝ මේ.

"ආහ් ගනන් ගන්න එපා. මේක මගේ 'default' කාමරේ. මන් මේක සාමාන්‍යෙන් විශේශ කෙනෙක්ට ඇර පෙන්නන්නනේ නෑ." මොන කාමරේ කිව්වා?

"මොකක්ද default කාමරේ කිව්වේ?" 

"ඒ කිව්වේ මේ තමයි ඇත්තම සයෝද් රෙශඛ්‍ය!" සයෝද් අත් දෙක දෙපැත්තට කරන් අඩි දෙකක් පස්සට ගියා. ඇත්තමයි! ඇඳන් ඉන්න ඇඳුමට බැක්ග්‍රවුන්ඩ් එක ගැලපෙන්නෙම නෑ. 

"මන් ආස මේවට. ඒත් මන් සමාජේ impress කරන්න වෙනම character එකක් maintain කරනවා. ඒක තමයි ඔයා උදේ දැක්ක character එක."

"ඔයා හරි අමුතුයි සයෝද්!" 

"ඔයා ඒකට ආස නැද්ද?"

"ආසයි!" ඇත්තටම මන් ආසයි. මට සයෝද් ගැන හරිම කුතුහලයක් තියෙන්නේ. එයාගෙ සෙල්ලක්කාර ගතියත් එක්කම වෙනම ඩීසන්ට්, gentlemen, alpha male ගතියක් තියනවා. ඒත් ඒ චරිත දෙකම තියෙන්නේ මන් ළඟදි විතරයි. පවුලේ අය, යාකුවෝ ළඟදි එයා සෙල්ලක්කාර, රස්තියාදු කාර, නාහෙට අහන්නේ නැති පිස්සෙක්. 

"අපි යන්!" ආයේ ඒ කාමරෙන් එයා එලියට යනකොට මාත් එයා පස්සෙම ගියේ වෙන කාමරේකට. මේක මාරම ලස්සන luxury කාමරයක්. කලු, අලු තීම් එකට තිබ්බ room එක ඇත්තටම සයෝද් ගේ උදේ දැක්ක personality එකට හොඳටම යනවා. 

Closet එක ඇරලා ඇතුලට යන ගමන්,

"වාඩි වෙලා ඉන්නවා. මන් එන්නම්!" කියපු විදිහටම ඇඳ ළඟ තිබ්බ පුටුවක වාඩි වෙලා කාමරේ වටේ තියන දේවල් බල බල ඉන්නකොට එයා ආවා. නිකන්ම ශෝටකුයි, ටීශර්ට් එකකුයි ඇඳන්. 

ටී ශර්ට් එකේ අත නම් පැලෙයිද මන්දා! යකෝ අර කලවා වල සයිස් එක! හෙ හෙ....නොදැක්කා වගේ ඉන්නෝනා. පස්චාත් බාගේ ගැන නම් කතාකරලා වැඩක් නෑ. ඒවා බලන්න එපා සවේන්!

අතේ තිබ්බ තව ශෝටකුයි, ටීශර්ට් එකකුයි මට විසික් කරා. 

"ඕක ඇඳගන්නවා. නැත්තම් ඔය ඇඳුම් කිලුටු වෙයි!" ඉතිං කියූ ලෙසම කරන සුවච කීකරු මම නැගිට්ටම සයෝද් ක්ලෝසට් එක පෙන්නුවා. මන් ඒක ඇතුලට ගිහින් දොර වහන් ඇඳුම් මාරු කරන්කොට වටෙත් ඇහැ ඇරියා. Armani, Balmain, Channel, Hermes, Dior, Balanciaga, Gucci, LV, Versace, Fendi යකෝ!!! මුලු පැරීසියයි, මිලානොයි මෙහෙනේ. 

"ඉකමනට වරෙං!" එලියෙන් ඇහෙන කෑ ගැහිල්ලටම ඉක්මන් කරලා ඇඳගෙන එලියට යන්න හැදුවත් මොකෝ? කලිසමේ ඉනෙන් රූටලා ගිහින් දණහිසේ! විලි ලැජ්ජයි! කන්ණාඩියෙන් බැලුවම පඹයෙක්ට ගෝනියක් බස්සලා වගේ.

"මොකද ඕයි? ඕක ඇතුලේ පැල වෙනවද?" 

"නෑ මේවා මට ලොකුයි!!" වෙන මොනා කියන්නද?

"ලොකුයි? අහ් ඉන්න මන් එන්නම්" දඩබඩ ගාලා කලිසම උස්සගත්තා. නැත්තම් පඹයින්ට දුවන්න වෙල් නැති වෙනවා.

"ඉන්න. ලොකූගේ එකක් හොයලා දෙන්නම්!" ඒ ගමන ආයේ අල්මාරියක් ඇදන් අවුස්සලා තුර්ශගේ ඇදුමක් අරන් දුන්නා. 

"ඇති යන්තන්!" දිග ඇරලා බලලා අවුලක් නැති පාට නිසා කිව්වම එයා ආයේ දොර වහන් එලියට ගියා. 

"ඒ ගමන කොහෙද යන්නේ?" වත්ත මැදින් වැටුනු දිග පාරක් දිගේ යනකොට මැශින් වැඩකරන සද්දේ එනවා. 

"ටිකක් ඇවිදන් යන්න ඕනා. තවුසේ හිතුවද ගල් වල තියෙන්නේ ගේ අතුලේ කියලා?" ඕකනේ ඉතින් බැරි! මෝඩයා! අලි සරුංගලේකුත් උස්සන් මෙතන!

ටික දුරක් ගිහින් ගල් වලට ආවා. අම්මෝ තියන දූවිල්ල! 

"ආ මේ මාස්ක් එක දාගන්නවා!" කියලා සාක්කුවෙන් මාස්ක් එක අරන් දුන්නම මන් ඒක දාගත්තා.

"ලස්සනයි!"

"මොනාද?"

"ඇස් දෙක විතරක් පේනකොට!" ඔන්න ඉතින් ආයේ දුන් දානවා. 

"ආ මංජු බේබී සරුංගල් අරින්න ඇවිත් වගේ!"

"නෑ කුමේ අංකල් මන් මේ ගැරඬි නාවන්න ආවේ!" 

"හේ හේ හේ! ගැරඬි නම් දැක්කේ නෑ නයෙක් නම් හිටියා ඊයේ!"

"හැපින්නක් බන්! බිත්තර දාලා ඇති. මංජු බේබි පරිස්සමෙන්!" තව අංකල් කෙනෙක් බුලත් කෙල විසික් කරලා කිව්වාම,

"අපි නයින්ටත් කුක්කු පොවන ජාතියේ කොල්ලෝ සෝමේ අංකල්!" 

"ඒවා ඉතින් මොකට කියනවද!" කහට ගැහුන දත් තියෙන සෝමේ කියන අංකල් හිනා වුනා.

"එනවා!" මගේ අතින් ඇදන් බෑවුමට බහින්න යනකොට මං දාන් හිටියේ ආන්ටිගේ බාටා දෙකක් නිසා කකුල ලිස්සුවා එත්වැටෙන්න නොදී එක අතකින්ම මාව උස්සලා ඉනේ ගහන් පහලට බහිද්දි, මේ ප්‍රතම වතාවටයි මාධ්‍යට කියන්නේ කොල්ලෙක් වශයෙන් මට විලි ලැජ්ජයි! 

යන්තම් බිම කකුල් දෙක තියැවුනා. මගේ කන් දෙකත් රතු වෙලා! 

"එනවා අරකේ ඉන්නවා ලොකු ගුරාමි!" සයෝද් ගල් වල මැද්දේ තිබ්බ පොන්ඩ් එක පෙන්නලා ඒ පැත්තට යනකොට මාත් පස්සෙන් ගියා. 

"ඔන්න බලන්න!" කියාලා අත දාපු ගමන් අලි මාලුවෙක් අතට අරන් පෙන්නුවම මාව පිටිපසට පැන්නුනා. 

"බය වෙන්න එපා ඕයි! මේ බලනවා! උන් මැරෙන්නේ නෑ. පොඩ්ඩක් හුස්ම හිර වුනා කියලා මැරෙනවා යෑ!" 

මතු සම්බන්ධයි....

More Chapters