අඳුරු පැහැති ආකාසය යට, විශ්වයේ පාපයන් සහ විපත්ති නිසා විසිවී ගිය ආත්මයන් රැඳී සිටි මරණීය ලෝකයේ, අතීතයෙහි පව් සහ වූ දුක්ගිළින ලෝකයක මැද සිටි ඔහුගේ ආත්මය නොසිතූ ලෙස ශරීරයෙන් පිටතට පැමිනුනි. වයස අවුරුදු දොලහහමාරක් පමණ වූ පුද්ගලයෙකු වූ ඔහු, සිය ශරීරය විනාශයට පත් වූ මොහොතේදී, ඒ ශරීරයෙන් පිටවූ ආත්මය මීට කලින් නොදුටු ලෝකයක් වෙත දිව යයි.
ඔහු තමන්ගේ ඉදිරිපිට ඇති තමන්ගේම ශරීරය දෙස තුශ්නිම්භූතව බැලුවේය
එවිට ඔහු දුටුවේ තම මිය ගිය මව ඔහුට කුඩා කාලයේදී ලබාදුන් ගෙල පැලදි මාලය ඉතා අලංකාර රන්වන් ආලෝකයකින් දැල්වෙන ආකාරයයි. ඔහු එය අල්ලා ගන්නට ගිය නමුත් ඔහුගේ අත මාලය හරහා ගියේ කිසිවක් ස්පර්ශ නොවෙමින්ය. මෙයින් එක් වරම මිදුනු ඔහුගේ මුහුන යම් බියකින් යුතුව
ගොරෝසු ලෙස " මම මැරුණ ද ? කියා මිමුනුවේය.
එක්වරම
ඔහුගේ බෙල්ලේ පැලඳ සිටි පෞරාණික මාලය, ඒ මොහොතේදී ලා නමුත් පැහැදිලි හඬක් නඟයි:
"තරුණයා , ඔබේ ආත්මය සම්පූර්ණ නොවෙයි. "
" කව්ද ඒ....එක් වරම කන අසලින්ම ඇසුනු හඩින් කම්පනයට පත් වූ තරුණයා හයියෙන්කෑගැසුවේය.
හ්ම්ම්ම්....තරුණයා මම මෙතෙක් කල් ඔබ සමග සිටි ඔබේ ගෙල බැදි මාලයයි . ඔබ මාවවිශ්වාස නොකරන බව මම දනිමි නමුත් දැන් ඔබව ආරක්ශා කලේ මමයි. මා නොවේ නම් ඔබේ ආත්මයමෙන්ම ඔබේ ඉතිරි ආත්මයද මේ මොහොතේ පුනරුත්පත්ති චක්‍රයට ගොස් තිබෙනු ඇත.
ඇසුනු හඩින් කම්පනයටත් පුදුමයටත් පත් වුනු කුඩා තරුණයාට ඇසුනු සියල්ල ග්‍රහනය කර ගැනීමට මිනිත්තු කිහිපයක් ගත වුනි .පසුව ඔහු " වයසක සීයා ...කරුණාකරලා ඔයා බොරු කියන එක නවත්වනවද ?..... ඔයා මගෙබෙල්ලේ ඉන්න මාලය නම් ඇයි මෙච්චර කාලයක් මාත් එක්ක කතා නොකලේ අනික මේ ලෝකේ ආභරනවලට කතා කරන්න බැහැ එහෙම කරන්න පුලුවන් සුරංගනා කතාවල තියෙන ලෝක වල විතරයි.
තරුණයා මම කියන දේ ඔබට නොතේරෙන බව මම කිව්වේ ඒ නිසයි , ඔබ කවදාවත් එවැනි දේ සදහානිරාවරනය වී නොමැති නිසා ඔබ මාව විශ්වාස නොකරන බව මට තේරුම් ගන්න පුලුවන් , නමුත්ඔබට අදින් පසු ජීවත් වීමට නම් ඔබ මාව අනිවාර්‍යයෙන්ම විශ්වාස කල යුතුයි... පැවසූහඩ තරුණයාගෙන් පිළිතුරක් එන තෙක් නිශ්ශබ්ධ වුනි. අවට සීතල සුලං හමා ගියේය .ආත්මයටඑම සුලංවල සීතල බල නොපාන නමුත් මෙතෙක් ඇසූ දේවල් වලින් තුශ්නිම්භූතව සිටි කුඩා තරුණයාවෙව්ලමින් පියවි සිහියට පැමිනියේය.
ජීවත් වීමට ඕනෑම ජීවියෙකුට සහජ බුද්ධියක් ඇති බව සත්‍යාපනය කරන්නා සේ කුඩා තරුණයාඅත් දෙක බැරෑරුම් ලෙස මිරිකමින් මෙම අතිශය ගුප්ත කටහඩ විශ්වාස කිරීමට තීරණය කලේය.
" හරි වයසක සීයා මම එක් වරක් ඔයාව විශ්වාස කරනවා හරිද ? තරුණයා පැවසීය.
හ්ම්ම්ම්...මෙතෙක් වේලා නිශ්ශබ්ධව සිටි හඩ නැවතත් තරුණයාට කන ලගින් ඇසුනි ,නමුත්මෙවර ඔහුගේ මුහුනේ ඇති වූයේ බියක් නොව සාවධානව ඇහුම්කන් දෙන ආකල්පයක් ය.(sinhala story)